Wednesday, June 10, 2015

කවුද මේ බූරුවෝ





හකුලුවා තැබිය හැකි ඇඳන් හඳුන්වන්නට “බූරු ඇඳ” නම් වදන සිංහල බාශාවෙන් යොදයි.
ඉංග්‍රීසියෙන් “කාර්ඩ්” යන නමින් හඳුන්වන ක්‍රීඩාවට සිංහලෙන් පාවිච්චි කෙරෙනුයේ “බූරු සෙල්ලම” හෝ “බූරුවා ගැහීම” යන වදනයි. බූරුවා නම් තෙක් සිටියත් මෙම අවස්ථාවේදී එම වචනය යොදන්නේ එම සත්වයා හැඳින්වීමට නොවේ. මෙම අවස්ථාවල බූරුවා යනුවෙන් හඳුන්වනුයේ කවුදැයි දන්නා අය අල්ප බැවින් මෙය ලිවීමට තීරණය කලෙමි.
දකුණු අප්‍රිකාව ලන්දේසි පාලනයට යටත්වූ පසු ඕලන්ද සංක්‍රමණිකයන් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එහි ජනපද පිහිටුවා ගත්හ. මෙම සංක්‍රමණිකයන් හැඳින්වීමට බෝවර් (Boer - ලන්දේසි බසින් මෙහි අරුත “ගොවියා” වේ) යන වදන පාවිච්චි කරන ලදී. බෝවර් වරුන් සමන්විත වූයේ ලන්දේසි ජාතිකයන්ගෙන් සහ රෙපරමාදු ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම නිසා ප්‍රංශයෙන් පිටුවල්කරනු ලැබ ඕලන්දයට සංක්‍රමණය වූ ප්‍රංශජාතිකයන් ගෙනි. මොවුන් දකුණු අප්‍රිකාවේදී ඕලන්ද පාලනය තුල අර්ධ ස්වාධීන ජාතියක් ලෙස සිටියහ.
1814 දී දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනය යටතේ මොවුන්ට හිරිහැර සිදුවිය. දකුණු අප්‍රිකාව යටත්කරගැනීමේදී එහි බෝවර් වරුන්ට දේශපාලන බලතල සහ ඔවුන්ට ආර්ථික වාසි ලැබෙන අන්දමට පාලනය කරන බවට මුලදී බ්‍රිතාන්‍ය පාලකයන් එකඟ වුවත් පසුව බෝවර් වරුන්ට දේශපාලන බලතල ලබා නොදීමටත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට වාසිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය ඔවුන් කටයුතු කලහ. මේ නිසා දකුණු අප්‍රිකාව තුල බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීමට බෝවර්වරු කිහිපවරක්ම සටන් කලහ. මෙම සටන් බෝවර් යුද්ධ ලෙස හඳුන්වයි.
මෙම යුද්ධ වලින් ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්විය. 
මෙයින් වඩාත්ම දරුණු යුද්ධය දෙවැනි බෝවර් යුද්ධය වේ. 1899 සිට 1902 අතර කාලයේ පැවති මෙම යුද්ධයේදී දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශ කිහිපයක බ්‍රිතාන්‍ය පාලනය තාවකාලිකව පෙරලා දැමීමට බෝවරුවරු සමත්විය.
මෙම සටනේදී බ්‍රිතාන්‍ය යුධ උපක්‍රමයක් වශයෙන් බෝවර්වරු විශාල සංඛ්‍යාවක් (මට සොයාගත හැකිවූ අන්දමට 60 000කට වැඩි) රැඳවුම් කඳවුරුවල (Concentration camps) රඳවා තබන ලදී.
පසුව බෝවර්වරු මෙම කඳවුරුවලට පහරදී රැඳවියන් මුදා ගැනීමට ක්‍රියාකල නිසා වැඩිහිටි පිරිමි සිරකරුවන්ව පිටරටවලට යැවීමට බ්‍රිතාන්‍ය පාලකයත් කටයුතු කලහ. මෙසේ ඔවුන් ලංකාව, ඉන්දියාව සහ ශාන්ත හෙලේනා දූපත්වල එලිමහන් සරකඳවුරු වලට යවන ලදී.
ලංකාවට එවන ලද මෙම සිරකරුවන් ප්‍රධාන වශයෙන් කොළඹ සහ දියතලාවේ රඳවා තබන ලදී.
වනබිමේ සිරකරු නම් පොතේ සහ එයින් තැනූ ටෙලිනාට්‍යයේ සඳහන් කරන “එංගල්” මෙසේ එවන ලද බෝවර් ජාතිකයෙකි.
කොළඹ රඳවන ලද බෝවර් සිරකරුවන් සඳහා සපයා දුන් ඇඳට මුලදී “බෝවර් ඇඳ” ලෙසත් පසුව “බූරු ඇඳ” ලෙසත්  සිංහලයන් විසින් හැඳින්විනි. (බෝවර්වරු බිම නිදාගැනීම ප්‍රතික්ශේපකල නිසා ඉක්මනින් අඩු වියදම් ඇඳක් තනන ආකාරය පවසන්න යැයි බ්‍රිතාන්‍ය නිලධාරීන් දැන්වූ විට මෙම ඇ‍ඳේ සැලැස්ම බෝවර් වරුන්ම ඉදිරිපත් කරන ලදී.)
මෙම බෝවර් සිරකරුවන් ලංකාවේ සිටියදී කාලය ගෙවා දැමීමට කල සෙල්ලමට සිංහලයන් “බෝවර් සෙල්ලම” ලෙස හැඳින්වූහ පසුව එය “බූරු සෙල්ලම”වී ඉන්පසු “බූරුවා ගැහීම” බවට පත් විය.
බෝවර් යුද්ධයෙන් පසු මොවුන් වැඩි දෙනෙක් නැවත දකුණු අප්‍රිකාවට ගෙන ගිය අතර, බූරු ඇඳ සහ බූරු සෙල්ලම සිංහල සංස්කෘතියට උරුම විය. බූරුවා ගැසීම ඊට පෙර ද මෙරට කෙරුණු නමුත් එය එක් පැලැන්තියකට සීමාවූ විනෝදාංශයක් විය. බූරුවා ගැසීම බයියන්ට පුරුදු වුනේ බෝවර් වරුන්ගෙනි.
බූරුවා ගැසීම සමඟ “ආසි”,‍ “හේරා”,”හාරත”,”රුවිත” වැනි නව වදන් සිංහලයට ලැබුනු අතර ඒවා ලේඛණයේදී යෙදීමට මැලිවිය යුතු නැත.

