Sunday, January 3, 2016

මඩු වලිගය.

    මෛත්‍රීපාල ජනාධිපති වරයාගේ මඩු වලිග කතාව මේ වනවිට ජනප්‍රිය මාතෘකාවක් වී ඇත. එම කතාව හෝ එම කතාවට හේතු වූ සිදුවීම විවේචනය කිරීමට බලාපොරොත්තු නොවෙමි. මගේ අදහස මෙම සිදුවීම සංගීත සංදර්ශණයේ සංවිධායකයන්ගේම කටයුත්තක් බවයි. තනපටය ගැලවීම, සංදර්ශණය අතරතුර සිදුවුනි නම් මේ වනවිට එම ඇඳුම් ගලවන අවස්ථාවේ ඡායාරූපයක් ප්‍රසිද්ධ නොවීමට හේතුවක් නැත.

    මෙම කතාව විදෙස් ජනමාධ්‍යවල පලවීමේදී අර්තය විකෘති වී ඇති බව පෙනීයයි. මෙය සිතා මතා කල විකෘතියක්දැයි නොදනිමි."මුංට මඩුවලිගෙන් තැලිය යුතුයි" යන්න Who should be whipped with toxic stingray tails යනුවෙන් පරිවර්තනය කිරීම නිවැරදිද?

    ජනාධිපතිවරයා සිංහලෙන් කල මඩු වලිග කතාව ඉංග්‍රීසියට පෙරලා විදේශ මාධ්‍යවල පලකිරීමේදී පදගතාර්ත (word to word) පරිවර්ථනයක් සිදුවී ඇතිබව පෙනීයයි.
  කතාකරන  සිංහල  බාශාවෙන් "මුංට මඩුවලිගෙන් තලන්න ඕනෑ" යනුවෙන් සඳහන් කරන්නේ යම් ක්‍රියාවක් කෙරෙහි අපහාසයෙන්, උපහාසයෙන් හා හාස්‍යයෙන් යුතු විරෝධයක් පලකිරීමටය. එසේ නැතිව ඇත්තටම මඩුවලිගයකින් තැලීමට බලාපොරොත්තු වන බවක් එයින් අදහස් නොවේ. මෙයට තරමක් සමාන අවස්ථාවක් "නයිට් රයිඩර්" ටෙලිනාට්‍යයේ අවසානයේ පලවූ විස්තර කථනය තුල දිටිමි. එනම් එහි මයිකල් නයිට් කෘසේඩර් කෙනෙක් ලෙස හඳුන්වා දුනි. එහිදී කෘසේඩර් යන වචනය යොදා ඇත්තේ "අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරන්නා" යන අරුතිනි.
    රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් වෙනත් බසකට පරිවර්තනය කර පලකිරීමේදී මීට වඩා සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් ISIS සංවිධානය හිසගසා දැමීම් කර එය ප්‍රසිද්ධ කරන මෙක, මෙම මඩුවලිග කතාව වරදවා වටහාගැනීමට ඉඩ ඇත. මෙම පරිවර්තනය කල පුද්ගලයන් මෙසේ වැරදි අරුතක් මතුවන සේ එය පරිවර්තනය කලේ සිතාමතාමද? නැතිනම් නොදැනුවත්කමින්දැයි නොදනිමි.
    සිංහල බාශාවේ ඇති කියමන්වල අරුත් ගැන විදේශිකයෙකුට දැනගැනීමට හැකිවන ලෙස වෙබ් අඩවියක් තනන්නේ නම් අගනේය. මම කලකට පෙර පිටකොටුව  ගුනසේන පොත් හලෙහිදී සිංහල ඉගෙන ගැනීමට පොතක් සොයන යුරෝපීය ජාතිකයෙක් දැක්කෙමි.

2 comments:

  1. Well said. Nice thoughts & food for thought and need a rapid action against this issue.

    ReplyDelete
  2. අපේ එකෙක් ඉංගිරිසි ඉඩියම් එකක් ටපලා ගත්තම ඌට මඩු වලිගෙන් ගහන්න එන උන් සුද්දෝ සිංහල රූඪියක්, උපහැරණයක් වරද්ද ගත්තම ඒ ගැන නිහඬ ඇයි? උන් සුදු හින්දද ?

    ReplyDelete