Tuesday, March 21, 2017

නිසල පොළොව

   ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ පලවූ අහසේ රිද්මය හා පොළොවේ රිද්මය
ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට සිතුනි.

   පෘථිවිය නිසලව පවතිද්දී  අනිකුත් ග්‍රහ වස්තු සහ ඛගෝලය පෘථිවිය වටා භ්‍රමණය වන්නේයැයි සලකනු ලබන පෘථිවි කේන්ද්‍රීය ග්‍රහ ආකෘතිය වෙනුවට,
   නිසල ඛගෝලයක් සහිත, භ්‍රමණයවන පෘථිවියක් සහිත  පෘථිවි කේන්ද්‍රීය ග්‍රහ ආකෘතියක් ඉදිරිපත්නොවුනේ ඇයිද?යනු මට කලකසිට පැවතුනු ගැටළුවකි.
එවැනි ආකෘතියක් අවබෝධකරගැනීම වඩාත් පහසු නොවේද?


නිසල පෘථිවිය > භ්‍රමණයවන පෘථිවිය > හිරු වටා පරිභ්‍රමණයවන පෘථිවිය


    ලෙස ග්‍රහ ආකෘති ක්‍රමයෙන් පරිනාමය නොවී නිසල ‍පෘථිවියක සිට පරිභ්‍රමණයවන පෘථිවියක් දක්වා පිම්මක් පැන්නේ ඇයි.

   මට සිතෙන අන්දමට මෙයට හේතුව මනෝ විද්‍යාත්මක කරුණකි.
තමා පයගසා සිටින පොළව චලනයවන්නේය යන  අදහස අතීතයේ සිටි සාමාන්‍ය ජනතාවට (හුදී ජනයාට) බියජනක හැඟීමක් ඇතිකිරීමට හේතුවන්නට ඇත.
   ඇත්ත වශයෙන්ම අපට පවා එය යම් ආකාරයක සියුම් තැතිගැන්මක් ඇති නොකරන්නේද?
   සමහරවිට මේ හේතුව නිසා පුරාණ තාරකා විද්‍යාඥයන් ඕනෑකමින්ම චලනයවන පෘථිවියක් පිළිබඳ මතයක් ඉදිරිපත්කිරීමෙන් වැලකී සිටියා වියහැක.

   මා, නලීන් ද සිල්වා මහතා ගැලීිලියෝ ගැන ලියා ඇති ලිපි කියවා ඇත. ඒවාට අනුව ,
කතෝලික සභාව පෘථිවිය චලනය වන්නේය යන අදහස සමාජයතුල පැතිරවීම පෙර පෘථිවිය චලනයවනබව එකල දැනුම ආශ්‍රයෙන් ඔප්පුකරන ලෙස ගැලීලියෝට දැන්වීය.
ගැලීලියෝ එම අනට අකීකරුව ඔප්පු කිරීමෙන් තොරව හිතුවක්කාරලෙස තම මතය ප්‍රසිද්ධ කලනිසා කතෝලික සභාව ඔහු නිවාස අඩස්සියට පත්කරන ලදී.
   මේ සම්බන්ධ නලීන් ද සිල්වා මහතා අපූරු රුවන් වැකියක් පවසනලදී


"පාප් වහන්සේ (බටහිරයන්) කියන තරම්ම නරක මිනිහෙක් නෙමෙයි" :D

   මෙම කරුණු ගැන වැඩිදුර තොරතුරු  දන්නා අයගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි.

4 comments:

  1. "ගැලීලියෝ එම අනට අකීකරුව ඔප්පු කිරීමෙන් තොරව හිතුවක්කාරලෙස තම මතය ප්‍රසිද්ධ කලනිසා කතෝලික සභාව ඔහු නිවාස අඩස්සියට පත්කරන ලදී."
    Well then the church condemned him to death!!

