Tuesday, December 6, 2016

KEYMAN2016. සිංහල යතුරුකරන මෘදුකාංගය.



මෙය ක්‍රියාත්මක කිරීමට .net framework 4 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය විය හැක (Windows 10 සඳහා මෙම තත්වය බල නොපායි)

      මා තැනූ මෙම මෘදුකාංගයට ඉහල ප්‍රාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා එය තවදුරටත් දියුණු කලෙමි. ඒ අනුව මෙයට FM-Abhaya අකුරු මෝස්තරයට අනුව සැකසූ අකුරු යතුරුකරණය කිරීමේ හැකියාවද එක්කරන ලදී. එසේම මෙහි අඩුපාඩුද හැකිතරම් නිවැරදි කරන ලදී.
 
   FM-Abhaya අකුරු  යතුරු කරණයේදිද යුනිකේත විජයසේකර යතුරු පුවරු ආකෘතියම පාවිච්චි කරන ලදී. නමුත් මෙහිදී තාක්ෂණික හේතු මත එක වෙනසක් කරන ලදී. මෙයින් % සලකුණ ටයිප් කරන විට ඒ සඳහා දකුණු Alt යතුර සමඟ "/" යතුර එබිය යුතුය. මෙය මෙසේ නොකිරීමට හැකි වුවත් එවිට ඒ වෙනුවට Shift යතුරු  දෙක අක්‍රීය කර ඒවායින් වන කාර්යය මෙම මෘදුකාංගයෙන්ම වනලෙස මෙය දියුණුකල යුතුය.

   සිංහල යුනිකේත යතුරුකරණයේදී එයට සිංහල ඉලක්කම් ටයිප් කිරීමේ හැකියාවද එක්කරන ලදී. නමුත් සිංහල ඉලක්කම් අඩංගු අකුරු මෝස්තර දැනට නැති නිසා මෙම ඉලක්කම් දැනට දැකගත නොහැක. ඉදිරියේදී එය විසඳේ යැයි සිතමි. සිංහල ඉලක්කම් යතුරු කරණය සඳහා දකුණු Alt යතුර සමඟ අවශ්‍ය ඉලක්කම ඔබන්න. මේ සඳහා යතුරු පුවරුවේ Number Pad කොටස භාවිතා නොකරන්න.
    මෙයට අමතරව Alt යතුර සමඟ "/" යතුර එබීමෙන් "÷" සලකුණ ටයිප් කල හැක.

 මෙම මෘදුකාංගයේ චිත්‍රක අතුරු මුහුණත ද දියුණු කරණ ලදී. ඒ අනුව දැන් මෙය system tray කොටසට හකුළුවා දැමිය හැක ඒ සඳහා පහලින් ඇති බොත්තම ඔබන්න.

මෙම මෘදුකාංගය වැඩිදුරටත් සංවර්ධනය කිරීමට ඕනෑම අයෙකුට අවසරය ඇත!.

Thursday, December 1, 2016

සිව්මානය (4D).


  අප ජිවත්වන විශ්වය ත්‍රිමාන එකකි. එනම් මේ විශ්වයේ යම් වස්තුවක පිහිටීම එකිනෙකට ස්වාධීන අගයයන් තුනකින් එනම් ඛණ්ඩාංක 3කින් නිරූපනය කල හැක.

  අප විශ්වය මීට වැඩි මාන ගණනකින් යුක්ත නම් කුමක් වේද?

  උදාහරණයක් ලෙස විශ්වය සිවුමාන වූයේනම් කුමක් වේද?

  අප විශ්වයේ චුම්බක, විද්‍යුත්,ගුරුත්ව ක්ශේත්‍ර තීව්‍රතා සහ ශක්ති ප්‍රභවයකින් නිකුත්වන විකිරණ තීව්‍රතාව ආදිය සඳහා ප්‍රතිලෝම වර්ග නියමය බලපායි.

  උදාහරණයකින් දැක්වුවහොත්, සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 9න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර අඩක් කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4 ගුණයකින් වැඩිවේ.

  මෙසේ වීමට හේතුව අප විශ්වයේ ඇති ත්‍රිමාණ ස්වභාවයයි.

  විශ්වය සිවුමාන වූයේනම් මෙම ප්‍රතිලෝම වර්ග නියමය ප්‍රතිලෝම ඝන නියමයක් වනු ඇත. එනම් සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 8න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 27න් එකක් දක්වා අඩුවේ.

  ගුරුත්වයට අමතරව මෙය ආලෝක/ තාප තීව්‍රතාවයන්ටද බලපාන බැවින් සූර්යයා වටා ඇති ජීවයට හිතකර කලාපය පටුවීම සිදුවේ. එසේම මෙවැනි විශ්වයක ග්‍රහ වස්තු වලට ඉලිප්සාකාර කක්ෂවල ගමන්කල නොහැක. ඒවාට පරිපූර්ණ වෘත්තාකාර කක්ෂවල ස්ථාවරව ගමන්කලහැකි අතර, බාහිර ගුරුත්ව බලයක් යෙදුනහොත් සර්පිලාකාර කක්ෂයක් ඔස්සේ ගමන්කර හිරු මතට කඩා වැටීමට හෝ ඈත විශ්වයට ගසාගෙනයාම සිදුවේ. එනිසාම මෙවැනි විශ්වයක හුදකලා යෝධ තාරුකා සහ කළුකුහර බහුලව පවතිනු ඇත.

  සිවුමාන විශ්වයක මූලද්‍රව්‍යවල රසායනික ගුණද ත්‍රිමාන විශ්වයකදීට වඩා වෙනස් වනු ඇත. එහිදී මූලද්‍රව්‍ය පරමාණුවල p කාක්ෂික 3ක් වෙනුවට 4ක්ද, d කාක්ෂික 5ක් වෙනුවට 12ක්ද පවතිනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මූලද්‍රව්‍ය බහුතරයක් ලෝහ සහ නිෂ්ක්‍රීය වායු වනු ඇත. එවැනි විශ්වයක ජීවයට අවශ්‍ය අලෝහ වර්ග හිඟවනු ඇත.

  එමනිසා සිවුමාන විශ්වයක ජීවය බිහිවීම මෙන්ම එය පරිනාමය වීමද අති දුෂ්කර වනු ඇත.

 අප විශ්වය ත්‍රිමාන වූයේ අහම්බෙන්ද? නැතිනම්??????????????? :)


Wednesday, November 30, 2016

KEYMAN 2016 වැඩිදියුණු කිරීම්

http://anthoniyo-bahijata.blogspot.com/2016/11/keyman-2016.html

 

 

download source


download EXE

 

හි සඳහන් මාගේ මෘදුකාංගය තවදුරටත් දියුණුකර ඇති අතර දැන් එයින් සිංහල ඉලක්කම්ද ටයිප් කල හැක. ඒ සඳහා දකුණු පස Alt ඔබාගෙන අවශ්‍ය අංකය ටයිප් කරන්න. (නමුත් මේ සඳහා යතුරු පුවරුවේ number pad කොටස පාවිච්චි නොකරන්න.)

කෙසේ වෙතත් තවමත් සිංහල ඉලක්කම් වලට අකුරු මෝස්තර සාදා නැති නිසා ඔබට සිංහල ඉලක්කම් වෙනුවට කොටු හෝ හිස්තැන් දිස්වනු ඇත.


Tuesday, November 29, 2016

මගේ මෘදුකාංගයක් KEYMAN 2016

download source


download EXE




  මෙය සිංහල යුනිකේත වලින් ටයිප් කිරීමට තැනුවකි.

 මෙම ලිපිය ටයිප් කරනුයේද මෙම මෘදුකාංගයෙනි. 

මෙය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂයින්ම මෙයින් බැඳි අකුරු ටයිප්කිරීමේ කොටස තවදුරටත් දියුණුකල යුතුය.

  මෙය ඕනෑම කෙනෙකුට පාවිච්චි කිරීමටත් සංවර්ධනය කිරීමටත් අවසර ඇත.

පාවිච්චි කරන අන්දම:

මුලින්ම මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.

සිංහල ටයිප් කලයුතුවිට එහි "සක්‍රීය" අයිතමය ක්ලික් කරන්න.

ඉංග්‍රීසි ටයිප් කලයුතුවිට එහි "අක්‍රීය" අයිතමය ක්ලික් කරන්න. 

 

මෙය windows10 මත notepad, wordpad මෘදුකාංග සමඟ සාර්ථකව පරීක්ෂාකර ඇත.

ඔබගේ යෝජනා අගයකර සලකමි.


Tuesday, November 8, 2016

මගේ මෘදුකාංගයක්! pinterest_file_compare UPDATE

මෙය මා කලින් සාදනලද මෘදුකාංගයක වැඩිදියුනු කිරීමක් වේ.


DOWNLOAD


DOWNLOAD SRC



මෙහි ක්‍රියාකාරීත්වය කලින් එකට සමාන වන අතර, පරිගනකයේ ෆෝල්ඩර 2ක ඇති එකම එකම නමින් යුත් පින්තූර එනට නිරීක්ෂණයකර අනවශ්‍ය එක මකා දැමීමට මෙය යොදා ගනි.

මෙහි අතුරුවත (graphycal interface) වැඩිදියුනුකර ඇත.

එසේම මෙම මෘදුකාංගය ක්‍රියාකරවන විට අවසන්වරට විවෘතකල ෆෝල්ඩර සමඟ ස්වයංක්‍රීයව සම්බන්ධ වේ.

මෙහි කේතය අවශ්‍ය පරිදි සංස්කරනයට ඕනෑම අයෙකුට අවසර ඇත.

මෙය යොදාගෙන PDF, world document ආදියත් මේ ආකාරයටම සංසන්දනය කලහැකි ලෙස මෙය වැඩිදියුනු කල හැක.


Friday, October 28, 2016

පාරවල් මර උගුල් කිරීම!!

  පසුගිය දිනෙක මා ඉදිකරන නිවෙස පිළිබඳ උපදෙසක් ගැනීමට බාස් කෙනෙකු මුනගැසීමට ඔහුගේ නිවසට ගියවිට, එහි යෑමට තිබූ මාර්ගය දැක මෙය ලිවීමට සිත්විය.

  පසුගිය රජය සමයේ අතුරුමාවත් කොන්ක්‍රීට් කිරීමේ ව්‍යාපෘති දියත් කෙරින. මුලදී මෙම කටයුතු විධිමත් ලෙස කෙරුනත් පසුව අවිධිමත් ලෙස අඩිපාරවල් පවා කොන්ක්‍රීට් කෙරිණ.

  මෙසේ වීම තනිකරම දේශපාලනයේ සහ නිලධාරීන්ගේ වරදක්ම යැයි සඳහන් කිරීමට ඉක්මන් නොවෙමි. මෙම කොන්ක්‍රීට් කිරීම් බහුතරයක් ජනතා ඉල්ලීම් මත සිදුවූ ඒවා බැවිනි. එසේ වුවත් නිසි පරිදි ඉංජිනේරු සහතිකයක් නැතිව කොන්ක්‍රීට් කිරීම වරදකි.

