Thursday, January 8, 2015

ඉදිරි දේශපාලනය ගැන මගේ අදහස (plan B)



   මෙම ලිපිය ලියන විට ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ලැබී නැති නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන බවට පැහැදිලි ලකුණු පෙනේ.ඉදිරි දේශපාලනය මෙසේ වෙයි නම් මම එයට කැමැත්තෙමි.
මේ දිනවල කාර්යය බහුල බැවින් හැකි තාක් කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මුලින් ම (plan A) පැහැදිලි කරමි.
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ලබා ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් හෝ වෙනත් නායකයෙක් එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරතරඟ කර ජනාධිපති බවට පත්වීම මගේ පැතුම විය.එක් නායකයෙක් දිගටම බලයේ සිටීම මම අනුමත නො කරමි. කිසිදු දේශපාලනඥයෙක් අමරණීය නොවන අතර එක් නායකයෙක් යටතේ දිගටම රට පාලනය වුවහොත් සුදුසු දෙවනපෙල නායකත්වයක් නැති වීම නිසා එම පාලනය වෙනස්වුවහොත්රට තුල දරුණු අර්බුද ඇතිවීමේ අවදානමක් පවතී
මෙම ආකාරයට වැඩ සිදුනොවුනු නිසා
ඉදිරියේ දී රටේ දේශපාලනයට ගමන්කලහැකිහොඳම මඟ කෙටියෙන් මෙසේ සටහන් කරමි.
1. මෛත්‍රීපාල මහතා විධායක ජනාධිපති ලෙස දිගටම පාලන බලය හෙබවිය යුතුය නමුත් එහි වාර ගණන
    2කට සීමාකලයුතු අතර අධිකරණයට වගකියන තනතුරක් කලයුතුය.
    මෙරට බහුතරයකට (විශේෂයෙන් සිංහල බෞද්ධ බහුතරයකට) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
   කිරීමටඅවශ්‍යතාවක් නැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමේ වරදක් නැත.
   දින 100වැඩපිළිවෙළ කුණු කූඩයට දැමිය යුතු ය.
2. එක්සත් ජාතික පක්ෂයෙන් හැකි තරම් මන්ත්‍රීවරු පිරිසක් එක් කර ගෙන සන්ධාන රජයක්පිහිටුවියයුතු ය. 
   එහි දී ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ විනය ගැන විශේෂයෙන්ම කටයුතු කලයුතුය. එය 
   මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයටද හිතකර වේ.
3. මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු දිගටම කර ගෙන යා යුතු ය.
4. ආණ්ඩුවේ මහින්ද පාක්ෂිකයන්ගෙන් පලි ගැනීමනොකලයුතු අතර තිස්ස අත්තනායක මහතා ද පක්ෂය තුල
    රඳවා ගැනීමට කටයුතු කලයුතු ය.
5. සිංහල බෞද්ධ ඡන්ද වලින් බහුතරය මහින්දට ලැබී ඇති අතර මෛත්‍රීපාල මහතා බලය ලබා ගත්තේ 
    දෙමළ, මුස්ලිම්ඡන්ද වලින් වෙයි. නමුත් එම ඡන්ද අති බහුතරයක් මෛත්‍රීපාලට ලැබුණු ඍජු ඡන්ද නොව 
    වාර්ගික දේශපාලන පක්ෂහරහා ලත් ඡන්ද වෙයි. මෙය දිර්ඝකාලීනව රටේ ස්ථාවරත්වයට හා 
    මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයට ද අහිතකර වෙයි එම නිසා මෛත්‍රීපාල ජනාධිපති තුමා සිංහල 
    බෞද්ධ දේශපාලන අභිලාශයන්ටඑකඟ ව කටයුතු කර සිංහල බෞද්ධඡන්ද පදනමක් ගොඩනඟා ගැනීමට
    කටයුතු කල යුතු ය. නැතිනම් නැවතත් දෙමළ ජාතිවාදයේ ප්‍රබෝධයක් ඇතිවී රට ලේවිලක් වීම 
    වැළැක්වියනො හැක.
6. වඩාත් ම වැදගත් කටයුත්ත නම් ජනාධිපති ලෙස උපරිම බලය යොදවා හෝ චන්ද්‍රිකා කුමාරතුංගව නැවත 
    ලන්ඩනයට යැවීමයි. තවත් බණ්ඩාරනායක යුගයක් අවශ්‍ය නැත.

