පසුගිය දිනවල ජාතික ගීය ගැන ගැන විවිධ කතාබහ සිදුවුනි එහිදී කියැවුනු එක්තරා කරුණක් නම්
ජාතික ගීයේ වචන වෙනස්කල නිසා ඇතිවූ සිත් රිදීම ආනන්ද සමරකෝන් මහතාගේ මරණයට හේතු වූ බවය.
මේ කතාව ඇත්තක්ද? මමත් නොදනියි.
සමහරවිට කට කතාවක් වියහැක.
ආනන්ද සමරකෝන්ට මේ ගැන විරෝධයක් තිබිය හැකි වුවත්, ඔහුගේ මරණයට හේතුව එයම විය යුතුද?
එය ඇත්තක් නම් ලංකාවේ එහෙම දෙයක් වූ එකම අවස්ථාව මෙයයි.
මේ වගේම දෙයක් ඉන්දීය දේශපාලඥවරියක් වන ජයලලිතා ජයරාම් මහත්මිය සම්බන්ධයෙන්ද පලවිය.
ජයලලිතා රිමාන්ඩ් ගතකලවිට තමිල්නාඩු ප්‍රාන්තයේ ඇගේ ආධාර කරුවන් හැටකට අධික සංඛ්‍යාවක් මරනයට පත්වූ බව වාර්තා විය.
මොවුන්ගෙන් සමහරක් සියදිවි නසාගත් අතර අනෙක් අය හදිසි හෘදයාබාධ නිසා මරණයට පත්විය.
නමුත් ගැටළුව වන්නේ ඊට මාස තුනකට පමණ පසු ඇය මියයාමයි. ඇය මියයාම නිසා කිසිවෙකුත් ශෝකයට පත්ව දිවිනසාගත් බව වාර්තා නොවිනි.
වීමට ඉඩ ඇත්තේ ජයලලිතාට පක්ෂපාතී අය ජයලලිතා සිරගතකල දිනවලදී මියගියවිට. එම මරණ ජයලලිතා සිරගතකල ශෝකය නිසා සිදුවූ ඒවා යැයි
ජයලලිතාගේම ආධාර කරුවන් විසින් ප්‍රචාරය කෙරුමයි.
මේ වගේම තවත් සිද්ධි දෙකක් දක්වමි.
1.) ගොබෙල්ගේ න්‍යාය
ජෝෂෆ් ගොබෙල් යනු ජර්මානු ජාතික සමාජවාදී පක්ෂයේ උප නායකයාය.
ඔහුගේ ප්‍රධාන රාජකාරිය වූයේ එකල සදාචාරය පිරිහී තිබුණ ජර්මානු සමාජය තුල
ජර්මානු කතෝලික හරයන් වර්ධනය කර විනයානුකූල සමාජයක් ගොඩනැගීමයි.
ජර්මානු කතෝලික සංස්කෘතියට නොගැලපෙන අය පුනුරුත්ථාපනය කර ජර්මානු සමාජයට එක්කර ගැනීමට අවුට්විශ්ට් වැනි ස්ථානවල පුනුරුත්ථාපන කඳවුරු ඉදිකිරීමටත් ඔහු මුල්විය.
මේ දිනවල චීනයේද උයිගර් මුස්ලිම්වරු සඳහා මෙවැනි පුනුරුත්ථාපන කඳවුරු ක්‍රියාත්මක වේ.
ගොබෙල්ගේ න්‍යාය යනු ගොබෙල් කීවා යැයි සඳහන් ප්‍රකාශයකි එනම්:
"එකම බොරුව අවශ්‍ය තරම් වාර ගනනක් නැවත නැවත අසන්නට සැලැස්වුවහොත් අසන්නා එය ඇත්තක් යැයි පිලිගනියි."
ප්‍රශ්ණය වන්නේ මෙම කතාව ගොබෙල් විසින් කියැවුනු බවට කිසිම පිලිගත හැකි සාක්ෂියක් නොමැති වීමයි.
අනිත් අතට ගොබෙල්ට පෙර සිටි මිනිසුන් ගොබෙල්ගේ න්‍යාය යනුවෙන් හඳුන්වන දේ ගැන දැනුවත්ව නොසිටියේද?
ජාතක කතා වලත්, නස්රුදීන්ගේ කතා වලත් ගොබෙල්ගේ න්‍යාය හමුවන තැන් ඇත.
"ගොබෙල්ගේ න්‍යාය"ත් "ගොබෙල්ගේ න්‍යාය" මඟින්ම සමාජගතකල බොරුවක් වීමට ඉඩ වැඩිය.
2.) "බණ්ඩාරනායක ඉංග්‍රීසි අධ්‍යාපනය වනසා දමා රටේ දරුවන්ගේ බුද්ධිය මොටකර තම දරුවන්ට ඉංග්‍රිසියෙන් ඉගැන්වීය"
මේ කතාව දේශපාලන මඩ ප්‍රහාරයකි. බණ්ඩාරනායක රජය බිහිවීමට පෙරද ස්වබාශා අධ්‍යාපනයක් පැවතුනි. බණ්ඩාර නායක මහතා කලේ එය පුළුල් කිරීමයි.
එසේම ස්වබාශා අධ්‍යාපනය ගැන කන්නන්ගර මහතාද සඳහන්කර ඇත.
අනිත් අතට සිංහල රාජ්‍ය බාශාව කිරීම සහ ස්වබාශා අධාපනය යනු බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් නොවේ එය එකල පැවති ජාතික ව්‍යාපාරවලින් ආ යෝජනාවකි.
ගුණපාල මලලසේකර, මෙත්තානන්ද, හෙල හවුල මෙම මතවාදය වෙනුවෙන් කටයුතු කලහ.
බණ්ඩාරනායක මහතා කලේ චන්ද ලබා ගැනීම සඳහා එම ඉල්ලීමට එකඟ වීමයි.
එසේනම් එහි ගෞරවය/ නින්දාව බණ්ඩාරනායක මහතාටම යොමුකලයුතු නැත.