  අප ගමේද මෙවැනි පාරවල් කිහිපයක්ම ඇත. මේවා වංගු සහිත අතර සමහර ස්ථාන අංශක 50කටත් වඩා බෑවුම් සහිතබව පෙනී යයි. පාරවල් තනා ඇත්තේ කොන්ක්‍රීට් පොම්ප කර කටු සිමෙන්ති මතුපිටක් සෑදෙන ලෙස සවල් වලින් මට්ටම් කිරීමෙන් බව පෙනීයයි.

  දැනට මේවායින් අනතුරු සිදුවී නැතත්. ඉදිරියේදී සිමෙන්ති මතුපිට ඔපවැටී දියසෙවල බැඳී ලිස්සනසුළු තත්වයට පත්වූ පසු මර උගුල් බවට පත්වීම නිසැකය.

  එහිදී ලිස්සා යාමෙන් වන අනතුරු වලට අමතරව. ප්‍රධාන මාර්ගයට ලිස්සා ගොස් පසුව වාහන වලට යටවීමද සිදුවිය හැක. විශේෂයෙන්ම ගැබිනි ස්ත්‍රීන්ට සහ කුඩා දරුවන්ට මෙය මාරක විය හැක.

මෙම අනතුරුදායක බව අඩුකිරීම සඳහා,

1. පඩිපෙල සැකසීම.

2.අත්වැල් යෙදීම. සහ හැකිනම් බෑවුම් අඩුවන ලෙස අතුරුමාර්ග ප්‍රතිසංවිධානය කර. අනතුරුදායක මාර්ග වසා දැමීම සුදුසුය.


Monday, August 1, 2016

මෙගා ටෙලිනාට්‍යය vs කුඩා මනස

    

පාසල් වියේදී යහළුවෙකු මට ගණිත ගැටළුවක් (තේරවිල්ලක්) ඉදිරිපත් කරන ලදී. එයට විසඳුම හිතාගැනීමට නොහැකිව තටමනවිට ඔහු අපූරු අදහසක් පැවසුවේය.

    මේ ගැටළුව හදපු කෙනත් මනුශ්‍යයෙක්. ඔහු මේකට උත්තරයකුත් අරගෙන තියෙනවා. මේක හිතලා කරන්න ඕන දෙයක් බව පැහැදිලියි. එහෙනම් එක මනුශ්‍යයෙක්ට පුළුවන් දෙයක් වෙන මනුශ්‍යයෙක්ටත් බැරිවෙන්න විදියක් නෑ.

    මෙගා ටෙලිනාට්‍යයක් රසවිඳිමේදීත් ඉහත සඳහන් තත්වයේම විලෝමය ක්‍රියාත්මක වෙයි. එනම් මෙගා ටෙලිනාට්‍යයක අධ්‍යක්ෂකවරයා, තිරනාටක රචකයා සහ සංගීත අධ්‍යක්ෂකවරයාද මනුෂ්‍යයන්ම වෙති. එසේම ටෙලිනාට්‍යය රසවිඳින්නාද තවත් මනුශ්‍යයෙක්ම වේ. මිනිස් මනසකට එකවර ග්‍රහණය කරගත හැකි සංකල්ප ප්‍රමානයේ සීමාවක් පවතී. පරිගණක තාක්ෂණයේ යෙදෙන වචනයක් යොදාගතහොත් මොලයේ RAM (random access memory) ප්‍රමානය අපිරිමිත නොවේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම අවස්ථාව අනුවද මෙහි ප්‍රමණය විචලනය වන  නමුත් එය ආසන්න වශයෙන් සමානයැයි උපකල්පනය කල හැක. පුද්ගලයන් කිහිපදෙනෙක් එකතුවී හවුලේ යම් කටයුත්තක් කරනවිට එම රැම් ප්‍රමානයද උපරිමලෙස ප්‍රයෝජනයට ගත නොහැකි වේ.

    දැන් කොටස් 1000ක පමණ ටෙලි නාට්‍යයක් සලකමු. මෙහිදී අධ්‍යක්ෂකවරයාට මෙන්ම පිටපත් රචකයාටද, සංගීත අධ්‍යක්ෂකවරයාටද කතාව සමස්තයක් ලෙස දැකීමට නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ කතාව අඛණ්ඩව ගලායෑමට බාධා වීමය. තේරෙන බාසාවෙන් කිවහොත් පීලි පැනීමයි. මෙම ගැටළුවට මනුශ්‍ය සීමාව තුල සිටිමින් කලහැකි පිළියම වනුයේ කතාවට රාමුවක් තැනීමය. එනම් මනුශ්‍ය රැම් ධාරිතාවට ගැලපෙන ප්‍රමාණයේ මූලික කතා ආකෘතියක් සාදා. ඉන්පසු මනුශ්‍ය රැම් ධාරිතාවට ගැලපෙන කොටස බගින් ගෙන එම ආකෘතිය පිරවීමයි. දැනට විකාශනයවන චීන, ජපන්, කොරියනු මෙගා ටෙලිනාට්‍ය මෙම උපක්‍රමය අනුගමනය කරනබව පෙනේ. මුල්කාලයේ නැරඹු ඉන්දියානු කතාවලත් (ඉන්දියානු මේවනවිටඉන්දියානු ටෙලිනාට්‍ය නැරඹීම අතහැර බොහෝ කලක් ගතවී ඇත) සිංහල ටෙලිනාට්‍යවලත් පීලි පැනීම දැක ඇත්තෙමි.

    කෙසේ වෙතත් එවිට සෑදෙනුයේ අඛන්ඩ වියමනක් නොව ෆ්‍රැක්ටල් නිර්මානයකි. අධ්‍යක්ෂකවරයාගේ දක්ෂකම මත මෙය තනි වියමනක් ලෙස පෙනෙනලෙස ඉදිරිපත් කල හැකි වුවත් එය මවා පෑමකි.

    මෙහි තවත් පැත්තක් තිබේ එනම් නිර්මානයේ රසිකයාද එවැනිම තවත් මනුශ්‍යයෙකුම වීමයි. ඔහුටද නිර්මාණය තනි ඒකකයක් ලෙස විඳිය නොහැක. ඔහුටත් කලහැක්කේ ටෙලිනාට්‍යයේ කොටස බැගින් රසවිඳීමටත්. එක් එක් කොටසේ සාරාංශ එක්කර ආකෘතියක් තනා එය රසවිඳීමට පමණි. එනම් නිර්මාණකරුවා කල දෙයෙහි ප්‍රතිලෝමය කිරීමටය.

    මෙම තත්වය කිසිවකුගේ වරදකින් සිදුවන්නක් නොව රැම් අඩුවීම නිසා වන්නකි. මෙයට සමාන තත්වයක් ටෙලිනාට්‍ය වලට අමතරව සියළු මිනිස් නිර්මාණවල දැකිය හැක.

    උදාහරණයක් ලෙස සංකීර්ණ ගෘහ නිර්මාණ සැලැස්මක්, නව නගර සැලැස්මක්, ඉලෙක්ට්‍රොනික පරිපථයක්, පරිගණක මෘදුකාංගයක්, යන්ත්‍රයක් වැනි දෙයක පවා සැලසුමේ ඇත්තේ මෙවැනිම ෆ්‍රැක්ටල් රටාවන් නොවේද? එවැන්නක් තනි වියමනක් ලෙස නිමකලේ නම් සමහරවිට වඩා කාර්යක්ෂම විය හැකිවුවත් එවිට එය වටහා ගැනීම සහ දෝශ නිවැරදි කිරීම අපහසුවේ. අධ්‍යාපනයේදී සිදුවන්නේ මෙම මූලික රටා ගොඩනැගීම ගැන දැනුවත් කිරීමයි.

    මෙම තත්වයට ඇති විසඳුම වන්නේ මොළවැස්ම (brain cap) වැනි උපකරණයක් හරහා මිනිසාගේ බුද්ධි ප්‍රමාණය මනුශ්‍ය සීමාවෙන් එහාට ගෙනයාම පමණි

Friday, July 1, 2016

මහේක්ෂ පද්ධතියක් ක්වන්ටීකරණය වීම.

  

 මට ක්වන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධව ඇත්තේ එම විශය සම්බන්ධව හෝඩිපොතේ දැනුම බව කිවයුතුයි.
   ක්වන්ටම් භෞතික විද්‍යාවේදී සමහර අවස්ථාවල මනුෂ්‍ය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වලට පටහැනි සිදුවීම් සිදුවනබව පිලිගනියි. උදාහරණයක් ලෙස මිනිසෙක් එකවරම දොරටු දෙකකින් ශාලාවකට ඇතුළුවීම. සිරකරුවකු සිරගෙදරින් පිටතදී මුනගැසීම. යම් දෙයක් එක්තැනකින් අතුරුදහන්වී තවත් තැනකින් මතුවීම. වැනි සිදුවීම් අස්වාභාවික දේ ලෙස දැනුනත් ක්වන්ටම් භෞතික විද්‍යාවේදී අන්වීක්ෂීය පද්ධති සඳහා එය සාමාන්‍ය තත්වයක් ලෙස සලකයි.
   මට තේරෙන අන්දමට නම් මෙය ගණිතය සහ ස්වභාවධර්මය අතර ගැටුමක් ලෙස සැලකිය හැකිය.ක්වන්ටම් භෞතික විද්‍යාව තනිකර ගණිතය මත රැඳුනු විද්‍යාවකි. සම්භාව්‍ය භෞතික විද්‍යාවේදී ගණිතය පාවිච්චි වන්නේ මෙවලමක් ලෙසිනි. එනම් ගසක ගෙඩියක් කඩාගැනීමට අත දිගමදිවිට කෙක්කක් පාවිච්චි කිරීම මෙනි. නමුත් ක්වන්ටම් භෞතික විද්‍යාවේදී ගණිතය යොදාගන්නේ අතේ ඇටකටු මෙනි.
   ස්වභාවධර්මයේ සමහර සිදුවීම් නිරූපණය කිරීමට ගණිත සංකල්ප යොදාගත හැකි අතර ගණිතකර්ම මඟින් යම් නිගමනයන්ටද එලැඹිය හැක නමුත් ගණිතය ස්වභාවධර්මයේ සිදුවීම් පැහැදිලිකිරීම අරමුණුකරගත් විශයක් නොවේ.  සමහර ගණිත සංකල්ප ස්වභාවධර්මයේ නිරීක්ෂණ වලට පටහැනිවේ. උදාහරණයක් හැටියට කන්දක් මුදුනට, කුමන මාර්ගයක් ඔස්සේ ගියත් කඳු මුදුනේ උස වෙනස් නොවේ නමුත් සමහර z=f(x,y) ආකාරයේ ත්‍රිමාණ ප්‍රස්තාරවල  X-Y තලය මත වූ යම්කිසි p(x,y) ලක්ෂයක් වෙතට ලඟාවන පථය අනුව  pට අනුරූප z හි අගය වෙනස්විය හැක.

https://www.google.com/search?q=two+variable+function+Continuity+and+limit&client=firefox-b&noj=1&biw=1360&bih=638&source=lnms&sa=X&ved=0ahUKEwjplKKpw9TNAhUHKY8KHdNgB_gQ_AUIBygA&dpr=1&gfe_rd=cr&ei=ZJF3V-mTCcKJ8Qfv-r-ICA


   ක්වන්ටම් භෞතික විද්‍යාව දැඩිලෙස ගණිත සංකල්ප මත රැ‍ඳෙන නිසා මෙවැනි සංකල්ප ස්වභාවධර්මයට ආදේශවීම නිසා ඉහත සඳහන් ආකාරයේ අස්වාභාවික සිදුවිම් ක්වන්ටම් භෞතික විද්‍යාව තුල සඳහන්වෙයි.

