Monday, August 24, 2015

සන්නස්ගලගේ පරාජය



පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගැන විවිධ බ්ලොග් අඩවිවල විචාර පලවිණි. මේවායේ වැඩියෙන් ම සාකච්ඡා කරන ලද්දේ ජවිපෙ ට ලැබුණ අඩු ඡන්ද ප්‍රමාණය ගැනයි. වඩාත් නිවැරදිව කිව හොත් ජවිපෙ පරාජය ගැනයි. එම නිසාම අඩුවෙන් අවධානයට ලක් වූ සන්නස්ගල මහතාගේ පරාජය ගැන විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙමි. මේ පිළිබඳ මෙතෙක් විචාරයක් මා දන්නා තරමින් ලියැවී නැති නිසාත් නැවුම් මාතෘකාවක් ගැන ලිවීමට මා ප්‍රිය කරන බැවිනුත් මෙය ලියමි.



උපුල් ශාන්ත සන්නස්ගල යනු සිංහල සමාජය තුල ඉහල ප්‍රසිද්ධියක් ඇති අයෙකි.  නමුත් මෙම ප්‍රසිද්ධිය ධනාත්මක ව මෙන් ම ඍණාත්මක වද පැවතෙන බව ද සැලකිය යුතු ය. එනම් සන්නස්ගලගේ ජනප්‍රියත්වය මෙන් ම ජන-අප්‍රියත්වය ද ඉහල වේ. කෙසේ වුවත් මේ ප්‍රසිද්ධිය ආධුනික චන්ද අපේක්ෂකයෙක් ලෙස ඔහුට වාසි දායක තත්වයකි.



සන්නස්ගල මහතා මෙවර ඡන්දය ඉල්ලුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ  එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම තුල සිංහල නොවන ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටියි. ජනවාරි මස ජනපතිවරණයෙන් පසු මෙහි සිංහල ප්‍රතිශතය තරමක් වැඩි වුවද මෙම කරුණ වෙනස් වී නොමැත. එබැවින් සාමාන්‍යයෙන් කොළඹෙන් යම් එජාප අපේක්ෂකයෙකුට මනාප සටනින් ඉහල ට යාමට නම් ඔහු සිංහල මෙන් ම සිංහල නොවන ඡන්ද දායකයන් අතර ද එක සේ ජනප්‍රිය ආයකු විය යුතු ය. මෙම තත්වය වෙනස් වන අවස්ථා ද ඇත පාඨලී චම්පික රණවක මහතා එයට උදාහරණයකි. එය විශේෂ අවස්ථාවකි.



සන්නස්ගල මහතා ගැන සැලකීමේ දී ඔහු සිංහලයන් අතර ප්‍රසිද්ධ වුවත් සිංහල නොවන පුද්ගලයන් අතර එතරම් ප්‍රසිද්ධ අයෙක් නොවේ. එම නිසාම ඔහුට ලැබුණු සියලු ම මනාප සිංහල මනාප ලෙස සැලකිය හැක. මෙය කොළඹ දී අවාසිදායක තත්වයකි. මෙහි දී ඔහුට ඇති වාසිය නම් සිංහල බෞද්ධ මෙන් ම සිංහල ක්‍රිස්තියානි මනාප ද ඔහුට ලද හැකි වීමයි. (සිංහල බෞද්ධයා සහ සිංහල කිතුනුවා දේශපාලනික ව වර්ග දෙකක් ලෙස සැලකිය යුතු ය.) කොළඹ එජාපයට කැමති සිංහල ඡන්ද දායකයන් අතරත් සන්නස්ගලට ප්‍රිය සහ අප්‍රිය දෙපිරිස ම සිටින බවත් මතක තබා ගත යුතු ය. එසේම ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු ගැන කියා ඔහු, සිංහල බෞද්ධ මනාප සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි කර ගන්නා ලදී. ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය තරුණ පිරිස ඉලක්ක කර ගෙන සිදු කිරීම ද ඔහුට අවාසි දායක විය. තරුණයන් හරහා වැඩිහිටියන් වෙත ඔහුගේ පණිවිඩය ගලා ගියේ නැත. ඔහුගේ රැඩිකල් අදහස් නිසා යම් පිරිසක් ඔහුට ආකර්ෂණය වුවත් ඊට වැඩි පිරිසක් විකර්ණය විය. මීට අමතරව සන්නස්ගල මහතාට ඔහුගේ ජනප්‍රියත්වය නිසාම, ජනතා විමුක්ති පෙරමුණට ද බලපෑ “ආඬි හත් දෙනාගේ ආචරණය” ක්‍රියාත්මක විය.



