මෙය ක්‍රියාත්මක කිරීමට .net framework 4 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය විය හැක (Windows 10 සඳහා මෙම තත්වය බල නොපායි)
මා තැනූ මෙම මෘදුකාංගයට ඉහල ප්‍රාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා එය තවදුරටත් දියුණු කලෙමි. ඒ අනුව මෙයට FM-Abhaya අකුරු මෝස්තරයට අනුව සැකසූ අකුරු යතුරුකරණය කිරීමේ හැකියාවද එක්කරන ලදී. එසේම මෙහි අඩුපාඩුද හැකිතරම් නිවැරදි කරන ලදී.
FM-Abhaya අකුරු යතුරු කරණයේදිද යුනිකේත විජයසේකර යතුරු පුවරු ආකෘතියම පාවිච්චි කරන ලදී. නමුත් මෙහිදී තාක්ෂණික හේතු මත එක වෙනසක් කරන ලදී. මෙයින් % සලකුණ ටයිප් කරන විට ඒ සඳහා දකුණු Alt යතුර සමඟ "/" යතුර එබිය යුතුය. මෙය මෙසේ නොකිරීමට හැකි වුවත් එවිට ඒ වෙනුවට Shift යතුරු දෙක අක්‍රීය කර ඒවායින් වන කාර්යය මෙම මෘදුකාංගයෙන්ම වනලෙස මෙය දියුණුකල යුතුය.
සිංහල යුනිකේත යතුරුකරණයේදී එයට සිංහල ඉලක්කම් ටයිප් කිරීමේ හැකියාවද එක්කරන ලදී. නමුත් සිංහල ඉලක්කම් අඩංගු අකුරු මෝස්තර දැනට නැති නිසා මෙම ඉලක්කම් දැනට දැකගත නොහැක. ඉදිරියේදී එය විසඳේ යැයි සිතමි. සිංහල ඉලක්කම් යතුරු කරණය සඳහා දකුණු Alt යතුර සමඟ අවශ්‍ය ඉලක්කම ඔබන්න. මේ සඳහා යතුරු පුවරුවේ Number Pad කොටස භාවිතා නොකරන්න.
මෙයට අමතරව Alt යතුර සමඟ "/" යතුර එබීමෙන් "÷" සලකුණ ටයිප් කල හැක.
මෙම මෘදුකාංගය වැඩිදුරටත් සංවර්ධනය කිරීමට ඕනෑම අයෙකුට අවසරය ඇත!.