අන්තෝනියෝ බහිජටා
Friday, October 2, 2026
Thursday, September 17, 2026
ආහාර පිසීමේදී ගෑස් වැයවීම අවම කරගන්නා මගක්
මට සිතුනා නව නිර්මාණයකට අදහසක් දෙන්න. මෙය මත නිර්මාණයක් කරන්නේ නේ නම් මට කතෘ භාගය ලැබිය යුතුයි.
තාප පරිවාරක සිලින්ඩර පද්ධතිය
අද වන විට බොහෝ ගෘහණියන්ට සහ පවුල්වලට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ ගෑස් සහ ඉන්ධන මිල ඉහළ යාමයි. දිනපතා ආහාර පිසීමේදී වැයවන ගෑස් ප්‍රමාණය අවම කරගැනීමට විවිධ ක්‍රම සොයන අපට, ඉතා සරල නමුත් ප්‍රායෝගික නව නිර්මාණ සංකල්පයකින් විශාල පිරිමැස්මක් ලබාගත හැක.
රයිස් කුකරයකින් ඉක්මනින් බත් පිසගත හැක්කේ ඇයි?
රයිස් කුකරයකින් ඉතා කෙටි කාලයකින් බත් පිසගැනීමට හැකිවීමේ ප්‍රධාන රහස වන්නේ එයට යොදන තාපය අපතේ නොයාමයි. එහි පැති බිත්ති තාප පරිවාරක (Thermal Insulation) ද්‍රව්‍යවලින් ආවරණය කර ඇති බැවින්, පතුලෙන් ලැබෙන තාපය පැතිවලින් බාහිර පරිසරයට කාන්දු නොවේ. එම තාපය සම්පූර්ණයෙන්ම බඳුන තුළම රඳවාගැනීම නිසා බලශක්ති හානිය අවම වී ආහාර ඉක්මනින් පිසෙයි.
සාමාන්‍ය ගෑස් ලිපක යමක් පිසීමේදී සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. දැල්ලෙන් නිකුත් වන තාපයෙන් විශාල ප්‍රමාණයක් බඳුනේ පැතිවලින් පරිසරයට අපතේ යයි.
මෙම තාක්ෂණය අනෙකුත් ව්‍යංජන සහ ආහාර සඳහා යොදා ගන්නේ කෙසේද?
මෙම තාප පරිවාරක සංකල්පය සාමාන්‍ය ඇලුමිනියම් බඳුන් භාවිතයෙන් පිසින සියලුම ආහාර සඳහා යොදාගත හැක. ඒ සඳහා අවශ්‍ය වන්නේ විශේෂිත ගෑස් ලිපක් සහ තාප පරිවාරක සිලින්ඩර පද්ධතියකි.
සැලසුම සහ ක්‍රියාකාරීත්වය:
අගුලු යාන්ත්‍රණය (Locking Mechanism): ගෑස් ලිප මත තාප පරිවාරක සිලින්ඩරය පහසුවෙන් සහ සුරක්ෂිතව රැඳවිය හැකි පරිදි ලිප සහ සිලින්ඩරය අතර අගුලු යාන්ත්‍රණයක් අති පරිදි ලිප සැනසිය යුතුය.
සම්පූර්ණ ගිල්වීම (Full Immersion): ලිප දල්වා සිලින්ඩරය තුළ ඇලුමිනියම් බඳුන සම්පූර්ණයෙන්ම ගිලී යන පරිදි තබා, රයිස් කුකරයක් වසා දමන ආකාරයෙන්ම ආරක්ෂිතව වසා ආහාර පිසගත හැක. ඒ සඳහා ගැපපෙන ප්‍රමාණයේ බඳුන් සෑදිය යුතුය.
විවිධ ප්‍රමාණ: ප්‍රමාණ දෙකකින් ඇලුමිනියම් බඳුන් සහ ඊට ගැලපෙන පරිදි සිලින්ඩර ප්‍රමාණ දෙකකින් හෝ කිහිපයකින් නිර්මාණය කල යුතුය. බඳුන් වෙනම මිලදී ගන්න අවස්ථාව තිබිය යුතුය.
මෙම නව නිර්මාණයේ අතිරේක වාසි
ඉන්ධන කාර්යක්ෂමතාව: තාපය පිටතට යාම වැළැක්වීම නිසා ගෑස් භාවිතය සැලකිය යුතු ලෙස අඩු කරගත හැක.
ආහාරයේ උණුසුම පවත්වා ගැනීම: ලිප නිවා දැමීමෙන් පසුව පවා, තාප පරිවාරක බිත්ති නිසා දීර්ඝ වේලාවක් ආහාරයේ උණුසුම වෙනස් නොවී පවත්වා ගත හැක.
