මෙම ලිපිය මයික්‍රොසොෆ්ට් ආයතනයේ ප්‍රධානීන්
මෙම ලිපිය කියවාවිදැයි නො දනිමි. නමුත් මගේ
අදහස් පල කිරීමෙන් කුඩා හෝ යහපතක් වන බැවින් එය කරමි. මම මුලින් ම බලා පොරොත්තු වුනේ
වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය ගැන විචාරයක් කිරීමටයි. නමුත් පසුව අනාගත මෙහෙයුම්
පද්ධතියකින් බලාපොරොත්තු වන දේ ගැන ලිවීම වඩා උචිත බව පසුව තීරණය කලෙමි.
වින්ඩෝස් 11 ගැන කීමට ඇත්තේ එය
අසාර්ථක එකක් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවය.
එහි ඇති මා ප්‍රිය කරන ප්‍රධාන අංගය
එහි වින්ඩෝවල ඇති වක්‍ර කොන් ය. එය දුටු විට මා වසර 20කින් තරුණ වුවාක් මෙන්
දැනුනි. මයික්‍රොසොෆ්ට් සමාගම එය සාදන ලද හොඳම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්
එක්ස්පී (windows xp)
වලින් තවදුරටත් ඉගෙන ගත යුතුය.
෴෴෴෴෴෴෴෴෴෴
ස්ථාපන
අවස්ථාව
වැදගත් දත්ත පුරවා ඇති දෘඪ තැටි
කිහිපයක් සවිකර ඇති පරිගණකයක වින්ඩෝස් ස්ථාපනය කිරීමට යාමේ දී නිවැරදි විබෙදුම
හඳුනා ගත නොහැකි වී වටිනා දත්ත අඩංගු විබෙදුමක් හැඩතල ගැන්වී එහි දත්ත විනාශ වීමේ
අවදානමක් ඇත.
එම නිසා පරිගණකයේ විබෙදුම් ලැයිස්තුව
රුක් සටහනක ආකාරයෙන් දැක්වීමත්. එක් එක් විබෙදුම ක්ලික් කර එහි ඇති පලමු ගොනු
ස්ථරයේ දත්ත බලා ගැනීමටත් පහසුකම් දිය යුතුය.
අමතර කරුණක් ලෙස දෘඪ තැටියකට නමක්
දැමීමේ පහසුකමක් තිබිය යුතුය. එය දෘඩාංග සම්බන්ථ කරුණක් නිසා එය කල හැක්කක්දැයි නොදනිමි.
This-PC හි
හැඩතල
ඩොස් යුගයේ පටන් පැවති මෙහෙයුම්
පද්ධතිය ස්ථාපිත විබෙදුම C: අකුරෙන්
නිරූපනය වෙනස් කර එය A: බවට
හැරවිය යුතුය.
ධාවක නිරූපනය කරන අකුරු ගණන 26
සීමාවෙන් ඔබ්බට දිගුකර එය A: සිට ZZ:
දක්වා ගෙන ආ
යුතුය.
එසේම දෘඪ තැටි කිහිපයක් සවි කර ඇති
විට එක් එක් දෘඪ තැටිය මත ඇති විබෙදුම් වෙන
වෙනම කාණ්ඩ කර දැක්විය හැකි පරිදි “දසුන“ හි අමතර දසුන් විකල්පයක් එක්කල යුතුය.
එසේම “මෙම PC“ (This-PC) හි ඉහලින්
ඇති විශේෂ ෆෝල්ඩර ලැයිස්තුව පහසුවෙන් සංස්කරණය කල හැකි ලෙස අංගයක් මෙහෙයුම්
පද්ධතියට එක් කල යුතුය.
ෆෝල්ඩර
සඳහා විස්තර එක් කිරීම.
මා සිතන්නේ මෙම කරුණ මෙහෙයුම් පද්ධති
සීමාවෙන් එහාට යන දෙයක් විය යුතු ය.
