Wednesday, May 10, 2017

වෙසක් කූඩු



   ප්ලාස්ටික් වලින් සාදන ලද වෙසක් කූඩු රාමු මේ වනවිට වෙළඳපොලේ ඇත නමුත් අප කැමති ආකාරයේ ජ්‍යාමිතික හැඩතලයක් පහසුවෙන් සාදාගතහැකි ලෙස සැකසූ රාමු කට්ටලයක් නොදුටිමි.

   අනුක ව්‍යුහයන් ගොඩනැඟීමට ගන්නා බෝල කූරු ආකෘති වැනි කොටස් ඇති එකිනෙකට වෙනස් මූලික හැඩ 10ක් පමණ සෑදිය හැකි වෙක් කූඩු ආකෘති කට්ටලයක් සෑදීමට යම් ව්‍යාපාරිකයෙක් උනන්දු වන්නේ නම් මනාය.

   මෙවැනි කටයුතු වලට ප්‍රතිචක්‍රී කරණය කරන ලද ප්ලාස්ටික් යොදා ගන්නේ නම් වඩා සුදුසුය.

   මා මුලින් සිතා සිටියේ වෙසක් කූඩු සෑදීම බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරටට පැමිණි චීන වෙළඳුන් හරහා අපට ලැබුනු දෙයක් ලෙසයි. නමුත් මෙය ඉන්දියාවේ හින්දූන් ගේ දීපාවලී සැරසිලි ආශ්‍රයෙන් ලැබුණ දෙයක් බව දැනගතිමි. මෙහි ඉතිහාසය ගැන වැඩි විස්තරයක් නොදනිමි. දන්නා අයෙකු වෙත්නම් වැඩිදුර දැනුවත් කරන්න.

   මෙවර වෙසක් කූඩුව සඳහා අටපට්ටම් 3ක් යොදාගෙන ඉහත දැක්වෙන කූඩුව සෑදුවෙමි. එයට රුපියල් 15ක් වැයවිනි. ලබන වර අටපට්ටම් හතරකින් චතුස්තලයක් සෑදීමට බලාපොරොත්තු වෙමි.