Saturday, July 7, 2018

පුකේ විඤ්ඤානය

  

 විජයකලා මහේශ්වරන් කල එල්.ටී.ටී.ඊ ය සම්බන්ධ කතාවට දැන් අපූරු අර්ථ දැක්වීමක් ලැබී ඇත.

   ඒ අනුව විජයකලා පැවසුවේ ඇයගේ අදහසක් නොව දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානයේ මතයයි.

   එම මතය පලකරන්නෝ තම අපක්ෂපාතිත්වය පෙන්වීම සඳහා උපාලි හාමුදුරුවෝ හිඩ්ලර් කෙනෙක් ඉල්ලීමද (එය එම හිමියන්ගේ ප්‍රකාශය විකෘති කිරීමකි)

සිංහල සමාජයේ සාමූහික මතය යැයි පවසති.

   කෙසේ වෙතත් ධර්මසිරි බණ්ඩාරනායක මහතා කල

" අපි යාපනය පුස්තකාලයේ පොත් 60 000 ගිනිතැබූ ජාතියක්" (මා අසා ඇති ආකාරයට යාපනය පුස්තකාලය යනු ආසියාවේ ලොකුම පුස්තකාලයයි.

ලොකුම එකේ තිබුනේ පොත් 60 000ද?) ප්‍රකාශය සාමූහික විඤ්ඤානය ඔස්සේ පැහැදිලි කල හැක. එනම් යාපනය පුස්තකාලයට ගැනි තැබුවේ සිංහල සමාජයේ සාමූහික විඤ්ඤානයෙන් පාලනය වූ රූකඩ කිහිපයකි.

   කෙසේ වෙතත් යාපනය පුස්තකාලයට ගිනි තැබීම වනවිට මා ඉපදී නැත. ධර්මසිරි බණ්ඩාරනායක නම් ඉපදි ඇත. එමනිසා ඔය සාමූහික විඤ්ඤානයට මගේ දායකත්වයක් නැත, උගේ දායකත්වයක් ඇත.


ගැටළුව වන්නේ කාට කාටත් සාමූහික විඤ්ඤානය මතක් වුනේ විජයකලා ගේ සිද්ධියෙන් පසුව වීමයි.

ඔය කියන හැටියට ඥානසාර හිමි අතුරුදහන් වූ මාධ්‍ය වේදියෙකුගේ බිරිඳට තර්ජනය කිරීමත් සිංහල සමාජයේ සාමූහික විඤ්ඤානය නිසා සිදුවූවක් විය යුතුය.

ඥානසාර හිමිට උසාවියේදී මෙය තර්කයක් ලෙස ඉදිරිපත්කල හැකිද? සිංහල බෞද්ධයන් ඇසුරෙන් සමීක්ෂණයක් කර ඔවුන්ගෙන් බහුතරය ඥානසාර හිමිගේ ක්‍රියාව අනුමත කරන්නේද නැද්ද යනවග සොයාගත හැක.

    මියගොස් ඇති මගේ පියා දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානය පිලිබඳ මේ කතා ඇසුවේනම් ගත්කටටම "පුකේ විඤ්ඤානය" යනුවෙන් පවසනු නියතය.

 

 කෙසේ වෙතත් සාමූහික විඤ්ඤානය යනු කුමක්දැයි සොයා බැලිය යුතුය.

 නලීන් ද සිල්වා මහතාගේ වචන වලින් කියන්නේ නම් සාමූහික විඤ්ඤානය යනු පට්ටපල් බොරුවකි.

 තරමක් විස්තරාත්මකව පවසන්නේ නම් යම් ජන සමාජයක හැසිරීම පැහැදිලි කිරීමට යොදාගතහැකි වියුක්ත සංකල්පයකි.

 එහිදී කෙරෙනුයේ ජන සමාජයකට පුද්ගලභාවයක් ආරෝපනය කර එම සමාජයේ හැසිරීම් එම පුද්ගලයාගේ මනෝභාවයන් ලෙස පැහැදිලි කිරීමයි.

