Monday, August 24, 2015
Sunday, August 23, 2015
විහිලු
ඔබ මනාප අඩුවෙන් ලබා මන්ත්‍රී ධුරයක් නොලද්දේ නම් ඔවුන් කිසිවකු ඔබට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් නොදෙනු ඇත.
ඔබ වැඩියෙන් මනාප ලත් නිසා ඔබ අපේ මනාප කොල්ලකෑවේ යැයි ඔවුන් ඔබට චෝදනා කරයි
එය ඔබේ වරදක් නොව ඔවුන්ගේ වරදකි.
ඔබට සුභ පැතුම්
*********************************
සන්නස්ගලගෙන් බන අසා ගම්මන්පිල අයියාට මනාපය දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඒ ලෙවල් මල්ලිලාට ජාතියේ ප්‍රනාමය.
Friday, August 7, 2015
2005 දී කොටි රනිල් පැරද වූයේ මන්ද?
මෙම
ගැටලුව මේ වන විට මැතිවරණ තුරුම්පුවක් වී ඇත. මහින්ද රාජපක්ෂට විරුද්ධ බලවේග මෙය
රාජපක්ෂ කොටි ගිවිසුමක් නිසා සිදුවූවක් යැයි යන මතය ප්‍රචාරය කිරීම ද සිදුවේ. මේ
අනුව ජනාධිපතිවරණය දිනවීම සඳහා මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් දී ඇති අතර රාජපක්ෂ
පවුලට හානියක් නො කරන බවට ද එකඟතාවක් ඇතිකරගෙන ඇත. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය ගෝඨාභය රාජපක්ෂව මරා දැමීමට උත්සාහ කල නිසා
මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීමට යුද්ධය අරඹන ලදී.
මෙහි
ඇති දුර්වලතා දෙක නම් එල්.ටී.ටී.ඊ සංවිධානයට මහින්දගෙන් මුදල් ගැනීමට තරම් ආර්ථික අහේනියක්
තිබුණිද යන්න සහ, එල්.ටී.ටී.ඊ - රාජපක්ෂ ගිවිසුම කැඩීමෙන් පසු මහින්ද එල්.ටී.ටී.ඊ
සංවිධානය විනාශ කිරීම ම මහින්දගේ දක්ෂ කමක් නොවේ ද (රණසිංහ ප්‍රේමදාස මහතාට එය කල නො
හැකි විය) යන්නයි.
2005
දී සිදුවූ දෙය පැහැදිලි කිරීමට එල්.ටී.ටී.ඊ - රාජපක්ෂ ගිවිසුමකට වඩා පිළිගත හැකි
පැහැදිලි කිරීමක් මෙසේ ඉදිරිපත් කල හැක.
මෙහි
දී එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ඊලාම් වාදය අතර ඇති සම්බන්ධය හඳුනා ගත හැකි විය යුතු ය.
එල්.ටී.ටී.ඊ සංවිධානය යනු ඊලාම් වාදයේ එක ස්වරූපයක් විනා ඊලාම් වාදය ම නොවේ. මුලින්
ම ලංකාව තුල වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අදහස දේශපාලනයට ගෙන ආවේ චෙල්වනායගම් නම්
දෙමළ සාක්ෂරතාවක් නැති. ඇංග්ලිකන් කිතුදහම අදහන පුද්ගලයා ය. (ඊට පෙර මෙරට දෙමළ ප්‍රභූ
වරුන්ගේ අශ්‍යතාවය වූයේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී පාලනය වැනි දෙමළ ආධිපත්‍යයක්
සහිත රාජ්‍යයක් ගොඩනැඟීමයි.) මෙයින් පසු මෙම ඊළාම් ව්‍යාපාරයේ නායකත්වය
අමිර්තලිංගම් වැනි හින්දු ප්‍රභූවරුන්ටත්, ඉන් පසු ප්‍රභාකරන්ටත් ලැබුණි.
2005
වසර ආසන්න වන විට රනිල්-ප්‍රභා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් තුනෙන් එකකටත්
වඩා අයත් වන දෙමළ රාජ්‍යයක් බිහි වීමේ අවසන් අදියරට පැමිණ තිබුණි.
ඊලාම්
වාදයට එහි ආරම්භයේ පටන් ම බ්‍රිතාන්‍ය සහයෝගය ලැබුණි අතර බ්‍රිතාන්‍ය සම්බන්ධතා
නිසාම අනෙක් බටහිර යුරෝපීය රාජ්‍යයන් ද, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ද එයට සහය දුන්
අතර ඉන්දියාවේ සහයෝගය ද ලැබෙමින් තිබුණි.
