Saturday, December 15, 2012

ආතර් සී ක්ලාර්ක් දෙස සිංහලයෙකුගේ ඇසින්



ආතර් සී ක්ලාර්ක් දෙස සිංහලයෙකුගේ ඇසින්

ආතර් සී ක්ලාර්ක් ශ්‍රී ලංකාව තුල මහත් ගරු බුහුමනට ලක් වූ අයෙකි.
ඔහුට ලංකාවේ සම්මාන පුරවැසි කම ලබා දුනි.
විවිධාකාර වූ සම්මාන රැසක් ලංකාවේ දී ලද හැකි විය.
මා ඉගෙන ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ලබා දුනි.
කිසිදු සාක්ෂියක් නැතිව ද ඔහු සැදැහැවත් බෞද්ධයෙක් යැයි සිතා උදම් වන සිංහල බෞද්ධයන් ද බොහෝ සිටිති.
ඔහුගේ ගැඹුරු මුහුද නම් නවකතාවේ වාක්‍යයක් අල්ලා ගෙන උදම් අනන බෞද්ධයන් බොහෝ සිටිති. (අවාසනාවට මේ අතර භික්ෂූන් වහන්සේලා ද සිටිති.)
ලංකාවට කිසිදු සේවයක් නො කලත් ඔහු ලංකාවේ පුරවැසි භාවය ලත් අයකු වීම ගැන ආඩම්බර වන්නන් බොහෝ සිටිති.
ආතර් සී ක්ලාර්ක් මහතාගේ මරණය සිදු වූ අලුත විජය පරිගණක සඟරාවේ කතුවැකියක අප ආතර් සී ක්ලාර්ක් ගෙන් නිසි පල ලබාගත්තේ නැතැයි කියා කනස්සල්ල පල කර තිබුණි.
මම ද එම මතය පිළිගනිමි අප ඔහුගෙන් ගත යුත්ත ගත්තේ නැත!
ලංකාවේ දෙමළ ප්‍රශ්නය අවබෝධ කර ගැනීමේ දී ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත් කියවීමෙන් විශාල ප්‍රයෝජනයක් ලද හැක (විශේෂයෙන්ම ලංකාව ගැන ඇති කොටස් කියවීමෙන්). මෙහි දී කාල් මාක්ස්ගේ පොත් වලට වඩා මෙම පොත් ප්‍රයෝජනවත්ය.
ආතර් සී ක්ලාර්ක් මහතාගේ ලංකාවේ මහ ජාතිය බර්ගර්වරු වෙති දෙවැනි ජන කොටස දෙමළ මිනිසුන් වන අතර සිංහලයන් යනු නො වැදගත් සුළුතරයකි මුස්ලිම්වරු ඇත්තේ ම නැත මෙහි දී දෙමළ මිනිසුන්ගේ බහුතරය බටහිර පන්නයට හුරුවුනු දෙමළ කළු සුද්දන් ය .
ඔහු තම පොත්වල ඇතැම් විට බුදු දහම ගැන සඳහන් කර ඇතත් කිසි විටෙක සිංහල බෞද්ධයෙක් ගැන සඳහනක් නැත. බුදු දහම දර්ශනයක් ලෙස හැදෑරූ සුද්දන් ගැන පමණක් සඳහන් කර ඇත.
ඔහුගේ අවසාන ග්‍රන්ථය වන “අවසන් සිද්ධාන්තය“ පොතේ සඳහන් වන පරිදි එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය නොවන අතර, දෙමළ සහ ලංසි නියෝජිතයන් එක්වී සාකච්ඡා කර සාමය ලබාගනී අවසානයේ ලංකාවේ පාලනය කළු සුද්දන් පිරිසකට අයිති වේ.
මෙහි දී ආතර් සී ක්ලාර්ක් ගේ සැබෑ නොවුනු අනාවැකියක් ද සිහි කිරීම වටී, ඔහු චන්ද්‍රිකාට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන බව කියා තිබුණි. ඇත්තෙන්ම එම ප්‍රකාශයෙහි වැදගත්කමක් ඇත. මක්නිසාද යත්, නොබෙල් සාම ත්‍යාග කමිටුව පිහිටුවා ඇත්තේ නෝර්වේ රාජ්‍යෙයහිය, එබැවින් නෝර්වේ නියෝජිතයන්ගේ පදයට නටා ඊලමක් බිහිවුව හොත්, එයට කල ගුණ සැලකීමක් ලෙස  නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ඉඩක් පවතී.
ආතර් සී ක්ලාර්ක් මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කල නො හැකි බව මියයන තෙක් ම විශ්වාස කල බව ඔහු අවසන් කාලයේ දී කල සාකච්ඡාවක දී කී කරුණු වලින් පැහැදිලි වේ.
ආතර් සී ක්ලාර්ක් මහතා තම ජීවිත කාලයෙන් අඩකට වඩා ලංකාවේ ගත කලත්  සිංහල වචනයක් ඉගෙනීමට උනන්දු නොවූ බව ද මතක් කල යුතු ය.
නාලක ගුණවර්ධනත් චන්දන ජයරත්නත් කෙතෙක් පඩික්කම් හේදුව ද, ආතර් සී ක්ලාර්ක් සිංහලයන් ව (විශේෂයෙන් සිංහල බෞද්ධයන්) පහත් කොට සලකා ඇති බව පැහැදිලි ය.
ආතර් සී ක්ලාර්ක් මහතා ගැන කිවූ මේ කරුණු සියල්ල ඔහුට පමනක් නොව සෑම ඉංග්‍රීසි ජාතිකයකුට ම අඩු වැඩි වශයෙන් අදාල බව වටහාගත යුතුය. ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් ව පැවති කල ලංකාවේ පැවතුණේ ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත්වල ඇති සමාජයකි. එකල සිංහලයන්ට වඩා වැඩි බලයක් බර්ගර් වරුන්ටත් චෙල්වනායගම් මහතා වැනි දෙමළ කළු සුද්දන්ටත් ලැබී තිබුනි. නිදහස ලැබීමෙන් පසු සිංහල බලයක් යටතේ සිටීමට අකමැති වූ බර්ගර්වරු, ඕස්ට්‍රේලියාවට සංක්‍රමනයවී සුද්දන් යටතේ ජීවත් වීමට තීරණය කල අතර, වරප්‍රසාද ලත් දෙමළ නායකයන් දෙමළ ජනතාව සිංහලයන්ට එරෙහිව උසි ගන්වන ලදී. මෙය පසුව ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය විය. දෙමළ ජාතිවාදයට මුල සිට ම සුද්දන්ගේ සහය ලැබුණු බව ද අප අමතක කල යුතු නැත. එසේම දෙමළ ජාතිවාදීහු සුද්දන්ගේ අධිරාජ්‍ය වාදයට සේවය කලහ. උදාහරණයක් ලෙස ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වීම දෙමළ ජාතිවාදියාට ගැටලුවක් වූයේ නැත. නමුත් එය රටේ වැඩිදෙනෙක්ට වැටහෙන සිංහලට හැරවීම ඔවුන්ට අනුව දෙමළ ජනයාට කල මහා අසාධාරනයකි, අද පවා දෙමළ ජාතිවාදීහු සුද්දන්ට කේලම් කීමට උනන්දු වෙති. නමුත් සුද්දන්ගේ රටවල දෙමළාට හිමිවී ඇති තත්වය කිසිවක් නො කියති.
සුද්දන් විසින් පෝෂණය කරන දෙමළ ජාතිවාදයේ එක් අංගයක් වූ ත්‍රස්තවාදය පරාජය කිරීමට සුද්දාගෙන් ම උදව් ඉල්ලීම, හොරාගේ අම්මාගෙන් සාස්තර ඇසීමක් වෙයි. නෝර්වේ සාම නිරීක්‍ෂකයන් ගේ හැසිරීමෙන් මෙය මනාව පැහැදිලි වේ.
ඉංග්‍රීසීන් හිරු නො බසින අධිරාජ්‍යයක් පිහිටෙව්වේ යුධ ශක්තියටත් වඩා කපටිකම හා වශීකරගැනීම මතය. අද පවා බොහෝ සිංහලයන් සිතා සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ බොරු ප්‍රචාර වලට රැවටී, බටහිර රටවල් ලංකාවට එරෙහිව කටයුතු කරන බවයි. එයින් නොකියා කියන්නේ සුද්දන් සර්ව සාධාරණ බව නොවේද? එය සත්‍යයක් නම් අරාබිවරුන්ගේ කතා අසා ඊස්‍රායලයට විරුද්ධව කටයුතු නො කරන්නේ මන්ද? හිරු නො බසින අධිරාජ්‍යයක් පිහිටෙ වූ ජාතියක් දෙමළ සංක්‍රමනිකයන්ගේ කතා වලට රැවටෙයි ද?
ආතර් සී කලාර්ක් නම් පර සුද්දාට මෙරට දී නුවුමනා ගරු බුහුමන් ලැබුණේ අපේ මෙම පර ගැති බව නිසාම ය. ඉදිරියේ දී වත් මෙයින් මිදීමට කටයුතු කරමු.