             නව ජනපති තුමනියසලාලක තිස්ස රජුගේ සුභසෙන්පතිගේ මඟ යන්න එය ඔබටත් රටටත් දෙකට ම හිතකර වෙයි.
නැති නම් ඔබ ජාති ද්‍රෝහියෙක් ලෙස ඉතිහාසගතවනු ඇත.
ඔබට සුභ අනාගතයක්!

Tuesday, December 9, 2014

නව වසරට Exel දිනදර්ශණයක්

 කේතය භාගත කරන්න
මෘදුකාංගය භාගත කරන්න


මෙම මෘදුකාංගය මඟින් කැමති වසරක දිනදර්ශණය  Exel  ලියවිල්ලක් ලෙස ගතහැක
මෙය Exel මෘදුකාංගයේ plugin මෘදුකාංගයක් ලෙස තැනීමට බලාපොරොත්තු වුවත්
  plugin තැනීම ගැන දැනුම අඩු නිසා එය කිරීමට නොහැකිවිය. ඒ පිළිබඳව උදව් බලාපොරොත්තු වෙමි.
මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට පරිගනකයට MS offiece මෘදුකාංග පැකේජය ස්ථාපනය කල යුතුය

Sunday, December 7, 2014

එළාර නම් සිංහල රජතුමා



ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කල මහරජ ගැමුණු චිත්‍රපටය ගැන දැනගත් විට මෙය ලිවීමට සිතුණි. චිත්‍රපටයට විචාර ඉදිරිපත් කෙරෙන විට මෙම අදහස් ද පුයෝජනයට ගැනෙන්නේ නම් යහපති.
දුටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ සිංහල රජෙකු බව අවිවාදිත ය. එසේ නම් එළාර යනු කවරෙක් ද? ජනප්‍රිය මතය ඔහු දෙමළ රජෙකු බවයි. නමුත් වසර 50කට පමණ පෙර මේ මතය අභියෝගයට ලක් කරණ මතයක් ඉදිරිපත් විය එනම් එළාර යනු උතුරු ඉන්දියානු ආර්යයෙක් බවයි. මීට අමතරව එළාර පර්සියානුවෙක් යැයි මතයක් ද ඇත. මෙයට ප්‍රධාන හේතුව එළාර කෙනෙක් ගැන දකුණු ඉන්දියානු පුරාවෘත්තයක් නොමැති වීමයි.
මගේ මතය එළාර ගේ සම්භවය කුමක් වුවත් ඔහු සිංහල  රජෙක් ලෙස සැලකිය හැකි බවයි. එළාර ලංකාව ආක්‍රමණය කර එකල ලංකාවේ ප්‍රධාන රාජ්‍යය වූ “පිහිටි” රටේ රජකම ලබාගත් අතර ඉන් පසු එහි සිටි සිංහල වැසියන්ගේ විශ්වාසය දිනා ගනිමින් යහ පාලනයක් ගෙන යන ලදී. එළාර යටතේ පිහිටි රට විදේශ අධිරාජ්‍යයක ප්‍රාන්තයක් නොවුණු අතරම ඔහු ධනය හා වහලුන් කොල්ලකෑම අරමුණු කරගත් විනාශකාරී ආක්‍රමණිකයෙක් ද නොවීය. සම්භවය කුමක් වුවත් ඔහු සිංහල රජෙකි.
එහෙත් එළාර බෞද්ධයෙක් නොවීය. එළාරගේ අරමුණ වූයේ ලංකාවෙන් බුදු දහම තුරන් කිරීමයි. එහි දී එළාර උපක්‍රමශීලී විය. ඔහුගේ අරමුණ වූයේ ක්‍රමයෙන් සිංහලයන්ට බුදු දහම අමතක කර වීමයි. ඔහුගේ යහපාලනය මෙම අරමුණට ළඟවීමේ උපක්‍රමයක් විය.