(ඉහත දැක්වූයේ මට ක්වන්ටම් භෞතික විද්‍යාව  අවබෝධවූ තරමිනි. මේ සම්බන්ධයෙන් මීට වඩා දැනුමක් ඇති අය වෙත්නම් වැඩිවිස්තර දක්වන මෙන් ඉල්ලා සිටිමි.)
*******************
   දැන් ලිපියේ මාතෘකාවට අදාල සිදුවීම සඳහන් කරමි. මම මේ දින වල නිවසක් තනවමින් සිටිමි. මෙහි සැලසුම මගේම එකකි. ගෘහ සැලසුම් ශිල්පියා කලේ පරිගනකය ආධාරයෙන් එය ඇඳදීම පමණි.
   මට නිවස සැලසුම් කිරීමේදී වූ ප්‍රධාන ගැටළුවක් වූයේ  දිග පළල ඇඟට නොදැනීමයි. උදාහරණයක් ලෙස අඩි 12ක් දිග කාමරයක් නිදන කාමරයකට සුදුසුද? කුඩා වැඩිද? විශාල වැඩිද? යන්න ඇඟට නොදැනීම බරපතල ගැටළුවක් විය. එයට විසඳුම ලෙස මිතුරන්ගේ/ඥාතින්ගේ  නිවෙස්වලට ගොස් කාමර වල දැග පළල මැන බැලීමි.
    හොඳින් පය තැබීම සඳහා, එහි තරප්පු පෙල සඳහා අඟල් 11ක් පළල පඩි යොදාගැනීමට ස්ථිරවම තීරණය කලෙමි. තරප්පුව සඳහා යන ඉඩකඩ අඩුකරගැනීම සඳහා පඩියක උස සඳහා අඟල් 7ක් යෙදීමට තීරණය කලෙමි. නිවසේ සැලැස්ම වර්ග කිරිම යැයි දෙයක් කිරීමට වාස්තු විද්‍යා ශිල්පියෙකු වෙතට ගෙනයෑමට වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබුනු නිසා එවැන්නෙක් වෙතට ගියෙමි. වර්ග කිරීමට අධික මුදලක් ඉල්ලූ නිසා ඔහුට බම්බු ගසා ගැනීමට කියා, එය අතහැර නැකතක් පමණක් සාදාගතිමි. කොහොමත් මම එවැනි දේ ගැන විශ්වාස නොකරන අතර ඔහුවෙත ගියේ සම්ප්‍රදායකට ගරු කිරීමක් සඳහා පමණි. වර්ගකිරීම වෙනුවට විද්‍යාත්මක උපදෙසක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවාස සැලසුම් අනුමත කිරීම භාර නිලධාරියෙක් හමුවුනෙමි. ඔහු මා හඳුණන අයෙකුගේ බෑනා කෙනෙකි.
   මට නිවාස සැලසුම සම්බන්ධව තිබුණු ප්‍රධාන දෙගිඩියාව වූයේ තරප්පු පේලියයි. යථෝක්ත නිලධාරි මහතා මට යෝජනා කලේ අඟල් 10ක් පළල අඟල් 6ක් උස පඩියක් මෙයට සුදුසු බවයි. අඟල් 7ක පඩියක් මිනිස් සිරුරට වෙහෙසකර බවයි. නමුත් එසේ වීමට හේතු පැහැදිලි හේතුවක් දැක්වීමට ඔහු අසමත්විය.
   මම මේ ගැන ගණන්හදැ බැලුවෙමි. මෙහිදී පඩිපෙල ආනතතලයක් බවට උපකල්පනය කලෙමි.
අඟල් 10ක් පළල 6ක් උස පඩි සහිත තරප්පු පෙලක ආනතිය 6÷10=0.6කි
අඟල් 11ක් දිග 7ක් උස සහිත පඩි අඩංගු තරප්පුවක ආනතිය 7÷11=0.6363....
   එනම් පඩිපෙල දෙකේම ඇත්තේ ආසන්න වශයෙන් එකම ආනතියකි එමනිසා අඟල් 7 පඩි යෙදීමට තිරණය කලෙමි.
   මගේ වරද අවබෝධවුනේ පඩිපෙල සාදන විටය. පඩිපෙලක් නැගීම සහ බැසීම ආනත තලයක යෑම වැනි සංතතික චලිතයක් නොවේ. පඩි නැගිය යුත්තේ වරකට 1 බැගිනි. එය ක්වොන්ටීකරණයවූ චලිතයකි. මිනිස් සිරුරට බලපාන්නේ තරප්පුවේ ආනතිය නොව වරකට පඩියක් නඟින විට දැනෙන බලපෑමයි.  අඟල් 7ක පඩියක් නඟිනවිට  සහ බහිනවිට දනහිසට සහ උකුලට සියුම් අමතර වෙහෙසක් වෙහෙසක් දැනේ වියපත් අයෙකුට මෙය වැඩියෙන් දැනෙන බවට සැක නැත.
   පඩිපෙල අඩක් නිමකල පසු මෙය අවබෝධවූ නිසා විශාල අලාභයකින් ගැලවුනි. පඩිපෙල කඩා ඉවත්කිරීමෙන් තොරව, පඩිපෙලට ඉදිරියෙන් අඟල් 6ක් උස අමතර පඩියක් යොදා ඉතිරි පඩිවල උස පඩියකට අඟල බැගින් අඩුවනලෙස කපරාරු කිරීමෙන් මේ ගැටළුව සමහන් කරගැනීමට තීරණය කරගතිමි.
   මේ සඳහා උපදෙස් දුන් ගෘහ නිර්මාණ අධ්‍යක්‍ෂක (කොන්තරාත් කාරයා) තුමාටත්, ගෘහනිර්මාණ ශිල්පීණ්ටත් (මේසන් බාස්ලාට) කෘතඥවෙමි.
අළුතින් නිවසක් තනන්නට බලාපොරොත්තුවන අයෙක්ට මේ ලිපිය ප්‍රජෝජනවත් වෙතැයි සිතමි.

නිගමණය:-
    ක්වන්ටම් භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වලට පමණක් නොව තරප්පු පේලිවලටත් අදාලවෙයි :D

Saturday, May 21, 2016

මගේ මෘදුකාංගයක්: pinterest_file_compare (මෙය පින්තුර දෙකක් සංසන්දනය කිරීමට යොදාගනී).

බාගත කරගන්න

EXE

SRC

    මෙය කලකට පෙර තැනූ එකකි. නමුත් මේ ගැන ලිපියක් ලිවීමට අතපසු විය.

පරිගණකයේ ෆෝල්ඩර් දෙකක එකම පින්තූරයක පිටපත් හෝ එකම පින්තූරයක විවිධ ප්‍රමාණයේ  පිටපත් ඇතිවිට ඒවා ඇසින් බලා අනවශ්‍ය පින්තූර මකා දැමීමට මෙම මෘදුකාංගය යොදාගනී

පාවිච්චියට උපදෙස්:



 

1. සංසන්දනය කිරීමට අවශ්‍ය ෆෝල්ඩර 2 පින්තූරයේ රතු පැහැයෙන් දක්වා ඇති 1 හා 2 පෙල කොටු (text box) මතට ඇද දමන්න. නැතිනම් එම පෙලකොටු ඉදිරියේ ඇති  සලකුණ ක්ලික් කර ඉහලින් ඇති 3 පෙල කොටුව තුල එහි පථය සටහන් කරන්න.

2. "සොයන්න" යනුවෙන් සඳහන් බොත්තම ඔබන්න.

3. එවිට ෆෝල්ඩර දෙකෙහි ඇති එකම නමින් යුතු පින්තූර ලැයිස්තුවක් පහළ 4 ස්ථානයේ දැක්වෙයි. එහි එක් එක් අයිතම ක්ලික් කලවිට එක් එක් ෆෝල්ඩරයෙහි එම නමින් ඇති පින්තූරය 5,6 ස්ථානවල පෙන්වයි. ඒවා බලා මකා දැමීමට අවශ්‍ය පින්තූරය පහලින් ඇති සලකුණ ක්ලික් කරන්න.

 

මෙම මෘදුකාංගය අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් එසේ කර නැවත බෙදාහැරීමටත් අවසර ඇත. එසේ කරන්නේනම්, මුල්පිටපත මෙතනින් ගත්බව සඳහන් කරන්න.

අතපසුවීමක් නිසා බාගතකිරීමේ පුරුක් සඳහා පැරණි අත්හදා බැලීමේ පිටපතක් ඇමිනීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.


Tuesday, May 10, 2016

බත් කඩයකට ගැලපෙන තොරතුරු තාක්ෂණ යෙදුමකට අදහසක්.

  

  දැනට සති දෙකකට පමණ පෙර බත් පාර්සල් කිහිපයක් මිලදී ගැනීමට එක්තරා භෝජනාගාරයකට ගියෙමි. එය තරමක් සුපිරි තත්වයේ එකකි.නමුත් බත් පාර්සල් සෑදීමේ ක්‍රමයේ කිසිදු නවීකරනයක් නොදුටුවෙමි. එහිදී කලයුතු වූයේ බත්පාර්සල් බෙදන කවුන්ටරයේ උන් සේවකයාගෙන් එක් එක් වර්ගයේ බත් පාර්සල්වල මිල ගනන් අසා දැනගෙන ඉන්පසු සුදුසු බත් පාර්සල් වර්ගය තෝරා මිල ගෙවා බත් පාර්සල් පිලියෙල කරනතුරු බලා සිටීමයි. එවිට සේවකයෙක් බත් පාර්සල් වර්ගයට අදාලවන පරිදි බත් සහ ව්‍යංජන සම්මත ප්‍රමාණ වලින් බෙදා පාර්සලය පිලියෙල කර දෙයි.

   මෙය ගැන කල්පනා කල මට මෙම කටයුත්ත හොඳින් කරගැනුමට ගැලපෙන තොරතුරු තාක්ෂණ විසඳුමක් යෝජනා කිරීමට සිතුනි.

