Tuesday, May 6, 2014

ගව ඝාතනය නැවැත්වීමට අදහසක්



මම ලංකාව තුල ගව ඝාතනය නතර විය යුතු බව විශ්වාස කරන අයෙක් වෙමි.
මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් යෝජනා කිරීම මෙම ලිපියේ අරමුණයි.
ගව ඝාතනය වැළැක්වීමට නම් ගවයන් ඇති කිරීම නතර කල යුතු ය. මේ සඳහා ගවයාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන වලට විකල්ප ක්‍රමවේද සොයා ගත යුතු ය. ගවයාගෙන් ගන්නා ප්‍රධාන ප්‍රයෝජන දෙක වන්නේ කරත්ත, නගුල් ආදිය ක්‍රියාත්මක කිරීම සඳහා ගව ශ්‍රමය පාවිච්චි කිරීම සහ ආහාර ප්‍රභවයක් ලෙස (මස්, කිරි) ලබා ගැනීමයි.
මෝටර වාහන ඇති නිසා අද වන විට ගව ශ්‍රමය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. එම නිසා මස් ලබාගැනීම හැරුණු විට අද වන විට ගව පාලනයේ එකම අවශ්‍යතාවය කිරි ලබා ගැනීමයි. නමුත් ගව පාලනයෙන් හෝ සත්ව පාලනයෙන් තොර ව කිරිවලට ආදේශකයක් නැති ද?
මේ ගැන අන්තර්ජාලයෙන් සොයා ලබාගත් තොරතුරු මෙසේ ය.
ආමන්ඩ් කිරි (Almond milk):

මෙය තනන්නේ ආමන්ඩ් බීජ අඹරා ජලය සහ රසකාරක එක් කිරීමෙනි. බොහෝ දුරට එළකිරි වලට සමාන ස්වරූපයක් ඇත. එළකිරි වලට අසාත්මිකතාව ඇති අයට හා එළකිරි ජීර්ණය අපහසු අයට සුදුසු ය.
මෙහි ප්‍රෝටීන් ප්‍රමානය එලකිරි සහ සෝයා කිරිවලට වඩා අඩුය. විටමින් E අධික ප්‍රමාණයක් ඇත. එහෙත් අනෙක් විටමින් හා ඛනිජ ලවන අඩු නිසා කුඩා දරුවන්ට එතරම් සුදුසු නොවේ.
සෝයා කිරි (Soy milk):
සෝයා ඇට වලින් තනන මෙය කිරිවලට ඇති වඩාත් ජනප්‍රිය ආදේශකය වෙයි. හෘදයාබාධ සහ පියයුරු පිළිකා අඩු කිරීමේ හැකියාව ඇත.
ටෝෆු (To Fu)
සොයා කිරිවලින් චීන  ජාතිකයන් වසර දෙදහසකට පමණ පෙර සිට මුදවපු කිරි තනන ලදී එය ටෝෆු (To Fu) ලෙස හඳුන්වයි. මෙය විවිධ ස්වරූප වලින් නිපදවයි (යෝගට් වල ස්වරූපයේ සිට චීස් වල ස්වරූපය දක්වා).
සහල් කිරි:

මෙය තැනීමට තැම්බූ සහල්, දුඹුරු සහල් සිරප් (brown rice syrup) සහ සහල් කැඳ යොදාගනී මෙහි කාබෝහයිඩ්‍රේට වැඩිය. ප්‍රෝටීන ප්‍රමාණය එලකිරිවලට වඩා අඩුය. මෙහි ඇති දියාරු ස්වරූපය නිසා ආහාර පිසීමට සහ බේකරි නිශ්පාදන වලට නිර්දේශ නොකෙරේ.
පොල් කිරි:

ලංකාවේ නො කලත් මෙය පානයක් ලෙස භාවිතා කරයි. මෙය අසාත්මිකතා රහිත එළකිරි ආදේශකයකි. බේකරි නිෂ්පාදන වලට ඉතා සුදුසු ය. නමුත් මෙහි අධික මේද ප්‍රමාණයක් අඩංගු ය.
හෙම්ප් කිරි (Hemp milk):

හෙම්ප් යන්නට ශබ්ද කෝශයේ දී ඇති පැහැදිලි කිරීම වන්නේ “කංසා වැනි මත් ද්‍රව්‍ය ලබාගන්නා ශාකයක්”,” නියඳ විශේෂයක්”,”හන” යනුවෙන් ය. මෙය මා මීට පෙර අසා නැති දෙයකි. මෙය පොතු හරින ලද හෙම්ප් බීජ, ජලය සහ රසකාරක මඟින් තනනු ලබයි. මෙහි ඉහල ප්‍රෝටීන සහ අත්‍යවශ්‍ය මේද අම්ල ප්‍රමාණයක් ඇත නමුත් කැල්සියම් අඩුය.
වෙනත් විකල්ප කිරි ආදේශක:
කෝනා (quinoa) කිරි, ඕට්(oat) කිරි, අර්තාපල් කිරි, ධාන්‍ය වර්ග හතකින් තැනූ කිරි (7-Grain milk; මෙයට ඕට් ,සහල්, තිරිඟු, බාර්ලි, triticale, spelt සහ මෙනේරි යොදා තනයි), සූරියකාන්ත ඇට වලින් තනන කිරි.

