Saturday, November 17, 2012

අන්තෝනියෝ බහිජටා: Mr. Nobody චිත්‍රපටය

අන්තෝනියෝ බහිජටා: Mr. Nobody චිත්‍රපටය: මේ වසරේ මා නැරඹූ හොඳම චිත්‍රපටය ලෙස මෙය සැලකිය හැක 2009 වසරේ තිරගතවූ මෙය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැක එහෙත් මෙය තාක්‍ෂනික අරුමයන් ගැ...

Wednesday, November 14, 2012

Mr. Nobody චිත්‍රපටය



මේ වසරේ මා නැරඹූ හොඳම චිත්‍රපටය ලෙස මෙය සැලකිය හැක
2009 වසරේ තිරගතවූ මෙය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැක
එහෙත් මෙය තාක්‍ෂනික අරුමයන් ගැන කියවන්නක් වත් සටන් ජවනිකා වලින් යුත් එකක් වත් නොවේ
මා මෙයට වඩාත් කැමති  වීමට හේතුව එයයි
මෙය ප්‍රධාන වශයෙන්ම තාපගතිකයේ දෙවන නියමය ගැන දාර්ශනික සංවාදයක් ලෙස සැලකිය හැක
තාප ගතිකයේ දෙවන නියමයෙන් කියවෙන්නේ අපගේ විශ්වය ක්‍රමයෙන් අවුල් වෙමින් පවතින බවයි
ක්‍රමවත් දෙයක් අක්‍රමවත් කිරීමට පහසු බවත් අක්‍රමවත් දෙයක් ක්‍රමවත් කිරීමට අපහසු බවත් මෙයින් කියවෙයි
උදාහරනයක් ලෙස පුස්තකාලයක පොත්පත් අවුල් කිරීමට සේවකයන් අවශ්‍ය නැත පුස්තකාලය පාවිච්චි කිරීමේදී එය නිරායාසයෙන්ම සිදුවේ
නමුත් අවුල්වූ පොත්පත් සුදුසු ස්ථානවල තැබීමට සේවකයන් යෙදවිය යුතුය
සමහර විට අක්‍රමවත් පද්ධති ක්‍රමවත් වන අවස්ථා ඇති නමුත්
(උදාහරන ලෙස ජීවී දේහයන් තුල, ස්වාභාවික පරිසරයේ අමුද්‍රව්‍ය යොදා මයික්‍රෝ චිපයක් නිපදවන විට)
එම ක්‍රියාවලියේදී සමස්ථ පද්ධතිය අක්‍රමවත් වේ
(ජීවය පවත්වා ගැනීමට ආහාර පිරිසිදු ජලය පිරිසිදු වාතය ගැලපෙන උශ්නත්ව පරාසයක් ආදිය අවශ්‍ය වන අතර ඒවා ලබාගැනීමේදී සමස්ථ විශ්වය අක්‍රමවත් වේ
 කර්මාන්ත ශාලාවක භාන්ඩ නිපදවීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම අපද්‍රව්‍ය බැහැර කිරීම යන්ත්‍ර සූත්‍ර නඩත්තුව ආදී සමස්ථ ක්‍රියාවලිය මඟින් විශ්වය අවුල වීම සිදුවේ)
මෙම කරුන තාපයට අදාල වන්නේ කෙසේද
තාප ශක්තිය යනු පධාර්ථයේ <u>අක්‍රමවත් චලිතයේ </u>චාලක ශක්තිය ලෙස සැලකිය හැක
උදාහරනයක් ලෙස යකඩ කැබැල්ලක් විසිකල විට එහි අංශු නිශ්චිත මාර්ගයක් දිගේ (සාමාන්‍යෙයන් පරාවලයික පථයක) චලනය වේ නමුත් එම යකඩ කැබැල්ලම
රත්කල විට එහි අංශු එවැනි ක්‍රමවත් රටාවකට චලනය නොවේ එවිට ඒවා ඇවිස්සුනු කඩි ගුලක් මෙන් අවිධිමත් චලනයන්ට ලක්වෙයි
තාප ගතිකයේ දෙවන නියමයෙන් කියවෙන්නේ වෙනත් ශක්ති විශේෂයක් තාපය බවට සම්පූර්නයෙන්ම පරිවර්ථනය කල හැකි වුවත් තාපය
සම්පූර්නයෙන්ම වෙනත්ශක්තියකට හැරවිය නොහැකි බවයි සුළු කොටසක් හෝ තාපය ලෙසම පවතී
මෙම නියමය මුළු විශ්වයටම සම්පූර්නයෙන්ම සැමකල්හිම අදාල යැයි සැලකුව හොත් (එය උපකල්පනයකි) එයින් කියවෙන්නේ විශ්වයට උපතක් ඇති  බවයි
එසේම එය මැවුම් කරුවෙකුගේ නිර්මානයක් ද වේ (මෙයින් කියවෙන්නේ  බයිබලයේ හෝ කුරානයේ සෑම වාක්‍යයක්ම අකුරක් නෑර පිලිගතයුතු බව වත් මැවුම්කරුවාට වන්දනා මන කලයුතු බවවත් නොවේ
මැවුම් වාදය හා ආගම් යනු එකක් නොවේ)
තාපගතිකයේ දෙවන නියමය මනුශ්‍ය සමාජයට ආදේශ කලහොත්
ධනවාදී සමාජයක් සමාජවාදී සමාජයක් බවට හැරවීම ඉතා ආයාසයෙන් කලයුතුය එසේම එය පවත්වා ගැනීමද එයටත් වඩා ආයාසකර එකකි
නිසි විපරම් කිරීම මගහැරුනු විට එය ඉබේම ධනවාදයට හැරෙයි
එයට හේතුව ධනවාදය අවුල් සහගත වීමත් සමාජවාදය ක්‍රමවත් වීමත්ය
සමාජ වාදය විශ්වාස කරන්නන් ධනවාදී සමාජෙවල ඇති අක්‍රමවත් භාවය ධනවාදයේ දුබල කමක් ලෙස දුටුවත් ඇත්තටම එය ධනවාදයේ ඇති ලොකුම ශක්තියයි
සමාජවාදයට මෙන් න්‍යායාචාර්යවරුන් ගේ සහය නොලැබුවත් ධනවාදය පවතින්නේ මෙම ගුනය නිසාය
එබැවින් මාක්ස්ගේ මතය විද්‍යාත්මක නැත