අඩු පිරිවැය: තාප පරිවාරක බිත්ති සහිත විශේෂිත බඳුන් (Double-walled Cookware) ජපානය වැනි රටවල තිබුණද ඒවා ඉතා මිල අධිකය. නමුත් ලිපට සවිකරන මෙම එකම තාප පරිවාරක සිලින්ඩරය භාවිත කිරීම නිෂ්පාදන පිරිවැය මෙන්ම පාරිභෝගික මිල අතින්ද ඉතා ලාභදායක වේ.
මෙවැනි තාක්ෂණික විසඳුමක් දේශීය වශයෙන් නිෂ්පාදනය කර වෙළඳපොළට හඳුන්වා දිය හැකිනම්, එය රටේ බලශක්ති පිරිමැස්මට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ දෛනික වියදම් අඩු කරගැනීමටද ලැබෙන විශාල රුකුලකි.
Saturday, September 5, 2026
රොබෝ ජනපති.
මුලින්ම කිවයුත්තේ මෙය විහිලුවක් ලෙස නොගතයුතු බවයි.
ජනාධිපතිවරයාගේ ජනහමු, නිරීක්ෂණ සංචාර, ඔහුගේ පක්ෂයේ රැස්විම් සඳහා ජනාධිපති වරයා සහභාගි වනවිට ඔහු සඳහා අමතර ආරක්ශක වියදමක් යෙදිය යුතුවේ.
එසේම ජනතාවගේ එදිනෙදා ජීවිතයටද එයින් බාධාවක් වේ.
මේ ගැටලු සඳහා රොබෝ තාක්ෂණය යොදාගත නොහැකිද?
ඒ සඳහා අවශ්‍ය සරල රොබෝවකි.
රෝද 4ක ටොලියක් මත දන්ඩක් සවිකර ඒ මත සමචතුරස්‍රාකාර පරිගනක තිරයක් සවිකරන්න
කැමරා සහ මයික අවශ්‍ය පරිදි දන්ඩට සවිකරන්න.
ගඳ සුවඳ දැනෙන සංවේදකයක්ද සවිකරන්නේ නම් මැනවි.
සුලඟ පිලිබඳ දත්ත ගතහැක සංවේදකයක්ද තිබීම හොඳය.
ඊට අමතරව එක් රොබෝ අතක්ද තිබීම හොඳය. ඒ අත තුල ඇඟිලි වලට අමතරව කුඩා කැමරාවක්ද සවිකිරීම හොඳය.
ක්‍රියා කරවන ආකාරය
ජනාධිපති කාර්යාලය තුල විශේෂ වීදුරු කුටියක් තුල ගේමක අසුනක් ( Gaming Chair) සවිකරන්න. ජනාධිපති එය මත වාඩිවී අතත්‍ය යතාර්ථ හිස්වැසුමක් පැලඳගත යුතුය.
ඔහුගේ උදව්වට තොරතුරු තාක්ෂන ශිල්පියෙක්ද සිටිය යුතුය.
එයින් ඔහුට රොබෝව සමග සම්බන්ධවිය හැක.
එහිදී රොබෝවට ලැබෙන සංවේද අනුව හිස් වැසුම හරහා රූප ශබ්ද විඳිමට අමතරව කුටිය තුල උෂ්ණත්වය, සුලඟ ගඳ/සුවඳ ආදිය සකසා ජනපතිට වඩා සජීවී අත්දැකිමක් ලබාදිය හැක.
ජනපතිගේ මුහුන රොබෝගේ පරිගනක තිරය හරහා ජනතාවට දැකගත හැක.
අවශ්‍ය නම් අතට අතදීම. අත වැනීම වැනි දේද කල හැක.
මෙවැනි යන්ත්‍ර කීපයක් සාදා ගැනීමෙන් ජනපතිට ජනතාවට වඩාන් සමිපවීමට අමතරව ආරක්ෂක වියදමත් විශාල ලෙස අඩුකරගත හැක.
Sunday, August 23, 2026
නන්දා මාලිනී ගැන මගේ විචාරය.
මම පාසලේදී සෞන්දර්යය විෂයය ලෙස මොකක්හරි එකක් තෝරාගත යුතු නිසා චිත්‍ර විශයය තෝරාගත් අයෙක්මි.
මට සංගීතය ගැන ශ්‍රාස්ත්‍රීය දැනුමක් නැත. ඒත් නන්දා මාලිනී ගැන විචාරයක් කරන්න එය බාධාවක් වියයුතු නැත.
සමාන්තර විශ්ව දෙකක් සලකන්න.
