Saturday, May 30, 2015

බහු මන්ත්‍රී ආසන - මේ මොන හුත්තක් ද?

ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ ක්‍රමයට අනුව බහු මන්ත්‍රී ආසන නම් විෂබීජයක් ද ඒ සමඟම එයට මුසු කරන ලදී. ජේ. ආර්. ජයවර්ධන මහතා සමානුපාතික නියෝජන ක්‍රමය හරහා මෙය අවලංගු කල නමුත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත මෙය ගෙන ඒමට කටයුතු සිදු වන බව පෙනේ. මෙම ලිපිය ලිවීමෙන් පලක් වේදැයි සැකයක් ඇතත් කවුරු හෝ මෙය කිව යුතු නිසාම මෙය ඉදිරිපත් කරමි. බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කෙරෙන විට එකල වැඩි වරප්‍රසාද ලබා සිටි දෙමළ ප්‍රභූවරු එයට විරුද්ධ විය. ඒ වෙනුවට 50ට 50 බලතල ලබා දෙන ලෙස අධිරාජ්‍ය වාදීන්ගෙන් ඉල්ලා සිටියහ. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනය වැනි වූ කිසි සේත් ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කල නො හැකි මෙම ඉල්ලීම වෙනුවට විකල්පයක් ලෙස පාර්ලිමේන්තුව තුල සිංහල බලය අඩු කිරීමේ අරමුණෙන් බ්‍රිතාන්‍යයන් මෙම බහු මන්ත්‍රී ආසන ක්‍රමය හඳුන්වා දුන්හ. බහු මන්ත්‍රී අසන ක්‍රමය නිසා සමහර අවස්ථාවල සිංහලයන්ට ද වාසි ඇතිවෙන නමුත් එය දිගු කාලීන ව සිංහලයන්ට හානිකර ය. උදාහරණයක් ලෙස යම් ආසනයක 40%ක් පමණ මුස්ලිම් ජනගහනයක් ඇති විට එක් ප්‍රධාන පක්ෂයක් තම අපේක්ෂකයා ලෙස මුස්ලිම් අයෙක් ඉදිරිපත් කල හොත් අනිත් ප්‍රධාන පක්ෂය ද මුස්ලිම් අයෙක් තම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කල හැක. නමුත් බහු මන්ත්‍රී ක්‍රමය හරහා සිදු වන්නේ වර්ගවාදය රෙජිස්ටර් කිරීමයි. බහු මන්ත්‍රී ක්‍රමය වැනි ක්‍රමවල ඇති එකම සාධනීය අංගය වන්නේ වැද්දන් නයිපනික්කි වැනි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා නියෝජනයක් ලබාගත නො හැකි අය වෙනුවෙන් මෙය යෙදුව හොත් පමණි. මෙය ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට බාධාවකි. ශ්‍රී ලාංකිකයන් යනු සිංහලයන් ම නිසා මෙය සිංහලයන්ට හානිකර තත්වයකි. (ලංකාවේ දෙමළුන් යනු තමිල්නාඩු ඩයස්පෝරාවක් වන අතර මුස්ලිම් පමණක් නොව කතෝලික ආගමද ජාතිකත්වයට විරුද්ධ ආගම් වේ. යුරෝපය තුල ජාතික රාජ්‍ය ගොඩනැගීම සහ කතෝලික සභාව දුර්වල එකට සිදුවීම අහම්බයක් නොවේ. මෙහි දී මම ජාතිකත් වය යනුවෙන් අදහස් කලේ බටහිර සංකල්පය මිස නලීන් ද සිල්වා මහතාගේ මතවාද නොවන බව සලකන්න.) ශ්‍රීලාංකික ජාතියක් වෙනුවෙන් කෙටි කාලීන කැප කිරීම් කිරීමට සිංහලයන් මැලි නොවිය යුතු ය. මන්ද, දිගුකාලීනව එම කැප කිරීම් නැවත සිංහලයන්ට ම ආපසු ලැබෙයි. මෙහි දී බහු මන්ත්‍රී ආසන ක්‍රමය තුල ඇති අවුල් සහගත තත්ව කිහිපයක් සඳහන් කරමි. 1. යම් ආසනයක් බහු මන්ත්‍රී ද නැද්ද යන්න තීරණය කරන්නේ ආසනයේ ජනතා කැමැත්ත විමසා නොවේ. (බොහෝ විට මෙය සිදු වන්නේ වර්ගවාදය පවත්වා ගැනීම මත තම දේශපාලන බලය රැඳී පවතින දේශපාලනඥයන්ගේ නිර්දේශ මතයි.) 2. ආසනයේ ජනතාවගෙන් බහුතරයකට බහු මන්ත්‍රී ක්‍රමය අවලංගු කිරීමට අවශ්‍ය වුවත් එය කල නො හැක. 3. බහු මන්ත්‍රී බව තිරණය කිරීමට නිශ්චිත ක්‍රමයක් නැත. උදාහරණයක් ලෙස මොරටුව වැනි බෞද්ධ සහ කතෝලික ආගමිකයන් සම සමව ඇති ආසනවල බහු මන්ත්‍රී ක්‍රමය ක්‍රියාත්මක කරයි ද? එසේම කුල භේදය මුල්කරගෙන බහු මන්ත්‍රී ක්‍රමය ක්‍රියාත්මක කල යුතු ද? 4. යම් ආසනයක පැහැදිලි ප්‍රධාන ජනවර්ගයක් ඇති විට එහි වසන සුළුතර ජනවර්ග නො සලකා හල යුතු ද? 5. සිංහලයන් නියෝජනය කිරීමට