Sunday, September 8, 2019

සිංහල විශ්ව කෝශය PDf කරණු

සාහිත්‍ය මාසය ගැන බ්ලොග් කිහිපයක ලිපි පලවී තිබෙනු දුටු මට මෙය ලිවීමට මතක්විය.

මා සතුව සිංහල විශ්ව කෝශයේ වෙළුම් දෙකක් ඇත.

මෙය මිලදීගත්තේ  වසර විස්සකට පමණ පෙරදීය.

ඒ පිටකොටුව ගුණසේන පොත් හලෙනි.

එහි විශ්වකෝශ වෙළුම් කිහිපයක් විකිණීමට තබා තිබුනි. ඒවා වැඩිහරියක් වතුර වැටී හානිවූ ඒවා විය.

රජයේ විශ්වකෝශ  දෙපාර්තමේත්නුවෙන් කඩදාසි බරට ගෙන විකිණූ ඒවා විය යුතුය.

මා එකල සාමාන්‍යපෙල විභාගය ලියා උසස්පෙල පන්ති පටන්ගන්නා තුරු පාසලේ පරිගනක පාඨමාලාවකට යන්නේය. එම පන්ති තිබුනේ සෙනසුරාදා සහ ඉරිදා දින වලය.

පාඨමාලාවක් කියා හැඳින්වුවද එය සහතික ලබාදෙන එකක් නොවේ.

මම ගුනසේන පොත්හලට ගියේ පරිගණක පන්ති අවසන්වී නිවසට යන අතරතුරය.

මට අත ඇති මුදල සීමා සහිත නිසා විශ්වකෝශ  අතර තිබූ හොඳම තත්වයේ පිටපත් දෙකක් මිලදී ගතිමි.

ඒවා 'කැ' සහ 'කේ' යටතේ  ඇති වෙළුම් විය.එම පොත් රතුපැහැති පිටකවර ඇති ඝනකම් පිටකවර ඇති පොත් වෙයි.


මෙම විශ්වකෝශ ව්‍යාපෘතියට සම්බන්ධ කතෘවරු අතර හරිස්චන්ද්‍ර විජයතුංග මහතාද විය.

මේ වනවිට  මෙම විශ්වකෝශ ව්‍යාපෘතිය නතරවී ඇතැයි සිතමි.

නමුත් මෙතෙක් ලියනලද විශ්වකෝශ වෙළුම්  ආරක්ෂාවී ඇත්නම්. ඉලෙක්ට්‍රොනික මාධ්‍යයට(එනම් PDF පිටපත් හෝ වෙබ් පිටු ලෙස) හරවා බෙදාහැරීම ජාතික සේවයකි.

මෙහිදී එම පිටපත් පින්තූර ලෙස නොව පෙල (text) බවට හරවා  ඉලෙක්ට්‍රොනික පිටපත් සැකසිය යුතුය.

විශ්වකෝශය මුද්‍රණය සඳහා යොදා ඇත්තේ එකම අකුරු මෝස්තරයක් බැවින් OCR මෘදුකාංගයකින් මෙය පහසුවෙන් කල හැකියැයි සිතමි.


බලධාරීන්ගේ අවධානය යෙමුවේවා!