ඒ දෙකම අපගේ විශ්වයට සර්ව සම්පූර්ණව සමානයි, එක වෙනසක් හැර.
විශ්ව දෙක A හා Bයැයි හිතමු.
Aහි ප්‍රියා සූරියසේන මහතා ගායකයෙක් ලෙස කටයුතුකර නැත.
Bහි නන්දා මාලිනී ගායිකාවක් නොවේ.
නමුත් දෙකේම ඔවුන්ගේ ගීත ලියැවි ඇත. ඒවා වෙනත් ගායකයන් ලවා ඉදිරිපත්කර ඇත.
A සලකමු.
ප්‍රියාගේ ගීත අමරසිරි පීරිස්, ආත්මා ලියනගේ, සුනිල් පෙරේරා වගේ අයට ගැලපෙන්නේ නෑනේ.
ඒ නිසා මිල්ටන් මල්ලවාරච්චි, අතුල අධිකාරි, ග්‍රේෂන් ජයමහ, රූකාන්ත, නාමල් උඩුගම, ෂර්ලි වෛජයන්ත වගේ අයට නම් හරියයි.
ක්‍රිස්ටෝෆර් පෝල් කිව්වොත් කොහොම වෙයිද දන්නෙ නෑ. ජෝතිපාලටත් ටිකක් හරියයි.
නමුත් නිසැකවම කිවහැකි දෙයක් තමයි ඒ ගිත එකක් වත් ප්‍රියා සූරියසේන නැතිව මෙතරම් සාර්ථක වෙන්නේ නෑ.
දැන් B විශ්වය ගනිමු.
නන්දා මාලිනීගේ ගීත වැඩි හරියක් වෙනත් ගායිකාවන්ට ගැයුව හැකිබව මගේ අදහසයි.
විශේෂයෙන්ම ඇය ගැයූ බටහිර ආරයේ ගීත වෙනත් ගායිකාවන්ට වඩා හොඳින් ගැයුව හැකි බව පෙනෙයි.
උදාහරණ ලෙස
"මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම්" ගීතය දැක්විය හැක.
ඇගේ ගොඩක් ගීත මාලිනී බුලත්සිංහලට වඩා හොඳින් ගැයුව හැක.
උදාහරණ ලෙස "සකුරා මල් පිපිලා" ගීතය දක්වමි.
නන්දා මාලිනී නැතිවම බැරි ගීතත් ඇති බව දැක්විය යුතුයි. ඒ අතින් හොඳම උදාහරණය
"බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී" ගීතයයි.
"තරුද නිදන මහ රෑ" ගීතය ගැන ඇත්තේ මිශ්‍ර හැඟීමකි.
නන්දා මාලිනී යනු අතිවඩන ලද (Overrated) සාමාන්‍ය ගායිකාවක් බව මගේ මතයයි.
නන්දා මිලිනියගේ සාර්ථකවීමට එකම හේතුව සුනිල් ආරියරත්න මහතා සමග ඇති සම්බන්ධය හරහා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවීමයි. ඒ හරහා ඇයට උසස් පද රචනා සහ සංගිතඥයන්ගේ සහය ලබාගන්න හැකිවූ බවත් කිව යුතුයි.
එසේම රාජ්‍ය ජනමාධ්‍ය වලින් ඇය සහ අමරදේව ගායක යුවලක් ලෙස ඇඟවීමට කටයුතු කල අයුරද සැලකිය යුතුය.
ඇත්තටම ඇයත් අමරදේවත් අතර විශේෂ කලා සම්බන්ධයක් ඇතැයි මමත් කලක් සිතා සිටියෙමි.
Thursday, July 30, 2026
මගේ වීඩියෝ විීවරය
මගේ නවතම නිර්මාණය: සරල සහ කාර්යක්ෂම වීඩියෝ විවරයක් (Video Viewer)
අද මම ඔබ සමඟ බෙදා ගැනීමට කැමතියි මගේ මෑත කාලීන මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘතියක් ගැන. මම නිතරම කැමතියි මගේ අවශ්‍යතාවයන්ට හරියටම ගැළපෙන මෙවලම් මටම නිර්මාණය කරගන්න. ඒ අනුව, මම මගේ පෞද්ගලික භාවිතය සඳහා සරල නමුත් කාර්යක්ෂම වීඩියෝ විවරයක් (Video Viewer) නිර්මාණය කළා.