  • බත්පාර්සල් කවුන්ටරය අසල ස්පර්ශ සංවේදී තිරයක් සවිකරන්න.

  •  එය තුල එදිනට අලෙවි කිරීමට ඇති බත් සහ ව්‍යංජන ලැයිස්තුව(සිංහලෙන්) දක්වන්න. එහිදී එක් එක් ද්‍රව්‍යය බෙදන හැඳි වර්ගයද, ඒකකයක මිලද සඳහන් කල යුතුය.

  • පාරිභෝගිකයාට ඇඟිල්ල පාවිච්චි කර බත් පාර්සලයට ඇතුලත් වියයුතු ද්‍රව්‍යය ලැයිස්තුව පිලියෙල කල හැකිවිය  යුතුයි. එහිදී එක් කරන ද්‍රව්‍යය අනුව බත් පාර්සලයේ මිල වෙනස්වීම දැක්විය යුතුය. (උදාහරණයක් ලෙස: බත් හැඳි 3, පරිප්පු හැඳි1,බටු තේ හැඳි 2, බිත්තර බාගයයි ආදී ලෙස ලැයිස්තුව සකසන විට එහි මිල වෙනස්වීම පහලින් දැක්විය යුතුය.

  • පාරිභෝගිකයා වැරදි තේරීමක් කලහොත්(උදාහරණ: බත් හැඳි 1කට පරිප්පු හැඳි 2, බත් හැඳි 10ක් ) හෝ බොහෝ වේලා ආහාර තෝරමින් කාලය ගතකරයි නම් ඒ ගැන කාරුණික නිවේදනයක් තිරයේ දිස්විය යුතුය.

  • ආහාර තෝරමින් සිටීමට අකමැති අයෙක්ට පෙරනිමි(default) ආහාර වට්ටෝරු අතරින් එකක් තේරීමේ හැකියාවද තිබිය යුතුය.

  • ආහාර වට්ටෝරුව තෝරා අවසන් වූ පසු ඇනවුම් කිරීමට විධාන කර අයකැමි වරයාට මුදල් ගෙවූ පසු ඔහු විසින් ස්විචයක් එබිය යුතුය. එවිට ආහාර තැන්පත් කර ඇති රාක්කයේ එක් එක් ආහාර ද්‍රව්‍යය ඉහලින් ඇති LED සප්ත ඛණ්ඩක දර්ශක තුල බෙදිය යුතු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණ ඉලක්කමින් දැක්වෙයි.

  • ඒ අනුව සේවකයා අවශ්‍ය ආහාර බෙදා බත් පාර්සලය පිලියෙලකර පාරිභෝගිකයාට ලබා දීමෙන් පසු තවත් ස්විචයක් ඔබා ගනුදෙනුව අවසන් බව පරිගණකයට දැන්විය යුතුය.

   මෙවැනි කටයුත්තකදී ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට අඩු විදුලියක් වැයවන Raspberry Pi වැනි පරිගණක පරිපථයක් යොදා ගැනීම වඩා උචිත වෙයි.

   විශ්විද්‍යාලයක හෝ වෙනත් තාක්ෂණ විශයයන් උගන්වන උසස් අධ්‍යාපන ආයතනයක කැන්ටිමක් යොදා ගෙන මෙවැනි කටයුත්තක් පහසුවෙන් අත්හදා බැලිය හැකියැයි සිතමි.

මෙහි වැඩිදියුනු කිරීමක් ලෙස ආහාර බෙදන රොබෝවක් සෑදීමට උත්සාහ කල හැක.


Saturday, April 23, 2016

මගේ මෘදුකාංගයක් (මෙම මෘදුකාංගය මෙව්වා එකක් මෙව්වා කිරීම සඳහා යොදා ගනී)

'සමකය වටේ','යුතුකම' වැනි වෙබ් අඩවි වල පිටු පරිගනකයේ සුරකින විට '_001' වැනි නමකින් යුත් දිගුවක් (file extention) රහිත ගොනු  එම පිටුව සුරකින ස්ථානයේම සෑදෙනු

දැක ඇත්තෙමි. එසේම 'යුතුකම' අඩවියේ පිටු සුරකිනවිට නිතරම එවැනිම දිගුවක් රහිත ගොනු 'Main','Theory','default' නම් වලින්  වෙබ් පිටුවට සම්බන්ධ අතිරේක ගොනු

ගබඩාවන ෆෝල්ඩරය තුල සෑදෙනු දැක ඇත්තෙමි. ‍අනෙකුත් වෙබ් අඩවි වල පිටු සුරැකීමේදීද  ඉඳහිට ‍මෙවන් ගොනු සෑදෙනු දැක ඇත්තෙමි. මෙම ගොනුවලින් ඇති ප්‍රයෝජනය නොදනිමි.

නමුත් මේවා වෙබ් පිටු සෑදීමට අවශ්‍ය දත්ත ගබඩා කරන යම් ආකාරයක දත්ත පදනමක් (data base) සඳහා පාවිච්චි කරන ගොනු විශේෂයක් යැයි සිතේ.
කෙසේ වෙතත් මෙම ගොනුවල රුක් සටහනක ආකෘතියෙන් දත්ත තැම්පත්කර ඇති බව දුටු නිසා මෙම දත්ත පහසුවෙන් කියැවීම සඳහා මෘදුකාංගයක් තැනුවෙමි. මේ සඳහා ශාකීය දත්ත ආකෘතිය තරමක් සංකීර්ණ ලෙස යොදා ගත්තෙමි.
මෙම ගොනු වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි  දන්නා අයෙකු වෙත්නම් එය පැහැදිලි කරන ලෙසද ඉල්ලා සිටිමි.

ක්‍රියා කරවන ආකාරය:



සිප් ගොනුව භාගත කර එය දිගහැර (extract) එය තුල ඇති WindowsApplication19.exe ගොනුව ක්‍රියාත්මක කරන්න. ඉන්පසු BROWSE බොත්තම ඔබා file

Samples ෆෝල්ඩරය තුල ඇති ගොනුවක් තෝරා ඉන්පසු, READ බොත්තම ඔබන්න.
මෙහි file Samples ලෙස දී ඇති එක ගොනුවක් 'ඩ්‍රැකීගේ අඩවියෙනුත්' අනෙක්වා 'යුතුකම' වෙබ් අඩවියෙනුත් ගන්නා ලදී.

Tuesday, April 12, 2016

HAPPY NEW YEAR


සිංහල හා හින්දු/දෙමල අවුරුද්දට ඇමරිකානු සහ එංගලන්ත භාශාවෙන් කල සුභපැතුමක්.

Friday, April 8, 2016

පෙන් ඩ්‍රයිව (pen drive) සංකල්පයේ නිර්මාතෘ.

   ඩ්‍රැකීගේ අඩවියේ පලවූ ගජබින්න ලිපි කියවීමෙන් පසු එවන් ලිපියක් ලිවීමට සිතුන බැවින් මෙය ලියමි. නමුත් මෙය කිසිසේත්ම ගජබින්නයක් නොවන පවසමි.
   එකල ජාතික රූපවාහිනියේ රොබෝ කොප් ටෙලි නාට්‍ය විකාශය කෙරිණි. එය සිංහල හඬ කැවීමක් හෝ උපසිරැසි යෙදීමකින් තොරව විකාශය කෙරුණත් මගේ මිතුරන් අතර එය සෑහෙන ජනප්‍රියත්වයක් ලබා තිබුණි. එහි මා සිතගත් අංගයක් වූයේ රොබෝ කොප් පරිගණකය සමඟ සම්බන්ධ වීමට යොදා ගන්නා 'උල'යි.

රොබෝ කොප් ගේ උල


   මම පාසල් ගියේ වෑන් රථයකය. දිනක් එහි ගිය අප පාසලේම මට වඩා බාල සිසුවෙක් විශේෂ පෑන් කීපයක් ගෙනැවිත් අපට පෙන්වූයේය. එම පෑන් තනා ඇත්තේ අත්කම්  ශිල්පියෙකු විසින් යැයි සිතමි. පෑන්වල බඳ කොටස, පැත්තක දිග සෙන්ටිමීටරක් පමණ වන සමචතුරස්‍රාකාර හරස් කඩකින් යුත් ලී කූරකිත් තනා තිබුණි. එහි මුදුනේ අර්ධ ගෝලාකාර පබළුවක් ඔබ්බවා තිබුණි. බ‍ඳේ පැති හතරේ පැත්තක දෙක බැගින් රුවිත (රොම්බස) හැඩැති කුඩා කණ්නාඩි කැබලි ඔබ්බවා තිබුණි. පෑන් බ‍ෙඳේ පහත තුඩ පිහිටි කොටස අඟල් දෙකක් පමණ දිගට රන්පැහැයෙන් කේතු හැඩයට තනා තිබිණ.
   මෙම පෑන අතට ගත්විට, එහි තුඩ පැත්ත දුටු මට රොබෝ කොප්ගේ උල සිහිවිය. එහි මුදුනේ වූ පබළුව දුටු මට අපූරු අදහසක් පහල විණ. මම එම අදහස වෑන් රියේ ගිය අනිත්වුන් සමඟ බෙදා ගත්තෙමි.
   "අපි මේ පබළුව ගලවා මෙතනට උත්තල කාචයක් සවිකරමු. ඊට යටින් රූප සංවේදකයක් සවිකරමු. ඊට පස්සේ ඇතුලේ පෑන් කූර අයින්කර දත්ත ගබඩා කරන චිප් සහ වෙනත් පරිපථ සවිකරමු. මේ රුවිත හැඩයේ කණ්නාඩි කැබලි ඉවත්කර එතැනට ස්විච් සවිකරමු. එතකොට මේක පෑනක් නෙමෙයි වීඩියෝ කැමරාවක් මේ විදියට ස්විච් එකක් ඔබාගෙන මෙයින් අවශ්‍ය දෙයක් වීඩියෝ ගතකල හැකියි" (කරන ආකාරය රඟදක්වමින් විස්තර කලෙමි.) 

   ඉන්පසු පෑන් තුඩ පෙන්වා
   "මේ රොබෝ කොප්ගේ උල, වීඩියෝව පරිගණකයකට ලබා ගැනීමට මෙයින් මේ ආකාරයට පරිගණකය ඇන්න යුතුයි." (පෑන්තුඩෙන් එය අයිතිකරුගේ හිසට ඇන්නෙමි)
"ඊට පස්සේ රොබෝ කොප් වගේ මෙහෙම කරකැවිය යුතුයි. එතකොට කොම්පියු‍ටර් එකෙන් වීඩියෝ එක පෙනෙනවා." (පෑන්තුඩ හිසට තබා තදකර කරකවා පෙන්වීමි)
   මම මෙසේ කලවිට අනෙක් අයත් එම වර්ගයේ ඉතිරි පෑන් වලින් ඒවා අයිති කරුගේ හිසට අනින්නට විය. අයිතිකරු සියළු පෑන් උදුරාගෙන,

    "කැමරා එපා පෑනක් තිබුනාම ඇති" යැයි කීවේය.

