ෆොනරුව (Font)
KEYMAN_2016.exe
KEYMAN_2016.exe - ප්‍රභව කේතය
මගේ සිංහල හෝඩිය. (උදව් අවශ්‍යයි)
සිංහල හෝඩියේ අඩුපාඩු ඉවත්කර වඩා දියුණු හෝඩියක් බවට එය පත්කිරීම සඳහා මගේ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
ඒ සඳහා මා තැනූ ෆොනරුවක්ද ඉදිරිපත් කරමි.
සිංහල හෝඩියේ වැඩි දියණු කලයුතු අංග 3ක් හඳුනා ගතිමි.
1. සංවෘත ආ සඳහා පිල්ලමක් එක්කිරීම.
2. රකාරාංශය සමඟ යෙදීමට විකල්ප පාපිලි දෙකක්.
3. z සඳහා අකුරක්.
මෙම අංග ඇතුලත්කර මා තැනූ ආදර්ශ ෆොනරුව සහ එය පාවිච්චිය පහසු කිරීම සඳහා සාදන ලද KEYMAN2016 මෘදුකාංගයේ වැඩිදියුණුකල සංස්කරනය බාගන්න.
එම මෘදුකාංගය අරඹා “අභය” සහ “සක්‍රීය” අයිතම තෝරා මෙම ෆොනරුව පහසුවෙන් ක්‍රියා කරවිය හැක.
එම ෆොනරුව සාදා ඇත්තේ FM Abhaya ෆොනරුව සංස්කරණය කිරීමෙනි. පුෂ්පානන්‍ද ඒකනායක මහතා එය ට විරුද්ධ නොවෙතැයි සිතමි.
අභය ෆොනරුවට ඉහත අංග 3ට අමතරව ගැටය සහිත ගයනුකිත්තද එක්කලෙමි.
සංවෘත ආ සඳහා පිල්ලම
මෙය සඳහා මා ජාලබන්‍දු සුමිත් වන්නිආරච්චි මහතාගේ (https://blog.tekcroach.top/) අදහස්ද හේතුවිය.
මේ සඳහා ලතින් “r” අක්රයට තරමක් සමාන පිල්ලමක් තැනුවෙමි.
KEYMAN2016 පාවිච්චිකරනවිට දකුණු Alt + D ඔබන්න.
රකාරාංශය සමඟ යෙදීමට විකල්ප පාපිලි දෙක
z සඳහා අකුර
KEYMAN2016 පාවිච්චිකරනවිට දකුණු Alt + I ඔබන්න.
මා තැනූ ෆොනරුව ආදර්ශ ෆොනරුවක් බව සලකන්න. එය තැනුවේ font creator මෘදුකාංගය යොදා ගෙනයි.
මට දැන් අවශ්‍ය මෙම ෆොනරුව යුනිකේත ෆොනරුවක් කරගැනීමටයි. ඒ සඳහා උදව් බලාපොරොත්තු වෙමි.
KEYMAN2016 හි අළුත් කිරීම්.
![]() |