 එනම් සාමූහික විඤ්ඤානය යනු හුදු අකෘතියක් පමණි.

 

 මී මැස්සන්, වේයන් වැනි ඝනාවස සාදන සත්වයන් සඳහා සාමූහික විඤ්ඤානය යන ආකෘතිය ගැලපුනත්, මිනිසා වැනි "නිරුවත් වානරයෙක්" සඳහා මෙය එතරම් සාර්ථකව යොදාගත නොහැක.

 මිනිසා යනු පෞද්ගලිකත්වය සහ සාමූහිකත්වය අතර රැඳුනු සත්වයෙකි.

 දෙමළාද වඳුරෙකි.

 මාක්ස්වාදින් පරිනාමවාදය පිලිගත්තත් මිනිසාද වඳුරෙකුබව අවබෝධ කරගෙන නැත.

 සමහරවිට අනාගතයේ දිනක මිනිස් මොල එකිනෙක සම්බන්ධ කරන අන්තර්ජාලයක් සෑදිය හැකිනම්. සාමූහික විඤ්ඤානයට අර්ථයක් ලැබේ.

 සාමාන්‍යයෙන් ඕනෑම මනුෂ්‍යයෙකුගේ අදහස් සඳහා බාහිර සමාජයේ  බලපෑමක් ඇත. මෙම බලපෑම වන්නේ විවිධ සන්නිවේදන ක්‍රම හරහාය.

 නමුත් මෙහිදී සෑම එම සාමාජීය බලපෑම ඇතිවන්නේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික මතවල සම්ප්‍රයුක්තියක් ලෙස නොවේ.

 සිදුවන්නේ යම් ප්‍රබල පුද්ගලයන් හෝ සංවිධානවල මතය සමාජයේ  අනෙක් පුද්ගලයන් එකිනෙකා අතර පරාවර්තනය වීමයි. විශේෂයෙන්ම මේ තත්වය දෙමළ සමාජය ට අදාලවේ.

 මා කලින් ලියූ ලිපියේ මෙයට හේතු පැහැදිලිකර ඇත.

 

 විජයකලාගේ ප්‍රකාශය සඳහා දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානයේ  බලපෑමක් වේ නම්.

එහි අනිත් පැත්තද, එනම් දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානයට විජයකලාගේ ප්‍රකාශයෙන් යම් බලපෑමක් වීමද ඒ සමඟම සිදුවේ.

මෙම දෙවැනි බලපෑම පලමු එකට වඩා වැඩිය. සාමූහික විඤ්ඤාන කතාව පතුරුවන්නන් උවමනාවෙන්ම මේ කරුණ යටගහයි.

විජයකලාට උපරිම දඬුවම් ලබාදීම වැදගත් වන්නේ මේ නිසාය. ඇයට මන්ත්‍රී ධූරයක් දැරීමේ අයිතියක් නැත.


මෙම යහපාලන රජය යටතේ දෙමළ ජාතිවාදී ක්‍රියා වර්ධනය වී ඇත.  ජාතිවාදය පතුරුවන දෙමළ දේශපාලනඥයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම සඳහා සිංහල නීතීඥ සංවිධානයක් ගොඩනැ‍‍ඟෙන්නේ නම් හොඳය.


අවසාන වශයෙන්  කිවයුත්තේ මෙයයි. යම්කිසි ජර්මන් දේශපාලනඥයෙක් විහිළුවට හෝ "හිඩ්ලර් හිටියනම් මීට වඩා හොඳයි" යනුවෙන් පැවසුවේ නම්

ඔහුට දේශපාලනය සම්පූර්ණයෙන් තහනම් වනු ඇත. ඔහු තුලින් ප්‍රකාශ වුනේ ජර්මානු සමාජයේ සාමූහික විඤ්ඤානය යැයි කිසිවකු නොකියනු ඇත.

යමෙක් සාමුහික විඤ්ඤාන කතාව කීවේ නම් කිවු එකාටද දඬුවම් ලැබෙනු ඇත.