සිංහලයෙක් ම, ආදී වශයෙන් මන්ත්‍රීවරුන් පත් කල යුතු ද? යම් දේශපාලනඥයෙක් තම ජන වර්ගය පමණක් ම නියෝජනය කල යුතු ද? 6. යම් ප්‍රදේශයක අලුතින් ජනාවාස ඇති කිරීමක් වුවහොත් එවිට එම ප්‍රදේශය බහු මන්ත්‍රී කලයුතුද? 7. බහු මන්ත්‍රී වරුන් නඩත්තු කරන්නේ පොදු ජනයාගේ මුදලිනි. බහු මන්ත්‍රී ක්‍රමයට විරුද්ධ අයගේ මුදලින් බහු මන්ත්‍රී වරු නඩත්තු කිරීම සාධාරණ ද? වනිතා කටයුතු ඇමතිකම සාමාන්‍යයෙන් පිරිනමනුයේ ස්ත්‍රියකට ය, ධීවර ඇමතිකම දෙනුයේ ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයක මන්ත්‍රී වරයෙකුටය, අධිකරණ ඇමතිකම සාමාන්‍යයෙන් නීතිඥයෙකුට පිරිනමයි. නමුත් මේ කිසිවක් නීතිගත කර නැති අතර සම්ප්‍රදායයන් ලෙස මේවා සිදුවෙයි. මේ ආකාරයට ම ජනවාර්ගික කරුණුත් කට වචනයට සීමා වූ එකඟතාවයන් ලෙස පවත්වා ගැනීම විනා නීතිගත කර ගැනීම හානිකර වේ. සමානුපාතික හා කේවල ක්‍රම දෙකේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නිසා, මහ මැතිවරණයක දී ඡන්ද පත්‍රිකා දෙකක් ලබා දීමට කටයුතු කල හැක. එකක් තම ආසනයට අදාළ මන්ත්‍රීවරයා තෝරා ගැනීමට වන අතර අනෙක සමානුපාතික නියෝජන ක්‍රමයට මන්ත්‍රී වරයෙක් පත් කර ගැනීමට යොදා ගත හැක. මෙහි දී මෙම පත්‍රිකා දෙකේ දී පක්ෂ දෙකකට වුවද ඡන්දය දැමීමට හැකි අතර අවශ්‍ය නම් එක් ඡන්ද පත්‍රිකාවක් අවලංගු කිරීමට ද තේරීමක් තිබිය යුතු ය. සමානුපාතික මන්ත්‍රී වරයෙක් පත් කර ගැනීමේ දී ඔහුට එක් එක් ආසනයෙන් ලැබුණු මනාප ප්‍රමාණය ප්‍රසිද්ධ කල යුතු ය. යම් ආසන මන්ත්‍රී වරයෙක් වර්ගවාදී ව කටයුතු කරයි නම්, ජනතාවට, ඔහුට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අමතරව පාර්ලිමේන්තු කොමිසමකට පැමිණිලි කිරීමට ක්‍රමයක් සෑදිය යුතු ය. එහි දී එම ආසනයෙන් වැඩි මනාප ලත් සමානුපාතික මන්ත්‍රී වරුන්ගේ අදහස් සැලකිල්ලට ගත හැක. මෙයට අමතරව ආසන කිහිපයක් (3ක් හෝ 4ක්) බැගින් එකට ගෙන සමානුපාතික නියෝජනය යටතේ ඡන්ද පැවැත්වීම කල හැක. බහු මන්ත්‍රී ක්‍රමය අවලංගු කිරීම ආනන්තරීය පාපයක් වැනි දෙයක් නම්, 1. යම් ආසනයක් බහු මන්ත්‍රී කිරීමට එම ආසනයේ ජනමත විචාරණයක් පැවැත්වීම. 2. ජනතා ඉල්ලීම මත ආසනය තුල ජනමත විචාරණයක් පවත්වා බහු මන්ත්‍රී ක්‍රමය අවලංගු කිරීමට හැකිවීම. 3. අමතර මන්ත්‍රීවරු නඩත්තුවට යන මූලික වියදම ආසනයේ ජනතාවගෙන් ම අය කර ගැනීමට කටයුතු කිරීම. 4. පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වල දී බහු මන්ත්‍රීවරුන්ට ඡන්ද බාගය බැගින් ලබා දීම, කල යුතු ය. බුදුරජාණන් වහන්සේ කුල භේදයට විරුද්ධ අයෙක් වුවද තම අගසව්වන් ලෙස පත් කරන ලද්දේ බමුණන් දෙදෙනෙකි. නමුත් කිසිවකුට එය ගැටලුවක් වූයේ නැත. මන්ද? කුලභේදයට විරුද්ධ වීම යනු කුලභේදය ප්‍රතික්ෂේප කිරීම මිස කුලභේදය පිළිගෙන සියලු කුල වලට සමාන නියෝජනයක් ලබා දීම නොවන බව එකල බෞද්ධයන් දැන සිටීම නිසා ය. තනි පුද්ගලයෙක් ලෙස පෞද්ගලික කැමැත්ත මත වර්ගවාදියෙක් වීම මානව හිමිකමක් ලෙස සැලකිය හැක. එසේම එය තහනම් කල නො හැක. නමුත් වාර්ගිකත්වයන්ට නිල පිළිගැනීමක් ලබා දීම කිසිදු යහපතක් සිදු නො කරයි. අන් දේශපාලනඥයින් වික්ටෝරියානු (වෙස්ට්මිනිස්ටර්) සදාචාරය තුල හිර වී සිටිද්දී. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනපති ක්‍රමය සහ සමානුපාතික නියෝජන ඉදිරිපත් කිරීමට ඉදිරිපත් විය දැන් අප කල යුත්තේ එම ක්‍රමවල ඇති අඩුපාඩු නිවැරදි කිරීම මිස සුද්දාගේ ක්‍රමයට ම ආපසු යාම නොවේ.