මීට සමාන තත්වයක් ස්පාඤ්ඤයේ මුස්ලිම් පාලන සමය තුලද  පැවතින. ස්පාඤ්ඤ මුස්ලිම් පාලකයෝ කතෝලිකයන්ට ආගමික නිදහස දුන් අතර ඔවුන් ද රාජ්‍ය පාලනයට හවුල් කර ගත්හ. එසේම වැඩවසම් යුගයේ කතෝලික රජවරුන්ට වඩා හොඳ යහපාලනයක් පවත්වා ගෙන ගියහ. නමුත් එම මුස්ලිම් පාලනය දිගටම පැවතුණේ නම් ස්පාඤ්ඤ කතෝලිකයින් ක්‍රමයෙන් මුස්ලිම් ආගමට හැරීම සිදු වෙන්නට තිබුනි.
දුටු ගැමුණු රජු මෙම අනතුර දැක බුදු දහම රැකීමට සටන් කල අයෙකි. ඔහු “මාගේ මේ ව්‍යායාමය බුදු සසුන රැකීම වෙනුවෙනි” යනුවෙන් පැවසුවේ නිකමට නොවේ. තමාගේ සටන සිංහල ජාතිය වෙනුවෙන් යැයි දුටුගැමුණු රජු පැවසුවේ නැත. ඔහු එළාරගේ යහපාලනයට වශී නොවුනි. ඔහු යුද පිටියට භික්ෂූන් වහන්සේලා වැඩම කර වූයේ එළාරට සහය දුන් සිංහලයන්ට මානසික බලපෑමක් කිරීමට විය නොහැකි ද? සටනින් පසු බසින විට එළාරගේ සැබෑ ස්වරූපය මතු විය, ඔහු වෙහෙර විහාර කොල්ලකෑමට පෙලඹුණි. සටනින් පසු දුටුගැමුණු රජු එළාර රජුගේ මළසිරුර බුදු දහමට හරවන ලදී. ඉන් පසු එළාරට බෞද්ධ සොහොනක් ද ඉදි කරන ලදී. එසේ කරන ලද්දේ පැහැදිලිව ම දේශපාලන හේතු මත මිස දුටුගැමුණු රජුගේ ආචාරශීලී භාවය මත නම් නොවේ. ඉන් පසු දුටුගැමුණු රජු එළාරගේ ආගමට සම්බන්ධ සියලු සිද්ධස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මේ වන තෙක් ඒ එළාර ගේ ආගමික සිද්ධස්ථානයක නටබුන්  කිසිවක් හමු වී නැත.
යම්හෙයකින් එළාර රාජවංශය දිගටම පැවතුනේ නම් අද වන විට බුදු දහම නො අදහන සිංහල ජාතියක් ගොඩනැගී තිබිය හැක (සමහර විට එම සිංහලයන් නූතන සිංහලයන්ට වඩා බලවත් වීමට ද ඉඩ ඇත.) .  නවකතා කරුවෙකුට දුටුගැමුණු රජු පරාජය වුනු සමාන්තර විශ්වයක් පදනම් කර ගෙන නවකතාවක් වුව ද ලිවිය හැක.
මගේ ඉතිහාස දැනුම මඳ බැවින් ම විසින් මෙම ගෙතූ මෙම කථාවේ අඩුපාඩු තිබිය හැකි වුවත් මට වඩා මෙම ක්‍ෂේත්‍රය ගැන දැනුවත් අයෙක්ට මීට වඩා සාක්ෂි සහිත ව මෙම කථාව ම ඉදිරිපත් කල හැකි යැයි විශ්වාස කරමි.
දුටුගැමුණු එළාර යුද්ධය සිංහල දෙමළ ගැටුමක් යනුවෙන් අර්ථ දක්වා ගැනීමෙන් සිංහල බෞද්ධයින් වන අපි ප්‍රධාන වැරදි දෙකක් කරමු.

  1.       ඊලාම් වාදීන්ට ලංකාවේ නැති දෙමළ ඉතිහාසයක් ගොඩනැඟීමට ආධාර කිරීම
  2.   මුලු ලොවෙහි ම වසන බෞද්ධයන්ගේ (දෙමළ බෞද්ධයන්ගේ පවා) අසහාය වීරයා විය යුතු දුටුගැමුණු රජු ට හිමි ගෞරවය නො ලැබීම. ඇත්තෙන්ම දුටුගැමුණු රජු අශෝක අධිරාජ්‍යයාටද වඩා බුදුදහමට සේවයක් කල අයෙකි.