සන්නස්ගල මහතා ඉදිරියේ දීත් මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නම් මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම ගම්පහ බඳු සිංහල බහුතරයකින් යුත් එජාප ඡන්ද පදනමක් සහිත ප්‍රදේශයකින් ඉල්ලුවා නම් ඔහුට වැඩි මනාප ප්‍රතිශතයක් ලබාගත් හැකි ව තිබුණි.



සන්නස්ගල මහතාට සිංහල නොවන මනාප නො ලැබීමට හේතුව ඔහු සිංහල වර්ගවාදියෙක් වීම නොවන බවත් මෙහි දී මතක් කල යුතු ය. මීට පෙර වික්‍රමබාහු කරුණාරත්න මහතා මනෝ ගනේෂන්ගේ පක්ෂය සමඟ සංධාන ගතවී මැතිවරණයකට ඉදිරිපත් වී පරාජය විය. ජවිපෙ ද සිංහල නොවන්නන් අතර ජනප්‍රිය පක්ෂයක් නොවේ.



අනිත් අතට රනිල් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇරඹුණු පසු ලංකාවේ බිහි වූ දරුණු ම ඒකාධිපතියා බවත් මතක තබා ගත යුතුයි. යම් හෙයකින් සන්නස්ගල මහතාට මන්ත්‍රී ධුරයක් ලැබුණේ නම් ඉදිරි කාලයේ දී රනිල් සමඟ මත ගැටුම් ඇති කර ගෙන විපක්ෂයේ වාඩි වීම හෝ රනිල්ගේ කීකරු බල්ලෙක් වීම සිදුවිය හැක. ඊට වඩා මේ පරාජය හොඳද?

Sunday, August 23, 2015

විහිලු


ඔබ මනාප අඩුවෙන් ලබා මන්ත්‍රී ධුරයක් නොලද්දේ නම් ඔවුන් කිසිවකු ඔබට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් නොදෙනු ඇත.
ඔබ වැඩියෙන් මනාප ලත් නිසා ඔබ අපේ මනාප කොල්ලකෑවේ යැයි ඔවුන් ඔබට චෝදනා කරයි
එය ඔබේ වරදක් නොව ඔවුන්ගේ වරදකි.
ඔබට සුභ පැතුම්

*********************************






















සන්නස්ගලගෙන් බන අසා ගම්මන්පිල අයියාට මනාපය දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඒ ලෙවල් මල්ලිලාට ජාතියේ ප්‍රනාමය.

Friday, August 7, 2015

2005 දී කොටි රනිල් පැරද වූයේ මන්ද?