චිත්‍රපටය තුල තාපගතිකයේ දෙවන නියමයට අමතරව සමාන්තර විශ්ව පිළිබඳ මතවාද ද සාකච්ඡා කරයි

Mr. Nobody චිත්‍රපටය පැය දෙකහමාරක් දිගු අතර දෙවරක් නැරඹීම වඩාත් සුදුසු බව නිර්දේශ කරමි
මෙයට සිංහල උපසිරැසි තැනීමට අදහසක් ඇති අතර දැනටම සිංහල උපසිරැසි ඇත්නම ඒ ගැන comment හි දන්වන ලෙසද ඉල්ලා සිටිමි




Friday, November 2, 2012

නණලළ වලට වඩා...

නණලළ වලට වඩා...
නණලළ භේදය ගැන අපගේ බස් පඬුවන් ඕනෑවටත් වඩා කතාකර ඇත
ඇත්තටම නණලළ සිංහල භාශාවට ගැටළුවක් වී ඇත්තේ එය සිංහල භාශාවේ රිද්මයට පිටින් යන්නක් බැවිනි
ඉංග්‍රීසි භාශාවේ C K V W අකුරු ඉංග්‍රීසි බස හසුරුවන්නන්ට ගැටළුවක් නොවේ
එසේම දෙමල භාශාවේ නයනු තුනකුත් ලයනු තුනකුත් ඇත එය ඔවුන්ට ගැටළුවක් වී නැත
සමහරවිට සිංහල ඉගෙන ගන්නා දෙමල අරයෙකුට නණලළ ප්‍රශ්නයක් නොවිය හැක
සිංහල බස වචන උච්ඡාරනය කරන ආකාරයට අනුව අකුරු ගලපන බසකි ඇත්තටම මෙය වඩා දියුනු ක්‍රමයක් බව මගේ වැටහීමයි
මෙම ක්‍රමයේදී විශාල හෝඩියක් පවත්වාගතයුතු  වුවත් හෝඩිය මතක තබාගත්පසු අක්‍ෂර වින්‍යාස ගැටළු අවම වේ
නණලළ ගැටළුවක් වී ඇත්තේ එය මෙම රටාවට පිටින් යන්නක් බැවිනි උපමාවකින් දැක්වුවහොත් කාන්තා වැසිකිලියකට පිරිමියෙක් පැමිනිවිට වන ගැටළුව සලකන්න

නමුත් මගේ මේ ලිපියේ අරමුන එයට වඩා වැදගත් සිංහල හෝඩියට අදාල අවුලක් ගැන සාකච්ඡා කිරීමයි
මෙය උගතුන්ගේ වැඩි අවධානයට ලක් නොවීම පුදුම සහගතය
මා සඳහන් කරන්නේ රකාරාංශය හා පිල්ලම් යෙදීම පිළිබඳ සුලභ අවුල ගැනයි
සම්ප්‍රදායට අනුව නම් රකාරාංශය සමඟ පාපිල්ල යෙදිය යුතු විට යෙදිය යුත්තේ ඇදපිල්ලයි
ක්+රු=ක්‍රැ
ක්+රූ=ක්‍රෑ
රකාරාංශය සමඟ ඇදපිල්ල යෙදිය නොහැක

මෙවැනි සම්ප්‍රදායක් ඇතිවීමට හේතුව ඇ අකුර ඇත්තේ සිංහල බසෙහි පමනක් වන නිසා
පැරණි  පඬිවරු එයට අඩු සැලකිලි දැක්වීම විය හැක
සිදත් සඟරා හෝඩියෙහිද ඇ ඈ අකුරු නැතිබව සලකන්න

නමුත් මේ සම්මතය අද භාවිතයේ නැත
අද
ක්‍රැ=ක්+රැ
ක්‍රෑ=ක්+රෑ
ලෙස පාවිච්චියට හුරුවී ඇත
එසේම රකාරාංශය සමඟ පාපිල්ල යෙදිය යුතුවිට එයට ගැටපිල්ල යොදයි
ක්+රු=කෘ
ක්+රූ=කෘෘ

අප පාසල් ගිය සමයේ නවය වසර සිංහල පෙල පොතේ
නූල් කෑල්ල කෙටිකතාවේ ෆ්‍රෑන්ක් යන වචනයත් එහිම
ගෘෘශා කඳුකරයට පලායයි පඩමේත් මෙම ක්‍රමය භාවිත විය
එහිදී කිසිවකුට එය ගැටළුවක් නොවුනි

මෙහිදී ඇදපිල්ල යෙදීමේ ගැටළුවක් නැතත්
ගැටපිල්ල යෙදීමේ ගැටළුවක් ඇත එයට හේතුව
එය ඍ ඎ අකුරුවලට අදාල පිල්ලම වීමයි
මෙම ගැටළුවට විසඳුමක් ලෙස රකාරාංශය සිංහල බසෙන් සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට යෝජනා නලහැකි වුවත්
එය කල හැකිද යන්න ගැටළුවකි
රකාරාංශයහ නැතිවිට වචන උච්ඡාරනයේ වෙනසක් වනබව මගේ අවබෝධයයි
පැරනි හා නව සම්ප්‍රදායන් දෙකම කලවමේ පාවිච්චි වන බැවින් මෙය තවත් සංකීර්න වේ
සිංහල යුනිකේත ෆොන්ට නිපදවන්නන්ට මෙම ගැටළුව තදින් බලපාන බවට සැකයක් නැත
විවිධ සිංහල යුනිකේත ෆොන්ට යොදාගෙන මෙම අකුරු ටයිප්කර බලන්න
ක්‍රු
ක්‍රූ