Thursday, June 4, 2015

බාබේරියන්!

  බන්‍ධුල ගුණවර්ධන මහතා රූපවාහිනී වැඩසටහනක දී “පක” සහ “පයිය” නම් වචන සඳහා ඇති විවිධ අර්ථ දැක්වීම් ඉදිරිපත් කරනු නැරඹුවෙමි.
  මෙසේ අදහස් දැක්වීමේ අරමුණ සමාජයේ අවධානය වෙනතකට යොමු කර වාසුදේව මහතාට එල්ල වෙන අපවාදයෙන් ඔහුව මුදවා ගැනීම බවට සැකයක් නැත.
  මේ බන්ධුල ගුණවර්ධන මහතාගේ ඇති විශේෂ දක්ෂතාවක් ලෙස සැලකිය හැක.
  එක් වරක් බඩු මිල ඉහල යාම ගැන ඇසූ විට කවුරු වත් අසා නැති වයිමෙක් ගැන පවසා අවධානය වෙනතකට යොමු කිරීමට ඔහු සමත් විය,
  තවත් වරක් ජීවන වියදම ඉහල යාම ගැන ඇසූ විට රුපියල් 2500.00 කින් මාසයක් නො මැරී සිටිය හැකි බව පවසා පසුව එය තර්කානුකූලව ඔප්පු කරන ලදී. ඒ හරහා ජීවන වියදම අමතක කරවන ලදී.
  අලුත් ම සිදුවීමේ දී බන්‍ධුල මහතා පෙන්වීමට උත්සාහ කලේ “පක” සහ “පයිය” සඳහා විවිධ අර්ථ ඇති බවත් එම නිසාම වාසුදේව මහතා පැවසුවේ අසභ්‍ය චචනයක් නොවන බවත් ය.
එම අර්ථ නම්,
පයිය: පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, පුරුෂ ලිංගය (අසභ්‍ය)
පක: ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, පිහාටුව, පියාපත, ගොඩ, රාශිය,
        සතුන්ගේ  බෙට්ට, පුරුෂ ලිංගය (අසභ්‍ය)
   මීට අමතරව හුත්ත යන වදන සෑදී ඇති අන්දම මා ඇති ආකාරයට මෙසේ ය, සංස්කෘත භාෂාවෙන් සැප යන අරුත ඇති “සුඛ” නම් වදන සිංහලයට ගැනීමේ දී පැරණි සිංහල හෝඩියේ මහාප්‍රාණ අක්ෂර නැති නිසා “සුක” ලෙස පාවිච්චි කර ඇත. පසුව එය කට වහරට ඒමේ දී “හුක” වී ඇත ඒ වචනයෙන් හුත්ත සහ හුකනවා යන ක්‍රියා පදය සෑදී ඇත. මේ අනුව බන්‍ධුල මහතාගේ ක්‍රමයට අනුව “අපි එන්ජෝයි කරනවා” යනුවෙන් පැවසීම වෙනුවට “අපි හුකනවා” කීමෙහි වරදක් නැත.
  මෙහිදි බන්දුල මහතා කරන වරද නම් පක සහ පයිය සඳහා ඇති අසභ්‍ය අර්ථය හැර අන් වචන ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතා නො කරන බව අමතක කිරීමයි. එසේම යම් වචනයක මුල් අර්ථය අසභ්‍ය එකක් නොවුනත් පසුකාලීන ව සම්පූර්ණයෙන්ම එයට වෙනස් අරුතක් එයට එක් විය හැක.

