Friday, April 10, 2015

සිංහල බසේ ඇති සුලබ වැරදි වදන්.

සිංහල භාෂාව තුල සුලබ ව යෙදෙන වැරදි වචන කිහිපයක් දැක්වීමට මෙයින් බලාපොරොත්තු වෙමි. මෙහි වැදගත් ම තත්වය නම් මෙතෙක් මේ ගැන නිසි සංවාදයක් ඇති නො වීමයි.

1. පර්චස්, සැන්ඩ්විචස්, සොසේජස් :- මෙම වචන ඉංග්‍රීසි බසෙන් යෙදෙන විට නිතරම බහු වචනයෙන් යෙදෙන නිසා සිංහල බසට එම වදන් එක්වීමේදී ද, බහු වචන ස්වරූපයෙන් ම එක්වී ඇත. නමුත් එම වචන ඒක වචන බවට පත් කිරීමේ දී ගැටලු ඇති වේ. ‘පර්චස්’ බහු වචනයක් නම් ඒක වචනය ‘පර්චසය’ ලෙස ගත හැකි වුවත් ‘සැන්ඩ්විච්’ හා ‘සොසේජස්’ සඳහා මෙසේ කිරීම අසාර්ථක වේ. වෙනත් බසකින් ඒක වචන පදයක් සිංහලට ගැනීමේ දී එය ඉබේටම බහු වචනයක් වන නිසා අමුතුවෙන් බහු වචන කිරීමට අවශ්‍ය නැත. මෙම වදන් සඳහා
‘පර්චස්’ වෙනුවට ‘පර්ච’
‘සැන්ඩ්විචස්’ වෙනුවට ‘සැන්ච්විච’
‘සොසේජස්’ වෙනුවට ‘සොසේජ’
ලෙස ලිවීමට හුරු වීම මඟින් මෙම ගැටලුව පහසුවෙන් විසඳේ.

2. ගියර පෙට්ටිය:- උසස් පෙල තාක්‍ෂණවේදය ඉගැන්වීමේදී ද මෙම වචනය බහුල ලෙස යෙදෙයි. මෙම වදන ‘ගියර් බොක්ස්’ යන ඉංග්‍රීසි යෙදුමේ ඍජු සිංහල පරිවර්තනය වේ. ඉංග්‍රීසියෙන් මෙම වදන පාවිච්චියට ගැනීමට හේතු වූ ඉතිහාසය කරුණු මා නො දනී. නමුත් මේ සඳහා සිංහලෙන් ‘ගියර ඒකකය’ ලෙස යෙදීම වඩාත් සුදුසු බව යෝජනා කරමි. ‘ඔර්ගනික් කෙමිස්ට්‍රි’ සඳහා ‘‍ඓන්ද්‍රීය රසායනය’ වෙනුවට ‘කාබනික රසායනය’ යන නමත් ‘ක්ලොක්වයිස්’, ‘ඇන්ටි ක්ලොක්වයිස්’ වෙනුවට ‘වාමාවර්ත’, ‘දක්ෂිණාවර්ත’ යන වඩා වියත් යෙදුම් සිංහලෙන් පාවිච්චි කෙරෙන බව සලකන්න.

3. සිංහල මාධ්‍ය සිසුන්ට දෙමළ බස ඉගැන්වීමේ දී දෙමළ වචන සිංහල හෝඩිය යොදා ලියන විට සිදු වන සුලබ වරදක් ද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. සිංහල මෙන් නොව දෙමළ බසෙහි ‍ඓ, ‍ඖ අකුරු බහුලව යෙදෙයි. නමුත් දෙමළ බසෙහි බොහෝ විට ‘ඓ’ අකුර උච්චාරණය කෙරෙන්නේ ‘එඉ’ ලෙසිනි. නමුත් සිංහල අකුරු යොදා දෙමළ ලිවීමේ දී මේ වෙනස නො සලකන ආකාරය බොහෝ විට නිරීක්ෂණය කර ඇත්තෙමි. එනම්,
கை ‘කෛ’ ලෙස ලියා ඇතිමුත් එය උච්චාරණය කෙරෙන්නේ ‘කෙයි’ ලෙසය.
මීට අමතරව දෙමළ බසෙහි බොහෝ වචන වල ලියැවෙන සහ උච්චාරණය කෙරෙන ආකාර අතර වෙනස්කම් ඇත (එනම් දෙමළ යනු phonetic බසක් නොවේ). සිංහල අකුරුවලින් දෙමළ ලියද්දී මෙය නො සලකා අකුරෙන් අකුර සිංහලයට හරවන අවස්ථා බහුලය නමුත් නිවැරදි ක්‍රමය වන්නේ දෙමළ උච්චාරණය සිංහල අකුරෙන් ලිවීමයි.