    ReplyDelete
  2. ජගත් කියන චලනය වන පොළොව බිය ගෙන දෙන අදහසක් වුනා කියන එක නරක ප්‍රවාදයක් නෙමෙයි. චලනයට බිය වෙන්න මිනිසුන්ට පරිණාමික හේතු තියෙනවා. එයට අමතරව වෙනත් පැහැදිලි කිරීම් කරන්නත් පුළුවන්. ප්‍රවාදයකින් වෙනත් ප්‍රවාදයක් ප්‍රතිස්ථාපනය වීමට අළුත් එක වඩා හොඳ එකක් වීමම ප්‍රමාණවත් නැහැ. එය ජනගත වෙන්නත් අවශ්‍යයි. සමහරවිට ජගත් කියන ආකාරයේ ප්‍රවාද ඉදිරිපත් කළ අය ඉන්න ඇති. සමහර විට ඔය වගේ අදහස් ඇවිත් කාටවත් නොකියා සිටි අයත් ඉන්න ඇති. පරිණාමයේදී ඉතිරි වෙන්නේ ජයග්‍රාහකයින් පමණක් නිසා පරාජිතයින් ගැන තොරතුරු ඉතුරු වෙන්නේ නැහැ. ජීවීන්ට වගේම අදහස් වලටත් එය පොදුයි.

    ReplyDelete
  3. ජගත්ගේ අදහස හොඳයි,
    හිතන්න වටිනවා. ඔබ කියන මානසික හේතුව බොහෝ විට සත්‍යයක් විය හැකිවා මෙන්ම එවන් වූ අදහස් වලට අත් වූ ඉරනම ගැන ඉකොනො කරන අනුමානයත් පිළිගත හැකියි.
    ඒත් අදටත් නිසල පෘථිවිය හා සූර්‍ය කෙන්ද්‍රීය පෘථිවිය කියන සංකල්ප දෙකම එක හා සමානව නිවැරදියි. ගනනය කිරීම් පමණක් වෙනස් වෙනවා.
    කොහොම වුනත් චලිතය සාපේක්ෂ සංසිද්ධියක් නිසාත් සියළු ග්‍රහ වස්තු පිහිටි අවකාශය ස්ථාවර වූ කිසිවකින් තොර නිසාත් ග්‍රහ වස්තු අතර චලිතය සැලකිය යුතු වන්නේ එකිනෙකාට සාපේක්ශවයි.
    චක්‍රාවාටයේ කෙන්ද්‍රයට සාපේක්ෂව සූර්‍යයාත් නිශ්චල නොමැති නිසා චක්‍රාවාටයේ කේන්ද්‍රයට සාපේක්ශව සටහන් කලොත් පෘථිවියේ චලිතය කොතරම් නම් සංකීර්ණ වේවිද?

    ReplyDelete
  4. මීට සරල පිලිතුරක් තිබිය හැකි බව පෙනේ. පෘථිවි කේන්ද්‍රවාදයේදී පොලොව නිසල කර සියල්ල සසල කරනවනේ. ඉතිං එම චලනය අපට පෙනෙන විදියට නිරීක්ෂණය කළා. අමුතුවෙන් භ්‍රමණ හෝ පරිභ්‍රමණ වෙනස එවිට දැනෙන්නේ නැත. එය හරියට ගුවන් යානයක් අහසේ ගමන් කරන විට ඇති වන තත්වයක් වගේ. ගුවන් යානය විසින් යම් දිශාවක් ඔස්සේ චලිතයක් ඇති කරන අතරම, සුලං විසින් තවත් දිශාවකට චලිතයක් ඇති කරයි. පොලොවේ සිටින අපට එම චලිත දෙක වෙන වෙනව පෙනෙන්නේ නැත. ඒ වෙනුවට පෙනෙන්නේ ගුවන් යානය යම් එක් චලිතයක යෙදෙන බව පමණයි. නිරීක්ෂණය එබඳුය.

    ReplyDelete