Sunday, March 1, 2026

ඊළාම් නිජබිම් මිත්යාව

 https://web.facebook.com/profile.php?id=61584851574733

 

මම වගේ හිතන තව කෙනෙක්.

එයා මට වඩා ඉතිහාස මුලාශ්‍ර දන්නවා. අනිවාර්යයෙන් බෙදාගන්න 

Friday, February 27, 2026

මගේ සිංහල වදන් සකසුව

 

 


මගේ සිංහල පෙල ටයිපකයේ β අනුවාදය මේ සමග එවමි.
මෙවැන්නක ඇවැසියාව ගැන ඔබ සිතනු ඇත.
සිංහල ආදාන මෙවලමකින් වුවත් ටයිපියහැකි වුවත්,
ටයිපිත වදනක් වෙනස් කරන්න උත්සාහ කලවිට ගැටලු මතුවේ. මෙය වෙසෙසින් බලපාන්නේ කොම්බුව සහිත අකුරු වලටය.
මේ සඳහා Scintilla  නම් .net පාලකය යොදා ගත්තෙමි.
මෙය පූර්ණ විවට කේත මෘදුකාංගයකි.
වැඩිදියුණු කෙරුමට උපදෙස් බලාපොරොත්තු වෙමි.

EXE

SRC 


Sunday, February 15, 2026

මගේ PDF වීවරය.

 

 
 
පාර්සරයේ තිර දසුන් 
 

නව වසරේ මගේ පලමු මෘදුකාංගය මෙලෙස සාඩම්බරයෙන් ඉදිරිපත් කරමි.

දැනට සාදා ඇති PDF වීවරයන්හි ඇති පොදු වරද වන්නේ ඒහි “ආපසු” බොත්තමක් නොමැති කමයි. එසේම ඒවා සාදා ඇත්තේ මුද්‍රිත පිටපත් ගැනීමට මිස පොත් කියවීමට නොවන බව පෙනේ. එසේම  වරකට ක පිටුව බැගින් පෙන්වන්නේ නැතිව පිටු සර්පනය වීම දිගු ලිපි කියවීමේ දී කරදරකාරී වේ.

මෙම මෘදුකාංගය සැදීමට අදහස ආවේ ඉහත කරුණු නිසා ය.
එසේම මම වමත් කාරයෙක් නිසා පැති පැනලය දකුණු පසින් පිහිටෙව්වෙමි. එය වමත් කරුවන්ට පහසු දැයි කීමට තවම කල් වැඩිය.

PDF පාර්සරනය සඳහා Pdfium ලයිබරිය සහ මගේ ම PDF පාර්සරයක් යොදා ගත්තෙමි.

මගේ පාර්සරය තුල පෙල විදැහුම අඩුපාඩු සහිත බැවින් Pdfium ලයිබරිය යොදන්නට සිදුවිය. පිටු ආකෘතිය රුක් සටහනක් ලෙස දැක්වීමට මගේ පාර්සරය යොදා ගත්තෙමි.

මෘදුකාංගය සැකසීමේ දී Chat Gpt සහායකයෙක් ලද සහය අපමණ ය. එය නැතිනම් මෙය නො කෙරෙනු ඇත.

මෙම මෘදුකාංගය පූර්ණ විවෘත කේත එකකි.

මේ සඳහා .net 4.8 උපයෝගිතාව ස්ථාපනය කල යුතුය.

PDF

පාර්සරය

ලයිබරිය  වචන සඳහා සන්දර්භයට අදාළ හෙල වදන් දෙන්නේ නම් පිං.

 

READER EXE

READER SRC

 PARSER SRC

 

Thursday, January 29, 2026

සිත් උපදනා තැන හෘදය ද ?

https://transyl2014.blogspot.com/2026/01/blog-post_27.html


හෘදයේ ආවේණික ස්නායු පද්ධතිය (හෘදයේ මොලය)

  • හෘදයේ මොළය: හෘදය සතුව ස්නායු සෛල 40,000 ක ජාලයක් ඇති අතර, මොළයේ උදව් රහිතව ස්වාධීනව තීරණ ගැනීමට මින් හැකියාව ලැබේ. හෘදය සිරුරෙන් වෙන්කලද ටික වේලාවක් ක්‍රියාකරන්නේ මේ නිසාය.

  • විද්‍යුත් පද්ධතිය: SA ගැටය (පේස්මේකර්) මගින් ස්පන්දනය ආරම්භ කරන අතර, AV ගැටය සහ පර්කින්ජි තන්තු හරහා එම විද්‍යුත් පණිවිඩය මුළු හෘදය පුරාම ගෙන යයි.

  • බාහිර පාලනය: හෘදය ස්වාධීන වුවත්, අවශ්‍යතාවය අනුව (උදා: බිය වූ විට) වේගය පාලනය කිරීමට මධ්‍යම ස්නායු පද්ධතිය මැදිහත් වේ.


කලලයක ක්‍රියාකාරිත්වය

  • මුල්ම ඉන්ද්‍රිය: කලලයක මුලින්ම ක්‍රියාත්මක වන්නේ හෘදයයි.

  • ස්වයංක්‍රීය බව: මධ්‍යම ස්නායු පද්ධතිය සැකසීමටත් පෙර, හෘදයේ ඇති මයෝකාඩියල් සෛල ස්වයංක්‍රීයව විද්‍යුත් සංඥා නිපදවා ස්පන්දනය වීමට පටන් ගනී.

  • පසුව සම්බන්ධ වීම: මොළය සහ හෘදය අතර ස්නායු සම්බන්ධතාවය ඇති වන්නේ කලල වර්ධනයේ මදක් පසු අවධියකදීය.

සිත් ඉපදීමත් නියුරෝන අතරත් සබැඳියාවක් ඇතැයි සැලකුවොත්.
මුලින්ම විඤ්ඤානය පහල වන්නේ හදවත ඇසුරෙන් බව සත්‍යයක් නොවේද?