මම පාසලේදී සෞන්දර්යය විෂයය ලෙස මොකක්හරි එකක් තෝරාගත යුතු නිසා චිත්‍ර විශයය තෝරාගත් අයෙක්මි.
මට සංගීතය ගැන ශ්‍රාස්ත්‍රීය දැනුමක් නැත. ඒත් නන්දා මාලිනී ගැන විචාරයක් කරන්න එය බාධාවක් වියයුතු නැත.
සමාන්තර විශ්ව දෙකක් සලකන්න.
ඒ දෙකම අපගේ විශ්වයට සර්ව සම්පූර්ණව සමානයි, එක වෙනසක් හැර.
විශ්ව දෙක A හා Bයැයි හිතමු.
Aහි ප්‍රියා සූරියසේන මහතා ගායකයෙක් ලෙස කටයුතුකර නැත.
Bහි නන්දා මාලිනී ගායිකාවක් නොවේ.
නමුත් දෙකේම ඔවුන්ගේ ගීත ලියැවි ඇත. ඒවා වෙනත් ගායකයන් ලවා ඉදිරිපත්කර ඇත.
A සලකමු.
ප්‍රියාගේ ගීත අමරසිරි පීරිස්, ආත්මා ලියනගේ, සුනිල් පෙරේරා වගේ අයට ගැලපෙන්නේ නෑනේ.
ඒ නිසා මිල්ටන් මල්ලවාරච්චි, අතුල අධිකාරි, ග්‍රේෂන් ජයමහ, රූකාන්ත, නාමල් උඩුගම, ෂර්ලි වෛජයන්ත වගේ අයට නම් හරියයි.
ක්‍රිස්ටෝෆර් පෝල් කිව්වොත් කොහොම වෙයිද දන්නෙ නෑ. ජෝතිපාලටත් ටිකක් හරියයි.
නමුත් නිසැකවම කිවහැකි දෙයක් තමයි ඒ ගිත එකක් වත් ප්‍රියා සූරියසේන නැතිව මෙතරම් සාර්ථක වෙන්නේ නෑ.
දැන් B විශ්වය ගනිමු.
නන්දා මාලිනීගේ ගීත වැඩි හරියක් වෙනත් ගායිකාවන්ට ගැයුව හැකිබව මගේ අදහසයි.
විශේෂයෙන්ම ඇය ගැයූ බටහිර ආරයේ ගීත වෙනත් ගායිකාවන්ට වඩා හොඳින් ගැයුව හැකි බව පෙනෙයි.
උදාහරණ ලෙස
"මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම්" ගීතය දැක්විය හැක.
ඇගේ ගොඩක් ගීත මාලිනී බුලත්සිංහලට වඩා හොඳින් ගැයුව හැක.
උදාහරණ ලෙස "සකුරා මල් පිපිලා" ගීතය දක්වමි.
නන්දා මාලිනී නැතිවම බැරි ගීතත් ඇති බව දැක්විය යුතුයි. ඒ අතින් හොඳම උදාහරණය
"බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී" ගීතයයි.
"තරුද නිදන මහ රෑ" ගීතය ගැන ඇත්තේ මිශ්‍ර හැඟීමකි.
නන්දා මාලිනී යනු අතිවඩන ලද (Overrated) සාමාන්‍ය ගායිකාවක් බව මගේ මතයයි.
නන්දා මිලිනියගේ සාර්ථකවීමට එකම හේතුව සුනිල් ආරියරත්න මහතා සමග ඇති සම්බන්ධය හරහා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවීමයි. ඒ හරහා ඇයට උසස් පද රචනා සහ සංගිතඥයන්ගේ සහය ලබාගන්න හැකිවූ බවත් කිව යුතුයි.
එසේම රාජ්‍ය ජනමාධ්‍ය වලින් ඇය සහ අමරදේව ගායක යුවලක් ලෙස ඇඟවීමට කටයුතු කල අයුරද සැලකිය යුතුය.
ඇත්තටම ඇයත් අමරදේවත් අතර විශේෂ කලා සම්බන්ධයක් ඇතැයි මමත් කලක් සිතා සිටියෙමි.

.jpg)







