Monday, August 24, 2015

සන්නස්ගලගේ පරාජය



පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගැන විවිධ බ්ලොග් අඩවිවල විචාර පලවිණි. මේවායේ වැඩියෙන් ම සාකච්ඡා කරන ලද්දේ ජවිපෙ ට ලැබුණ අඩු ඡන්ද ප්‍රමාණය ගැනයි. වඩාත් නිවැරදිව කිව හොත් ජවිපෙ පරාජය ගැනයි. එම නිසාම අඩුවෙන් අවධානයට ලක් වූ සන්නස්ගල මහතාගේ පරාජය ගැන විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙමි. මේ පිළිබඳ මෙතෙක් විචාරයක් මා දන්නා තරමින් ලියැවී නැති නිසාත් නැවුම් මාතෘකාවක් ගැන ලිවීමට මා ප්‍රිය කරන බැවිනුත් මෙය ලියමි.



උපුල් ශාන්ත සන්නස්ගල යනු සිංහල සමාජය තුල ඉහල ප්‍රසිද්ධියක් ඇති අයෙකි.  නමුත් මෙම ප්‍රසිද්ධිය ධනාත්මක ව මෙන් ම ඍණාත්මක වද පැවතෙන බව ද සැලකිය යුතු ය. එනම් සන්නස්ගලගේ ජනප්‍රියත්වය මෙන් ම ජන-අප්‍රියත්වය ද ඉහල වේ. කෙසේ වුවත් මේ ප්‍රසිද්ධිය ආධුනික චන්ද අපේක්ෂකයෙක් ලෙස ඔහුට වාසි දායක තත්වයකි.



සන්නස්ගල මහතා මෙවර ඡන්දය ඉල්ලුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ  එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම තුල සිංහල නොවන ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටියි. ජනවාරි මස ජනපතිවරණයෙන් පසු මෙහි සිංහල ප්‍රතිශතය තරමක් වැඩි වුවද මෙම කරුණ වෙනස් වී නොමැත. එබැවින් සාමාන්‍යයෙන් කොළඹෙන් යම් එජාප අපේක්ෂකයෙකුට මනාප සටනින් ඉහල ට යාමට නම් ඔහු සිංහල මෙන් ම සිංහල නොවන ඡන්ද දායකයන් අතර ද එක සේ ජනප්‍රිය ආයකු විය යුතු ය. මෙම තත්වය වෙනස් වන අවස්ථා ද ඇත පාඨලී චම්පික රණවක මහතා එයට උදාහරණයකි. එය විශේෂ අවස්ථාවකි.



සන්නස්ගල මහතා ගැන සැලකීමේ දී ඔහු සිංහලයන් අතර ප්‍රසිද්ධ වුවත් සිංහල නොවන පුද්ගලයන් අතර එතරම් ප්‍රසිද්ධ අයෙක් නොවේ. එම නිසාම ඔහුට ලැබුණු සියලු ම මනාප සිංහල මනාප ලෙස සැලකිය හැක. මෙය කොළඹ දී අවාසිදායක තත්වයකි. මෙහි දී ඔහුට ඇති වාසිය නම් සිංහල බෞද්ධ මෙන් ම සිංහල ක්‍රිස්තියානි මනාප ද ඔහුට ලද හැකි වීමයි. (සිංහල බෞද්ධයා සහ සිංහල කිතුනුවා දේශපාලනික ව වර්ග දෙකක් ලෙස සැලකිය යුතු ය.) කොළඹ එජාපයට කැමති සිංහල ඡන්ද දායකයන් අතරත් සන්නස්ගලට ප්‍රිය සහ අප්‍රිය දෙපිරිස ම සිටින බවත් මතක තබා ගත යුතු ය. එසේම ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු ගැන කියා ඔහු, සිංහල බෞද්ධ මනාප සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි කර ගන්නා ලදී. ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය තරුණ පිරිස ඉලක්ක කර ගෙන සිදු කිරීම ද ඔහුට අවාසි දායක විය. තරුණයන් හරහා වැඩිහිටියන් වෙත ඔහුගේ පණිවිඩය ගලා ගියේ නැත. ඔහුගේ රැඩිකල් අදහස් නිසා යම් පිරිසක් ඔහුට ආකර්ෂණය වුවත් ඊට වැඩි පිරිසක් විකර්ණය විය. මීට අමතරව සන්නස්ගල මහතාට ඔහුගේ ජනප්‍රියත්වය නිසාම, ජනතා විමුක්ති පෙරමුණට ද බලපෑ “ආඬි හත් දෙනාගේ ආචරණය” ක්‍රියාත්මක විය.