සිංහල බෞද්ධයන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති රවණා රජෙක් ගැන සුරංගනා කථා ගෙතීමට වඩා මෙම මාතෘකාවෙන් ඉතිහාසය කථාවක් ගෙතීම සිංහල ජාතියට හා විශේෂයෙන් බුදු දහමට ඉතා ම ප්‍රයෝජන වත් වේ.

Monday, November 24, 2014

මා කල පැරණි මෘදුකාංග කීපයක නව සංස්කරන



මා කල පැරණි මෘදුකාංග කීපයක නව සංස්කරන
EOT_to_Unicode_v3.1
මම මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට හේතුවූ මෘදුකාංගයයි මෙය මුලින් තැනුවේ
පැරණි රිවිර පුවත්පත් වල ඇති ඉසිවර අකුරු මෝස්තරය යුනිකෝඩ් වලට හැරවීමේ අරමුනෙනි
නමුත් දැන් මෙහි එයට අමතරව වෙබ් පිටු වල ඇති අනවශ්‍ය දත්ත ඉවත්කර වෙබ්පිටු වල ප්‍රමාණය අඩුකිරීම,
වෙබ් පිටු විශාල ගණනක වෙනස්කම් සිදුකිරීම, වෙබ් පිටුවල සැඟවූ පින්තූර ආදිය ටෙන්කිරීම ආදිය කල හැකිසේ දියුනු කර ඇත.
මෙහි css කොටස් කියවීමේ හැකියාව වර්ධනය කර ඇතවෙනම කොටසක් (class) ලෙස සකසා ඇත
 css කොටස් වල අඩංගුකර ඇති පින්තූර ආදී ගොනු (inline image)වෙන්කර ගැනීමේ හැකියාව වර්ධනය කර ඇත
වෙබ් පිටුවල ටැග් කොටස් කියවීමේ මෘදුකාංග කොටස වෙනම කොටසක් (class)
ලෙස සකසා ඇත
මෙය යොදාගෙන වෙබ් අඩවි භාගත කලහැකි (htttrack, teleport pro වැනි) මෘදුකාංගයක් සෑදීමට
 අදහස්කරගෙන සිටියත් තවම කාල වේලාවක් අවස්ථාවක් නොලැබුණි. ඉදිරියේදී එය කිරීමට
බලාපොරොත්තු වන අතර වෙනත් අයෙක්ට වුවද මෙහි කේත යොදාගෙන එය කිරීමට අවසර ඇත.

FOLDER_EXPODE
ෆෝල්ඩරයක ගොනු විසුරුවා හැරීමට යොදා ගනී
මෙහි තිබුනු කුඩා අඩුපාඩුවක් නිවැරදි කල අතර
මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදී අතුරු මුහුනත අක්‍රීය වීම වලක්වන ලදී

image multifile remover
ෆෝල්ඩර කීපයක ඇති එකම තොරතුරු අඩංගු වෙනස් නම්වලින් යුත් ගොනු ඉවත්කිරීමට යොදාගනී
මෙහි තිබුනු කුඩා අඩුපාඩු නිවැරදි කල අතර
මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදී අතුරු මුහුනත අක්‍රීය වීම වලක්වන ලදී