මේ තමයි බාබේරියන්
  එසේ මා නො දැනුවත් වම මා විසින් කියවුන කුණුහරුපයක් ගැන සඳහන් කරමි. මෙය මා විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ මුල් කාලයේ ඉගනුම ලබද්දී සිදුවූවකි.
  එකල මම Diablo 2 (Lord of destruction) නම් පරිගණක ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිවී සිටියෙමි. දිනක් මගේ මිතුරෙකුට මෙම ක්‍රීඩාව අඩංගු DVD තැටිය ලබා දී එය පරිගණකයේ ස්ථාපිත කරන අන්දමත්, ක්‍රීඩාව කරන අන්දමත් හඳුන්වා දෙමින් සිටියෙමි.
  මෙහි දී කල යුත්තේ සටන් කරුවෙක් තෝරා ගෙන අමනුෂ්‍ය බලවේග සමඟ සටන් කිරීමයි. සටන් විවිධ කරුවන්ට ඔවුන්ට ආවේණික හැකියාවන් හා දුබල කම් පවතී. මෙම ක්‍රීඩාවේ මා කැමති ම චරිතය නෙක්‍රොමෑන්සර් වන නමුත් ක්‍රීඩාවට ආධුනිකයන් සඳහා වඩාන් සුදුසු බාබේරියන් චරිතය බැව් නිගමනය මා සිතූ බැවින් මිතුරාට එය හඳුන්වා දීමට තීරණය කලෙමි.
  ඒ අනුව පරිගණකයක් වෙත ගොස් අන්තර් ජාලය හරහා බාබේරියන් චරිතය යොදා ක්‍රීඩාව කරන අන්දම විස්තර කරන අන්දම පැහැදිලි කරමින් සිටියෙමි. අප සිටි පරිගණකයට යාබද පරිගණකය අසල ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටි අතර අප දෙදෙන පරිගණක තිරය දෙස ඉතා උනන්දුවෙන් බලා ගෙන මඳසිනා පාමින් “බාබේරියන්” වචනය කිහිප වරක් කියනු දැක ඔවුන් දෙදෙනා අප දෙස අප්‍රසන්න බැල්මක් හෙලා සිහින් හඬින් යම්ක් කියමින් ඉවතට ගියහ.
  ඔවුන් කියූ වදන් අපැහැදිලි වුවත් අප දෙදෙනාට යම් අභූත චෝදනාවක් නැගූ බව පෙනුනි. ඔවුන් ගිය පසු “බාබේරියන් කියන්නේ කුණුහරුපයක් ද බං?” කියා මිතුරාගෙන් ඇසුවෙමි. ඔහුට ද එයට දීමට පිළිතුරක් නොවුනි.