ෆෝල්ඩරයක්
තුල එය ගැන විස්තර සහ අවශ්‍ය නම් පින්තූර එක් කර කුඩා සටහනක් ලිවීමට ක්‍රමයක්
සැකසිය යුතුය. ෆෝල්ඩරය රයිට් ක්ලික් කර එම දත්ත බලා ගැනීමට ක්‍රමයක් තිබිය යුතුය.
පරිශීලක
දත්ත පිහිටි ස්ථානය වෙනස් කිරීම.
පරිශීලකයෙක්ගේ දත්ත මෙහෙයුම්
පද්ධතිය පිහිටි විබෙදුමෙන් වෙනත් එකකට පහසුවෙන් ගෙන යාමට ක්‍රමයක් සැකසිය යුතුය.
එසේම අලුතින් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කල විට පැරණි පරිශීලක දත්ත සමඟ එය සබැඳීම
වඩා පහසු කල යුතුය.
දැනටත් එය කල හැකි වුවත් (මමද එය
කරමි) එය තරමක් සංකීර්ණ කටයුත්තකි. මෙය සරලව කල හැකි පරිදි අතුරු වතක් සැකසිය
යුතුය.
වැඩතල(Desk Top) එකකට
වඩා පිහිටුවා ඒවා අතර පහසුවෙන් මාරු වීමට ක්‍රම තිබිය යුතු ය. එය පරිශීලක ගිනුම් දෙකක්
එකවර පාවිච්චි කරන්නාක් වැනි අත්දැකීමක් විය යුතුය.
වෙබ්පිටුවක නම් වෙනස් කරන විට එම
පිටුවල දත්ත අඩංගු ෆෝල්ඩරයේ නම(උදාහරන: වෙබ් පිටුව apple.html වනවිට apple_files) ස්වයංක්‍රීයව වෙනස් වෙන
පරිදි තේරීමක් ඇතුලත් කල යුතුය.
ෆෝල්ඩරයක ඇති අයිතම රාශියක් එකින්
එක ක්ලික් කරමින් තෝරන විට යම් හේතුවකින් අත ගැස්සුනොත් ගොනු වල පිටපත් සෑදීමේ දෝෂයක්
ඇත. එයට පිළියමක් යෙදිය යුතුය.
ගොනුවක් සුරකින විට සුරකින ස්ථානය තෝරා
දෙන සංවාද කොටුව තුල ගොනුව සුරැකීමට බලාපොරොත්තු වන ෆෝල්ඩරය තුල ඇති උපෆෝල්ඩරයක් හෝ
ගොනුවක් වැරදීමකින් ක්ලික්වුනහොත් එය ප්‍රතිගමනය කිරීම අපහසුය. විශේෂයෙන්ම එවිට ගොනුවේ
නම කලික් කල අයිතමයේ නම බවට වෙනස් වීම කරදරයකි. මෙය බොහෝවිට සිදුවන්නේ වෙබ් පිටු සුරැකිමේදීය.
එයට “ප්‍රති තේරිම“ (deselect)
බොත්තමක් එක්කල යුතුය.
වින්ඩෝවක් සඳහා හකුලන්න, පහලට
පිලිනගන්න, වසන්න, තේරීම් වලට අමතරව පුන් තිරය, කාර්ය තීරය සමඟ පුන් තිරය විකල්පත්
වින්ඩෝවන් කිහිපයක් විවරව ඇති විට
සැමට ඉහලින්, සැමට පහලින්, පියවරක් ඉහලට, පියවරක් පහලට වැනි විකල්ප එක්කල යුතුය.
ගොනු
සෙවීමේ මෙවලම ඉතා අසතුටු දායකය.
ඒ වෙනුවට රිබන් අතුරුවත තුල වෙනම
ටැබයක් ලෙස ගොනු සෙවීමේ පහසුකම සකස් කල යුතුය. ඒ තුල සංකීර්ණ සෙවුම් විකල්ප දැක්විය යුතුය.
දත්ත
සුබෙදීමේ ක්‍රියාව වඩා සංකීර්ණ කිරීම.
