Sunday, January 6, 2013

තේවත්ත බැසිලිකා දෙව් මැදුර අධිරාජ්ය.වාදයට කඩේ යාමක් ද?


තේවත්ත බැසිලිකා දෙව් මැදුර අධිරාජ්‍යවාදයට කඩේ යාමක් ද?
මෙම ලිපිය කිසිසේත්ම කතෝලික ආගමට එරෙහිව ද්වේශ සහගත ව ලියනලද්දක් නොවේ. යම් කතෝලික සහෝදරයෙක් මෙයට එකඟ නොවෙයි නම් මෙහි දක්වන කරුණු නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේම මෙම කරුණු නිවැරදි නම් ඒ ගැන එකඟ වීමට තරම් නිහතමානී වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
තේවත්ත බැසිලිකා දෙව් මැදුර ඉදිකරන ලද්දේ දෙවන ලෝක යුද්ධ සමයේ මෙරට සිටි ප්‍රධාන කතෝලික පූජකවරයෙක් වූ බාරයක් ඔප්පු කිරීමටයි (මට ඔහුගේ නම මතක්කරගැනීමට නොහැකි වීමගැන කනගාටු වෙමි ඔහුට පසු කලක වතිකානුවේ ඉහල තනතුරක් ලැබුනි).
 එකල ජපන් අධිරාජ්‍යවාදීන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් ආසියාවේ බලය ලබාගැනීමට එකිනෙකා හා ගැටුනු යුගයයි. ජපනුන් සිංගප්පූරුව හා මාලදිවයින ද යටත් කර ගෙන ලංකාව ආක්‍රමනයට තීරණය කර ගෙන සිටි යුගයයි.
 මෙකල මෙම පූජකවරයා ජපන් බ්‍රිතාන්‍ය සටනින් බ්‍රිතාන්‍ය දිනවන ලෙස සාන්ත අන්තෝනි තුමාට බාරවිය. සටනින් බ්‍රිතාන්‍ය ජයගත් නිසා බාරය ඔප්පු කිරීමට තේවත්ත බැසිලිකා දෙව් මැදුර ඉදි කරනලදී.
මෙහි දී පූජකවරයාගේ ක්‍රියාව විචාරය කලහැකි ආකාර දෙකකි,
1.       මනුස්ස‍යෙක් ලෙස.
2.       කතෝලිකයෙක් ලෙස.
මනුස්සයෙක් ලෙස සලකා බැලුවොත් (විශේෂයෙන්ම සිංහලයෙක් ලෙස) ජපන් අධිරාජ්‍යට වඩා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හොඳයැයි කිව හැකි ද ?
ජපනුන් තම යටත්විජිතවල ජනයාට අමානුෂික ලෙස සැලකූ  බව සැබෑ ය. (සමහර විට ජපානය පරාජය වූ නිසා ජයග්‍රාහකයන් පරාජිතයන් ව හෙළාදැකීමට මෙම සිද්ධි අතිශයෝක්තියෙන් වාර්තා කරනවා විය හැක.) අනෙක් අතට සාමාන්‍යෙයන් ඕනෑම දේශපාලන අධිකාරයක් තම බලය අභියෝගයට ලක් වී ඇති විට ප්‍රචන්ඩ වීමත්, බලය තහවුරු වී ඇති විට වඩා මානුෂික වීමත්, බලාපොරොත්තු විය හැක.
