Tuesday, May 1, 2018

මගේ උපසිරැසි පරිවර්තන මෘදුකාංගය: SUB_TITLE_Translator



DOWNLOAD EXE
DOWNLOAD SRC

ක්‍රියා කරවන ආකාරය
මෙම මෘදුකාංගය සඳහා dot net frame work 4.6 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය වේ.
dot net frame work බාගත කරන්න
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුල එය අඩංගුව ඇත. නැතිනම් එය ස්ථාපනය කරන්න.

* චිත්‍රපටයට (හෝ ටෙලි නාට්‍යයට) ගැලපෙන srt වර්ගයේ ඉංග්‍රීසි උපසිරැසියක් ලබාගන්න.
*මෘදුකාංගය විවෘත කරන්න.
* "විවෘත" බොත්ම ඔබන්න.
*ඉංග්‍රීසි උපසිරැසිය තෝරා විවෘත කරන්න.
*"ස්වයංක්‍රීය" බොත්තම ඔබන්න.
*"TRANSLATE ALL" බොත්තම ඔබන්න.
*සියල්ල පරිවර්තනය වූ විට "make SRT" බොත්තම ඔබන්න.
*"අතින්" බොත්තම ඔබා හස්තකෘත පරිවර්තනයන් කරන්න.
* අවසානයේ  "සුරකින්න"බොත්තම ඔබන්න.
ඉංග්‍රීසි උපසිරැසියේ නම abc.srt නම් එම ෆෝල්ඩරය තුලම abc_si.srt යනුවෙන් පරිවර්තිත ‍උපසිරැසිය සෑදී ඇත.

මෙය මා තැනූ උපසිරැසි පරිවර්තන මෘදුකාංගයයි.
මෙය සහය දක්වනුයේ  srt ආකෘතියට සාදන ලද උපසිරැසි ගොනු සඳහාය.
මෙයින් ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය පහසු කරයි.
මෙහි ක්‍රියාකාරීත්වය කොටස් දෙකකින් යුක්තය.
එනම් ස්වයංක්‍රීය පරිවර්තනය සහ හස්තකෘත (manual) පරිවර්තනයයි.

ස්වයංක්‍රීය පරිවර්තනය සඳහා අන්තර්ජාල සම්බන්ධය අවශ්‍ය වේ.
එහිදී ගූගල් පරිවර්තකය මඟින් උපසිරැසි සිංහලට පරිවර්තනය වෙයි.
තරමක ඉංග්‍රීසි දැනුමක් ඇත්නම් මෙය යොදාගෙන වුවද චිත්‍රපට රසවිඳීමට හැක.

හස්තකෘත පරිවර්තනය මඟින් වඩා නිවැරදි පරිවර්තනයක් කල හැක.
මෙම අංශයේ මූලික කොටස් තනා ඇති අතර ඉදිරියේදී මෙය වැඩිදියුනු කිරීමට බලා පොරොත්තු වෙමි.
උදාහරණයක් ලෙස පරිශීලකයන් කිහිප දෙනෙකු එක්වී උපසිරැසි සංස්කරණයට හැකි ලෙස (multiuser) මෙය දියුනු කලොත් හොඳයැයි සිතමි.

මෙය ඕනෑම අයෙකුයට වැඩිදියුණු කිරීමට අවසර ඇත.
මෙහි වෙනස්කලයුතු අංග සහ එක්කලයුතු විශේෂාංග ගැන ඔබේ අදහස් බලාපොරොත්තු වෙමි.

මෙම මෘදුකාංගය මඟින් සිංහලට පරිවර්තනය කල මා කුඩාකල නැරඔූ Space 1999 විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාවේ උපසිරැසි මේ සමඟ එවමි.
Space1999 Sinhala sub