   මෙම සිදුවීම වූයේ 1996 වසරේ විය යුතුය.

   ඒ වන විටත් USB තාක්ෂණය අත්හදා බලමින් තිබුනත් එය ගත්තේ දත්ත ගෙනයන  රැහැනක් හරහා පරිගණකයට සවිකරන උපකරණ සඳහාය. (https://en.wikipedia.org/wiki/USB)

   මුල්ම USB පෙන් ඩ්‍රයිවය (USB pen drive) තනා ඇත්තේ ඊස්‍රායෙල් සමාඟමක් විසින් 1999 වසරේදීය.(https://en.wikipedia.org/wiki/USB_flash_drive)

   සමහර විට පෙන් ඩ්‍රයිව් අදහස මුලින්ම පැමිණියේ මගේ හිතට විය හැක. ☺


Friday, March 18, 2016

නැරඹිය යුතුම වෙබ් අඩවියක්. www.instructables.com

http://www.instructables.com/

මෙම වෙබ් අඩවිය නව නිර්මාණ සහ මිල අධික ‍උපකරණ වෙනුවට යොදාගත හැකි නිවසේදී නැනිය හැකි අඩු වියදම් ආදේශක මෙවලම් ගැන උපදෙස් ලබාගත හැකි එකකි. 

මා මැතදී මෙයින් කියවූ ලිපිය මෙයයි. http://www.instructables.com/id/Quickly-Scan-a-Textbook-With-a-Camera/

මෙහි arduino පරිපථ යොදාගෙන කල පරීක්ෂණ ගැන විස්තරද ඇත.

 

 

Thursday, February 18, 2016

ඇමරිකානු සිනමාව තුල කතෝලිකයා නිරූපනය වන අයුරු.

   මම ටිකකලකට පෙර Dare Devil නම් ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටය නැරඹූවෙමි. එය මා නරඹා ඇති ඇමරිකානු සිනමාපට වලට වඩා පැහැදිලි වෙසක් ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වනුයේ. කුඩාකල හදිසි අනතුරක් නිසා අන්ධ භාවයට පත් තරුණයෙකි. ඔහු අන්ධ වුවත් කණට ඇසෙන ශබ්ද තරංග හරහා රේඩාර් තාක්ෂණය වැනි ක්‍රමයකින් අවට ලෝකය හඳුනාගත හැකි අයෙකි. ඔහු එම හැකියාව පාවිච්චි කර රාත්‍රී කාලයේදී නගරයේ අපරාධකරුවන්ට එරෙහිව සටන් වදියි. ඔහුට සහායවන මැදිවියේ කතෝලික පූජකයෙක් සිටියි.

   මම මාගේ පැරණි අත්දැකීම් අනුව පියතුමා සහ තරුණයා අතර සමලිංගික ක්‍රියාවක් සිදුවනතුරු බලා සිටියෙමි.

   මෙම චිත්‍රපටයේ ඇති ප්‍රධාන වෙනස වන්නේ කතෝලික ආගමට අපහාස නොවන අන්දමට තනා ඇති චිත්‍රපටියක් වීමයි. ඊට අමතරව මෙම වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටවල ඇති ස්ත්‍රිවාදය එබ්බවීමේ සම්ප්‍රදායද මෙය තුල නොතිබුනි. සාමාන්‍යයෙන් මෙවන් චිත්‍රපටවල වීරයාට අමතරව ඔහුට පමණක් දෙවෙනි වන වීර කාන්තාවක්ද දැකිය හැකි. මෙහිද වීර කාන්තාවක් සිටියත් සටන ආරම්භයේදීම ඇය අවාසනාවන්ත ලෙස මියයයි.

   ඇමරිකානු සිනමාව තුල ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති කතෝලික විරෝධයයි. මෙහිදී ළමා චිත්‍රපට සහ ආගමික තේමා රැගත් චිත්‍රපට ඇතිබව සලකන්න.

   ඇමරිකානු සිනමාව තුල බොහෝ දුරට කතෝලිකයා නිරූපනය වන්නේ. රහසින් පව් කරන්නෙකු, සුවකල නොහැකි රෝගයකින් පීඩාවිඳින්නෙකු, යක්‍ෂ දිශ්ඨියක් ඇත්තෙකු, කරන කිසිම දෙයක් හරි නොයන අවාසනාවන්තයෙකු, හැමෝගෙන්ම ගුටිකන නිවටයෙකු යනාදී ලෙස ඍනාත්මක චරිත ලෙසයි.

   ඊට අමතරව භූමි කම්පා, උල්කාපාත වැටීම නිසා අභිමානවත් කතෝලික පල්ලි කුඩුපට්ටම් වීම. කතෝලික පල්ලියක විවාහවූ යුවලක් චිවාහ චාරිත්‍ර වලින් පු පල්ලියෙන් එලියට අඩිය තබත්ම ස්නයිපර් ප්‍රහාර වලට ලක්වීම. වැනි දසුන් ඇමරිකානු සිනමාව තුල කොතෙක් ඇත්ද?

   මෙසේ කතෝලික ආගමට අපහාස වෙන නිර්මාන බිහිවීමට හේතුව වනුයේ නූතන බටහිර සංස්කෘතිය බිහිවූයේ කතෝලික සංස්කෘතිය පරාජය කරමින් වීමයි. එමනිසාම බටහිර කලාකරුවා ස්වභාවයෙන්ම කතෝලික විරෝධියෙකි. එබැවින් Dare Devil යනු උඩුගම්බලා පිහිනීමක් වෙයි. මීට අමතරව ඇමරිකාව තුල සිටින සංස්කෘතික වශයෙන් සුදු ජාතියට තර්ජනයක්වන හිස්පැනික් ඇමරිකානුවන් සහ කතෝලික ආගම අතර බැඳීමද මෙයට හේතුවක් විය හැක.

   බෞද්ධයෙකු වට මට මේ ගැන ඇති "පුකේ අමාරුව" කුමක්දැයි ඔබට ගැටළුවක් ඇතිවිය හැක. කතෝලික ආගමට හෙන ගැහුවත් මට අමාරුවක් නැත. නමුත් ඇමරිවේ සුද්දන් කතෝලික විරෝධී නිර්මාණ කරනවිට ලංකාවේ සිටින පද්දන් "පොර" වීම සඳහා එම ආකෘතියේම බෞද්ධ විරෝධී නිර්මාණ කිරීමට පෙළඹෙයි.

   මෙයට තරමක් සමාන උදාහරණයක් ලෙස පවුරු වළලු චිත්‍රපටය සැලකිය හැක. එයින් දෙන අදහස වන්නේ, කතාවේ මව (නීටා ප්‍රනාන්දු) කතෝලික සම්ප්‍රදායන්ට ගරු කල නිසා විපතට පත්වුනු බවයි. ඇය කතෝලික සම්ප්‍රදායන්ට ගරු නොකලේ නම් ඇයට කැමති තරමක් පෙම්වතුන් ආශ්‍රය කර, අවශ්‍යනම් ගබ්සාවන්ද කරගෙන සතුටින් සිටියහැකි බවක් මෙයින් නොකියවේ ද? මෙම චිත්‍රපටය බෞද්ධ පසුබිමක ගොඩනැගුවේ නම් දැඩි විරෝධයක් එල්ලවනු නො අනුමානය.

   සුද්දන් පසුපස යන ලාංකීය පද්දන්ගේ නිර්මාණ වලින් සිංහල බෞද්ධ සංස්කෘතියට වන හානිය වලක්වා ගැනීමට කලහැකි හොඳම ක්‍රමය නම් එයට ප්‍රතිශක්තිය ඇතිකර ගැනීමයි. ඒ සඳහා කලහැකි හොඳම උපක්‍රමය සුද්දන්ගේ කතෝලික විරෝධී නිර්මාණ රසවිඳීමයි.


Tuesday, February 9, 2016

දෙවොල් දෙවියෝ අයිති සිංහලයන්ට විතරයි.

    ස්වර්ණවාහිනී මුල් පිටුව වැඩසටහනකදී, රජයට විරෝධය දක්වා සීනිගම දෙවොල් දේවාලයේ පොල් ගැසීමේ සිද්ධීය ගැන සඳහන්කරමින් හරේන්ද්‍ර මහතා අපූරු කතාවක් කීවේය. ජාතික ගීය දෙමළෙන් ගැයීම ට විරුද්ධ අය හින්දු දෙවියෙක් වඳින්නේ මන්ද? යන්න ඔහු පලකල අදහස විය. පසුව ප්‍රවෘත්ති විකාශයකදී එජාප මන්ත්‍රී වරයෙකුද එම කතාවම කියනු දක්නට ලැබුනි.

    මෙම අදහස පැහැදිලිවම තේරුමක් නැති අදහසක් වන අතරම එයින් සිංහලයන්ට තම ජාතික උරුමයක් අහිමි වීම සිදුවේ. යම් ආගමක්/ දෙවියෙක්/ ආගමික නායකයෙක් යම් ගෝත්‍රයකට අයිතිවීමට නම් එම ගෝත්‍රයේ බහුතරයක් අතර එම ආගම/ දෙවියා/ ආගමික නායකයා වන්දනාවට ලක්විය යුතුය. උපමාවකින් පැහැදිලි කරන්නේ නම් ළි‍‍ඳේ වතුර පොදු දේපලක් වුවත් ලි‍ඳෙන් ඇද කලයකට පුරවාගත් වතුර අයිති එම කලයේ හිමිකරුට බව සලකන්න. ඒ අනුව බුදුහාමුදුරුවන් අයිති සිංහලයාට පමණි. විශ්නු දෙවියන් සිංහලයාට අයිතිය. ගන දෙවියන් සිංහලයාට අයිතිය. ශිව ලිංගය දෙමළාට පමණක් අයිතිය (නමුත් ඇට දෙක සිංහලයාටත් අයිතිය :D) ජේසු අයිති දෙමළාටය. දෙවොල් දෙවියන් අයිති සිංහලයාට පමණි.

   සිංහල බෞද්ධයන් අතර ඇති දේව ඇදහිලි හින්දු ආගම ලෙස හඳුන්වනවානම් එම ඇදහිලි ශ්‍රී ලංකාවටම අනන්‍ය සම්ප්‍රදායයන් බව සැලකිය යුතුය දෙමළාගේ එවැනි ඇදහිලි තමිල්නාඩු ‍ෆොටෝ කොපි බවත් පැහැදිලිය. එසේනම් නියම ලෝකල් හින්දු ආගම අයිති සිංහලයන්ට විතරක් බව පැහැදිලිය.

   මම ගංගොඩවිල සෝම හිමියන්ට ගරුකලත්, සිංහල දේව ඇදහිලි පිළිබඳ ඒ හිමිගේ මතයට එකඟ නොවෙමි.