නමුත් ඉංග්‍රීසීන් මානුෂික අධිරාජ්‍යවාදීහුද? මෙරට 1818 නිදහස් සටන මර්දනය කල ආකාරය ම ඔවුන්ගේ තරම පෙන්නුම් කරයි. එසේම දෙවන ලෝක යුද්ධ සමයේ දී ම බෙංගාලයේ ඇතිවූ සාගතය නිසා මිනිසුන් ලක්ෂ 15ක් පමණ මියයද්දී ආහාර තිබිය දීත් ඉංග්‍රීසි රජය කිසිවක් නො කර බලා සිටියේය. එයට හේතුව ලෙස දේශපාලන විචාරකයන් පවසන්නේ ගාන්ධි බෙංගාල ජාතිකයෙක් නිසා බෙංගාලයෙන් පලි ගැනීමට එය කල බවයි. ලංකාවේ ද වතු වගාවට උඩරට ඉඩම් අත්පත් කර ගැනීම නිසා සිංහලයන් පිරිසක් කුස ගින්නේ මියගිය බව මතක් කල යුතු ය. එසේම ඔවුන් ඔස්ට්‍රේලියාව හා ඇමරිකාව තුල දී ලෙඩ බෝ කිරීම හා ජලයට වස මිශ්‍රකිරීමෙන් ස්වදේශික ජනයා දහස් ගණනින් මරා දැමූහ. මේ ඉංග්‍රීසීන්ගේ ඍජු කුරිරු කම්වලින් කිහිපයකි ඊට අමතරව වර්ගවාදී ගැටුම් ඇති කිරීම මඟින් මිනිස් ජීවිත මිලියන ගණනක් විනාශ කිරීමට ඔවුන් කටයුතු කලහ. උදාහරණ ලෙස ඉන්දියාවේ නිදහස් සටන් වලට පහර දීමට මුස්ලිම් පොලිස් භටයන් යෙදවීම දැක්විය හැක. එහි දී මුස්ලිම් පොලිස් භටයන් හින්දු ස්ත්‍රීන්ව දූෂණය කල අවස්ථා ද විය එවැනි සිද්ධීන් වල දී ඉංග්‍රීසි රජය වරදකරුවන් ආරක්ෂා කරන ලදී. ලංකාවේ දී ද 1915 ඇතිවූ ආගමික ගැටුම ඉංග්‍රීසීන් විසින් ඇති කරන ලද්දකි. උඩරට ගිවිසුමේ පලමුවන වගන්තිය ඉතා කුහකලෙස කඩකර දෙන ලද නඩු තීන්දුවක් එයට හේතු විය. මෙරට දෙමල ජාතිවාදයද ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදයේ අනුග්‍රහය යටතේ ඇතිවූ වකි. එබැවින් ජපනුන්ට වඩා ඉංග්‍රීසීන් හොඳ යැයි කිව හැක්කේ කාටද?
දැන් මෙම සිද්ධිය කතෝලිකයෙක් ගේ පැත්තෙන් සලකා බලමු.
ජපන් අධිරාජ්‍ය වාදීන්ගෙන් කතෝලිකයන්ට හිරිහැර වූ බව මම අසා ඇත. නමුත් මෙහි දී කතෝලිකයන්ගේ වගකීමක් නැතැයි කිව හැකි ද?  කතෝලික සභාව ජපන් අධිරාජ්‍යට පක්ෂපාතී ව කටයුතු නො කිරීම නිසාත්, ජපානයේ විරුද්ධ වාදීන් සමඟ වැඩි සබඳතා පැවැත්වීමත්, මෙයට හේතුවක් නොවිය හැකිද? උදාහරණයක් ලෙස මෙවැනි ම හේතුමත ඉතාලි ජාතික වාදීහු කලක් පාප්වහන්සේ නිවාස අඩස්සියේ තබා ගෙන සිටියහ. ලංකාවේදී ද එල්. ටී. ටී. ඊ සංවිධානය සම්බන්ධ කරුණු වල දී කතෝලික සභාව හැසිරුණේ, ශ්‍රී ලංකා රාජ්‍යත් එල්. ටී. ටී. ඊ පාලන ප්‍රෙද්ශත් සම තත්වයේ සලකා ගෙනය. මෙවැනි හැසිරීම් සිංහලයන් ඉවසුවත් වෙනත් ජන කොටස් නො ඉවසන බව මතක තබා ගත යුතු ය. රැවුල ගිනි ගෙන ඇති විට සුරුට්ටු පත්තු කිරීමට ගොස්, ඉල්ලා කෑවිට එයට වගකිවයුත්තේ තමාමය. සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන ලෙස ජේසුස් වහන්සේ කියා ඇති බව මතක් කරමි.
