Tuesday, March 21, 2017

නිසල පොළොව

   ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ පලවූ අහසේ රිද්මය හා පොළොවේ රිද්මය
ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට සිතුනි.

   පෘථිවිය නිසලව පවතිද්දී  අනිකුත් ග්‍රහ වස්තු සහ ඛගෝලය පෘථිවිය වටා භ්‍රමණය වන්නේයැයි සලකනු ලබන පෘථිවි කේන්ද්‍රීය ග්‍රහ ආකෘතිය වෙනුවට,
   නිසල ඛගෝලයක් සහිත, භ්‍රමණයවන පෘථිවියක් සහිත  පෘථිවි කේන්ද්‍රීය ග්‍රහ ආකෘතියක් ඉදිරිපත්නොවුනේ ඇයිද?යනු මට කලකසිට පැවතුනු ගැටළුවකි.
එවැනි ආකෘතියක් අවබෝධකරගැනීම වඩාත් පහසු නොවේද?


නිසල පෘථිවිය > භ්‍රමණයවන පෘථිවිය > හිරු වටා පරිභ්‍රමණයවන පෘථිවිය


    ලෙස ග්‍රහ ආකෘති ක්‍රමයෙන් පරිනාමය නොවී නිසල ‍පෘථිවියක සිට පරිභ්‍රමණයවන පෘථිවියක් දක්වා පිම්මක් පැන්නේ ඇයි.

   මට සිතෙන අන්දමට මෙයට හේතුව මනෝ විද්‍යාත්මක කරුණකි.
තමා පයගසා සිටින පොළව චලනයවන්නේය යන  අදහස අතීතයේ සිටි සාමාන්‍ය ජනතාවට (හුදී ජනයාට) බියජනක හැඟීමක් ඇතිකිරීමට හේතුවන්නට ඇත.
   ඇත්ත වශයෙන්ම අපට පවා එය යම් ආකාරයක සියුම් තැතිගැන්මක් ඇති නොකරන්නේද?
   සමහරවිට මේ හේතුව නිසා පුරාණ තාරකා විද්‍යාඥයන් ඕනෑකමින්ම චලනයවන පෘථිවියක් පිළිබඳ මතයක් ඉදිරිපත්කිරීමෙන් වැලකී සිටියා වියහැක.

   මා, නලීන් ද සිල්වා මහතා ගැලීිලියෝ ගැන ලියා ඇති ලිපි කියවා ඇත. ඒවාට අනුව ,
කතෝලික සභාව පෘථිවිය චලනය වන්නේය යන අදහස සමාජයතුල පැතිරවීම පෙර පෘථිවිය චලනයවනබව එකල දැනුම ආශ්‍රයෙන් ඔප්පුකරන ලෙස ගැලීලියෝට දැන්වීය.
ගැලීලියෝ එම අනට අකීකරුව ඔප්පු කිරීමෙන් තොරව හිතුවක්කාරලෙස තම මතය ප්‍රසිද්ධ කලනිසා කතෝලික සභාව ඔහු නිවාස අඩස්සියට පත්කරන ලදී.
   මේ සම්බන්ධ නලීන් ද සිල්වා මහතා අපූරු රුවන් වැකියක් පවසනලදී


"පාප් වහන්සේ (බටහිරයන්) කියන තරම්ම නරක මිනිහෙක් නෙමෙයි" :D

   මෙම කරුණු ගැන වැඩිදුර තොරතුරු  දන්නා අයගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.