ප්‍රබුද්ධ පීචං සහ ප්‍රියා
දැනට වසර
8කට පමණ පෙර සමාජ ජාල මාධ්‍යය තුල රැල්ලක් ඇතිවිය.
එනම් තම
තමන් වඩාත් ම ප්‍රිය කරන ගීත 10ක ලැයිස්තු පල කිරීමයි.
ඉකොනොමැට්ටා
බ්ලොගය තුල මෙහි දත්ත ගැන යම් පැහැදිලි කිරීමක් තිබුනි.
නමුත්
දත්ත විමසීමේ දී මට අසාමාන්‍ය තත්වයක් දක්නට ලැබුනි.
මේ ලැයිස්තු
තුල ක්ලැරන්ස් විජයවර්ධන, ප්‍රියා සූරියසේන ගේ ගීත අඩංගු නොවුනි
එසේම හැම
ලැයිස්තුවකම පාහේ අමරදේව, ජෝතිපාල, සුනිල් පෙරේරාගේ නම් තිබුනි.
මට හිතන
විදියට නම් ක්ලැරන්ස්, ප්‍රියා, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත වලට අකමැති කෙනෙක්
සිටියි නම් ඔහු සිංහලයෙක් නොවිය යුතුය.
නමුත් ප්‍රියතම
ගීත ලැයිස්තුවල ඔවුන්ගේ ගීත නැත.
මෙයට හේතුව
ප්‍රබුද්ධ පීචං ශ්‍රේණිගත කිරීමයි.
ප්‍රබුද්ධ
පීචං වර්ගිකරණය බිහිවුනේ ජෝතිපාල මහතා මිතුරෙක් සමග කල විහිලු කතාවකිනි.
එහි දී අමරදේව
ප්‍රබුද්ධ ගායකයෙක් ලෙසත් තමන් පිචං ගායකයෙක් ලෙසත් හඳුන්වා ගැනුනි.
මෙම
වර්ගීකරණයේ ප්‍රතිඵලයක් ලෙස අනිත් ගායකයන් ද ප්‍රබුද්ධ පීචං රේඛාව තුල ස්ථාන ගත කෙරිනි.
පසුව
සුනිල් පෙරේා මහතාද තමන් පීචං ගායකයෙක් ලෙස හඳුන්වා ගත්තේ නෙගටිව්(?) මාකටින් ක්‍රමයක්
ලෙස ද?
මිනිසා ස්වභාවයෙන්
ම හොඳ නරක, කලු සුදු, පින් පව්, වීරයා දුෂ්ටයා ආකාරයට වර්ගීකරණයට ප්‍රිය කරයි. ඒ
අනුව ප්‍රබුද්ධ පීචං වර්ගීකරණයට පෙලඹීමක් ඇතිවීම ස්වභාවිකය.
නමුත්
ගැටලුව වන්නේ ප්‍රියා සූරියසේන වැනි ගායකයන් මෙම රේඛාව තුල පිහිටුවිය නොහැකි වීමයි.
ක්ලැරන්ස්,
ප්‍රියා ගායක ලැයිස්තුවලින් හැලී යාමට හේතුව මෙය විය හැක.
මිල්ටන්
මල්ලවාරච්චි මෙම ප්‍රවාදයෙන් පැහැදිලි කල නොහැකිවීම අඩුවකි.
මම නං සිංහල සින්දු අහන්නේ නැහැ. මොකද මට සිංහල බැහැනේ.
ReplyDeleteමම නම් අහනවා . ප්‍රියා සුර්යසේන මගේ ප්‍රියතම ගායකයෙක්
Deleteප්‍රියා සූරියසේන කැමතිම ගායකයෙක් නොවුනත් ඔහුගෙ සිංදු රසවිඳිනව!
ReplyDeleteමට මතකයි රියලිටි තරඟ ආපු මුල් කාලෙ ඔහුව අනුකරණය කෙනෙක් එහි කිරුළ දිනාගත්තත් එක්ක.
ප්‍රියා, ක්ලැරන්ස්, ෂර්ලි, ග්‍රේෂන්, වික්ටර්, එඩ්වඩ්, කපුගේ ඔය ආදී ගායකයන් රාශියක් ම අපට සමීප වුණා, නන්දන වින්දන එක්ක. ඔය කාවවත් මට ප්‍රබුද්ධ හෝ පීචං කියලා හිතිලා නෑ.
ReplyDeleteඊට අමතරව, අපි ගැටවු කාලෙ, ඉස්කෝලෙ ගාව ඉටිකොළයක් එලාගෙන හිටපු වෙළෙන්ද අයියෙක් ගාව තිබුණා, ප්‍රියාගෙ සහ මිල්ටන්ගෙ සිංදු කෑලි ප්‍රින්ට් කරපු කාඩ්. "සුදු පරවි රෑණ සේ" "පරෙවි රැජිනියේ එදා වගේ අදත්" "ඔබ සිහි කර කර ඔබට ලියන එක" වගේ සිංදු කෑලි. ඒ දවස්වල ගැටවර ප්‍රේමයේ ආයුධ වුණේ ඒව තමයි.
ReplyDeleteඇන්ටිජන් හොරාව ඊළඟ ජනාධිපති විදියට පත් කරමුද?
