Thursday, July 30, 2026

මගේ වීඩියෝ විීවරය

 EXE

 SRC 

 



 

මගේ නවතම නිර්මාණය: සරල සහ කාර්යක්ෂම වීඩියෝ විවරයක් (Video Viewer)

අද මම ඔබ සමඟ බෙදා ගැනීමට කැමතියි මගේ මෑත කාලීන මෘදුකාංග සංවර්ධන ව්‍යාපෘතියක් ගැන. මම නිතරම කැමතියි මගේ අවශ්‍යතාවයන්ට හරියටම ගැළපෙන මෙවලම් මටම නිර්මාණය කරගන්න. ඒ අනුව, මම මගේ පෞද්ගලික භාවිතය සඳහා සරල නමුත් කාර්යක්ෂම වීඩියෝ විවරයක් (Video Viewer) නිර්මාණය කළා.

මෘදුකාංගයේ ඇති විශේෂාංග

මෙම මෘදුකාංගය සෑදීමේ මූලික අරමුණ වූයේ දැනට පවතින බොහෝ වීඩියෝ වාදකවල නොමැති අත්‍යවශ්‍ය පහසුකම් කිහිපයක් සපුරා ගැනීමයි:

  • සත්‍ය පරිමානයෙන් නැරඹීම (Original Size / 1:1 Scale): පරිගණක තිරයේ ප්‍රමාණයට ගැලපෙන පරිදි වීඩියෝව විශාලනය වීම වෙනුවට, වීඩියෝව එහි සැබෑ පික්සල් ප්‍රමාණයෙන් (Original resolution) නැරඹීමට මෙමගින් හැකියාව ලැබෙනවා. පරිගනක තිරයට වඩා විශාල වීඩියෝ සියුම්ව නරඹන්න එය ප්‍රයෝජනවත්.

  • යතුරුපුවරු පාලනය: යතුරුපුවරුවේ 'Arrow Keys' භාවිතයෙන් ඉතා පහසුවෙන් එක් වීඩියෝවක සිට තවත් වීඩියෝවකට මාරු වීමේ පහසුකම.

  • කාලරාමු පෙරදසුන (Timeline Preview): වීඩියෝ කාලරේඛාව (Timeline) මත මවුස් එක ගෙන යන විට එම රූපරාමුව (Frame) කුඩා පෙරදසුනක් ලෙස දැකීමේ හැකියාව. (මෙය ක්‍රියාත්මක කිරීමට: ධාවනය > වීඩියෝ කාලරේඛා පෙරදසුන තෝරන්න).

    ආපසු ධාවන හැකියාවද එක්කලෙමි ඒ සඳහා R බොත්තම ඔබන්න

තාක්ෂණික පසුබිම

මෙම මෘදුකාංගය සඳහා මම වීඩියෝ විදැහුම්කරණ එන්ජිම ලෙස libmpv-2.dll ලයිබරිය යොදා ගත්තා. ඒ සඳහා අවශ්‍ය දැවටුම් කැලැසියක්('Wrapper' එකක්) නිර්මාණය කිරීම මට සිදු වුණා.

ප්‍රදාන දැවටුම් කැලැසියට අමතරව පෙරදසුන් සඳහා තවත් දැවටුම් කැලැසියක් හැදුවා 

කේතනය සඳහා ජෙමිනි සහ චැට් ජිපීටී නොමිල කෘතිම බුද්ධි සහායකයන් හවුල්කරගත්තා.
ඒවා ඕනෑකමින්ම මාව රස්තියාදු කලා කියලා හිතෙනවා.
විශේෂයෙන්ම වීඩියෝවක රූපරාමුවක පින්තූර ගැනීමේදී, අමුදත්ත පින්තූරයක් බවට හැරවීමේ කේත සැකසීමේදී විශාල  රස්තියාදුවක් වුනා.

මෘදුකාංගය භාවිතා කිරීම

මෙය පූර්ණ විවෘත කේත (Open Source) මෘදුකාංගයක්. කැමති ඕනෑම කෙනෙකුට මෙය නිදහසේ වැඩිදියුණු කළ හැකියි.

  • අවම පද්ධති අවශ්‍යතා: 64-bit වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ .NET 4.8 පාරිසරිකය (Runtime).

මගේ මේ කුඩා නිර්මාණය ගැන ඔබේ අදහස් දැනගන්න මම කැමතියි.

Sunday, July 26, 2026

බෞද්ධ දර්ශණය: ශාකීය පුනරුප්පත්තිය

 

 

සියලු සත්වයෝ දවසක  නිවන් දකියි නම් ඇයි දැන් සත්වයෝ ඉන්නේ?

 

මම මේ ප්‍රශ්නෙට උත්තරය අනන්තය සංකල්පය ඇසුරෙන් පැහැදිලි කලා.

 

මට හිතුණා වෙන උත්තරයක් බලන්න

සත්වයෙක් මියගියා ම තවත් එක සත්වයෙක් ලෙස ම උපදින්න ඕනෙ ද?

දෙන්නෙක්  විදියට උපදින්න බැරි ද?

තුන් දෙනෙක්?

අනන්තයක්??

 

එනම් ලිපිය ලියන මමත් කියවන ඔබත් පෙර භවයක එකම පුද්ගලයා ව සිටින්න ඇති.

නමුත් මම නිවන් දැක්කා කියලා උඹ නිවන් දකින්නේ නෑ.

අනාගත භවයනුත් ඒ විදියට ම අතු බෙදෙමින් යනවා ඇති

 

ඇයි බුදු හාමුදුරුවෝ ඔහොම කිව්වේ නැත්තේ?

ඒ උඹලා බයවෙන හින්දා

එයා එහෙම නෑ කියලත් කිව්වේ නෑ

 

හොඳට බුද්ධාගම දන්න කෙනෙකුගෙන් විවේචනයක් බලාපොරොත්තු වෙනවා.


Monday, July 20, 2026

දෙවියන් වහන්සේට මුදල් මැවිය හැකි ද?


 

ජෙරම් ප්‍රනාන්දු නබිවරයාගේ අධ්‍යාත්මික පියා වන
යූබට් ඒන්ජල් නබිවරයා, ජෙරම්ගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි විට
මුදල් මවා දීමක් කල බව වාර්තාවිය.
මේ ගැන විවේචනය කල වෙනත් කිතුනු සභාවල දේශකයන් ඒ ගැන පැසවුවේ මේ කතාවයි.
ඔහු බෙදූ මුදල ඇත්ත මුදලක් නම් එය වෙනත් අයෙක් සතු මුදලක් වියයුතුය.
එනම් දෙවියන් වහන්සේ හොරකමක් කර ඇත.
එම මුදල දෙවියන් මවා ඇති මුදලක් නම් දෙවියන් වහන්සේ හොර සල්ලි අච්චු ගසා ඇත
දෙවියන් වහන්සේ මේ දෙකම කරතැයි සිතිය නොහැකි නිසා එම මුදල් මැවීම විය නොහැක.


නමුත් වෙනත් පැහැදිලි කිරීමක් නැද්ද?

දෙවියන් වහන්සේ සිටියා වූ, සිටින්නා වූ, මතු ඉන්නාවූ තැනැන්වහන්සේය
අකාලිකයානෝය.
එතුමා අතිතය වෙනස් කර නබිතුමාගේ අතට මුදල් ලැබෙන ලෙස වර්තමානය සැකසූවිට එසැනින් සත්‍ය මුදල් නබිවරයාගේ අතට ලැබෙන සේක.