මෘදුකාංගයේ ඇති විශේෂාංග
මෙම මෘදුකාංගය සෑදීමේ මූලික අරමුණ වූයේ දැනට පවතින බොහෝ වීඩියෝ වාදකවල නොමැති අත්‍යවශ්‍ය පහසුකම් කිහිපයක් සපුරා ගැනීමයි:
සත්‍ය පරිමානයෙන් නැරඹීම (Original Size / 1:1 Scale): පරිගණක තිරයේ ප්‍රමාණයට ගැලපෙන පරිදි වීඩියෝව විශාලනය වීම වෙනුවට, වීඩියෝව එහි සැබෑ පික්සල් ප්‍රමාණයෙන් (Original resolution) නැරඹීමට මෙමගින් හැකියාව ලැබෙනවා. පරිගනක තිරයට වඩා විශාල වීඩියෝ සියුම්ව නරඹන්න එය ප්‍රයෝජනවත්.
යතුරුපුවරු පාලනය: යතුරුපුවරුවේ 'Arrow Keys' භාවිතයෙන් ඉතා පහසුවෙන් එක් වීඩියෝවක සිට තවත් වීඩියෝවකට මාරු වීමේ පහසුකම.
කාලරාමු පෙරදසුන (Timeline Preview): වීඩියෝ කාලරේඛාව (Timeline) මත මවුස් එක ගෙන යන විට එම රූපරාමුව (Frame) කුඩා පෙරදසුනක් ලෙස දැකීමේ හැකියාව. (මෙය ක්‍රියාත්මක කිරීමට: ධාවනය > වීඩියෝ කාලරේඛා පෙරදසුන තෝරන්න).
ආපසු ධාවන හැකියාවද එක්කලෙමි ඒ සඳහා R බොත්තම ඔබන්න
තාක්ෂණික පසුබිම
මෙම මෘදුකාංගය සඳහා මම වීඩියෝ විදැහුම්කරණ එන්ජිම ලෙස libmpv-2.dll ලයිබරිය යොදා ගත්තා. ඒ සඳහා අවශ්‍ය දැවටුම් කැලැසියක්('Wrapper' එකක්) නිර්මාණය කිරීම මට සිදු වුණා.
ප්‍රදාන දැවටුම් කැලැසියට අමතරව පෙරදසුන් සඳහා තවත් දැවටුම් කැලැසියක් හැදුවා
කේතනය සඳහා ජෙමිනි සහ චැට් ජිපීටී නොමිල කෘතිම බුද්ධි සහායකයන් හවුල්කරගත්තා.
ඒවා ඕනෑකමින්ම මාව රස්තියාදු කලා කියලා හිතෙනවා.
විශේෂයෙන්ම වීඩියෝවක රූපරාමුවක පින්තූර ගැනීමේදී, අමුදත්ත පින්තූරයක් බවට හැරවීමේ කේත සැකසීමේදී විශාල රස්තියාදුවක් වුනා.
මෘදුකාංගය භාවිතා කිරීම
මෙය පූර්ණ විවෘත කේත (Open Source) මෘදුකාංගයක්. කැමති ඕනෑම කෙනෙකුට මෙය නිදහසේ වැඩිදියුණු කළ හැකියි.
අවම පද්ධති අවශ්‍යතා: 64-bit වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ .NET 4.8 පාරිසරිකය (Runtime).
මගේ මේ කුඩා නිර්මාණය ගැන ඔබේ අදහස් දැනගන්න මම කැමතියි.
Sunday, July 26, 2026
බෞද්ධ දර්ශණය: ශාකීය පුනරුප්පත්තිය
සියලු සත්වයෝ දවසක නිවන් දකියි නම් ඇයි දැන් සත්වයෝ ඉන්නේ?
මම මේ ප්‍රශ්නෙට උත්තරය අනන්තය සංකල්පය ඇසුරෙන් පැහැදිලි කලා.
මට හිතුණා වෙන උත්තරයක් බලන්න
සත්වයෙක් මියගියා ම තවත් එක සත්වයෙක් ලෙස ම උපදින්න ඕනෙ ද?
දෙන්නෙක් විදියට උපදින්න බැරි ද?
තුන් දෙනෙක්?
අනන්තයක්??
එනම් ලිපිය ලියන මමත් කියවන ඔබත් පෙර භවයක එකම පුද්ගලයා ව සිටින්න ඇති.
නමුත් මම නිවන් දැක්කා කියලා උඹ නිවන් දකින්නේ නෑ.
අනාගත භවයනුත් ඒ විදියට ම අතු බෙදෙමින් යනවා ඇති
ඇයි බුදු හාමුදුරුවෝ ඔහොම කිව්වේ නැත්තේ?
ඒ උඹලා බයවෙන හින්දා
එයා එහෙම නෑ කියලත් කිව්වේ නෑ
හොඳට බුද්ධාගම දන්න කෙනෙකුගෙන් විවේචනයක් බලාපොරොත්තු වෙනවා.



.jpg)