4. කන්‍යා සහෝදරිය:- කන්‍යාව යන වදනට විවිධ භාෂා සහ සංස්කෘතිවල විවිධ අර්ථ දැක්වීම් ඇත. උදාහරණයක් ලෙස මා අසා ඇති අන්දමට ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ගණිකාවන් හඳුන්වන්නේ කන්‍යාවන් ලෙසයි. ලංකාවේ ජනමාධ්‍යවල සුනෙත්‍රා බණ්ඩාරණායක මෙනෙවිය, අනර්කලී මෙනෙවිය වැනි වදන් යෙදෙන විට ප්‍රේක්ෂකයන් උපහාසයෙන් සිනාසෙන අන්දම දැක ඇත්තෙමි. කන්‍යා සහෝදරිය යන වදන ලතින් වැනි බසකින් ගත් ඍජු පරිවර්තනයක් විය යුතු ය (ගියර් පෙට්ටිය වැනි), එසේ නැතිනම් ලතින් බසින් දෙමළ බසටත් එයින් සිංහලටත් පරිවර්තනය වූ වක් වීමට ද හැක (මා මේ ගැන නො දන්නා බවත් දන්නා කෙනෙක් වේ නම් මේ ගැන පැහැදිලි කරන ලෙසත් ඉල්ලා සිටිමි). කෙසේ වෙතත් මෙහි දී කන්‍යාව යන වදන යෙදීම අයෝග්‍ය බව මගේ අදහසයි.
මෙහි දී ‘කන්‍යාව’ යන වචනය යොදන්නේ ‘අනගාරික’ යන අරුතින් නිසා ‘අනගාරික සභා සේවිකාව’ යන වදන හෝ ඊට වඩා කෙටි යෙදුමක් යොදාගැනීම සුදුසු ය.

Saturday, February 7, 2015

"සැබෑ"+ නිදහස

මෙම ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගැන ලිවීම නොව, අනාත්මවාදය ගැන මගේ මතය ඉදිරිපත් කිරීමයි.
අනාත්ම වාදය නම් සංකල්පය බෞද්ධයන් විසින් පමණට වඩා සංකීර්ණ කරගෙන ඇත. බොහෝ විට මෙය සාමාන්‍ය ජීවිතයට අදාල නොවන දාර්ශණික සංවාද වලට සීමා වූ දෙයක් වී ඇති අතර, ඊටත් වඩා මෙය වචන හරඹයක් බවට පත්වී ඇති බවද පෙනෙයි උදාහරණයක් ලෙස පුනරුප්පත්තිය, පුනර්භවය වචන දෙක අල්ලාගෙන වාද කිරීම දැක්විය හැක.
මෙම තත්වය නිසා විශේෂයෙන් අන්‍යාගමිකයන් අතර බුදුදහම හාස්‍යයට ලක්වීමටද ඉඩක් ඇත. ඒ නැතත් අනාත්මවාදය කිසිවෙකුට නොතේරෙන මහාප්‍රාණයක් වීම බුදුදහමට හිතකර තත්වයක් නොවේ.
    අනාත්ම වාදය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අදාල කරගත හැකි පරිදි අර්ථ දැක්වීමට හැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරමි. මෙය අනාත්මවාදයට දියහැකි එක් අර්ථ දැක්වීමක් බව සිහිතබාගන්න.
    ලිපියේ මාතෘකාව සලකා බලමු, නිදහස් දිනය ආසන්න වනවිට මෙය සැබෑ නිදහසද? නැතිනම් සැබැ නිදහස කියන්නේ කුමක්ද? යන මාතෘකා ඔස්සේ සංවාද ඇතිවෙනු නිරීක්‍ෂණය කල හැක. මීට සමාන අදහස් නත්තල් දිනය ආසන්නයේදීත් අසන්නට ලැබේ එනම් "මේකද සැබෑ නත්තල" යන මාතෘකාව යටතේ පලවන ලිපියක් නත්තල් දිනට ආසන්න පුවත් පතක පල නොවෙන්නේ කලාතුරකිනි. කලකට පෙර දිවයින පුවත් පතේ සුචරිත් ගම්ලත් මහතාගේ "සති සිතු මිණි" ලිපි පෙලෙහි සැබෑ ප්‍රේමය ගැන ලිපි පළවිය.
මේ ආකාරයට  "සැබෑ නත්තල","සැබෑ නිදහස","සැබෑ ප්‍රේමය","සැබෑ ප්‍රීතිමත් පවුල් ජීවිතය","සැබෑ උගත්කම","සැබෑ සමාජවාදය", සැබෑ අරක, සැබෑ මේක ආදී වශයෙන් ගැනීම බුදු දහමට එකඟද? එසේ සැබෑ දේවල් තිබේද?  "සැබෑ නත්තල" යනු නිර්වාණයද? මේකද? සැබෑ x යනුවෙන් ප්‍රශ්න කරන්නා x තුල නොවෙනස් වන පරම දිව්‍යමය හරයක් (ආත්මයක්?) ඇතැයි විශ්වාස කරයි. සැබෑ ජීවිතයේ x යනුවෙන් හැඳින්වෙන්න තුල මෙම x හි ආත්මය නොමැතිවීම ගැන චෝදනා කරයි. නමුත් x හි ආත්මය කුමක්දැයි එසේ චෝදනා කරන්නා වුව නොදනී. අවසානයේ මෙම අවුල නිසාම දුකට පත්වේ. මෙය ආත්මවාදය විනා අන් කවරක්ද? මෙවැනි ලෞකික දේවල "සැබෑ" දෙය සෙවීම ගෝවා ගෙඩියක් හෝ ළූනු ගෙඩියක පත්‍ර එකින් එක ඉවත්කර හරයක් සෙවීමට සමානය.
මෙයින් අදහස් වන්නේ බෞද්ධයා  "නත්තල","නිදහස","ප්‍රේමය","ප්‍රීතිමත් පවුල් ජීවිතය","උගත්කම","සමාජවාදය" යනාදිය බැහැරකල යුතු බව නොවේ. එයතුල පරම උත්තරීතර අන්තයක් ඇත යන මිත්‍යාව බැහැරකල යුතු බවයි. යම් දෙයක "සැබෑ" යනුවෙන් හරයක් ඇතැයි සිතා එය ලඟා කරගැනීමට වෑයම් කිරීමෙන් ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන බව නම් සත්‍යයකි නමුත් මගේ මතය නම් නොපෙනෙන ඉලක්කයක් කරා හඹා යාම වෙනුවට තේරෙන ඉලක්කයක තනාගෙන ඒ වතට යාමට තැත්කිරීමෙන්ද ඉහත දැක්වූ යහඵලම ලඟාකරගත හැකි බවයි.

Thursday, January 8, 2015

ඉදිරි දේශපාලනය ගැන මගේ අදහස (plan B)



   මෙම ලිපිය ලියන විට ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ලැබී නැති නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන බවට පැහැදිලි ලකුණු පෙනේ.ඉදිරි දේශපාලනය මෙසේ වෙයි නම් මම එයට කැමැත්තෙමි.
මේ දිනවල කාර්යය බහුල බැවින් හැකි තාක් කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මුලින් ම (plan A) පැහැදිලි කරමි.
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ලබා ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් හෝ වෙනත් නායකයෙක් එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරතරඟ කර ජනාධිපති බවට පත්වීම මගේ පැතුම විය.එක් නායකයෙක් දිගටම බලයේ සිටීම මම අනුමත නො කරමි. කිසිදු දේශපාලනඥයෙක් අමරණීය නොවන අතර එක් නායකයෙක් යටතේ දිගටම රට පාලනය වුවහොත් සුදුසු දෙවනපෙල නායකත්වයක් නැති වීම නිසා එම පාලනය වෙනස්වුවහොත්රට තුල දරුණු අර්බුද ඇතිවීමේ අවදානමක් පවතී
මෙම ආකාරයට වැඩ සිදුනොවුනු නිසා
ඉදිරියේ දී රටේ දේශපාලනයට ගමන්කලහැකිහොඳම මඟ කෙටියෙන් මෙසේ සටහන් කරමි.
1. මෛත්‍රීපාල මහතා විධායක ජනාධිපති ලෙස දිගටම පාලන බලය හෙබවිය යුතුය නමුත් එහි වාර ගණන
    2කට සීමාකලයුතු අතර අධිකරණයට වගකියන තනතුරක් කලයුතුය.
    මෙරට බහුතරයකට (විශේෂයෙන් සිංහල බෞද්ධ බහුතරයකට) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
   කිරීමටඅවශ්‍යතාවක් නැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමේ වරදක් නැත.
   දින 100වැඩපිළිවෙළ කුණු කූඩයට දැමිය යුතු ය.
2. එක්සත් ජාතික පක්ෂයෙන් හැකි තරම් මන්ත්‍රීවරු පිරිසක් එක් කර ගෙන සන්ධාන රජයක්පිහිටුවියයුතු ය. 
   එහි දී ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ විනය ගැන විශේෂයෙන්ම කටයුතු කලයුතුය. එය 
   මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයටද හිතකර වේ.
3. මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු දිගටම කර ගෙන යා යුතු ය.
4. ආණ්ඩුවේ මහින්ද පාක්ෂිකයන්ගෙන් පලි ගැනීමනොකලයුතු අතර තිස්ස අත්තනායක මහතා ද පක්ෂය තුල
    රඳවා ගැනීමට කටයුතු කලයුතු ය.
5. සිංහල බෞද්ධ ඡන්ද වලින් බහුතරය මහින්දට ලැබී ඇති අතර මෛත්‍රීපාල මහතා බලය ලබා ගත්තේ 
    දෙමළ, මුස්ලිම්ඡන්ද වලින් වෙයි. නමුත් එම ඡන්ද අති බහුතරයක් මෛත්‍රීපාලට ලැබුණු ඍජු ඡන්ද නොව 
    වාර්ගික දේශපාලන පක්ෂහරහා ලත් ඡන්ද වෙයි. මෙය දිර්ඝකාලීනව රටේ ස්ථාවරත්වයට හා 
    මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයට ද අහිතකර වෙයි එම නිසා මෛත්‍රීපාල ජනාධිපති තුමා සිංහල 
    බෞද්ධ දේශපාලන අභිලාශයන්ටඑකඟ ව කටයුතු කර සිංහල බෞද්ධඡන්ද පදනමක් ගොඩනඟා ගැනීමට
    කටයුතු කල යුතු ය. නැතිනම් නැවතත් දෙමළ ජාතිවාදයේ ප්‍රබෝධයක් ඇතිවී රට ලේවිලක් වීම 
    වැළැක්වියනො හැක.
6. වඩාත් ම වැදගත් කටයුත්ත නම් ජනාධිපති ලෙස උපරිම බලය යොදවා හෝ චන්ද්‍රිකා කුමාරතුංගව නැවත 
    ලන්ඩනයට යැවීමයි. තවත් බණ්ඩාරනායක යුගයක් අවශ්‍ය නැත.

             නව ජනපති තුමනියසලාලක තිස්ස රජුගේ සුභසෙන්පතිගේ මඟ යන්න එය ඔබටත් රටටත් දෙකට ම හිතකර වෙයි.
නැති නම් ඔබ ජාති ද්‍රෝහියෙක් ලෙස ඉතිහාසගතවනු ඇත.
ඔබට සුභ අනාගතයක්!

Tuesday, December 9, 2014

නව වසරට Exel දිනදර්ශණයක්

 කේතය භාගත කරන්න
මෘදුකාංගය භාගත කරන්න


මෙම මෘදුකාංගය මඟින් කැමති වසරක දිනදර්ශණය  Exel  ලියවිල්ලක් ලෙස ගතහැක
මෙය Exel මෘදුකාංගයේ plugin මෘදුකාංගයක් ලෙස තැනීමට බලාපොරොත්තු වුවත්
  plugin තැනීම ගැන දැනුම අඩු නිසා එය කිරීමට නොහැකිවිය. ඒ පිළිබඳව උදව් බලාපොරොත්තු වෙමි.
මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට පරිගනකයට MS offiece මෘදුකාංග පැකේජය ස්ථාපනය කල යුතුය

Sunday, December 7, 2014

එළාර නම් සිංහල රජතුමා



ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කල මහරජ ගැමුණු චිත්‍රපටය ගැන දැනගත් විට මෙය ලිවීමට සිතුණි. චිත්‍රපටයට විචාර ඉදිරිපත් කෙරෙන විට මෙම අදහස් ද පුයෝජනයට ගැනෙන්නේ නම් යහපති.
දුටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ සිංහල රජෙකු බව අවිවාදිත ය. එසේ නම් එළාර යනු කවරෙක් ද? ජනප්‍රිය මතය ඔහු දෙමළ රජෙකු බවයි. නමුත් වසර 50කට පමණ පෙර මේ මතය අභියෝගයට ලක් කරණ මතයක් ඉදිරිපත් විය එනම් එළාර යනු උතුරු ඉන්දියානු ආර්යයෙක් බවයි. මීට අමතරව එළාර පර්සියානුවෙක් යැයි මතයක් ද ඇත. මෙයට ප්‍රධාන හේතුව එළාර කෙනෙක් ගැන දකුණු ඉන්දියානු පුරාවෘත්තයක් නොමැති වීමයි.
මගේ මතය එළාර ගේ සම්භවය කුමක් වුවත් ඔහු සිංහල  රජෙක් ලෙස සැලකිය හැකි බවයි. එළාර ලංකාව ආක්‍රමණය කර එකල ලංකාවේ ප්‍රධාන රාජ්‍යය වූ “පිහිටි” රටේ රජකම ලබාගත් අතර ඉන් පසු එහි සිටි සිංහල වැසියන්ගේ විශ්වාසය දිනා ගනිමින් යහ පාලනයක් ගෙන යන ලදී. එළාර යටතේ පිහිටි රට විදේශ අධිරාජ්‍යයක ප්‍රාන්තයක් නොවුණු අතරම ඔහු ධනය හා වහලුන් කොල්ලකෑම අරමුණු කරගත් විනාශකාරී ආක්‍රමණිකයෙක් ද නොවීය. සම්භවය කුමක් වුවත් ඔහු සිංහල රජෙකි.
එහෙත් එළාර බෞද්ධයෙක් නොවීය. එළාරගේ අරමුණ වූයේ ලංකාවෙන් බුදු දහම තුරන් කිරීමයි. එහි දී එළාර උපක්‍රමශීලී විය. ඔහුගේ අරමුණ වූයේ ක්‍රමයෙන් සිංහලයන්ට බුදු දහම අමතක කර වීමයි. ඔහුගේ යහපාලනය මෙම අරමුණට ළඟවීමේ උපක්‍රමයක් විය.
මීට සමාන තත්වයක් ස්පාඤ්ඤයේ මුස්ලිම් පාලන සමය තුලද  පැවතින. ස්පාඤ්ඤ මුස්ලිම් පාලකයෝ කතෝලිකයන්ට ආගමික නිදහස දුන් අතර ඔවුන් ද රාජ්‍ය පාලනයට හවුල් කර ගත්හ. එසේම වැඩවසම් යුගයේ කතෝලික රජවරුන්ට වඩා හොඳ යහපාලනයක් පවත්වා ගෙන ගියහ. නමුත් එම මුස්ලිම් පාලනය දිගටම පැවතුණේ නම් ස්පාඤ්ඤ කතෝලිකයින් ක්‍රමයෙන් මුස්ලිම් ආගමට හැරීම සිදු වෙන්නට තිබුනි.
දුටු ගැමුණු රජු මෙම අනතුර දැක බුදු දහම රැකීමට සටන් කල අයෙකි. ඔහු “මාගේ මේ ව්‍යායාමය බුදු සසුන රැකීම වෙනුවෙනි” යනුවෙන් පැවසුවේ නිකමට නොවේ. තමාගේ සටන සිංහල ජාතිය වෙනුවෙන් යැයි දුටුගැමුණු රජු පැවසුවේ නැත. ඔහු එළාරගේ යහපාලනයට වශී නොවුනි. ඔහු යුද පිටියට භික්ෂූන් වහන්සේලා වැඩම කර වූයේ එළාරට සහය දුන් සිංහලයන්ට මානසික බලපෑමක් කිරීමට විය නොහැකි ද? සටනින් පසු බසින විට එළාරගේ සැබෑ ස්වරූපය මතු විය, ඔහු වෙහෙර විහාර කොල්ලකෑමට පෙලඹුණි. සටනින් පසු දුටුගැමුණු රජු එළාර රජුගේ මළසිරුර බුදු දහමට හරවන ලදී. ඉන් පසු එළාරට බෞද්ධ සොහොනක් ද ඉදි කරන ලදී. එසේ කරන ලද්දේ පැහැදිලිව ම දේශපාලන හේතු මත මිස දුටුගැමුණු රජුගේ ආචාරශීලී භාවය මත නම් නොවේ. ඉන් පසු දුටුගැමුණු රජු එළාරගේ ආගමට සම්බන්ධ සියලු සිද්ධස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මේ වන තෙක් ඒ එළාර ගේ ආගමික සිද්ධස්ථානයක නටබුන්  කිසිවක් හමු වී නැත.
යම්හෙයකින් එළාර රාජවංශය දිගටම පැවතුනේ නම් අද වන විට බුදු දහම නො අදහන සිංහල ජාතියක් ගොඩනැගී තිබිය හැක (සමහර විට එම සිංහලයන් නූතන සිංහලයන්ට වඩා බලවත් වීමට ද ඉඩ ඇත.) .  නවකතා කරුවෙකුට දුටුගැමුණු රජු පරාජය වුනු සමාන්තර විශ්වයක් පදනම් කර ගෙන නවකතාවක් වුව ද ලිවිය හැක.
මගේ ඉතිහාස දැනුම මඳ බැවින් ම විසින් මෙම ගෙතූ මෙම කථාවේ අඩුපාඩු තිබිය හැකි වුවත් මට වඩා මෙම ක්‍ෂේත්‍රය ගැන දැනුවත් අයෙක්ට මීට වඩා සාක්ෂි සහිත ව මෙම කථාව ම ඉදිරිපත් කල හැකි යැයි විශ්වාස කරමි.
දුටුගැමුණු එළාර යුද්ධය සිංහල දෙමළ ගැටුමක් යනුවෙන් අර්ථ දක්වා ගැනීමෙන් සිංහල බෞද්ධයින් වන අපි ප්‍රධාන වැරදි දෙකක් කරමු.

  1.       ඊලාම් වාදීන්ට ලංකාවේ නැති දෙමළ ඉතිහාසයක් ගොඩනැඟීමට ආධාර කිරීම
  2.   මුලු ලොවෙහි ම වසන බෞද්ධයන්ගේ (දෙමළ බෞද්ධයන්ගේ පවා) අසහාය වීරයා විය යුතු දුටුගැමුණු රජු ට හිමි ගෞරවය නො ලැබීම. ඇත්තෙන්ම දුටුගැමුණු රජු අශෝක අධිරාජ්‍යයාටද වඩා බුදුදහමට සේවයක් කල අයෙකි.

සිංහල බෞද්ධයන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති රවණා රජෙක් ගැන සුරංගනා කථා ගෙතීමට වඩා මෙම මාතෘකාවෙන් ඉතිහාසය කථාවක් ගෙතීම සිංහල ජාතියට හා විශේෂයෙන් බුදු දහමට ඉතා ම ප්‍රයෝජන වත් වේ.

Monday, November 24, 2014

මා කල පැරණි මෘදුකාංග කීපයක නව සංස්කරන



මා කල පැරණි මෘදුකාංග කීපයක නව සංස්කරන
EOT_to_Unicode_v3.1
මම මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට හේතුවූ මෘදුකාංගයයි මෙය මුලින් තැනුවේ
පැරණි රිවිර පුවත්පත් වල ඇති ඉසිවර අකුරු මෝස්තරය යුනිකෝඩ් වලට හැරවීමේ අරමුනෙනි
නමුත් දැන් මෙහි එයට අමතරව වෙබ් පිටු වල ඇති අනවශ්‍ය දත්ත ඉවත්කර වෙබ්පිටු වල ප්‍රමාණය අඩුකිරීම,
වෙබ් පිටු විශාල ගණනක වෙනස්කම් සිදුකිරීම, වෙබ් පිටුවල සැඟවූ පින්තූර ආදිය ටෙන්කිරීම ආදිය කල හැකිසේ දියුනු කර ඇත.
මෙහි css කොටස් කියවීමේ හැකියාව වර්ධනය කර ඇතවෙනම කොටසක් (class) ලෙස සකසා ඇත
 css කොටස් වල අඩංගුකර ඇති පින්තූර ආදී ගොනු (inline image)වෙන්කර ගැනීමේ හැකියාව වර්ධනය කර ඇත
වෙබ් පිටුවල ටැග් කොටස් කියවීමේ මෘදුකාංග කොටස වෙනම කොටසක් (class)
ලෙස සකසා ඇත
මෙය යොදාගෙන වෙබ් අඩවි භාගත කලහැකි (htttrack, teleport pro වැනි) මෘදුකාංගයක් සෑදීමට
 අදහස්කරගෙන සිටියත් තවම කාල වේලාවක් අවස්ථාවක් නොලැබුණි. ඉදිරියේදී එය කිරීමට
බලාපොරොත්තු වන අතර වෙනත් අයෙක්ට වුවද මෙහි කේත යොදාගෙන එය කිරීමට අවසර ඇත.

