Saturday, April 23, 2016

මගේ මෘදුකාංගයක් (මෙම මෘදුකාංගය මෙව්වා එකක් මෙව්වා කිරීම සඳහා යොදා ගනී)

'සමකය වටේ','යුතුකම' වැනි වෙබ් අඩවි වල පිටු පරිගනකයේ සුරකින විට '_001' වැනි නමකින් යුත් දිගුවක් (file extention) රහිත ගොනු  එම පිටුව සුරකින ස්ථානයේම සෑදෙනු

දැක ඇත්තෙමි. එසේම 'යුතුකම' අඩවියේ පිටු සුරකිනවිට නිතරම එවැනිම දිගුවක් රහිත ගොනු 'Main','Theory','default' නම් වලින්  වෙබ් පිටුවට සම්බන්ධ අතිරේක ගොනු

ගබඩාවන ෆෝල්ඩරය තුල සෑදෙනු දැක ඇත්තෙමි. ‍අනෙකුත් වෙබ් අඩවි වල පිටු සුරැකීමේදීද  ඉඳහිට ‍මෙවන් ගොනු සෑදෙනු දැක ඇත්තෙමි. මෙම ගොනුවලින් ඇති ප්‍රයෝජනය නොදනිමි.

නමුත් මේවා වෙබ් පිටු සෑදීමට අවශ්‍ය දත්ත ගබඩා කරන යම් ආකාරයක දත්ත පදනමක් (data base) සඳහා පාවිච්චි කරන ගොනු විශේෂයක් යැයි සිතේ.
කෙසේ වෙතත් මෙම ගොනුවල රුක් සටහනක ආකෘතියෙන් දත්ත තැම්පත්කර ඇති බව දුටු නිසා මෙම දත්ත පහසුවෙන් කියැවීම සඳහා මෘදුකාංගයක් තැනුවෙමි. මේ සඳහා ශාකීය දත්ත ආකෘතිය තරමක් සංකීර්ණ ලෙස යොදා ගත්තෙමි.
මෙම ගොනු වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි  දන්නා අයෙකු වෙත්නම් එය පැහැදිලි කරන ලෙසද ඉල්ලා සිටිමි.

ක්‍රියා කරවන ආකාරය:



සිප් ගොනුව භාගත කර එය දිගහැර (extract) එය තුල ඇති WindowsApplication19.exe ගොනුව ක්‍රියාත්මක කරන්න. ඉන්පසු BROWSE බොත්තම ඔබා file

Samples ෆෝල්ඩරය තුල ඇති ගොනුවක් තෝරා ඉන්පසු, READ බොත්තම ඔබන්න.
මෙහි file Samples ලෙස දී ඇති එක ගොනුවක් 'ඩ්‍රැකීගේ අඩවියෙනුත්' අනෙක්වා 'යුතුකම' වෙබ් අඩවියෙනුත් ගන්නා ලදී.

2 comments:

  1. සුභ පැතුම්..........

    ReplyDelete
  2. උඹ ලොකු වැඩක් කරලා වගේ තේරෙනවා.
    එත් මචෝ මට ඔය සොෆ්ට්වෙයා සීන් දැන් තේරෙන්නේ නැහැ.
    කාලෙකට කලින් බොහොම උනන්දුවෙන් කරපු දෙයක් වුනාට දැන් අපි අප්ඩේට් නැහැ.

    මොනා වුනත් වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete