Saturday, May 21, 2016
මගේ මෘදුකාංගයක්: pinterest_file_compare (මෙය පින්තුර දෙකක් සංසන්දනය කිරීමට යොදාගනී).
1. සංසන්දනය කිරීමට අවශ්‍ය ෆෝල්ඩර 2 පින්තූරයේ රතු පැහැයෙන් දක්වා ඇති 1 හා 2 පෙල කොටු (text box) මතට ඇද දමන්න. නැතිනම් එම පෙලකොටු ඉදිරියේ ඇති
3. එවිට ෆෝල්ඩර දෙකෙහි ඇති එකම නමින් යුතු පින්තූර ලැයිස්තුවක් පහළ 4 ස්ථානයේ දැක්වෙයි. එහි එක් එක් අයිතම ක්ලික් කලවිට එක් එක් ෆෝල්ඩරයෙහි එම නමින් ඇති පින්තූරය 5,6 ස්ථානවල පෙන්වයි. ඒවා බලා මකා දැමීමට අවශ්‍ය පින්තූරය පහලින් ඇති
Tuesday, May 10, 2016
බත් කඩයකට ගැලපෙන තොරතුරු තාක්ෂණ යෙදුමකට අදහසක්.
දැනට සති දෙකකට පමණ පෙර බත් පාර්සල් කිහිපයක් මිලදී ගැනීමට එක්තරා භෝජනාගාරයකට ගියෙමි. එය තරමක් සුපිරි තත්වයේ එකකි.නමුත් බත් පාර්සල් සෑදීමේ ක්‍රමයේ කිසිදු නවීකරනයක් නොදුටුවෙමි. එහිදී කලයුතු වූයේ බත්පාර්සල් බෙදන කවුන්ටරයේ උන් සේවකයාගෙන් එක් එක් වර්ගයේ බත් පාර්සල්වල මිල ගනන් අසා දැනගෙන ඉන්පසු සුදුසු බත් පාර්සල් වර්ගය තෝරා මිල ගෙවා බත් පාර්සල් පිලියෙල කරනතුරු බලා සිටීමයි. එවිට සේවකයෙක් බත් පාර්සල් වර්ගයට අදාලවන පරිදි බත් සහ ව්‍යංජන සම්මත ප්‍රමාණ වලින් බෙදා පාර්සලය පිලියෙල කර දෙයි.
මෙය ගැන කල්පනා කල මට මෙම කටයුත්ත හොඳින් කරගැනුමට ගැලපෙන තොරතුරු තාක්ෂණ විසඳුමක් යෝජනා කිරීමට සිතුනි.
බත්පාර්සල් කවුන්ටරය අසල ස්පර්ශ සංවේදී තිරයක් සවිකරන්න.
එය තුල එදිනට අලෙවි කිරීමට ඇති බත් සහ ව්‍යංජන ලැයිස්තුව(සිංහලෙන්) දක්වන්න. එහිදී එක් එක් ද්‍රව්‍යය බෙදන හැඳි වර්ගයද, ඒකකයක මිලද සඳහන් කල යුතුය.
පාරිභෝගිකයාට ඇඟිල්ල පාවිච්චි කර බත් පාර්සලයට ඇතුලත් වියයුතු ද්‍රව්‍යය ලැයිස්තුව පිලියෙල කල හැකිවිය යුතුයි. එහිදී එක් කරන ද්‍රව්‍යය අනුව බත් පාර්සලයේ මිල වෙනස්වීම දැක්විය යුතුය. (උදාහරණයක් ලෙස: බත් හැඳි 3, පරිප්පු හැඳි1,බටු තේ හැඳි 2, බිත්තර බාගයයි ආදී ලෙස ලැයිස්තුව සකසන විට එහි මිල වෙනස්වීම පහලින් දැක්විය යුතුය.
පාරිභෝගිකයා වැරදි තේරීමක් කලහොත්(උදාහරණ: බත් හැඳි 1කට පරිප්පු හැඳි 2, බත් හැඳි 10ක් ) හෝ බොහෝ වේලා ආහාර තෝරමින් කාලය ගතකරයි නම් ඒ ගැන කාරුණික නිවේදනයක් තිරයේ දිස්විය යුතුය.
ආහාර තෝරමින් සිටීමට අකමැති අයෙක්ට පෙරනිමි(default) ආහාර වට්ටෝරු අතරින් එකක් තේරීමේ හැකියාවද තිබිය යුතුය.
ආහාර වට්ටෝරුව තෝරා අවසන් වූ පසු ඇනවුම් කිරීමට විධාන කර අයකැමි වරයාට මුදල් ගෙවූ පසු ඔහු විසින් ස්විචයක් එබිය යුතුය. එවිට ආහාර තැන්පත් කර ඇති රාක්කයේ එක් එක් ආහාර ද්‍රව්‍යය ඉහලින් ඇති LED සප්ත ඛණ්ඩක දර්ශක තුල බෙදිය යුතු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණ ඉලක්කමින් දැක්වෙයි.
ඒ අනුව සේවකයා අවශ්‍ය ආහාර බෙදා බත් පාර්සලය පිලියෙලකර පාරිභෝගිකයාට ලබා දීමෙන් පසු තවත් ස්විචයක් ඔබා ගනුදෙනුව අවසන් බව පරිගණකයට දැන්විය යුතුය.
මෙවැනි කටයුත්තකදී ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට අඩු විදුලියක් වැයවන Raspberry Pi වැනි පරිගණක පරිපථයක් යොදා ගැනීම වඩා උචිත වෙයි.
විශ්විද්‍යාලයක හෝ වෙනත් තාක්ෂණ විශයයන් උගන්වන උසස් අධ්‍යාපන ආයතනයක කැන්ටිමක් යොදා ගෙන මෙවැනි කටයුත්තක් පහසුවෙන් අත්හදා බැලිය හැකියැයි සිතමි.
මෙහි වැඩිදියුනු කිරීමක් ලෙස ආහාර බෙදන රොබෝවක් සෑදීමට උත්සාහ කල හැක.
Subscribe to:
Posts (Atom)