Thursday, February 18, 2016

ඇමරිකානු සිනමාව තුල කතෝලිකයා නිරූපනය වන අයුරු.

   මම ටිකකලකට පෙර Dare Devil නම් ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටය නැරඹූවෙමි. එය මා නරඹා ඇති ඇමරිකානු සිනමාපට වලට වඩා පැහැදිලි වෙසක් ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වනුයේ. කුඩාකල හදිසි අනතුරක් නිසා අන්ධ භාවයට පත් තරුණයෙකි. ඔහු අන්ධ වුවත් කණට ඇසෙන ශබ්ද තරංග හරහා රේඩාර් තාක්ෂණය වැනි ක්‍රමයකින් අවට ලෝකය හඳුනාගත හැකි අයෙකි. ඔහු එම හැකියාව පාවිච්චි කර රාත්‍රී කාලයේදී නගරයේ අපරාධකරුවන්ට එරෙහිව සටන් වදියි. ඔහුට සහායවන මැදිවියේ කතෝලික පූජකයෙක් සිටියි.

   මම මාගේ පැරණි අත්දැකීම් අනුව පියතුමා සහ තරුණයා අතර සමලිංගික ක්‍රියාවක් සිදුවනතුරු බලා සිටියෙමි.

   මෙම චිත්‍රපටයේ ඇති ප්‍රධාන වෙනස වන්නේ කතෝලික ආගමට අපහාස නොවන අන්දමට තනා ඇති චිත්‍රපටියක් වීමයි. ඊට අමතරව මෙම වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටවල ඇති ස්ත්‍රිවාදය එබ්බවීමේ සම්ප්‍රදායද මෙය තුල නොතිබුනි. සාමාන්‍යයෙන් මෙවන් චිත්‍රපටවල වීරයාට අමතරව ඔහුට පමණක් දෙවෙනි වන වීර කාන්තාවක්ද දැකිය හැකි. මෙහිද වීර කාන්තාවක් සිටියත් සටන ආරම්භයේදීම ඇය අවාසනාවන්ත ලෙස මියයයි.

   ඇමරිකානු සිනමාව තුල ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ එහි ඇති කතෝලික විරෝධයයි. මෙහිදී ළමා චිත්‍රපට සහ ආගමික තේමා රැගත් චිත්‍රපට ඇතිබව සලකන්න.

   ඇමරිකානු සිනමාව තුල බොහෝ දුරට කතෝලිකයා නිරූපනය වන්නේ. රහසින් පව් කරන්නෙකු, සුවකල නොහැකි රෝගයකින් පීඩාවිඳින්නෙකු, යක්‍ෂ දිශ්ඨියක් ඇත්තෙකු, කරන කිසිම දෙයක් හරි නොයන අවාසනාවන්තයෙකු, හැමෝගෙන්ම ගුටිකන නිවටයෙකු යනාදී ලෙස ඍනාත්මක චරිත ලෙසයි.

   ඊට අමතරව භූමි කම්පා, උල්කාපාත වැටීම නිසා අභිමානවත් කතෝලික පල්ලි කුඩුපට්ටම් වීම. කතෝලික පල්ලියක විවාහවූ යුවලක් චිවාහ චාරිත්‍ර වලින් පු පල්ලියෙන් එලියට අඩිය තබත්ම ස්නයිපර් ප්‍රහාර වලට ලක්වීම. වැනි දසුන් ඇමරිකානු සිනමාව තුල කොතෙක් ඇත්ද?

   මෙසේ කතෝලික ආගමට අපහාස වෙන නිර්මාන බිහිවීමට හේතුව වනුයේ නූතන බටහිර සංස්කෘතිය බිහිවූයේ කතෝලික සංස්කෘතිය පරාජය කරමින් වීමයි. එමනිසාම බටහිර කලාකරුවා ස්වභාවයෙන්ම කතෝලික විරෝධියෙකි. එබැවින් Dare Devil යනු උඩුගම්බලා පිහිනීමක් වෙයි. මීට අමතරව ඇමරිකාව තුල සිටින සංස්කෘතික වශයෙන් සුදු ජාතියට තර්ජනයක්වන හිස්පැනික් ඇමරිකානුවන් සහ කතෝලික ආගම අතර බැඳීමද මෙයට හේතුවක් විය හැක.

   බෞද්ධයෙකු වට මට මේ ගැන ඇති "පුකේ අමාරුව" කුමක්දැයි ඔබට ගැටළුවක් ඇතිවිය හැක. කතෝලික ආගමට හෙන ගැහුවත් මට අමාරුවක් නැත. නමුත් ඇමරිවේ සුද්දන් කතෝලික විරෝධී නිර්මාණ කරනවිට ලංකාවේ සිටින පද්දන් "පොර" වීම සඳහා එම ආකෘතියේම බෞද්ධ විරෝධී නිර්මාණ කිරීමට පෙළඹෙයි.