Monday, November 3, 2014

සිගරැට් සහ දෙමළු



කලකින් අලුත් ලිපියක් පල කිරීමට නො හැකි වූ නිසා මෙම කෙටි අදහස ලිවීමට සිතුනි
නලීන් ද සිල්වා මහතාගේ නාථ දෙවියන් ගැන වූ වාදයක දී (මෙය පට්ටපල් බොරු කතාව කීමට පෙර සිදුවූවකි)
කාලෝ ෆොන්සේකා මහතා විද්‍යාත්මක ක්‍රමය ගැන අපූරු අදහසක් ඉදිරිපත් කලේය
ඒ මහතා සම්බන්ධ වී ඇති සිගරැට් විරෝධී කටයුතු වලට අදාල මෙම අදහස එම වාදයේ දී සාකච්ඡා කල අනෙක් කරුණු වලට වඩා මගේ සිත් ගත්තේ ය. මා මේ වාදය නැරඹුවේ යූ ටියුබ් වෙබ් අඩවියෙන් වන අතර එහි ලිංකුව මේ මොහොතේ සොයා බැලීමට අපහසු වුවත් තරමක් වෙහෙස වුවහොත් සොයාගනීමට හැක
කාර්ලෝ ෆොන්සේකා මහතා ඉදිරිපත් කල අදහස මෙයයි
සිගරැට් උරන්නන්ගෙන් 90%කටම පෙණහැලි පිළිකා වැළඳෙන්නේ නැත නමුත් පෙණහැලි පිළිකා නමුත් පෙණහැලි පිළිකා සෑදෙන්නන්ගෙන් 99%ක්ම දුම් පානය කරන අයයි. එබැවින් සිගරැට් ඉරීම හා දුම් පානය අතර සම්බන්ධයක් ඇති බව විද්‍යාත්මක ව නිගමනය කල හැක.
මෙය ඇසූවිට මගේ හිතට ආ අදහස වූයේ මෙහි සිගරැට් වෙනුවට දෙමළ ජනවාර්ගිකයන් සහ පෙණහැලි පිළිකාව වෙනුවට එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ආදේශ කල විට ඇති වන තත්වයයි.
දෙමළුන්ගෙන් 90%ක් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් නොවන නමුත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ගෙන් 99%ක් දෙමළු වෙති එබැවින් සෑම දෙමළක්ම එල් ටී ටී ඊ ත්‍රස්තවාදියෙක් ලෙස සැලකීමට සිදුවේ.
මෙහි දී එල් ටී ටී ඊ සංවිධානයට පැහැදිලි විරෝධයක් දක්වන දෙමළ වාර්ගිකයන් මෙම වර්ගීකරණයෙන් බැහැර කල යුතු බව ද සඳහන් කරමි.
හදිසි අවස්ථාවල දී ඉතිරි දෙමළුන් සැම දෙන එල් ටී ටී ඊ ත්‍රස්තවාදියෙක් ලෙස සැලකීමේ වරදක් නැති ද?
කාර්ලෝ ෆොන්සේකාගේ මතය මෙය නම් යුධ අපරාධ චෝදනා වලට පිලිතුරු දීමට ජිනීවා යැවීමට සුදුසු ම පුද්ගලයා කාර්ලෝ ෆොන්සේකා නොවේ ද?

Monday, August 25, 2014

ෆයිල් වල අමතර පිටපත් ඉවත්කරන මෘදුකාංගයක්

මේක මගේ වැඩ පහසු කරගන්න හදපු එකක්
යම් ෆෝල්ඩරයක එකම දත්තය අඩංගු ෆයිල් කිහිපයක් ඇතිවිට
ඒවායින් එකක් පමනක් ඉතිරිවන ආකාරයට වැඩි පිටපත් මකා දැමීමත්
ෆෝල්ඩර කිහිපයක ඇති ගොනුවල දත්ත සංසන්දනය කර මුල් ෆෝල්ඩරයේ ඇති
ගොනු වල පිටපත් ඉතිරි ෆෝල්ඩර වලින් මකා දැමීමත් මෙයින් කෙරෙනවා

ක්‍රියා කරන අන්දම
එක් ෆෝල්ඩරයක දත්ත සංසන්දනය කර බැලීමට එම ෆෝල්ඩරයේ පථය (path)
ඉහල ඇති කොටුව තුල ලියන්න (නැතිනම් ඇද දමන්න - drag and drop)
සක්‍රීය වී ඇති බොත්තම ඔබන්න
ෆෝල්ඩර කීපයක දත්ත සංසන්දනය කිරීමට නම්
"ෆෝල්ඩර කීපයක් සසඳන්න" තෝරන්න
ඉන්පසු සක්‍රීය වී ඇති පහල ලැයිස්තුවට එම ෆෝල්ඩර ඇද දමන්න
සක්‍රීය වී ඇති බොත්තම ඔබන්න
කවුලුවේ මාතෘකාව තුල FINISH සටහන් වන තුරු බලා සිටින්න

DOWNLOAD

Monday, July 7, 2014

වෛද්‍යවරුන් ද, අලුගෝසුවන් ද?