මුලික සුබෙදීමේ ක්‍රම වන නම, තැනූ
දිනය, විකරණය කල දිනය,තරම, වර්ගය ආදී වර්ග වලට අමතරව වඩා සංකීර්ණ සුබෙදීමේ ක්‍රම
සඳහා අමතර පහසුකම් එක්කල යුතුය
උදාහරණයක්
ලෙස දැක්වුවහොත්;
යම් විබෙදුමක ඇති දත්ත අතරින් ඉරිදා
දින තැනූ දත්ත අතරින් A අකුරින් පටන් ගන්න ගොනු නාමයන් ඇති ගොනු විශාලත්වය අනුව පෙළගස්වා
බැලීම වැනි දේ සඳහා අමතර මෘදුකාංග නොමැතිව ක්‍රමයක් තිබිය යුතුය.
පරිගණකය තුල ගොනු පද්ධතියට කල වෙනස්කම්වල
ලැයිස්තුවක් (“හිස්ට්‍රියක්“) බලාගත හැකි විය යුතුය.
එය
තුල ආපසු හැරවිය හැකි/නොහැකි වෙනස්කම් වර්ණ දෙකකින් සලකුණු කර තිබිය යුතුය.
මෙහෙයුම්
පද්ධතිය තුල වැඩතල පරිසර කිහිපයක් තිබිය යුතුය.
එනම් වින්ඩෝස්, මැක්, ඇන්ඩ්‍රොයිඩ්
ආකාරයන්වල වැඩතල පරිසර තිබිය යුතුය. මයික්‍රොසොෆ්ට් සමාගම සැම දෙනා සතුටු කිරීමට එක
වැඩතල පරිසරයක් තැනිමට යාම නිසා සැමදෙන දුකටපත්වන අවස්ථා ඇත.
හොඳම
උදාහරණය වින්වෝස් 11ය.
මෘදුකාංග
සංවර්ධකයන් සඳහා:
සිංහල වැනි භාෂාවල අකුරට පෙර යොදන පිල්ලම් (උදාහරණ:
ෙ,ෛ) හඳුනාගන්නට ක්‍රමයක් තිබිය යුතුය. යතුරුකරණයේදී මෙම පිල්ලම් සහිත අකුරු වල
පිල්ලම් වෙනස් කිරීම දුෂ්කරය. කෘෘසරයට ඉදිරියෙන් ඇති අකුර හඳුනාගන්නට හැකිනම් මෙය කල
හැකිය.
සිංහල
පෙලකථන උපයෝගිතාව ලබාදිය යුතුය.
භාෂා
දෝෂ පෙන්වා දීම සහ ඒවාට විසඳුම් ලබාදීම අපේක්ෂා කරමි.
(කාලෙකින්
අළුත් දෙයක් ලිව්වේ හරියට ලියවුනාද මන්දා)
෴෴෴෴෴෴෴෴෴෴
ගැටපද
විවරණය:
හැඩතල ගැන්වීම: format
විබෙදුම: partition
ගොනු
ස්ථරය :directory structure
පරිශීලකයෙක්ගේ
දත්ත :user data
පරිශීලක
ගිනුම් :user account
පහලට
පිලිනගන්න :minimize
කාර්ය
තීරය :taskbar
පුන්
තිරය :full screen
සැමට
ඉහලින් :topmost
සුබෙදීම
:sort
වැඩතල
පරිසරය :desktop environment
පෙලකථන
උපයෝගිතාව :text to speech utility
විශේෂ
ෆෝල්ඩර ලැයිස්තුව
සුරකින
ස්ථානය තෝරාදෙන සංවාදකොටුව
රිබන්
අතුරුවත
ආශ්‍රිත ලිපි:
https://en.wikipedia.org/wiki/Cutting_stock_problem
https://en.wikipedia.org/wiki/Bin_packing_problem
මගේ පරිගනකයේ අඩංගු විවධ දත්ත ඩීවීඩී තැටි වලට පිටපත් කිරීමේදී. එම තැටිවල ධාරිතාව උපරිම ලෙස පාවිච්චි වන පරිදි පිටපත් කරන දත්ත ලැයිස්තුව තේරීමසඳහා මෙම මෘදුකාංගය සකස් කලෙමි.
