Thursday, January 8, 2015

ඉදිරි දේශපාලනය ගැන මගේ අදහස (plan B)



   මෙම ලිපිය ලියන විට ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ලැබී නැති නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන බවට පැහැදිලි ලකුණු පෙනේ.ඉදිරි දේශපාලනය මෙසේ වෙයි නම් මම එයට කැමැත්තෙමි.
මේ දිනවල කාර්යය බහුල බැවින් හැකි තාක් කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මුලින් ම (plan A) පැහැදිලි කරමි.
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ලබා ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් හෝ වෙනත් නායකයෙක් එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරතරඟ කර ජනාධිපති බවට පත්වීම මගේ පැතුම විය.එක් නායකයෙක් දිගටම බලයේ සිටීම මම අනුමත නො කරමි. කිසිදු දේශපාලනඥයෙක් අමරණීය නොවන අතර එක් නායකයෙක් යටතේ දිගටම රට පාලනය වුවහොත් සුදුසු දෙවනපෙල නායකත්වයක් නැති වීම නිසා එම පාලනය වෙනස්වුවහොත්රට තුල දරුණු අර්බුද ඇතිවීමේ අවදානමක් පවතී
මෙම ආකාරයට වැඩ සිදුනොවුනු නිසා
ඉදිරියේ දී රටේ දේශපාලනයට ගමන්කලහැකිහොඳම මඟ කෙටියෙන් මෙසේ සටහන් කරමි.
1. මෛත්‍රීපාල මහතා විධායක ජනාධිපති ලෙස දිගටම පාලන බලය හෙබවිය යුතුය නමුත් එහි වාර ගණන
    2කට සීමාකලයුතු අතර අධිකරණයට වගකියන තනතුරක් කලයුතුය.
    මෙරට බහුතරයකට (විශේෂයෙන් සිංහල බෞද්ධ බහුතරයකට) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
   කිරීමටඅවශ්‍යතාවක් නැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමේ වරදක් නැත.
   දින 100වැඩපිළිවෙළ කුණු කූඩයට දැමිය යුතු ය.
2. එක්සත් ජාතික පක්ෂයෙන් හැකි තරම් මන්ත්‍රීවරු පිරිසක් එක් කර ගෙන සන්ධාන රජයක්පිහිටුවියයුතු ය. 
   එහි දී ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ විනය ගැන විශේෂයෙන්ම කටයුතු කලයුතුය. එය 
   මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයටද හිතකර වේ.
3. මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු දිගටම කර ගෙන යා යුතු ය.
4. ආණ්ඩුවේ මහින්ද පාක්ෂිකයන්ගෙන් පලි ගැනීමනොකලයුතු අතර තිස්ස අත්තනායක මහතා ද පක්ෂය තුල
    රඳවා ගැනීමට කටයුතු කලයුතු ය.
5. සිංහල බෞද්ධ ඡන්ද වලින් බහුතරය මහින්දට ලැබී ඇති අතර මෛත්‍රීපාල මහතා බලය ලබා ගත්තේ 
    දෙමළ, මුස්ලිම්ඡන්ද වලින් වෙයි. නමුත් එම ඡන්ද අති බහුතරයක් මෛත්‍රීපාලට ලැබුණු ඍජු ඡන්ද නොව 
    වාර්ගික දේශපාලන පක්ෂහරහා ලත් ඡන්ද වෙයි. මෙය දිර්ඝකාලීනව රටේ ස්ථාවරත්වයට හා 
    මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයට ද අහිතකර වෙයි එම නිසා මෛත්‍රීපාල ජනාධිපති තුමා සිංහල 
    බෞද්ධ දේශපාලන අභිලාශයන්ටඑකඟ ව කටයුතු කර සිංහල බෞද්ධඡන්ද පදනමක් ගොඩනඟා ගැනීමට
    කටයුතු කල යුතු ය. නැතිනම් නැවතත් දෙමළ ජාතිවාදයේ ප්‍රබෝධයක් ඇතිවී රට ලේවිලක් වීම 
    වැළැක්වියනො හැක.
6. වඩාත් ම වැදගත් කටයුත්ත නම් ජනාධිපති ලෙස උපරිම බලය යොදවා හෝ චන්ද්‍රිකා කුමාරතුංගව නැවත 
    ලන්ඩනයට යැවීමයි. තවත් බණ්ඩාරනායක යුගයක් අවශ්‍ය නැත.

             නව ජනපති තුමනියසලාලක තිස්ස රජුගේ සුභසෙන්පතිගේ මඟ යන්න එය ඔබටත් රටටත් දෙකට ම හිතකර වෙයි.
නැති නම් ඔබ ජාති ද්‍රෝහියෙක් ලෙස ඉතිහාසගතවනු ඇත.
ඔබට සුභ අනාගතයක්!