FOLDER_EXPODE
ෆෝල්ඩරයක ගොනු විසුරුවා හැරීමට යොදා ගනී
මෙහි තිබුනු කුඩා අඩුපාඩුවක් නිවැරදි කල අතර
මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදී අතුරු මුහුනත අක්‍රීය වීම වලක්වන ලදී

image multifile remover
ෆෝල්ඩර කීපයක ඇති එකම තොරතුරු අඩංගු වෙනස් නම්වලින් යුත් ගොනු ඉවත්කිරීමට යොදාගනී
මෙහි තිබුනු කුඩා අඩුපාඩු නිවැරදි කල අතර
මෘදුකාංගය ක්‍රියාත්මක වීමේදී අතුරු මුහුනත අක්‍රීය වීම වලක්වන ලදී

Monday, November 3, 2014

සිගරැට් සහ දෙමළු



කලකින් අලුත් ලිපියක් පල කිරීමට නො හැකි වූ නිසා මෙම කෙටි අදහස ලිවීමට සිතුනි
නලීන් ද සිල්වා මහතාගේ නාථ දෙවියන් ගැන වූ වාදයක දී (මෙය පට්ටපල් බොරු කතාව කීමට පෙර සිදුවූවකි)
කාලෝ ෆොන්සේකා මහතා විද්‍යාත්මක ක්‍රමය ගැන අපූරු අදහසක් ඉදිරිපත් කලේය
ඒ මහතා සම්බන්ධ වී ඇති සිගරැට් විරෝධී කටයුතු වලට අදාල මෙම අදහස එම වාදයේ දී සාකච්ඡා කල අනෙක් කරුණු වලට වඩා මගේ සිත් ගත්තේ ය. මා මේ වාදය නැරඹුවේ යූ ටියුබ් වෙබ් අඩවියෙන් වන අතර එහි ලිංකුව මේ මොහොතේ සොයා බැලීමට අපහසු වුවත් තරමක් වෙහෙස වුවහොත් සොයාගනීමට හැක
කාර්ලෝ ෆොන්සේකා මහතා ඉදිරිපත් කල අදහස මෙයයි
සිගරැට් උරන්නන්ගෙන් 90%කටම පෙණහැලි පිළිකා වැළඳෙන්නේ නැත නමුත් පෙණහැලි පිළිකා නමුත් පෙණහැලි පිළිකා සෑදෙන්නන්ගෙන් 99%ක්ම දුම් පානය කරන අයයි. එබැවින් සිගරැට් ඉරීම හා දුම් පානය අතර සම්බන්ධයක් ඇති බව විද්‍යාත්මක ව නිගමනය කල හැක.
මෙය ඇසූවිට මගේ හිතට ආ අදහස වූයේ මෙහි සිගරැට් වෙනුවට දෙමළ ජනවාර්ගිකයන් සහ පෙණහැලි පිළිකාව වෙනුවට එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ආදේශ කල විට ඇති වන තත්වයයි.
දෙමළුන්ගෙන් 90%ක් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් නොවන නමුත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් ගෙන් 99%ක් දෙමළු වෙති එබැවින් සෑම දෙමළක්ම එල් ටී ටී ඊ ත්‍රස්තවාදියෙක් ලෙස සැලකීමට සිදුවේ.
මෙහි දී එල් ටී ටී ඊ සංවිධානයට පැහැදිලි විරෝධයක් දක්වන දෙමළ වාර්ගිකයන් මෙම වර්ගීකරණයෙන් බැහැර කල යුතු බව ද සඳහන් කරමි.
හදිසි අවස්ථාවල දී ඉතිරි දෙමළුන් සැම දෙන එල් ටී ටී ඊ ත්‍රස්තවාදියෙක් ලෙස සැලකීමේ වරදක් නැති ද?
කාර්ලෝ ෆොන්සේකාගේ මතය මෙය නම් යුධ අපරාධ චෝදනා වලට පිලිතුරු දීමට ජිනීවා යැවීමට සුදුසු ම පුද්ගලයා කාර්ලෝ ෆොන්සේකා නොවේ ද?