Sunday, October 2, 2022

මගේ මෘදුකාංගයක්.PicCategorize

 

 

බාගන්න

ප්‍රභව කේතය

EXE

 

මෙය මම ටික කාලයකට පෙර හැදූ එකකි.

අඩුපාඩු ඉවත් කර ප්‍රසිද්ධ කිරීමට තීරණය කලෙමි.

 

අරමුණ

මෙම මෘදුකාංගයෙන් කරනුයේ  පින්තූර ගොඩක් අතරින් තමන්ට අවශ්‍ය පින්තූර තෝරා ෆෝල්ඩරවලට දැමීමට පහසුකම් සැපයීමයි.

අපි හිතමු ඔබ විවිධ පින්තූර දහසක් පමණ ෆෝල්ඩරයක් තුල රඳවා ඇතැයි කියා සහ

ඔබ කැමතිම නළුවන් වන්නේ විජය කුමාරතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර, දෙනවක හාමිනේ, එඩ්නා සුගතපාල යැයි.

ඔබට ඉහත පින්තූර දහස අතරින් මෙම අයගේ පින්තූර වෙන්කර ගන්නේ කෙසේ ද?

මගේ මෘදුකාංගයේ අරමුණ මෙම කටයුත්ත අවම ආයාසයකින් කර ගැනීමයි.

 

ක්‍රියා කරවන  ආකාරය



පින්තූර අඩංගු ෆෝල්ඩරය B ස්ථානයට ඇද දමන්න. නැතිනම් එහි පථය එහි ටයිප් කරන්න.

නළුවන් 4 දෙනාගේ නම් වලින් ෆෝල්ඩර 4ක් සාදා ඒවා A ස්ථානයට ඇද දමන්න.

C බොත්තම ඔබන්න.

එවිට ඉන් පසු පහල ඇති පාලක හෝ ඇරෝ කී යොදා ෆෝල්ඩරය තුල ඇති පින්තූර අතර මාරු වෙන්න. ඉහත නළුවන් හතර දෙනාගේ එකෙකුගේ පින්තූරයක් හමුවූ විට එම පින්තූරය A ස්ථානයේ ඇති අදාළ අයිකනය මතට ඇද දමන්න.  තිත් තුන ඇත බොත්තම ඔබා සෙවුම් සැකසුම් ලබාගත හැක.  තිත් තුන ඇති පහල බොත්තම රයිට් ක්ලික් කර අමතර සැකසුම් ලබාගන්න.

අනික් පහසුකම් මෘදුකාංගය පාවිච්චි කර ඉගෙන ගන්න.

පසු වදන

 පාවිච්චි කර බග් ඇත්නම් කොමෙන්ටුවකින් සඳහන් කරන්න.

මෘදුකාංගය විවෘත කේතමය එකක් වෙයි. තනා ඇත්තේ visual basic.net භාෂාවෙන්, Visual Studio 2022 මෘදුකාංගය යොදාගෙන ය.

මෘදුකාංගය Windows10 64 bit මෙහෙයුම් පද්ධතිය මත පරික්ෂා කර ඇත.

පැරණි මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියා කරවන්නේ නම් dot net framework සහායක මෘදුකාංගය ස්ථාපනය කලයුතුවිය හැක.

3 comments:

  1. මා දැක ඇති, තේරුම්ගෙන ඇති ආකාරයට නවකවදය තුලින් සමාජයට කිසිඳු ඵලදායි හෝ සුබවාදී outcome එකක් නැත (මේ මතයට එරෙහි යමෙක් සිටිනවා නම් එය ඉදිරිපත්කල හැක). නවකවදය තුලින් බිහිවන්නේ සමාජ විරෝධී ගතිපැවතුම් පිරි තරුණ පෙළකි. සමාජය තුලින්ම නවකවදයට එරෙහිව බුර බුරා නැගෙන විරෝධය අද ඊයේ ඇති වුවක් නොවේ. උගුරට හොරා බෙහෙත් කෑම පසෙක තබා දැන්වත් මේ තිරිසන් ක්‍රියාවට එරෙහිව කටයුතු කිරීමට නවකවදයට ඍජුව මෙන්ම අනියමාර්ථයෙන්ද සහයෝගය දෙන සියළුම දේශපාලන පක්ෂ කටයුතු කල යුතුව ඇත. නැතිනම් කිව හැක්කේ කරුණු දෙකකි

    මෙම දේශපාලන පක්ෂවලට සරසවිය වැනි කුඩා පද්ධතියක් තුළවත් යහපත් වෙනසක් සිදුකරගත නොහැක.
    අනෙක මේ පක්ෂවලට යහපත් සාමාජීය වෙනසක් සිදුකිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැත.

    මේ දෙකෙන්ම සිදුවන්නේ ඔවුන් සමාජය තුලින් ප්‍රතික්ෂේප වීමයි. සමාජයට නව නායකත්වයක් අවැසිම වූ මොහොතක සරසවිය වැනි කුඩා පද්ධතියක් තුල දේශපාලන අධිකාරියක් බලාත්මක කරගැනීම වැනි පටු හරසුන් operations වලින් පිටතට පැමිණෙන්න.

    ReplyDelete