වෛද්‍යවරුන් ද, අලුගෝසුවන් ද?
සිළුමිණපුවත්පතේ පල වූ ලිපියක් නිසා මෙම ලිපිය ලිවීමට සිතුනි
තනූජා ඒකනායක මහත්මියට පස් නිවුන් දරු උපතක් සිදුවීම පිළිබඳ සිදුවීම විස්තර කරන එම කටයුතු වලට මූලිකත්වය ගත් වෛද්‍ය සිසිර රණරාජා මහතා තමා මෙම යුවලට කලල දෙකක් ගබ්සා කිරීමට යෝජනා කල බව පවසයි. මේ ඔහු ගේම වචනයි
දරුවන් පස් දෙනකු ගර්භාෂයේ වැඩෙනවා කියන්නේ ලොකු අවදානමක් සහිත ක්‍රියාවලියක්. ඒ නිසා මම කිහිපවතාවක් ම ඇයට කියා සිටියා දරුවන් තිදෙනෙක් හදා ගැනීමෙන් මවගේ අවදානම අඩු කර ගත හැකි බව. නමුත් ඇය හෝ ඇගේ ස්වාමියා කිසිම අවස්ථාවක ඊට කැමැත්තක් දැක්වූයෙම නැහැ.”
මෙහි දී ඇති වන ගැටලුව කිහිප වරක් දැන් වූයේ මන්ද යන්නයි. එසේම ඔහුට ජනමාධ්‍යයකට මේ ගැන  ප්‍රසිද්ධියේ (වීරයෙක් මෙන්) පැවසීමට ශක්තියක් ලැබුණේ කෙසේ ද? සහ ඔහු ගබ්සාවට පක්ෂ ද නැද්ද යන කරුණයි.
තනූජා ඒකනායක මහත්මිය ගැබ් ගත්තේ ඉන්දියාවේ දී කරගත් නළදරු ප්‍රතිකාර ක්‍රමයකිනි. මෙහි දී සිදු වන සාමාන්‍ය ක්‍රියාවලිය වන්නේ ඩිම්බ කිහිපයක් ස්ත්‍රියගෙන් ලබාගෙන එය කෘතිමව සංසේචනය කර කලල තරමක් වැඩීමට සලස්වා වඩාත් නිරෝගී කලල 3ක් ගර්භාශයක තැන්පත් කිරීමයි.
ඉතිරි කලල?
ඉතිරි කලල විනාශ කරයි . වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලට අවශ්‍ය පියවි සෛල (stem cell, නිර් විකරිත සෛල යනුවෙන් හැඳින්වීම වඩා සුදුසු යැයි සිතමි) ලබා ගැනීමේ ප්‍රධාන ප්‍රභවය වන්නේ මෙම අත්හරින ලද කලලයි. ගබ්සාවට විරුද්ධ විදේශීය සංවිධාන මෙම නළදරු ක්‍රම නිසා සිදු වෙන ගබ්සාවට ද එරෙහිව හඬ නගයි.
තනූජා ඒකනායක මහත්මිය සහ ඇගේ සැමියා ගබ්සාවට විරුද්ධ අය බව පැහැදිලි ය.  ඇති වන අවදානම ගැන දැනගෙනම කලල 5ම තැන්පත් කර ගැනීමට තීරණය කර ඇත්තේ එනිසා ය.
එවැනි අයට ගබ්සා කර ගැනීමට පෙරෙත්ත කිරීමට බටහිර වෛද්‍ය වරයෙක්ට ඇති අයිතිය කුමක් ද?
කලයුත්ත.
සෞඛ්‍ය හේතු මත ගබ්සාවක් කිරීමට අත්‍යවශ්‍ය වන විට වෛද්‍යවරයාට ඒ ගැන ගැබිනි ස්ත්‍රියට එක් (1) වරක් පමණත් දැනුම් දීමටත් ඒ වෙනුවට කල හැකි විකල්ප ප්‍රතිකාර ක්‍රම සහ එයින් ඇති වන අවධාන ම ගැන පැහැදිලිව දැනුම් දීමටත් අයිතියක් ඇත එහි ගැටලුවක් නැත. යම් හේතුවක් නිසා ගබ්සාව ප්‍රතික්ෂේප කල හොත් නැවත නැවත පෙරෙත්ත කිරීමට වෛද්‍යවරයාට අයිතියක් නැත (එය කඩේ යාමකි). මෙම සිද්ධියේ දී තනූජා ඒකනායක මහත්මිය සහ ඇගේ සැමියා පැහැදිලි මතයක සිටීමත් ඔවුන් බටහිර වෛද්‍යවරයෙකු ලඟ දෙකට නැමෙන මට්ටමේ පහත් සමාජ තලයක් නියෝජනය නො කිරීමත් නිසා ගබ්සා දෙකක් වැලකිනි යම් හෙයකින් ඔවුන් දුප්පත් නූගත් යුවළක් විනි නම් වෛද්‍යවරුන් , හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පෙරෙත්තය මත ගබ්සාවට යොමු වීමට ඉතා ඉහල ඉඩක් පැවතුනි. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් බහුතරය ගබ්සාව වෙනුවෙන් කඩේ යන්නන් (ගබ්සාවාදීන් බව මතක තබා ගන්න, වෛද්‍ය පීඨවල දී කාර්ලෝ ෆොන්සේකාගේ වර්ගයේ ගුරුවරුන් ඔවුන්ගේ මොළ ශෝධනය [Brain wash] කර ඇත, මට ලංකාවේ ජනාධිපති වීමට හැකිවුව හොත් මා මුලින් ම කරනුයේ බෞද්ධ සිසුන්ට වෛද්‍ය පීඨ වලට ඇතුළු වීම තහනම් කිරීමයි.)
මෙයට සමාන වෙනත් සිද්ධි කිහිපයක් සඳහන් කිරීමට ද කැමැත්තෙමි.
නාලක ගුණවර්ධන මහතාගේ වෙබ් අඩවියේ සඳහන් ලිපියක දැක්වෙන පරිදි(සිවුමංසල කොලූගැටයා #137: නව සියවසට නවීකරණය වූ භූතයෝ) 70 දශකයේ ගාලූ මහ රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයා තම රෝහලේ රෝගීන්ගේ අත්වල ගැට ගසා තිබූ ඇප නූල් බලෙන් කප්පවා ඇත