සිංහල බස පරිගනක ගත කිරීමටද මෙයින් බාදාවෙයි

මෙයට හොඳම විසඳුම වන්නේ
ඇදපිල්ල ඇ ශබ්දයටත්
ගැටපිල්ල ඍ ශබ්දයටත් බාරදී
රකාරාංශය සමඟ පාපිල්ලත් දීරඝ පාපිල්ලත් යෙදිය යුතුවිට යෙදීමට අළුත් පිල්ලම්  දෙකක් හඳුන්වා දීමයි
සමහරුන් මෙයට විසඳුමක් ලෙස ඇ වෙනුවෙන් විශාල ඇදපිල්ලත්
උ වෙනුවෙන් කුඩා ඇදපිල්ලත් භාවිතයට පෙලඹී ඇත (රැ රු අකුරුවල මෙන්)
නමුත් එය එතරම් හොඳ විසඳුමක් නොවේ
මන්ද එවිට පිල්ලම් හඳුනාගැනීම පිළිබඳ ගැටළු මතුවන බැවිනි
(එකල ජයසේකර අපොන්සු මහතාගේ රෑ රූ චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය කියවා එහි නම වැරදියට උච්ඡාරනය කිරීම ඔබලාට මතක ඇතැයි සිතමි)
මම කලකසිට මෙයට මගේම විසඳුමක් සොයාගෙන සොයාගතිමි
රකාරාංශය සමඟ පාපිල්ලක් යෙදිය යුතුවිට මම කරන්නේ රකාරාංශය අගට ගැටයක් යෙදීමයි (වි වී කරනවිට මෙන්)
දීර්ඝ පා පිල්ල යෙදිය යුතුවිට ගැටය සහිත රකාරාංශයත් ඇලපිල්ලත් යොදමි
මෙය ඕනෑම අයෙකුට පහසුවෙන් හුරුවියහැකිඩ ක්‍රමයකි
කුඩා ඇදපිල්ල වැරදිලෙස හඳුනාගැනීම වැනි ගැටළුවක්ද මේ ක්‍රමයෙන් ඇති නොවේ

ඇත්තටම මෙය රජය මැදිහත්වී විසඳිය යුතු අවුලකි
සංස්කෘතික අමාත්‍යංශය වැනි ආයතනයක් මඟින් තරඟයක් පවත්වා ලොව පුරා වෙසෙන්නන්ට අළුත් පිල්ලම් දෙකකට සුදුසු හැඩතල දැක්වීමට ඉඩ සලස්වා
විද්වත් මන්ඩලයකින් හොඳම විසඳුම් දෙක තෝරා එය නිල වශයෙන් පිලිගත හැක (අවශ්‍ය අයෙකුට භාවිතා නොකර සිටීමටද බාදාවක් නැත)

මේ ගැන සංවාදයක් ඇතිකිරීම මෙම ලිපියේ අරමුනයි

සිංහල යුනිකේත වලින් යතුරුකරනය කල නොහැකි අකුරු


මෙම රූප ලබාගන්නා ලද්දේ font creater මෘදුකාංගය මඟින් iskoola potha ෆොන්ටය විවෘත කිරීමෙනි
නමුත් මෙම අකුරු ටයිප් කිරීමට නොහැක කරන අයුර දන්නා අයෙක් වෙයිනම් පැහැදිලි කරන්න
බැඳි අකුරු යතුරුකරන ආකාරයට මෙම අකුරු ද යතුරුකරනය කලහැකි වියයුතුය
මෙම ගැටළුව ඉදිරියේදී විසඳේව යැයි බලාපොරොත්තු වෙමි