 ආතර් සී ක්ලාර්ක් මහතාගෙන් ගත හැකි ලොකු ම ප්‍රයෝජනය එයයි.


Saturday, December 1, 2012

ලිනක්ස් දෙස සාමාන්‍ය මිනිසෙකුගේ ඇසින්!




මම ලිනක්ස් ‍මෙ‍හෙයුම් පද්ධතිය ගැන විධිමත් අධ්‍යාපනයක් ලද අයෙක් ‍නො‍වෙමි.
නමුත් 2002 වසරේ සිට විවිධ ලිනක්ස් මෙහෙයුම් පද්ධති පාවිච්චි කර පළපුරුද්දක් ඇති අයෙක් වෙමි.
මුලින් ම මම පාවිච්චි කලේ රෙඩ් හැට් ලිනක්ස් 7.2 වන අතර මේ වන විට මින්ට් 14 පාවිච්චි කරමි.
සාමාන්‍ය‍ය‍ පරිශීලකයෙක් ගේ ඇසින් බැලූ විට මට පෙනෙන ලිනක්ස් හි ඌන තා පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.
ලංකාවට ගැළපෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තැනීමට යමෙක් උත්සාහ කරයි නම් මෙම කරුණු ඔවුන්ට ප්‍රයෝජනවත් වේ යයි සිතමි. මෙම කරුණු උබුන්ටු වලට සාපේක්ෂව ඉදිරිපත් කර ඇත.
1.ලිනක්ස් පිළිබඳ ආගන්තුකයෙක්ට බලපාන ප්‍රධාන ගැටළුවක් ලෙස ලිනක්ස් ස්ථාපනය කිරීමේ දී පාටිශන් සැකසීම දැක්විය හැක. විශේෂයෙන්ම ලිනක්ස් නිතරම අළුත් සංස්කරණ නිකුත් කරන මෙහෙයුම් පද්ධතියක් නිසා විටින්විට නව ස්ථාපනය කිරීම් කලයුතුය ස්ථාපනය කිරීමේ දී යම් අතපසුවීමක් වුවහොත් මුළු දෘඩ තැටියම ෆෝමැට් වී දත්ත සියල්ල අහිමි විය හැක.
මෙයට විසඳුමක් ලෙස මම යෝජනා කරන්නේ මෙයයි,
මෘදුකාංගය ස්ථාපිත කිරීමේ විසාඩ් මෙනුවේ පාටිශන් සැකසීමට ඇති තෝරා ගැනීම් ඇති පිටුවට ලඟාවීමට පෙර තවත් පිටුවක් විසාඩ් මෙනුවට එක් කල යුතු ය.
එහි “සම්මත පාටිශන් සැකසීම“ හා “ආධුනිකයන් සඳහා“ ලෙස තෝරා ගැනීම් දෙකක් තිබිය යුතුයි (රේඩියෝ බටන් යොදා).
“සම්මත පාටිශන් සැකසීම“ තෝරා නෙක්ස්ට් ක්ලික් කල විට දැනට පවතින ලිනක්ස් පාටිශන් සැකසීම කරන පිටුව වෙත යා යුතු අතර,
“ආධුනිකයන් සඳහා“ තේරූ විට නව පිටුවකට යා යුතු ය. එහි වින්ඩෝස් 7 හි මෙන් පාටිශන් ලැයිස්තුවක් තිබිය යුතු ය.
එසේම එහි පැරණි ලිනක්ස් සංස්කරණ ස්ථාපිත පාටිශන් (තනි පාටිශන් එකකට ෆයිල් සිස්ටම් එකම ස්ථාපනය කර ඇත්නම්) හඳුනා ගැනීමට විශේෂ අයිකනයක් යෙදිය යුතුය. එවැනි පාටිශන් එකක් අසල ම ස්වැප් පාටිශන් එකක් ද ඇත්නම් පාටිශන් දෙකම එකට ගොනුකර දැක්විය යුතුය.
එසේම එහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ස්ථාපිත පාටිශන් සඳහාද විශේෂ අයිකනයක් තිබිය යුතුය.
එම වගුවේ පාටිශන් දැක්වීමට වින්ඩෝස් වල ආකාරයටම ඉංග්‍රීසි අක්‍ෂර යොදාගත හැකිනම් වඩාත් උචිතය.