සන්නස්ගල මහතා ඉදිරියේ දීත් මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නම් මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම ගම්පහ බඳු සිංහල බහුතරයකින් යුත් එජාප ඡන්ද පදනමක් සහිත ප්‍රදේශයකින් ඉල්ලුවා නම් ඔහුට වැඩි මනාප ප්‍රතිශතයක් ලබාගත් හැකි ව තිබුණි.



සන්නස්ගල මහතාට සිංහල නොවන මනාප නො ලැබීමට හේතුව ඔහු සිංහල වර්ගවාදියෙක් වීම නොවන බවත් මෙහි දී මතක් කල යුතු ය. මීට පෙර වික්‍රමබාහු කරුණාරත්න මහතා මනෝ ගනේෂන්ගේ පක්ෂය සමඟ සංධාන ගතවී මැතිවරණයකට ඉදිරිපත් වී පරාජය විය. ජවිපෙ ද සිංහල නොවන්නන් අතර ජනප්‍රිය පක්ෂයක් නොවේ.



අනිත් අතට රනිල් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇරඹුණු පසු ලංකාවේ බිහි වූ දරුණු ම ඒකාධිපතියා බවත් මතක තබා ගත යුතුයි. යම් හෙයකින් සන්නස්ගල මහතාට මන්ත්‍රී ධුරයක් ලැබුණේ නම් ඉදිරි කාලයේ දී රනිල් සමඟ මත ගැටුම් ඇති කර ගෙන විපක්ෂයේ වාඩි වීම හෝ රනිල්ගේ කීකරු බල්ලෙක් වීම සිදුවිය හැක. ඊට වඩා මේ පරාජය හොඳද?

Sunday, August 23, 2015

විහිලු


ඔබ මනාප අඩුවෙන් ලබා මන්ත්‍රී ධුරයක් නොලද්දේ නම් ඔවුන් කිසිවකු ඔබට ජාතික ලැයිස්තුවෙන් ඉඩක් නොදෙනු ඇත.
ඔබ වැඩියෙන් මනාප ලත් නිසා ඔබ අපේ මනාප කොල්ලකෑවේ යැයි ඔවුන් ඔබට චෝදනා කරයි
එය ඔබේ වරදක් නොව ඔවුන්ගේ වරදකි.
ඔබට සුභ පැතුම්

*********************************






















සන්නස්ගලගෙන් බන අසා ගම්මන්පිල අයියාට මනාපය දුන් ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඒ ලෙවල් මල්ලිලාට ජාතියේ ප්‍රනාමය.

Friday, August 7, 2015

2005 දී කොටි රනිල් පැරද වූයේ මන්ද?