   දෙමළාට බුදුහාමුදුරුවන් අයිති කරගැනීමට අවශ්‍යනම් ඔවුන් කලයුත්තේ මහා පරිමාණයෙන් බුදුන් වැඳිමට පෙළඹීමයි. නමුත් දෙමළු පුරුදු වී ඇත්තේ සිංහල බෞද්ධයන්ට හරියට බුදුදහම අදහන අයුරු කියාදීමට බව පෙනෙයි.

බලන්න. http://transyl2014.blogspot.com/2016/01/blog-post_11.html

   සිංහල බෞද්ධයන්ට මෙවැනි අයගෙන් චරිත සහතික ලබාගැනීමේ අවශ්‍යතාවක් නැත.


Wednesday, January 20, 2016

විෂුවල් බේසික් (Visual Basic .net) පාඩම : ශාකීය දත්ත ආකෘතිය (binary tree).

  
 විෂුවල් බේසික් පිළිබඳ ලිපි පලකරන ලෙස ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස මෙය පලකිරීමට තීරණය කලෙමි.
   (මම විෂුවල් බේසික් ගැන විධිමත් ලෙස හැදෑරීමක් කර නැති නිසා මෙම ලිපියේ ඇති සමහර කරුණු සහ වචන වල දෝශ තිබිය හැකි බව සලකන්න. එසේම මෙම ලිපිය මුල සිට සරලව ඉගැන්වෙන්නක් නොවන බවත් යමු මූලික දැනුමක් අවශ්‍ය බවත් සලකන්න. මුල සිට සරලව කරන්නට ගියහොත් කිසිවක් කරගැනීමට නොලැබෙන බව අත්දැක ඇත.)
    උදාහරණ සකසා ඇත්තේ vishual studio 2015 යොදා ගෙනය. ඔබ පාවිච්චි කරනුයේ වෙනත් සංස්කරණයක් නම් කේත කොටස් notepad වැනි මෘදුකාංගයකින් විවෘත කර copy paste කිරීමට සිදුවිය හැක.
***************************************
   ලිපියේ මාතෘකාවට එලැඹීමට පෙර පරිගනක බාශාවල ඇති class නම් සංකල්පය ගැන හැඳින්වීමක් කල යුතුයැයි සිතමි.
class නමින් හඳුන්වන්නේ මෘදුකාංග කොටසක් ලෙස සැලකිය හැක. සංකීර්ණ මෘදුකාංගයක් ලියන විට එහි කේත class කිහිපයකට බෙදා ලිවීම මඟින් කේතනය වඩා පහසු වන අතර මෘදුකාංග සංවර්ධනය ශිල්පීන් කිහිප දෙනෙක් යොදාගෙන කරනවිට එක් එක් ක්ලාස් එකක් සංවර්ධනය එක් එක් ශිල්පියාට පැවරිය හැක. මේ ක්ලාස් වලින් ගතහැකි එක් ප්‍රයෝජනයකි. ඊට අමතරව තවත් ප්‍රයෝජනද තිබේ (මේ පාඩමේ අරමුන එවන් වෙනත් ප්‍රයොජනයක් ගැන සඳහන් කිරීමයි.)
විෂුවල් බේසික් වලින් ක්ලාස් තැනීමේදී
 Class "ක්ලාස් එකේ නම"
End Class
ආකාරයට සටහන් කර එම ක්ලාස් එකට අයත් අනෙක් කේත කොටස් එම පේලි අතර සටහන් කල යුතුය.
   සාමාන්‍යයෙන් ක්ලාස් යොදා ගැනීමේදී ක්ලාස් එකකින් ඔබ්ජෙක්ට් යනුවෙන් දෙයක් තනා ගනියි. මෙය උපමාවකින් දක්වන්නේ නම් ක්ලාස් එකක් ජනාධිපති ධූරයටත්, ඔබ්ජෙක්ට් එකක් ජනාධිපති වරයාටත් සමකල හැක.
විෂුවල් බේසික් වලින් ඔබ්ජෙක්ට් එකක් තැනීමේදී මෙසේ සඳහන් කරයි.
  Dim "ඔබ්ජෙක්ට් එකේ නම" As New "ක්ලාස් එකේ නම"
New වදන නොමැතිව
 Dim "ඔබ්ජෙක්ට් එකේ නම" As "ක්ලාස් එකේ නම"
 ලෙස සටහන් කලහොත් ලැබෙනුයේ ඔබ්ජෙක්ට් එකක් සෑදීම සඳහා ඉඩක් වැන්නකි. එය උත්සවයක ජනාධිපති සඳහා වෙන්කල පුටුව වැන්නකි.
 Dim "ඔබ්ජෙක්ට් එකේ නම" As "ක්ලාස් එකේ නම"
"ඔබ්ජෙක්ට් එකේ නම" = new "ක්ලාස් එකේ නම"
ලෙස සඳහන් කලහොත් එය මුලින් පුටුව වෙන්කර පසුව එහි ජනාධිපති වාඩිකරවීමට සමකල හැක. (මෙහිදී පොයින්ටර් නම් සංකල්පයක්ද පාවිච්චි වුවත් එය විස්තර කිරීමට ගියහොත් ලිපිය මාතෘකාවෙන් පිට යනු ඇත.)
ජනාධිපතිට වෙන්කල පුටුව තුල ජනාධිපති ධූරය දරන ඕනෑම අයෙක් වාඩි කරවිය හැක. ඒ ආකාරයටම ඕනෑම ඔබ්ජෙක්ට් එකක් ඔබ්ජෙක්ට් ඉඩ තුල  තැම්පත් කල හැක. එනම්
Dim "ඔබ්ජෙක්ට් එකේ නමA" As New "ක්ලාස් එකේ නම"
Dim "ඔබ්ජෙක්ට් එකේ නමB" As New "ක්ලාස් එකේ නම"
Dim "ඔබ්ජෙක්ට් එකේ නමC" As New "ක්ලාස් එකේ නම"
Dim "ඔබ්ජෙක්ට් එකේ ඉඩ" As "ක්ලාස් එකේ නම"
"ඔබ්ජෙක්ට් එකේ ඉඩ" ="ඔබ්ජෙක්ට් එකේ නමA"
"ඔබ්ජෙක්ට් එකේ ඉඩ" ="ඔබ්ජෙක්ට් එකේ නමB"
"ඔබ්ජෙක්ට් එකේ ඉඩ" ="ඔබ්ජෙක්ට් එකේ නමC"
ඉහත අවසන් පේලි තුන සලකන්න. එයින් මුල් පේලියේදී "ඔබ්ජෙක්ට් එකේ ඉඩ" කරන වෙනස් කම් "ඔබ්ජෙක්ට් එකේ නමA" බලපායි. ඒ ආකාරයටම අනෙක් අවස්ථාවල අනෙක් ඔබ්ජෙක්ට දෙකට බලපායි.
Class "ක්ලාස් එකේ නම"
 Sub New()
 End Sub
End Class
ලෙස කේතනය කලහොත් නව ඔබ්ජෙක්ටුවක් සෑදෙන විට
Sub New()
 End Sub
අතර කේත කොටස ක්‍රියාත්මක වේ.
Sub New()
 End Sub
Sub New(ByRef a As branch, l As branch_)
End Sub
ලෙස New ක්‍රියාවලි කිහිපයක් ලිවිය හැක. එවිට ක්‍රම කිහිපයකින් ඔබ්ජෙක්ට් සෑදීම කල හැක.
***************************************
   පරිගනක මතකය තුල දත්ත විශාල ප්‍රමාණයක් තැන්පත් කිරීම සඳහා සාමාන්‍යයෙන් array, queue, stack, list යන දත්ත ආකෘති පාවිච්චි කරයි. (නම වෙනස් වුවත් මේවායේ මහා ලොකු වෙනසක් නැත) නමුත් මෙහිදී දත්ත එකිනෙක අතර සම්බන්ධයක් ඇති නොවේ. විභාගයකට සහභාගිවූ සිසුන් ලක්ෂයකගෙන් වැඩිම ලකුනු ගත් සිසුවා තේරීම වැනි ගැටලුවක් විසඳීමේදී ඒ සඳහා ඉහත ආකාරයේ දත්ත අකෘතියක් යොදාගෙන සිසුන්ගේ දත්ත තැම්පත් කලවිට ලැයිස්තුව මුලසිට අගටම කියවා අවශ්‍ය දත්තය සෙවීමට සිදුවේ.
   ශාකීය දත්ත ආකෘතිය මෙවැනි ගැටලු සඳහා පහසුවෙන් යොදාගත හැකි විකල්පයකි.
   ශාකීය දත්ත ආකෘතිය උදාහරණයක් මඟින් මෙසේ පැහැදිලි කල හැක.
   ආයතනයක "සේවකයෙක්ට" ඔහු යටතේ සේවකයන් දෙදෙනෙක් (ඔවුන් A,B ලෙස ගනිමු) තබාගත හැකියැයි සිතමු. A සහ B යනු "සේවකයන්ම" බැවින් ඔවුන්ටද එකිනෙකාට "සේවකයන්" දෙදෙනා  බැගින් තබාගත හැක මෙසේ දිගටම කිරීමේදී ගොඩනැගෙන පිරමිඩාකාර ව්‍යුහය ශාකීය දත්ත ආකෘතියකට උපමාකල හැක.
   විශුවල් බේසික් වලින් ශාකීය දත්ත ආකෘතියක් තැනීමේදී class සංකල්පය යොදා ගත යුතුය.
   ඉහත උදාහරණයේදී ‍දැක්වූ ව්‍යුහයේ මූලික ඒකකය









ලෙස දැක්විය හැක. මෙම ඒකකයක් node ලෙස හඳුන්වයි. ඉහත එකකය පහත දැක්වෙන පරිදි ක්ලාස් එකකින් නිරූපනය කල හැක.
Class සේවකයා
 Dim A As new සේවකයා
Dim B As new සේවකයා
End Class
විභාගයකට සහභාගිවූ සිසුන් ලක්ෂයකගෙන් වැඩිම ලකුනු ගත් සිසුවා තේරීම වැනි ගැටලුව සැලකීමේදී ඒ සඳහා ශාකීය ආකෘතියක් යොදා ගැනීමේදී මූලික ඒකකය මෙලෙස සැකසිය හැක.
Class සිසුවා
 Dim සිසුවාගේ_නම As  string
 Dim සිසුවාගේ_ලකුණු As  integer

Dim වැඩි As  සිසුවා
Dim අඩු As  සිසුවා
End Class
මුල් සිසුවාගේ තොරතුරු ඇතුළත් කිරීමේදී ඔහුගේ නම සිසුවාගේ_නම  තුලත් ලකුණු සිසුවාගේ_ලකුණු තුලත් ඇතුළු කලහැකි ලෙස සැකසිය යුතුය.
නව සිසුවෙකුගේ ලකුණු ඇතුලත් කරන විට ඔහුගේ ලකුණු මුල් සිසුවාගේ ලකුණු වලට වඩා වැඩිනම් වැඩි තුලත්, අඩුනම් අඩු තුලත් නව සිසුවාගේ දත්ත ඇතුළු කල යුතුය. ඒ සඳහා පහත පරිදි ‍කේතනය කල යුතුය.
Public Class Form1
    Dim a As සිසුවා
    Private Sub Button1_Click(sender As Object, e As EventArgs) Handles Button1.Click
        a = New සිසුවා("", 0)