යමකුට ලිනක්ස් ස්ථාපනය කිරීමට අවශ්‍ය පාටිශන්එක මෙම වගුවෙන් තෝරා (සැකයක් ඇත්නම් ඩබල් ක්ලික් කර අදාල පාටිශන් එක තුල ඇති දත්ත මොනවාදැයි සැකහැර දැනගෙන) පාටිශන් සැකසීමට අණකල විට, එම ස්වැප් පාටිශන් එකට කෙතරම් ඉඩක් වෙන් කල යුතු දැයි දැක්විය යුතු ය. ඉන් පසු තේරූ පාටිශන් එක මැකී එය ඇති ස්ථානයේදී ext-4 හා swap පාටිශන් සැකසී ලිනක්ස් ස්ථාපනය වියයුතුය.
2. මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු වෙනස්කම් සැකසීම සඳහා (උදාහරණ ලෙස හෝම් ෆෝල්ඩරය වෙනත් තැනකට ගෙන යාම, swap පාටිශන් අලුතින් හඳුන්වා දීම වැනි කටයුතු) සඳහා චිත්‍රක අතුරු මුහුණතක් සහිත මෘදුකාංගයක් තනා එය පෙරනිමි ලෙස ලබා දිය යුතු ය.
3.ලිනක්ස් වල ඇති අනෙක් බරපතළ ම දෝෂය ලෙස මම දකින්නේ මෘදුකාංග ස්ථාපනයට අන්තර්ජාල පහසුකම් මත යැපීමට සිදුවීමයි.
ලිනක්ස් වලට පක්‍ෂපාතී අය ලිනක්ස් ආර්ථික වශයෙන් ලාභදායක යැයි කියතත්, උබුන්ටු වැනි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත පරිගණකයකට නව මෘදුකාංගයක් ස්ථාපනය කරන හැම විටම අන්තර්ජාල සම්බන්ධය ලබා දිය යුතු ය. පරිගණක කිහිපයක් ඇති විට ඒ හැම එකකට ම වෙන වෙනම අන්තර්ජාල සම්බන්ධය ලබා දී අදාළ මෘදුකාංගය ස්ථාපනය කලයුතුය. එසේම සාමාන්‍ය‍යෙන් ලිනක්ස් වල නව සංස්කරණ කෙටි කලකින් නිකුත් වන නිසා ඒ සැම විටම මෙම ක්‍රියාව නැවත නැවතත් කල යුතු ය. අප වැනි රටකට මෙය කෙතරම් ලාභදායක? අනිත් අතට මෙය අන්තර්ජාල සම්පත් නිකරුණේ නාස්ති කිරීමක් නොවේ ද? එසේම අන්තර්ජාල සම්බන්ධය වේගවත් නැති විට මෙය තවත් වදයක් වේ
මම මින්ට් පාවිච්චි කිරීමට ප්‍රධාන හේතුවත් එය අන්තර්ජාල සම්බන්ධතාව නැතිව මෘදුකාංග ස්ථාපනයට ඉඩ දී ඇති නිසා ය.
එහිදී මුලින්ම ස්ථාපනය කිරීමට අවශ්‍ය මෘදුකාංගය අන්තර්ජාලයෙන් ගෙනවිත් එය මත ඩබල්කලික් කර ස්ථාපනය කිරීමට උත්සාහ කල යුතුය. එවිට එයට අවශ්‍ය සහායක මෘදුකාංග(ඩිපෙන්ඩන්සි) වල ඌනතාවක් ඇත්නම් එම ඩිපෙන්ඩන්සි වල අන්තර්ජාල ලිපිනයන් (url) ලැයිස්තුවක් පෙන්වයි. එය ටෙක්ස්ට් ගොනුවකට කොපි කර අන්තර්ජාල පහසුකම ඇති පරිගණකයක් වෙත ගෙන ගොස් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් මඟින් එම ඩිපෙන්ඩන්සි ලැයිස්තුව භාගත කර ගෙන විත් එය මගේ පරිගණකයේ ඇති මුල් මෘදුකාංගය සමඟ එකම ෆෝල් ඩරයකට පිටපත් කර  ලිනක්ස් මින්ට් සමඟ ඇති පැකේජ් මැනේජර් මෘදුකාංගය මඟින් ස්ථාපනය කිරීමයි මගේ ක්‍රමය මෙමඟින් අන්තර්ජාල පහසුකම නැති ව මෘදුකාංග ස්ථාපනය කල හැක.
 නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ මින්ට් වලින් පෙන්වන්නේ එම අවස්ථාවට අදාළ ඩිපෙන්ඩන්සි ඌනතාව පමනක් වීමයි.
මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කරන විට අවසාන මෘදුකාංග වලට අවශ්‍ය‍ය ඩිපෙන්ඩන්සි, මුල් මෘදුකාංග ස්ථාපනයේ දී ස්ථාපනය වී ඇති විට අවසන් මෘදුකාංගයට අවශ්‍යය වන ඩිපෙන්ඩන්සි ප්‍රමානය අඩු විය හැක.
නමුත් එම මෘදුකාංගයම අලුතින් ස්ථාපනය කිරීමේ දී නැවතත් ඩිපෙන්ඩන්සි ඌනතාව පෙන්වයි.
මෙයට විසඳුමක් ලෙස මෘදුකාංග ස්ථාපනයට උදව් වන නව මෘදුකාංගයක් තැනිය යුතු ය. එය මෘදුකාංගයට අවශ්‍ය සහය මෘදුකාංග පරීක්‍ෂාකර ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට මුලින් ම ස්ථාපනය කරයි නම් අවශ්‍ය‍ වන සහය මෘදුකාංග ලැයිස්තුවත්, දැනට අවශ්‍ය වන සහය මෘදුකාංග ලැයිස්තුවත් වෙන වෙනම ගොනුවකට පිටපත් කිරීමට සලස්වා දිය යුතු ය. එසේම මෙම ගොනු භාගත කිරීම පහසු කිරීමට නව ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් (වින්ඩෝස් ලිනක්ස් දෙකට ම සහය දෙන) සැකසීම ද වඩාත් උචිත ය.
ප්‍රභව කේත(source code) ලෙස ඇති මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේ දී ද සමහර විට අනපේක්ෂිත ගැටලු ඇතිවෙයි එය පහසු කිරීමට ද මෘදුකාංගයක් සෑදිය යුතු ය. එය සිංහල භාෂාවෙන් යුතු විය යුතු ය. ප්‍රභව කේත ගොනු අඩංගු සම් පීඩිත(compressed) ගොනුව තෝරා දුන්විට එය දිගහැර කොම්පයිල්කර ස්ථාපනය කිරීමද, කර ගැටලු මතු වෙයි නම් සිංහල මාධ්‍ය‍යයෙන් හැකි තරම් සරලව ඒවා පැහැදිලි කර හැකි නම් විසඳුම් ද ඉදිරිපත් කල හැකි ලෙස එය සෑදිය යුතු ය.
4.යම් හෙයකින් ලිනක්ස් බූට්ලෝඩරය අක්‍රීය වුවහොත්, නැවත එය සක්‍රීය කිරීම මෙහෙයුම් පද්ධතිය ලයිව් DVD එකක් ලෙස ක්‍රියාත්මක කර තනි මවුස් ක්ලික් එකකින් කල හැකි ලෙස මෘදුකාංගයක් ‍සකසා පෙරනිමි ලෙස ඇතුළත් කල යුතු ය.
5.මෙහෙයුම් පද්ධතිය දෘඩාංග හඳුනා ගන්නා ආකාරය නිරවුල්ව දැනගතහැකි මෘදුකාංගයක්ද තිබිය යුතුය.
උදාහරනයක් ලෙස මගේ පරිගනකයේ TV CARD එක මෙහෙයුම් පද්ධතියේදී /dev/radio0 ලෙස සලකන ගොනුවෙන් නිරූපනය කරන අතර, වොබ් කැමරාවක් සවිකලවිට එය /dev/video0 ගොනුවට ආදේශ කරගනී. නමුත් මෙම කරුන දැනගත හැක්කේ අත්ගුනයෙනි වින්ඩෝස් හි මෙන් ඩිවයිස් මැනේජර් වැනි මෘදුකාංගයක් තිබුනි නම් මෙම ගැටලු අවම වෙයි සමහරවිට, මෙයට ගැලපෙන මෘදුකාංග තිබිය හැකි වුවත්, මෙහෙයුම් පද්ධතියත් සමඟම මෙවැන්නක් ලබාදීම වැදගත්ය.
ඇත්තෙන්ම මට හැකියාවක් තිබුනි නම් මම මෙම ගැටලු විසඳීමට කටයුතු කරමි.
ලිනක්ස් මින්ට් වල ඇති මා අගය කරන ගුණය වන්නේ ද සාමාන්‍ය මිනිසාගේ පැත්තෙන් සිතා එය තනා තිබීමයි.
ලාංකේය අවශ්‍යතාවන්ට ගැළපෙන ලිනක්ස් සංස්කරණයක් තැනීමට බලාපොරොත්තු වන අය මෙම කරුණු ගැන සැලකිලිමත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
කරුණාකර ඔබලාගේ අදහස් ද පල කරන්න.