ක්‍රියා කරන ආකාරය: අවශ්‍ය ෆයිල් හෝ ෆෝල්ඩර ලැයිස්තුව ලැයිස්තුවට ඇද දමන්න පහල බොත්තම් දෙකින් එකක් ඔබන්න.
මෙම මෘදුකාංගය තවත් දියුණු කර ඩීවීඩී තැටි අවම ප්‍රමාණයක උපරිම දත්ත ප්‍රමාණයක් ගබඩා කිරීම සඳහා එක් එක් තැටියක ගබඩා කලයුතු දත්ත ලැයිස්තු සකසන මෘදුකාංගයක් සකස් කිරීමටද බලා පොරොත්ත වෙමි.
මෙහිදී කරනුයේ තැටියේ ලිවීමට බලාපොරොත්තු වන දත්ත ඒකක ලැයිස්තුවේ එක් එක් සංයෝජන සලකා බලා එම සංයෝජන අතරින් තැටියේ ඉඩ උපරි්මව යොදා ගන්න සංයෝජනයන් හඳුනා ගැනීමයි.
නමුත් ගැටළුව වන්නේ මෙහි වේගය අඩු වීමයි.
මෙහි sanyojana නම් ක්‍රියාවලිය වෙනුවට sanyojana_1 ක්‍රියාවලිය යෙදීමෙන් වේගය වැඩි කිරීමට උත්සාහ කලෙමි.
මෙම මෘදුකාංගය වේගවත් කරගැනීමට ඔබෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි.
එසේම ඩීවීඩී තැටියක ගබඩා කලහැකි උපරිම දත්ත ප්‍රමාණය ගැන තාක්ෂණික උපදෙස්ද බලාපොරොත්තු වෙමි.
මේ දිනවල කාවිද (Covid) රෝගය පැතිරීම වැලැක්වීමට ආයතනයකට අතුලුවීමට පෙර අත්සේදීමට පහසුකම් සකසා ඇත.
නමුත් අත් සේදීමෙන් පසු අත්වල රැඳි තෙතමනය ඉවත් කරන්නේ කෙසේදැයි බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වී නැත.
සබන් දා අත් සේදීමෙන් පසු දාඩිය පිසින ලේන්සුවෙන් අත් පිසීමෙන් ඇති ප්‍රෙයා්ජනය කුමක්ද?
අනිත් අතට කිහිප වරක් අත් පිසීමෙන් පසු ලේන්සුව තෙතබරිවේ.
අත් සෝදන ස්ථානවල ටිෂූ ලේන්සු පෙට්ටියකුත් එල්ලා තබා කුණු කූඩයක්ද තැබීමට කල්පනා වෙයිනම් හොඳය.
කලාකාමී තරුණ පරපුරට සංහිඳියාව වෙනුවෙන් කලහැකි වැඩක් ගැන යෝජනාවක්.
දැනට වසර කිහිපයකට පෙර බටහිර ආසියානු රටක ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන කාන්තාවක්
තම සැමියාට දුරකථනයෙන් කතාකර .
“ඕක දීපන් ළමයෙක්ට“ කියා පැවසීම සමාජය තුල ජනප්‍රිය යෙදුමක් වූ හැටි මතක ඇතැයි සිතමි.
දැන් මාසයකට පමණ පෙර සිට දෙමල දේශපාලකයන් අමුතු කතාවක් කීමට පටන්ගෙන ඇත.
එනම්
“මට ඔයාලා ගැන දුකයි“
ප්‍රකාශයයි.
දැන් සිංහල කලා කරුවන්ට කරන්න වැඩක් ඇත.
මේ “දුකයි“ කතාව යොදාගෙන නිර්මාණශීලී මීම් (memes) සාදා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමයි.
මෙහිදී දේශපාලනයටම නොව පොදුවේ ඕනෑම කිඹුල් කඳුළු සැලීමකටම යොදාගතහැක පරිදි ඒවා සෑදීම වඩා ප්‍රෙයා්ජනවත්ය.
විශේෂයෙන්ම දෙමළු අතරත් එය ජනප්‍රිය කරවිය යුතුය.