    End Sub

    Dim b As සිසුවා
    Friend Sub brancing(name As String, mark As Integer)
        b = a
     
        If b.සිසුවාගේ_ලකුණු < mark Then
            b.වැඩි = New සිසුවා(name, mark)
        Else
            b.අඩු = New සිසුවා(name, mark)
        End If
    End Sub

End Class
Class සිසුවා
    Friend is_end As Boolean = False
    Sub New(name As String, mark As Integer)
සිසුවාගේ_නම =name
    සිසුවාගේ_ලකුණු =mark
    End Sub


    Friend සිසුවාගේ_නම As String
    Friend සිසුවාගේ_ලකුණු As Integer

    Friend වැඩි As සිසුවා
    Friend අඩු As සිසුවා

End Class
මෙම ක්‍රියාවලිය ස්වයංක්‍රීයව කරවීමට පහත පරිදි කේත ලිවිය යුතුය.
Public Class Form1

    Dim a As සිසුවා
    Private Sub Button1_Click(sender As Object, e As EventArgs) Handles Button1.Click

        a = New සිසුවා("", 0)
    End Sub
   Dim b As සිසුවා
     Sub add_data(name As String, mark As Integer)
        b = a

        search(mark)
        brancing(name, mark)
    End Sub

    Friend Sub brancing(name As String, mark As Integer)

        If b.සිසුවාගේ_ලකුණු < mark Then
            b.වැඩි = New සිසුවා(name, mark)
        Else
            b.අඩු = New සිසුවා(name, mark)
        End If
    End Sub

    Sub search(mark As Integer)
        Dim c As සිසුවා = b
        Do
            If c Is Nothing Then
                Exit Sub
            End If
            b = c
            If b.සිසුවාගේ_ලකුණු < mark Then
                c = b.වැඩි
            Else
                c = b.අඩු
            End If
        Loop
    End Sub
End Class
Class සිසුවා

    Sub New(name As String, mark As Integer)
        සිසුවාගේ_නම = name
        සිසුවාගේ_ලකුණු = mark
    End Sub


    Friend සිසුවාගේ_නම As String
    Friend සිසුවාගේ_ලකුණු As Integer

    Friend වැඩි As සිසුවා
    Friend අඩු As සිසුවා

End Class
මෙහි සම්පූර්ණ කේතය මෙතනින් ලබා ගන්න. මෙවැනි කේතනයකදී කරන කාර්යය ගැන සිතා දත්ත ආකෘතිය සකසා එය හැසිරවීමට අවශ්‍ය ක්‍රියාවලි සුදුසු පරිදි ලිවිය යුතුය.
**************************
ශාකීය දත්ත ආකෘතියයක් යොදාගෙන කලහැකි සුන්දර කටයුත්තක් නම් ෆ්‍රැක්ටල් (factal) මෝස්තර සෑදීමයි. ෆ්‍රැක්ටල් මෝස්තර සෑදීමේදී ඒ සඳහා යොදාගත හැකි සරලම ක්‍රමය වන්නේ ශාකීය දත්ත ආකෘතියක් හරහා එය කරගැනීම විය යුතුය.
උදාහරණ 1:
මෙහිදී  මූලික ඒකකය ලෙස යොදා ගන්නා ක්ලාස් එක ලෙස branch ක්ලාස් එක සාදා ඇත. එය තුල ෆ්‍රැක්ටල් මෝස්තරය සඳහා යොදා ගන්නා හැඩ තලයේ (මෙහිදී එය රේඛා ඛණ්ඩයකි) ආරම්භක ලක්ෂයේ ඛණ්ඩාංකය, දිග, ඝනකම, සහ කෝණය ඇතුලත්කර ඇත. එයට අමතරව    Friend l_b, r_b, m_b As branch ලෙස ශාකා ක්ලාස් 3ක් සඳහා ඉඩ ඇතුලත්කර ඇත.
draw() ක්‍රියාවලිය මඟින් හැඩ තලය ඇඳිම සිදු කරයි. මෙහිදී විෂුවල් බේසික් වල ග්‍රැෆික් ක්‍රියාවලි ගැන යම් අවබෝධයක් තිබිය යුතුය. නමුත් මෙහිදී අඳින්නේ රේඛා ඛණ්ඩයක් නිසා එම කේතය පහසුවෙන් අවබෝධ කරගත හැකියැයි සිතමි.
brancing() ක්‍රියාවලිය මඟින් ඔබ්ජෙක්ටුවේ ශාකා තුන නිර්මාණය කෙරෙයි.
සාමාන්‍යයෙන් ගණිතයේදී පාවිච්චි කෙරෙන්නේ මෙවන් ඛණ්ඩාංක තලයක් වුවත්,

විෂුවල් බේසික් වල ග්‍රැෆික් කටයුතු වලදී පාවිච්චි කරන්නේ මෙවැනි ඛණ්ඩාංක ක්‍රමයකි.

 එමනිසා මෙහිදී අක්ෂ පරිවර්තනයක් කල යුතුය.
මුලින්ම මුල් ඔබ්ජෙක්ටුව සාදා එයට අවශ්‍ය දත්ත ඇතුළු කරයි. ඉන්පසු එහි ඇති draw() සිදුකර brancing() ක්‍රියාවලිය ආරම්භ කරයි.
නව ඔබ්ජෙක්ටුවක් සෑදෙන හැම විටම එම ඔබ්ජෙක්ටු‍ව මව් ඔබ්ජෙක්ටුවේ වම, දකුණ හෝ මැද ශාකා වලින් කුමක්ද යන කරුණ මත නව ඔබ්ජෙක්ටුවේ රේඛා ඛණ්ඩයේ කෝණය වෙනස් කිරීමත්, එහි දිග අඩු කිරීමත් සිදු කරයි. ඉන්පසු draw() සිදුකර brancing() ක්‍රියාවලිය ආරම්භ කරයි. මෙය level විචල්‍යය තුල දක්වා ඇති වාර ගණන නැවත නැවත කෙරෙයි. මෙමඟන් ගසක හැඩය ඇති ෆ්‍රැක්ටල් මෝස්තරයක් සෑදේ.
උදාහරණ 2:
මෙය කලින් උදාහරණයට බොහෝ සමාන කේතයකි. එකම ප්‍රධාන වෙනස ක්‍රියා වලිය සිදුවන්නේ ශාකීය දත්ත ආකෘතියේ අග්‍රය නියෝජනය කරන ඔබ්ජෙක්ටුව සෑදෙන විට පමණක් වීමයි. මෙහි branch ක්ලාස් එක වෙනුවට branch1, branch2 පාවිච්චි කිරීමෙන් වෙනස් මෝස්තර සෑදිය හැක.

Monday, January 11, 2016

තයි පොන්ගල්, මකර සංක්‍රාන්තිය, දුරුතු මංගල්‍යය.

      ජනවාරි 14 හෝ 15 දිනවල ලංකාවේ හින්දු (තමිල්නාඩු අභිචාර විධි අනුගමනය කරන්නන්) දෙමළු තෛ පොංගල් උත්සවය සමරති.

     මෙය හින්දු උත්සවයක් ලෙස හඳුන්වන අවස්ථා ඇත. එය කොතරම් නිවැරදිදැයි සැකයත් ඇත. සිංහල අවුරුද්ද සිංහල/දෙමල ක්‍රිස්තියානින් සාමාන්‍යයෙන් සමරන්නේ නැත. නමුත් එය බෞද්ධ/හින්දු උත්සවයක් ලෙස සැලකිය හැකිද?

 https://en.wikipedia.org/wiki/Thai_Pongal

 https://en.wikipedia.org/wiki/Makar_Sankranti

    තෛ පොන්ගල් උත්සවය ඉන්දියාවේ වැඩි දෙනා හඳුන්වන්නේ මකර සංක්‍රාන්තිය ලෙසයි. එනම් සූර්යයා ධනු රාශියේ සිට මකර රාශියට පැමිණීම මෙදිනට සිදුවෙයි. දුරුතු (දෙමලෙන් தை) මාසයේ ආරම්භක දිනය මෙදිනයි. දුරුතු යනු ජනවාරි 14 සිට පෙබරවාරි 14 දක්වා කාලයයි.

    එම නිසා සිංහලෙන් මෙම උත්සවය තයි පොන්ගල් වෙනුවට දුරුතු මංගල්‍යය යනුවෙන් හැඳින්වීම සුදුසු නොවේද?

Saturday, January 9, 2016

කෝපි කඩේ (බේරුනා).


https://en.wikipedia.org/wiki/Kopi_Kade

 

    කෝපි කඩේ ටෙලිනාට්‍යයේ 1500 කථාංගය හෙටදින විකාශනය වනු ඇත. කෝපි කඩේ ආරම්භ වන වකානුවේ අප නිවසට ස්වාධීන රූපවාහිනී සංඥානිසි පරිදි නොලැබුණු අතර එමනිසා එම නාලිකාව නැරඹිය නොහැකි විය. මුලින්ම කෝපි කඩේ චරිතයක් දුටුවේ ජාතික රූපවාහිනියේ ලොතරැයි දිනුම් ඇදීමේ වැඩසටහනකදීය. එහිදී ආරාධිතයන් ලෙස එන්සිනා සහ තවත් අයෙක් පැමිණියහ.

    පසුව ක්‍රමයෙන් සංඥා හොඳින් ලැබෙන්නට පටන්ගත් බැවින්  ස්වාධීන රූපවාහිනිය නැරඹීමට හැකියාව ලැබුනි. එකල අපගේ ජනප්‍රියම වැඩසටහන වූයේ කෝපි කඩේ ටෙලිනාට්‍යයි. මෙය මගේ පමණක් නොව රටේම තත්වය බවට සැකයක් නැත.

පසුකලෙකදී මෙහි ජනප්‍රියත්වය අඩුවිය.

1. මෙගා ටෙලි නාට්‍යය ජනප්‍රිය වීම.

2. ටෙලිනාට්‍ය කොටස් දිනපතා විකාශණය කිරීමේ සම්ප්‍රදාය නිසා සතියකට වරක් විකාශණය වන ටෙලිනාට්‍ය අමතක වීම.

3. රූපවාහිනී නාලිකාගණන වැඩිවීම.

4. බොහොමයක් නාලිකා වල ඉරිදා ප්‍රවෘත්ති විකාශයවන වෙලාව කෝපි කඩේ සඳහා යොදා ගැනීම. මෙහි ජනප්‍රියත්වය අඩුවීමට බලපෑ බාහිර හේතු වන අතර. වැඩසටහන් කථා පිටපත් වල දුර්වලතාවද කෝපි කඩේට අවාසිදායක ලෙස බලපෑවේය.