   මෙයට තරමක් සමාන උදාහරණයක් ලෙස පවුරු වළලු චිත්‍රපටය සැලකිය හැක. එයින් දෙන අදහස වන්නේ, කතාවේ මව (නීටා ප්‍රනාන්දු) කතෝලික සම්ප්‍රදායන්ට ගරු කල නිසා විපතට පත්වුනු බවයි. ඇය කතෝලික සම්ප්‍රදායන්ට ගරු නොකලේ නම් ඇයට කැමති තරමක් පෙම්වතුන් ආශ්‍රය කර, අවශ්‍යනම් ගබ්සාවන්ද කරගෙන සතුටින් සිටියහැකි බවක් මෙයින් නොකියවේ ද? මෙම චිත්‍රපටය බෞද්ධ පසුබිමක ගොඩනැගුවේ නම් දැඩි විරෝධයක් එල්ලවනු නො අනුමානය.

   සුද්දන් පසුපස යන ලාංකීය පද්දන්ගේ නිර්මාණ වලින් සිංහල බෞද්ධ සංස්කෘතියට වන හානිය වලක්වා ගැනීමට කලහැකි හොඳම ක්‍රමය නම් එයට ප්‍රතිශක්තිය ඇතිකර ගැනීමයි. ඒ සඳහා කලහැකි හොඳම උපක්‍රමය සුද්දන්ගේ කතෝලික විරෝධී නිර්මාණ රසවිඳීමයි.


Tuesday, February 9, 2016

දෙවොල් දෙවියෝ අයිති සිංහලයන්ට විතරයි.

    ස්වර්ණවාහිනී මුල් පිටුව වැඩසටහනකදී, රජයට විරෝධය දක්වා සීනිගම දෙවොල් දේවාලයේ පොල් ගැසීමේ සිද්ධීය ගැන සඳහන්කරමින් හරේන්ද්‍ර මහතා අපූරු කතාවක් කීවේය. ජාතික ගීය දෙමළෙන් ගැයීම ට විරුද්ධ අය හින්දු දෙවියෙක් වඳින්නේ මන්ද? යන්න ඔහු පලකල අදහස විය. පසුව ප්‍රවෘත්ති විකාශයකදී එජාප මන්ත්‍රී වරයෙකුද එම කතාවම කියනු දක්නට ලැබුනි.

    මෙම අදහස පැහැදිලිවම තේරුමක් නැති අදහසක් වන අතරම එයින් සිංහලයන්ට තම ජාතික උරුමයක් අහිමි වීම සිදුවේ. යම් ආගමක්/ දෙවියෙක්/ ආගමික නායකයෙක් යම් ගෝත්‍රයකට අයිතිවීමට නම් එම ගෝත්‍රයේ බහුතරයක් අතර එම ආගම/ දෙවියා/ ආගමික නායකයා වන්දනාවට ලක්විය යුතුය. උපමාවකින් පැහැදිලි කරන්නේ නම් ළි‍‍ඳේ වතුර පොදු දේපලක් වුවත් ලි‍ඳෙන් ඇද කලයකට පුරවාගත් වතුර අයිති එම කලයේ හිමිකරුට බව සලකන්න. ඒ අනුව බුදුහාමුදුරුවන් අයිති සිංහලයාට පමණි. විශ්නු දෙවියන් සිංහලයාට අයිතිය. ගන දෙවියන් සිංහලයාට අයිතිය. ශිව ලිංගය දෙමළාට පමණක් අයිතිය (නමුත් ඇට දෙක සිංහලයාටත් අයිතිය :D) ජේසු අයිති දෙමළාටය. දෙවොල් දෙවියන් අයිති සිංහලයාට පමණි.

   සිංහල බෞද්ධයන් අතර ඇති දේව ඇදහිලි හින්දු ආගම ලෙස හඳුන්වනවානම් එම ඇදහිලි ශ්‍රී ලංකාවටම අනන්‍ය සම්ප්‍රදායයන් බව සැලකිය යුතුය දෙමළාගේ එවැනි ඇදහිලි තමිල්නාඩු ‍ෆොටෝ කොපි බවත් පැහැදිලිය. එසේනම් නියම ලෝකල් හින්දු ආගම අයිති සිංහලයන්ට විතරක් බව පැහැදිලිය.

   මම ගංගොඩවිල සෝම හිමියන්ට ගරුකලත්, සිංහල දේව ඇදහිලි පිළිබඳ ඒ හිමිගේ මතයට එකඟ නොවෙමි.

   දෙමළාට බුදුහාමුදුරුවන් අයිති කරගැනීමට අවශ්‍යනම් ඔවුන් කලයුත්තේ මහා පරිමාණයෙන් බුදුන් වැඳිමට පෙළඹීමයි. නමුත් දෙමළු පුරුදු වී ඇත්තේ සිංහල බෞද්ධයන්ට හරියට බුදුදහම අදහන අයුරු කියාදීමට බව පෙනෙයි.

බලන්න. http://transyl2014.blogspot.com/2016/01/blog-post_11.html

   සිංහල බෞද්ධයන්ට මෙවැනි අයගෙන් චරිත සහතික ලබාගැනීමේ අවශ්‍යතාවක් නැත.