මෙයට අමතරව ඉහත කිරි ආදේශක විවිධ ආකාර වලට මිශ්‍ර කර අතිරේක පෝෂණ සංඝටක එක් කර වඩා හොඳ තත්වයේ කිරි ආදේශක තැකිය හැක.
මෙම කිරි ආදේශක පාවිච්චිය නිසා ගව පාලනය නිසා වන පරිසර දූෂණය ද අඩුවේ. එසේම කිරි ආදේශක ලංකාව තුල බහුලව පරිභෝජනය වෙයි නම් එය එළකිරි වලට වඩා අඩු මිලට සැපයීමට ද හැකි වේ.
ලංකාව තුල මෙම කිරි ආදේශක ව්‍යාප්ත කිරීම මඟින් ගව පාලනයේ වැදගත් කම අඩු කල හැක. මේ සඳහා ආගමික සංවිධාන සහ ව්‍යාපාරිකයන් එක්ව කටයුතු කිරීම සුදුසු වෙයි. එනම් ව්‍යාපාරිකයන් විසින් කිරි ආදේශක  නිපදවීම සහ ගෙන්වා බෙදා හැරීමත් ආගමික සංවිධාන එය ජනප්‍රිය කිරීමට සහය වීමත් මඟින්. උදාහරණයක් ලෙස මැලිබන් ආයතනය නවසීලන්තයෙන් කිරි පිටි ආනයනය කර මෙරට විකුණයි එම ලාභයෙන් කොටසක් යොදවා මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරයි. නමුත් එම මුදල යොදවා කිරි ආදේශක නිපදවීමටත් නව කිරි ආදේශක වැඩිදියුණු කිරීමටත් පර්යේෂණ කළ හොත්  වඩා වැඩි කුසල යක් සිදු වන බව කිව යුතු ය. ඔස්ටේලියාව හෝ නවසීලන්තයෙන් ගෙන්වන කිරි ලබාගන්නා එළදෙනුන් මස් පිණිස ඇති කරන සතුන් බව මතක තබා ගත යුතු ය.
ගව ඝාතනය තහනම් කිරීමට මේ සුදුසු කාලය නොවන නමුත් ගව ඝාතනයට විරුද්ධ සංවිධාන මඟින් රජයට ඉදිරිපත් කල හැකි යෝජනා ඇත එනම්:
·         ගව පාලනයට දී ඇති සහනාධාර නතර කිරීම
·         පශු සම්පත් අමාත්‍යාංශය වසා දැමීම.
·         කිරි ආදේශක නිපදවීමට හා ආනයනයට පහසුකම් සැලසීම.
·         කිරි ආදේශක සංවර්ධනය කිරීමට සහය දීම.
ගව ඝාතනයට පක්‍ෂ වන්නන්ගේ තර්ක යක් සලකා බලමු:
වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ හරක් මස් කෑවම ද හාල් මැස්සො කෑවම ද?
හරක් මස් නරක නම් කුකුළු මස් හොඳ ද?
මෙම ප්‍රකාශ තර්ක ලෙස සැලකිය නො හැක. ඒවා හුදු ප්‍රකාශ පමණි. මේවා ජේසුස් වහන්සේ “වේසා ගැහැණිය” බේරා ගැනීමට කල ප්‍රකාශයට තුල්‍ය වේ. එනම් “ජීවිතයට පවක් නො කල කෙනෙක් සිටියි නම් පළමු ගල ගසන්න”.
මෙය ඉතා ම මෝඩ අදහසක් වේ. එක වරදකින් තව වරදක් නිවැරදි නොවේ. මේ ආකාරයට සිතුවොත් කිසි වරදක් නිවැරදි කල නො හැක එසේ නම් හිර ගෙවල් විවෘත කර පොලීසිය විසුරුවා හැරීම සුදුසු වේ.
මෙම වර්ගයේ ප්‍රකාශ හුදු වාචාල කතා ලෙස සැලකිය හැක මෙවැනි අදහස් කියන බොහෝ දෙනා එය සිතා බලා එසේ කියන්නේ සිතා බලා නොව වෙන් අයෙක් (බොහෝ විට රැඩිකල් නාකියෙක්) කියූ දෙයක් පුනරුච්චාරණය කිරීමක් ලෙස ය. හාල් මැස්සන් මරනවාට විරුද්ධ අය කල යුත්තේ එයට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි එසේ නොමැතිව ගව ඝාතනයට කඩේ යාම නොවේ.
ගව ඝාතනය සහ මුස්ලිම් වරු:
මම ඉස්ලාම් ආගම ගැන කියවා ඇති අන්දමට ඉස්ලාම් ආගම සත්ව ඝාතනය තහනම් කර නැත නමුත් එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් යැයි සඳහන් කර ද නැත. ඉස්ලාම් ආගම වහල් ක්‍රමය ගැන කියා ඇත්තේ ද මීට සමාන අදහසකි එනම් වහල් ක්‍රමය පිළිගෙන ඇති අතර එසේ වුවත් එය පහත් ක්‍රියාවක් ලෙස හඟවා ඇත. නමුත් මුස්ලිම් වරු වහල් ක්‍රමයත් සත්ව ඝාතනයත් දිගටම පවත්වා ගැනීමට කටයුතු කලහ. එනම් වහල් ක්‍රමයත් සත්ව ඝාතනයත් තහනම් නැති නිසා හොඳ දේවල් යැයි ඔවුන් තීරණය කලහ.
යම් හෙයකින් ලංකාවේ අද වන තෙක් වහල් ක්‍රමය ක්‍රියාත්මක ව තිබේ යැයි සිතන්න. දැන් වහල් ක්‍රමය තහනම් කිරීමට යෝජනාවක් ආවොත් මුස්ලිම්වරුන් ට එයට විරුද්ධ වීමට අයිතියක් ඇද් ද? යම්කිසි හේතුවක් නිසා වහල් ක්‍රමය තහනම් කිරීමට මුස්ලිම් වරු විරුද්ධ වුව හොත් එම නිසා වහල් ක්‍රමය දිගටම පවත්වා ගත යුතු ද? ගව ඝාතනය ගැන කිවයුත්තේ ද එය මයි.