බණ්ඩාරනායක
රජය ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කිරීම එම රජයෙන් රටට සිදු වූ ලොකු ම
සේවය ලෙස සැලකිය යුතු ය. යම්හෙයකින් එම කඳවුරු තිබුණේ නම් අපට කිසිදාක එල්.ටී.ටී.ඊ
සංවිධානය පරාජය කිරීමට බ්‍රිතාන්‍යය රජය ඉඩ නො දෙන බව මතක තබා ගත යුතු ය. ඇමරිකාව
ගැන කියන්නේ නම් එය ඍජු ඊලාම්වාදී රාජ්‍යයක් නොවන නමුත් බ්‍රිතාන්‍ය සමඟ ඇති දේශපාලන
සම්බන්ධතා නිසා ඊලාම්වාදී රජ්‍යයක් ලෙස සැලකිය හැක (ඇමරිකාව ලෝකෙට ලොක්කා වීම බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යය පැවතීමට වඩා මෙම කාරණාවේ දී සාපේක්ෂව අපට හිතකර බව මගේ මතයයි.).
ඉන්දියාව
ගැන සැලකීමේ දී ලංකාව දෙකඩ වීමට ඉන්දියාව ඉඩ නො දේවි යැයි අන්ධ විශ්වාසයක් ඇති කර
ගත යුතු නැත. ඉන්දියාව ලංකාව දෙකඩ වීමට විරුද්ධ නම් එයටත් වඩා ලංකාව තුල ශක්තිමත් ශ්‍රී
ලාංකේය ජාතියක් තැනීමට ද විරුද්ධ බව මතක තබා ගත යුතු ය. වෙනත් ආකාරයකින් කියන්නේ
නම් ඉන්දියාවට සාමාන්‍යයෙන් අවශ්‍ය ලංකාව 1 රටක් වීම නොව රටවල් 1.5ත් 2ත් අතර
පවතිනු දැකීමටයි.
ලංකාව
දෙකඩ වීමට ඉන්දියාව විරුද්ධ වන්නේ එය ඉන්දියාවේ ස්ථාවරත්වයට තර්ජනයක් වේ නම් පමණි.
ඉන්දියාවට අවනත දෙමළ රාජ්‍යයක් මෙරට බිහි වේ නම් ඉන්දියාව එයට විරුද්ධ නොවනු ඇත.
එසේම බටහිර අනුග්‍රහය යටතේ මෙරට දෙමළ රාජ්‍යයක් බිහි වීමේ තත්වයක් ඇති නම් ඉන්දියාව
ද එයට හවුල් වී එම දෙමළ රාජ්‍යය ඉන්දියාවට අවනත
එකක් කර ගැනීමට එකඟ නොවේ යැයි විශ්වාස කල නො හැක.
2005
වසර වෙන විට ඊලාම් ව්‍යාපාරයට ඇතිවී තිබූ ගැටලුව නුදුරු අනාගතයේ බිහි වන ඊලාම්
දේශයේ නායකත්වය කෙසේ විය යුතු ද යන්නයි. මෙහි දී ඉන්දියාව කිසිසේත් ම ප්‍රභාකරන්
ජනාධිපතිවරයකු ලෙස පිළිගැනීමට සූදානම් නැති බව පැහැදිලි ය. එසේම බටහිර රටවල් ද
ජාත්‍යන්තර කොටි ජාලය ද, එයට එතරම් කැමැත්තක් නැති නිසාම එල්.ටී.ටී.ඊ නායකත්වය තුල
අර්බුදයක් හට ගෙන තිබුණේ ය. එහි දී දෙමළ බයියෙකු වන ප්‍රභාකරන් “විලියම් ගොපල්ලව”
මෙන් සංකේත නායකයෙක් කර හෝ නැතිනම් නම්බු
නාම දී විශ්‍රාම යවා හෝ, සැබෑ ඊලාම් නායකයා ලෙස චෙල්වනායගම් වැනි දෙමළ ටොයියෙකු පත්
කිරීමේ අවදානමක් තිබුණේ ය. එසේම අවශ්‍ය නම් අන්තිම මොහොතේ ගුවන් අනතුරක් වැනි දෙයකින්
ප්‍රභාකරන් මරණයට කිරීමේ අනතුරක් ද තිබුණේ ය.
මෙම
තත්වය නිසා ප්‍රභාකරන් තම නායකත්වය තහවුරු කර ගැනීම සඳහා මහින්ද බලයට පත් කිරීමටත්,
ඉන් පසු මහින්ද බිය ගන්වා ගෙන තම නායකත්වය සහිත ඊලමක් තනා ගැනීමටත්
බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලදී. මෙහි දී ප්‍රභාකරන් කල ලොකු ම වරද සිංහලයා ගේ ශක්තිය
අවතක්සේරු කිරීමයි. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පැන්සන් කාරයෙක් ලෙස
මියයාම වෙනුවට ඊලාම් වීරයෙක් ලෙස මියයෑමට අවස්ථාව ලැබුණි.
මේ
කිසිවක් රනිල්ගේ හපන්කම් නොවේ.
Subscribe to:
Posts (Atom)