    කෙසේ වුවත්  කෝපි කඩේට විශාල රසික පිරිසක් ඇතිකරගැනීමේ හැකියාවක් තවමත් ඇත.

    මගේ ලිපියේ මාතෘකාවේ අරමුණ කෝපි කඩේ ටෙලිනාට්‍යය විනාශ වීමට හේතුවිය හැකිව තිබූ මාර්ග කිහිපයක් පෙන්වා දීමයි.කෝපිකඩේ ටෙලිනාට්‍යය විකාශය වන්නේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවක වීම නිසා මෙම මාර්ගවලට වැටීමේ අවධානමක් තිබුනි. එම මාර්ගවල නොයෑම, කෝපි කඩේ මෙතෙක් දුර යෑමට හේතුවූ බව මම විශ්වාස කරමි.

එම මාර්ග නම්;

1. ආණ්ඩුවේ හොරණෑවක් වීම.

    ආණ්ඩුවේ සංවර්ධන කටයුතු හා ප්‍රතිපත්ති වර්ණනා කිරීමට කෝපි කඩේ යොදා ගත්තේ නම් කෝපි කඩේ ඉක්මනින්ම ජනතාව අතින් ප්‍රතික්ෂේප වන්නට තිබුනි. එවැනි කටයුතු හැකිතාක් අවම කර ගැනීමටත් කථා තේමාවට සම්බන්ධ කරගැනීමෙන් වැලකීමටත් කෝපිකඩේ පිරිස සමත් වූහ.

2. හේතුවාදී වීම.

    කෝපිකඩේ ටෙලිනාට්‍යයෙහි ගමේ ගෝත්‍රික නායකයා ලෙස නිරූපනය වන්නේ "කුරුං ගොයියා" ය. ඔහු මන්තර ගුරුකම් කරන්නෙක් ලෙසද කටයුතු කරයි. යම් හේතුවක් නිසා කෝපි කඩේ ටෙලිනාට්‍යය මිත්‍යා විශ්වාස ප්‍රචාරය නොකල යුතුයැයි "ඉහලින් අනක්" ලැබුනි නම් කුරුං ගොයියා දුෂ්ඨ චරිතයක් වනු ඇත. ගමේ දිස්පැන්සරියේ දොස්තර මහතා  හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව (වර්තමාන කෝපි කඩේ තුල එම චරිත නැත) කුරුං ගොයියාගේ තැන ගනු ඇත. වැඩසටහන අවසානයේ (පුෂ්පා රම්‍යානිද සොයිසාගේ දේශණයක් වැනි)සෞඛ්‍ය පාඩමක් යනු ඇත(කුරුං ගොයියාගේ "ඕං කිව්වා" වෙනුවට). ප්‍රේක්‍ෂකයන්ට කෝපි කඩේ තිත්තවනු ඇත. (සිරස නාලිකාවේ විකාශය වූ (ඉන්දියානු අනුකාරක) ටෙලිනාට්‍යය තුල මෙම තත්වය වැනි දෙයක් දුටුවෙමි.

3. ස්ත්‍රිවාදී වීම.

    ඉහත විස්තරයේ තත්වයට සමාන තත්වයක් මෙවිටද ඇතිවනු ඇත.

4. බහු වාර්ගික වීම.

    කෝපි කඩේ ටෙලිනාට්‍යයේ ජනප්‍රියත්වයට හේතුවූ මූලික කරණ ලෙස මම දකින්නේ මෙය "සිංහල බෞද්ධ" ටෙලිනාට්‍යයක් වීමයි.

දෙමළ ජනතාව අතර කෝපි කඩේට ඇති ජනප්‍රියබව ගැන අදහසක් නැකි වුවත්. මා පාසල් යන  කාලයේ දී මගේ මුස්ලිම් මිතුරන් අතර එය ජනප්‍රිය බව නිරීක්ෂණය කර ඇත්තෙමි.

දෙමළ සහ මුස්ලිම් චරිත ඉඳහිට කෝපි කඩේට එක් කලත් එහි සිංහල බෞද්ධ අනන්‍යතාවට හානි නොවීම අගය කල යුතුයි. කෝපි කඩෙන් ජාතික සමඟිය ගැන "පනිවිඩ" ලබා දීමට උත්සාහ ගත්තේ නම් ලැබෙනුයේ මෙවන් ටෙලිනාට්‍යයකි.

    දුරුතු මංගල්‍ය (තෛ පොන්ගල්) දිනට ආසන්න දිනකදී සොමිනෝනා නළලේ තිලකයක් තබා ගෙන කෝපි කඩේ කිරි ඉතිරවනු ඇත. අබිලින් තම එළදෙනුන් සරසවා උන්ට වඳිනු ඇත.

    රමලාන් දින අබිලිං ගවයෙක් මරා මස් උයා අසල් වැසියන්ට බෙදා දෙනු ඇත.

    නත්තල් දින කෝපි කඩේ ගවලෙනක් සාදනු ඇත. ඩිංගි මහත්තයා නත්තල් සීයාට ඇඳ තෑගි බෙදා දෙනු ඇත.

    අවසානයේ තැනෙන්නේ කෝපි කඩයක් නොව "කන්නගි පුරය" කි. ඉන්පසු කෝපි කඩේ කණ්ඩායමටකෝපි කඩේ පවත්වා ගැනීමට  NGOවක අනුග්‍රහය අවශ්‍ය වනු ඇත.

කෝපි කඩේ බහුවාර්ගික විගඩගමක් නොවීම මෙහි ජනප්‍රියත්වයට හේතුවිය.

    ජාතික සමඟිය ගැන "පනිවිඩ" ලබා දෙන කෝපි කඩේ කථාංග කිහිපයක් දැක ඇත්තෙමි.මෙය කෝපි කඩේට හානියකි. මෙය ප්‍රේක්ෂකයා මෝඩයෙකු ලෙස සැලකීමක් බව මගේ මතයයි.

    කෝපි කඩේට දෙමළ/ මුස්ලිම් චරිත එක් කිරීමට අවශ්‍ය නම් එම චරිත "සැම විටම සුදු" චරිත ලෙස නොදක්වා සිංහල චරිත මෙන්ම සාමාන්‍ය (එනම් හොඳ නරක දෙකම ඇති) චරිත ලෙස දැක්වීමට කටයුතු කල යුතුය (මුවන්පැලැස්සේ කදිරා වැනි). එසේ කිරීමට බැරිනම් (හෝ බය නම්) සිංහල  චරිත පමණක් යෙදීම සුදුසුය.

    අදවනවිට පවතින තත්වය අනුව අපකුඩා කල කෝපි කඩේ ලද ජනප්‍රියත්වයට නැවත එයට ලඟාවීමඅපහසු වුවත් අන් ටෙලිනාට්‍ය සමඟ තරඟයට නොගොස් කෝපි කඩේටම ආවේනික ශෛලියක් අනුගමනය කර කෝපි කඩේටම ආවේනික රසික පිරිසක් ගොඩනඟා ගත හැක.

    මෙවන් වැරදි මාර්ගවල නොගොස් කෝපිකඩේටම ආවේනික රසයක් ඇති කථාංග නිර්මාණය කරමින් දිගු ගමනක් යනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

කෝපි කඩේට සුබපැතුම්!

Sunday, January 3, 2016

මඩු වලිගය.

    මෛත්‍රීපාල ජනාධිපති වරයාගේ මඩු වලිග කතාව මේ වනවිට ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. එම කතාව හෝ එම කතාවට හේතු වූ සිදුවීම විවේචනය කිරීමට බලාපොරොත්තු නොවෙමි. මගේ අදහස මෙම සිදුවීම සංගීත සංදර්ශණයේ සංවිධායකයන්ගේම කටයුත්තක් බවයි. තනපටය ගැලවීම, සංදර්ශණය අතරතුර සිදුවුනි නම් මේ වනවිට එම ඇඳුම් ගලවන අවස්ථාවේ ඡායාරූපයක් ප්‍රසිද්ධ නොවීමට හේතුවක් නැත.

    මෙම කතාව විදෙස් ජනමාධ්‍යවල පලවීමේදී අර්තය විකෘති වී ඇති බව පෙනීයයි. මෙය සිතා මතා කල විකෘතියක්දැයි නොදනිමි."මුංට මඩුවලිගෙන් තැලිය යුතුයි" යන්න Who should be whipped with toxic stingray tails යනුවෙන් පරිවර්තනය කිරීම නිවැරදිද?

    ජනාධිපතිවරයා සිංහලෙන් කල මඩු වලිග කතාව ඉංග්‍රීසියට පෙරලා විදේශ මාධ්‍යවල පලකිරීමේදී පදගතාර්ත (word to word) පරිවර්ථනයක් සිදුවී ඇතිබව පෙනීයයි.
  කතාකරන  සිංහල  බාශාවෙන් "මුංට මඩුවලිගෙන් තලන්න ඕනෑ" යනුවෙන් සඳහන් කරන්නේ යම් ක්‍රියාවක් කෙරෙහි අපහාසයෙන්, උපහාසයෙන් හා හාස්‍යයෙන් යුතු විරෝධයක් පලකිරීමටය. එසේ නැතිව ඇත්තටම මඩුවලිගයකින් තැලීමට බලාපොරොත්තු වන බවක් එයින් අදහස් නොවේ. මෙයට තරමක් සමාන අවස්ථාවක් "නයිට් රයිඩර්" ටෙලිනාට්‍යයේ අවසානයේ පලවූ විස්තර කථනය තුල දිටිමි. එනම් එහි මයිකල් නයිට් කෘසේඩර් කෙනෙක් ලෙස හඳුන්වා දුනි. එහිදී කෘසේඩර් යන වචනය යොදා ඇත්තේ "අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරන්නා" යන අරුතිනි.
    රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් වෙනත් බසකට පරිවර්තනය කර පලකිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ISIS සංවිධානය හිසගසා දැමීම් කර එය ප්‍රසිද්ධ කරන මෙක, මෙම මඩුවලිග කතාව වරදවා වටහාගැනීමට ඉඩ ඇත. මෙම පරිවර්තනය කල පුද්ගලයන් මෙසේ වැරදි අරුතක් මතුවන සේ එය පරිවර්තනය කලේ සිතාමතාමද? නැතිනම් නොදැනුවත්කමින්දැයි නොදනිමි.
    සිංහල බාශාවේ ඇති කියමන්වල අරුත් ගැන විදේශිකයෙකුට දැනගැනීමට හැකිවන ලෙස වෙබ් අඩවියක් තනන්නේ නම් අගනේය. මම කලකට පෙර පිටකොටුව  ගුනසේන පොත් හලෙහිදී සිංහල ඉගෙන ගැනීමට පොතක් සොයන යුරෝපීය ජාතිකයෙක් දැක්කෙමි.