            මෙම ගැටලුව මේ වන විට මැතිවරණ තුරුම්පුවක් වී ඇත. මහින්ද රාජපක්ෂට විරුද්ධ බලවේග මෙය රාජපක්ෂ කොටි ගිවිසුමක් නිසා සිදුවූවක් යැයි යන මතය ප්‍රචාරය කිරීම ද සිදුවේ. මේ අනුව ජනාධිපතිවරණය දිනවීම සඳහා මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් දී ඇති අතර රාජපක්ෂ පවුලට හානියක් නො කරන බවට ද එකඟතාවක් ඇතිකරගෙන ඇත. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය ගෝඨාභය රාජපක්ෂව මරා දැමීමට උත්සාහ කල නිසා මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීමට යුද්ධය අරඹන ලදී.
            මෙහි ඇති දුර්වලතා දෙක නම් එල්.ටී.ටී.ඊ සංවිධානයට මහින්දගෙන් මුදල් ගැනීමට තරම් ආර්ථික අහේනියක් තිබුණිද යන්න සහ, එල්.ටී.ටී.ඊ - රාජපක්ෂ ගිවිසුම කැඩීමෙන් පසු මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීම ම මහින්දගේ දක්ෂ කමක් නොවේ ද (රණසිංහ ප්‍රේමදාස මහතාට එය කල නො හැකි විය) යන්නයි.
            2005 දී සිදුවූ දෙය පැහැදිලි කිරීමට එල්.ටී.ටී.ඊ - රාජපක්ෂ ගිවිසුමකට වඩා පිළිගත හැකි පැහැදිලි කිරීමක් මෙසේ ඉදිරිපත් කල හැක.
            මෙහි දී එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ඊලාම් වාදය අතර ඇති සම්බන්ධය හඳුනා ගත හැකි විය යුතු ය. එල්.ටී.ටී.ඊ සංවිධානය යනු ඊලාම් වාදයේ එක ස්වරූපයක් විනා ඊලාම් වාදය ම නොවේ. මුලින් ම ලංකාව තුල වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අදහස දේශපාලනයට ගෙන ආවේ චෙල්වනායගම් නම් දෙමළ සාක්ෂරතාවක් නැති. ඇංග්ලිකන් කිතුදහම අදහන පුද්ගලයා ය. (ඊට පෙර මෙරට දෙමළ ප්‍රභූ වරුන්ගේ අශ්‍යතාවය වූයේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී පාලනය වැනි දෙමළ ආධිපත්‍යයක් සහිත රාජ්‍යයක් ගොඩනැඟීමයි.) මෙයින් පසු මෙම ඊළාම් ව්‍යාපාරයේ නායකත්වය අමිර්තලිංගම් වැනි හින්දු ප්‍රභූවරුන්ටත්, ඉන් පසු ප්‍රභාකරන්ටත් ලැබුණි.
            2005 වසර ආසන්න වන විට රනිල්-ප්‍රභා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් තුනෙන් එකකටත් වඩා අයත් වන දෙමළ රාජ්‍යයක් බිහි වීමේ අවසන් අදියරට පැමිණ තිබුණි.
            ඊලාම් වාදයට එහි ආරම්භයේ පටන් ම බ්‍රිතාන්‍ය සහයෝගය ලැබුණි අතර බ්‍රිතාන්‍ය සම්බන්ධතා නිසාම අනෙක් බටහිර යුරෝපීය රාජ්‍යයන් ද, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ද එයට සහය දුන් අතර ඉන්දියාවේ සහයෝගය ද ලැබෙමින් තිබුණි.