දන් ඉංග්‍රීසීන් කතෝලික ආගමට සැලකූ ආකාරය සලකා බලමු.
ඉංග්‍රීසීන් යනු මුලින්ම කතෝලික සභාව ප්‍රතික්ෂේපකල ජාතියයි. එය අනෙක් යුරෝපීයයන්ටද ආදර්ශයක් වූවාට සැක නැත.
 ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද කතෝලික ආගමට විරුද්ධ පිරිසකි. නමුත් ඉංග්‍රීසීහු ලන්දේසීන් මෙන් කතෝලිකයන්ට හිරිහැර නොකලහ එයට ප්‍රධාන හේතු දෙකක් ඇත.
 එකක් නම් ඉංග්‍රීසි යුගය වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට බලපෑමක් කල නොහැකි තරමට කතෝලික සභාවේ ලෞකික බලය දුර්වලවී තිබීමයි. එබැවින් ලන්දේසීන්ට මෙන් කතෝලිකයන් සමඟ ගැටුම් ඇතිකරගැනීමේ අවශ්‍යතාවක් ඉංග්‍රීසීන්ට නොවීය. (උදාහරන ලෙස කතෝලික ආගම අදහන ජන කොටසක්වන අයිරිෂ්වරු සම්බන්ධ ප්‍රශ්නයේදී පාප්වහන්සේ මුනිවත රැකීම දැක්විය හැක. එතුමා එවැනි කරුනකට මැදිහත්වූවානම් අනිවාර්යයෙන් සුද්දන්ගෙන් ඉංග්‍රීසි කුණුහරුප අසා ගන්නවා ඇත.)
අනෙක් කරුන නම් කතෝලිකයන් තම විශ්වාසවන්ත සේවකයන් ලෙස යොදවාගැනීමට හැකිබව ඔවුන්ගේ කපටි මොලයට වැටහීමයි.
ඉහත කරුණත්, බ්‍රිතාන්‍යන්ගේ වික්ටෝරියානු සදාචාරයට කතෝලිකයන් ඇලුම් කිරීමත්, නිසා කතෝලිකයන් බ්‍රිතාන්‍යයන් කෙරෙහි යහපත් ආකල්පයක් දක්වන්නට ඇති නමුත් එය රැවටීමක් ලෙස වටහා ගත යුතු ය.
මෙහි දී ඉහත සඳහන් පියතුමාගේ ක්‍රියාවේ තවත් වරදක් ඇත, යම් හෙයකින් ජපනුන් ලංකාව ආක්‍රමනයට සමත් වූවා නම් අනිවාර්යයෙන් ම ලංකාවේ කතෝලිකයන්ගෙන් පලි ගැනීමට කටයුතු කරනු ඇත. එබැවින් පියතුමා කර ඇත්තේ තම ආගමිකයන් අනවශ්‍ය‍ අවදානමකට ලක් කිරීමයි.
අනිත් අතට මෙම බාර වීම නිසා ජපානය යුද්ධයෙන් පරාජය වූවා නම්, හිරෝෂිමා නාගසාකි නගරවල සිදු වූ මහා මිනිස් සංහාරවලට ද සාන්ත අන්තෝනි තුමා වගකිව යුතු ය.
එසේම මෙම කරුණු දැන ගත් විට නූතන ජපන් කතෝලිකයා කුමක් සිතයිද?
එබැවින් මෙවැනි කරුණක දී කල හැකි හොඳ ම කටයුත්ත වන්නේ උනුත් එකයි, මුනුත් එකයි කියා පසෙ කට වී සිටීමයි.
මෙහි දී මට තවත් ගැටලුවක් පැනනැඟුනි. ශ්‍රී ලංකා හමුදාව එල්. ටී. ටී. ඊ සංවිධානය සමඟ යුදවදිද්දී ඉක්මනින් එල්. ටී. ටී. ඊ සංවිධානය පරාජය කර දෙන ලෙස කවුරුන් හෝ සාන්තුවරයෙකුට බාර වීමට කිසිදු පියතුමෙකුට මතක් නොවුනේ මන්ද?