කන්‍යාභාවය ගැන කියා දීමේ දී බටහිර වෛද්‍යවරයා කරුණු වසන් කිරීමෙන් පක්ෂග්‍රාහී වීම සිදුකරයි එම අවයවය සෑම ස්ත්‍රියකට ම නැති බව පවසන ඔහු මිනිස් ස්ත්‍රීන් බහුතරයකට එය පිහිටා ඇත්තේ මන්ද යන්නත්, වෙනත් සතුන්ට එය නැත්තේ මන්ද යන්නත් සඟවා කන්‍යාභාවයේ පරිණාමික වැදගත්කම වසංකරයි.

නුවර එලිය රෝහලේ මුස්ලිම් වෛද්‍යවරියකට දරුවන් ලද කාන්තාවන් සදාචාර සම්පන්න නොවන අන්දමින් වඳ සැත්කම් වලට යොමු කල බවට ගිය වසරේ දී චෝදනා එල්ල විය(මෙහි දී මුස්ලිම් ද නැද්ද යන්න වැදගත් නොවේ). 

මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවන නමුත් එම ආගම අදහන මිතුරන්ගෙන් පොත්පත් ලබාගෙන  කියවා ඇත ඔවුන්ගේ ආගමික විශ්වාස යන්ට අනුව ඔවුන් ලේ දන් දීම හා ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙම නිසාම සමහර විට ඔවුන්ට වෛද්‍යවරුන්ගේ හිරිහැර වලට ලක් වීමට සිදු ව ඇත.

අප වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කරන්න පුරුදු වී ඇත්තේ ඔවුන් රෝගි ජීවිත ඇපයට තබා වෘත්තීය අරගල කරන විට පමණි නමුත් අන් අවස්ථාවලත් වෛද්‍යවරයා කටයුතු කරන්නේ මැර දේශපාලනඥයෙකුට නො දෙවෙනි ලෙස ය මෙයට හොඳම විසඳුම වන්නේ රෝගීන් හා ඔවුන්ගේ භාර කරුවන් ද වෛද්‍යවරයාගේ ම දැනුම මත නො රැඳී ස්වාධීනව රෝග ගැන අධ්‍යයනය කිරීමයි. බටහිර වෛද්‍යවරයාට කැලේ රජා වීමට ඉඩ නො දිය යුතු ය.
ගබ්සාව සම්බන්ධයෙන් නම් දොස්තරයකුගෙන් එයට විරුද්ධ අදහසක් බලාපොරොත්තු නොවිය යුතු ය.