            බණ්ඩාරනායක රජය ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කිරීම එම රජයෙන් රටට සිදු වූ ලොකු ම සේවය ලෙස සැලකිය යුතු ය. යම්හෙයකින් එම කඳවුරු තිබුණේ නම් අපට කිසිදාක එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට බ්‍රිතාන්‍යය රජය ඉඩ නො දෙන බව මතක තබා ගත යුතු ය. ඇමරිකාව ගැන කියන්නේ නම් එය ඍජු ඊලාම්වාදී රාජ්‍යයක් නොවන නමුත් බ්‍රිතාන්‍ය සමඟ ඇති දේශපාලන සම්බන්ධතා නිසා ඊලාම්වාදී රජ්‍යයක් ලෙස සැලකිය හැක (ඇමරිකාව ලෝකෙට ලොක්කා වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතීමට වඩා මෙම කාරණාවේ දී සාපේක්ෂව අපට හිතකර බව මගේ මතයයි.).
            ඉන්දියාව ගැන සැලකීමේ දී ලංකාව දෙකඩ වීමට ඉන්දියාව ඉඩ නො දේවි යැයි අන්ධ විශ්වාසයක් ඇති කර ගත යුතු නැත. ඉන්දියාව ලංකාව දෙකඩ වීමට විරුද්ධ නම් එයටත් වඩා ලංකාව තුල ශක්තිමත් ශ්‍රී ලාංකේය ජාතියක් තැනීමට ද විරුද්ධ බව මතක තබා ගත යුතු ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඉන්දියාවට සාමාන්‍යයෙන් අවශ්‍ය ලංකාව 1 රටක් වීම නොව රටවල් 1.5ත් 2ත් අතර පවතිනු දැකීමටයි.
            ලංකාව දෙකඩ වීමට ඉන්දියාව විරුද්ධ වන්නේ එය ඉන්දියාවේ ස්ථාවරත්වයට තර්ජනයක් වේ නම් පමණි. ඉන්දියාවට අවනත දෙමළ රාජ්‍යයක් මෙරට බිහි වේ නම් ඉන්දියාව එයට විරුද්ධ නොවනු ඇත. එසේම බටහිර අනුග්‍රහය යටතේ මෙරට දෙමළ රාජ්‍යයක් බිහි වීමේ තත්වයක් ඇති නම් ඉන්දියාව ද එයට හවුල් වී එම දෙමළ රාජ්‍යය ඉන්දියාවට අවනත  එකක් කර ගැනීමට එකඟ නොවේ යැයි විශ්වාස කල නො හැක.
            2005 වසර වෙන විට ඊලාම් ව්‍යාපාරයට ඇතිවී තිබූ ගැටලුව නුදුරු අනාගතයේ බිහි වන ඊලාම් දේශයේ නායකත්වය කෙසේ විය යුතු ද යන්නයි. මෙහි දී ඉන්දියාව කිසිසේත් ම ප්‍රභාකරන් ජනාධිපතිවරයකු ලෙස පිළිගැනීමට සූදානම් නැති බව පැහැදිලි ය. එසේම බටහිර රටවල් ද ජාත්‍යන්තර කොටි ජාලය ද, එයට එතරම් කැමැත්තක් නැති නිසාම එල්.ටී.ටී.ඊ නායකත්වය තුල අර්බුදයක් හට ගෙන තිබුණේ ය. එහි දී දෙමළ බයියෙකු වන ප්‍රභාකරන් “විලියම් ගොපල්ලව” මෙන් සංකේත නායකයෙක් කර  හෝ නැතිනම් නම්බු නාම දී විශ්‍රාම යවා හෝ, සැබෑ ඊලාම් නායකයා ලෙස චෙල්වනායගම් වැනි දෙමළ ටොයියෙකු පත් කිරීමේ අවදානමක් තිබුණේ ය. එසේම අවශ්‍ය නම් අන්තිම මොහොතේ ගුවන් අනතුරක් වැනි දෙයකින් ප්‍රභාකරන් මරණයට කිරීමේ අනතුරක් ද තිබුණේ ය.
            මෙම තත්වය නිසා ප්‍රභාකරන් තම නායකත්වය තහවුරු කර ගැනීම සඳහා මහින්ද බලයට පත් කිරීමටත්, ඉන් පසු මහින්ද බිය ගන්වා ගෙන තම නායකත්වය සහිත ඊලමක් තනා ගැනීමටත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලදී. මෙහි දී ප්‍රභාකරන් කල ලොකු ම වරද සිංහලයා ගේ ශක්තිය අවතක්සේරු කිරීමයි. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පැන්සන් කාරයෙක් ලෙස මියයාම වෙනුවට ඊලාම් වීරයෙක් ලෙස මියයෑමට අවස්ථාව ලැබුණි.
            මේ කිසිවක් රනිල්ගේ හපන්කම් නොවේ.