මගේ සිංහල පෙල ටයිපකයේ β අනුවාදය මේ සමග එවමි.
මෙවැන්නක ඇවැසියාව ගැන ඔබ සිතනු ඇත.
සිංහල ආදාන මෙවලමකින් වුවත් ටයිපියහැකි වුවත්,
ටයිපිත වදනක් වෙනස් කරන්න උත්සාහ කලවිට ගැටලු මතුවේ. මෙය වෙසෙසින් බලපාන්නේ කොම්බුව සහිත අකුරු වලටය.
මේ සඳහා Scintilla නම් .net පාලකය යොදා ගත්තෙමි.
මෙය පූර්ණ විවට කේත මෘදුකාංගයකි.
වැඩිදියුණු කෙරුමට උපදෙස් බලාපොරොත්තු වෙමි.
පාර්සරයේ තිර දසුන්

.jpg)
නව
වසරේ මගේ පලමු මෘදුකාංගය මෙලෙස සාඩම්බරයෙන් ඉදිරිපත් කරමි.
දැනට
සාදා ඇති PDF වීවරයන්හි ඇති
පොදු වරද වන්නේ ඒහි “ආපසු” බොත්තමක් නොමැති කමයි. එසේම ඒවා සාදා ඇත්තේ මුද්‍රිත
පිටපත් ගැනීමට මිස පොත් කියවීමට නොවන බව පෙනේ. එසේම වරකට එක පිටුව බැගින් පෙන්වන්නේ නැතිව පිටු
සර්පනය වීම දිගු ලිපි කියවීමේ දී කරදරකාරී වේ.
මෙම මෘදුකාංගය
සැදීමට අදහස ආවේ ඉහත කරුණු නිසා ය.
එසේම මම වමත්
කාරයෙක් නිසා පැති පැනලය දකුණු පසින් පිහිටෙව්වෙමි. එය වමත් කරුවන්ට පහසු දැයි
කීමට තවම කල් වැඩිය.
PDF පාර්සරනය
සඳහා Pdfium ලයිබරිය සහ මගේ ම PDF පාර්සරයක්
යොදා ගත්තෙමි.
මගේ
පාර්සරය තුල පෙල විදැහුම අඩුපාඩු සහිත බැවින් Pdfium ලයිබරිය යොදන්නට
සිදුවිය. පිටු ආකෘතිය රුක් සටහනක් ලෙස දැක්වීමට මගේ පාර්සරය යොදා ගත්තෙමි.
මෘදුකාංගය
සැකසීමේ දී Chat Gpt සහායකයෙක්
ලද සහය අපමණ ය. එය නැතිනම් මෙය නො කෙරෙනු ඇත.
මෙම
මෘදුකාංගය පූර්ණ විවෘත කේත එකකි.
මේ
සඳහා .net 4.8
උපයෝගිතාව ස්ථාපනය කල යුතුය.
PDF
පාර්සරය
ලයිබරිය වචන සඳහා සන්දර්භයට අදාළ හෙල වදන් දෙන්නේ නම්
පිං.
READER EXE
READER SRC
PARSER SRC