ReplyDelete- අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk
දිලිත් ජයවීර යනු ගෝඨාභය රාජපක්ෂටත්, ඊටත් කලින් මහින්ද රාජපක්ෂටත් දැක්වූ සහයෝගයෙන් ව්‍යාපාරික අවස්ථා උදා කරගෙන දියුණුව සලසා ගත් 'ව්‍යවසායකයෙකි'. ව්‍යාපාරකරණය ඊනියා වාමාංශික දේශපාලනය මෙන් අති පිරිසිදු විය යුතු යයි මා නොසිතන නිසා මට නම් ඒ ගැන විශේෂ අවුලක් නැත. සියලු 'බිස්නස්' එසේය. චන්ද්‍රිකාට හා මහින්දට ජැක් ගසා ජනතා විමුක්ති පෙරමුණ ද ගුවන් විදුලි විකාශන බලපත්‍රයක් ලබාගෙන එය පසුව විකුණා දමා ඇත.
කෙසේ වෙතත්, දිලිත් ජයවීර දැන් වෙනත් ගමනකට ප්‍රවේශ වී සිටියි. ඔහුගේ අරමුණ රටේ ජනාධිපති වීමය. දක්ෂිණාංශය ජාතිකවාදී හා ලිබරල්වාදී නායකත්වයක් සොයමින් සිටින මෙම වකවානුවේ ඔහු ඒ සඳහා ශක්තිමත් කරගකරුවෙකි.
ජවිපෙ මුල් වී 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ගෙන ආ දවස්වල, ඔහුට එරෙහිව නැගී තිබුණු සුනාමි ආධාර ගසා කෑම සඳහා හෙල්පිං හම්බන්තොට නමින් පෞද්ගලික ගිනුමක් පවත්වාගෙන යාමේ චෝදනාවෙන් ඔහු සෝදා දුන්නේ එවකට අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වාය.
දිලිත් ජයවීරට එරෙහිව තිබෙන චෝදනාව මේ වන විටත් නලින්ද ජයතිස්ස මුල් වී සෝදා දීම ආරම්භ කර තිබේ. එනම්, රු. 3500ට රජයට ඇන්ටිජන් කට්ටල විකිණූ බවට නගන චෝදනාව බොරුවක් බව ඔප්පු කරමින් රජය ඇන්ටිජන් කට්ටල මිලදීගෙන තිබෙන්නේ ඒ කියන ගණනෙන් තුනෙන් එකක පමණ මුදලකට බව නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
ඔය තුන්දාස් පන්සීයේ කතාවට කිසිදු පදනමක් නැත. ඒ වනාහි අතින් දැමූ ගණනකි. මෙයට මුල් වූ චේතිය බොරුව කීවේද දේශපාලන බෞද්ධ භික්ෂුවකි. ඔහු වනාහි 2022 අරගලයේ නායකයකු වූ ඕමල්පේ සෝභිත භික්ෂුවයි.
රැපිඩ් ඇන්ටිජන් රුපියල් 80ට දෙන්නට පුළුවන්කම තියෙද්දී රු. 2500ට විකුණා ඇන්ටිජන් 10ක් අඩංගු කට්ටලයකින් රු 24,000ක පමණ අධික ලාභයක් උපයා ගත් බවට දිලිත් සම්බන්ධ සමාගම්වලට චෝදනා එල්ල විය.
දැන් මතු කරන කාරණය වන්නේ, දිලිත් ජයවීරට අයත් බව කියන ජෝජ් ස්ටුවට් සමාගම සමග තරගකාරී බව පෙන්වමින් සැපයුම් සඳහා අවස්ථා ලබාගත් ඔහුටම අයත් බව කියන අනෙක් සමාගම වන දිවැස ෆාමා කලම්බු සමාගම ද ඔහුටම අයත් එකක් බව හා එම සමාගම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සමාගමක් නොවූ බවයි.
මේ චෝදනා නගන අය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ යුතු අතර ආණ්ඩුව දේශපාලනිකව මැදිහත් වී විමර්ශන ආරම්භ කර නඩු දැමිය යුතුය. වැඩේ තියෙන්නේ, මේ ටෙන්ඩර් අනුමත කරපු අයටත් ගස් යන්නට වෙන එකය. ඒ අය බේරා ගන්නට ආණ්ඩුවට අවශ්‍යද යන්න අපි නොදනිමු.
ලංකාව වැනි රටවල රජයේ සැපයුම් ටෙන්ඩර දේශපාලකයන්ගේ, නිලධාරීන්ගේ හිතවතුන්ට ලබාදෙන එක පමණක් නොව ආණ්ඩු වෙනස් වූ පසු එවැනි දූෂණ පිළිබඳ විමර්ශන කරන එක ද සාමාන්‍ය තත්වයන්ය. ඒවා පසුපස ද කොමිස් හා වෙනත් ඩීල් තිබේ.
කොහොම වුණත්, ඇන්ටිජන් හොරා යයි කියන දිලිත් ජයවීර ලංකාවේ නායකත්වයට ඇප්ලිකේෂන් දමා සිටින මේ මොහොතේ ඔහු ගැන තීරණයක් ගන්නට අපට සිදුවෙන්නට ඉඩ තිබේ. ලංකාවේ මහජනයා වන අප සුනාමි හෙල්පිං හම්බන්තොට චෝදනා තිබියදී මහින්ද රාජපක්ෂ ද, යුද සමයේ ඝාතන චෝදනා තිබියදී ගෝඨාභය රාජපක්ෂ ද අති බහුතර ඡන්දයෙන් බලයට පත් කළෙමු. එහෙව් එකේ ඇන්ටිජන්වලින් මාටියා ගහන එක ලංකාවේ මහජනයාට නතිං වන්නට පුළුවන. කෙසේ වෙතත්, මේ ඩ්‍රාමා එක ඉදිරියට ගෙන යාම ආණ්ඩුවට හා ආණ්ඩුවට කුලියට කහින මාධ්‍යකරුවන් යයි කියාගන්නා අයට හා වෙනත් සට්ටැඹියන්ට භාරය.