            මෙම ගැටලුව මේ වන විට මැතිවරණ තුරුම්පුවක් වී ඇත. මහින්ද රාජපක්ෂට විරුද්ධ බලවේග මෙය රාජපක්ෂ කොටි ගිවිසුමක් නිසා සිදුවූවක් යැයි යන මතය ප්‍රචාරය කිරීම ද සිදුවේ. මේ අනුව ජනාධිපතිවරණය දිනවීම සඳහා මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් දී ඇති අතර රාජපක්ෂ පවුලට හානියක් නො කරන බවට ද එකඟතාවක් ඇතිකරගෙන ඇත. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය ගෝඨාභය රාජපක්ෂව මරා දැමීමට උත්සාහ කල නිසා මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීමට යුද්ධය අරඹන ලදී.
            මෙහි ඇති දුර්වලතා දෙක නම් එල්.ටී.ටී.ඊ සංවිධානයට මහින්දගෙන් මුදල් ගැනීමට තරම් ආර්ථික අහේනියක් තිබුණිද යන්න සහ, එල්.ටී.ටී.ඊ - රාජපක්ෂ ගිවිසුම කැඩීමෙන් පසු මහින්ද එල්.ටී.ටී.ඊ සංවිධානය විනාශ කිරීම ම මහින්දගේ දක්ෂ කමක් නොවේ ද (රණසිංහ ප්‍රේමදාස මහතාට එය කල නො හැකි විය) යන්නයි.
            2005 දී සිදුවූ දෙය පැහැදිලි කිරීමට එල්.ටී.ටී.ඊ - රාජපක්ෂ ගිවිසුමකට වඩා පිළිගත හැකි පැහැදිලි කිරීමක් මෙසේ ඉදිරිපත් කල හැක.
            මෙහි දී එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ඊලාම් වාදය අතර ඇති සම්බන්ධය හඳුනා ගත හැකි විය යුතු ය. එල්.ටී.ටී.ඊ සංවිධානය යනු ඊලාම් වාදයේ එක ස්වරූපයක් විනා ඊලාම් වාදය ම නොවේ. මුලින් ම ලංකාව තුල වෙනම දෙමළ රාජ්‍යයක් පිළිබඳ අදහස දේශපාලනයට ගෙන ආවේ චෙල්වනායගම් නම් දෙමළ සාක්ෂරතාවක් නැති. ඇංග්ලිකන් කිතුදහම අදහන පුද්ගලයා ය. (ඊට පෙර මෙරට දෙමළ ප්‍රභූ වරුන්ගේ අශ්‍යතාවය වූයේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදී පාලනය වැනි දෙමළ ආධිපත්‍යයක් සහිත රාජ්‍යයක් ගොඩනැඟීමයි.) මෙයින් පසු මෙම ඊළාම් ව්‍යාපාරයේ නායකත්වය අමිර්තලිංගම් වැනි හින්දු ප්‍රභූවරුන්ටත්, ඉන් පසු ප්‍රභාකරන්ටත් ලැබුණි.
            2005 වසර ආසන්න වන විට රනිල්-ප්‍රභා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවෙන් තුනෙන් එකකටත් වඩා අයත් වන දෙමළ රාජ්‍යයක් බිහි වීමේ අවසන් අදියරට පැමිණ තිබුණි.
            ඊලාම් වාදයට එහි ආරම්භයේ පටන් ම බ්‍රිතාන්‍ය සහයෝගය ලැබුණි අතර බ්‍රිතාන්‍ය සම්බන්ධතා නිසාම අනෙක් බටහිර යුරෝපීය රාජ්‍යයන් ද, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය ද එයට සහය දුන් අතර ඉන්දියාවේ සහයෝගය ද ලැබෙමින් තිබුණි.
            බණ්ඩාරනායක රජය ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ඉවත් කිරීම එම රජයෙන් රටට සිදු වූ ලොකු ම සේවය ලෙස සැලකිය යුතු ය. යම්හෙයකින් එම කඳවුරු තිබුණේ නම් අපට කිසිදාක එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමට බ්‍රිතාන්‍යය රජය ඉඩ නො දෙන බව මතක තබා ගත යුතු ය. ඇමරිකාව ගැන කියන්නේ නම් එය ඍජු ඊලාම්වාදී රාජ්‍යයක් නොවන නමුත් බ්‍රිතාන්‍ය සමඟ ඇති දේශපාලන සම්බන්ධතා නිසා ඊලාම්වාදී රජ්‍යයක් ලෙස සැලකිය හැක (ඇමරිකාව ලෝකෙට ලොක්කා වීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතීමට වඩා මෙම කාරණාවේ දී සාපේක්ෂව අපට හිතකර බව මගේ මතයයි.).
            ඉන්දියාව ගැන සැලකීමේ දී ලංකාව දෙකඩ වීමට ඉන්දියාව ඉඩ නො දේවි යැයි අන්ධ විශ්වාසයක් ඇති කර ගත යුතු නැත. ඉන්දියාව ලංකාව දෙකඩ වීමට විරුද්ධ නම් එයටත් වඩා ලංකාව තුල ශක්තිමත් ශ්‍රී ලාංකේය ජාතියක් තැනීමට ද විරුද්ධ බව මතක තබා ගත යුතු ය. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඉන්දියාවට සාමාන්‍යයෙන් අවශ්‍ය ලංකාව 1 රටක් වීම නොව රටවල් 1.5ත් 2ත් අතර පවතිනු දැකීමටයි.
            ලංකාව දෙකඩ වීමට ඉන්දියාව විරුද්ධ වන්නේ එය ඉන්දියාවේ ස්ථාවරත්වයට තර්ජනයක් වේ නම් පමණි. ඉන්දියාවට අවනත දෙමළ රාජ්‍යයක් මෙරට බිහි වේ නම් ඉන්දියාව එයට විරුද්ධ නොවනු ඇත. එසේම බටහිර අනුග්‍රහය යටතේ මෙරට දෙමළ රාජ්‍යයක් බිහි වීමේ තත්වයක් ඇති නම් ඉන්දියාව ද එයට හවුල් වී එම දෙමළ රාජ්‍යය ඉන්දියාවට අවනත  එකක් කර ගැනීමට එකඟ නොවේ යැයි විශ්වාස කල නො හැක.
            2005 වසර වෙන විට ඊලාම් ව්‍යාපාරයට ඇතිවී තිබූ ගැටලුව නුදුරු අනාගතයේ බිහි වන ඊලාම් දේශයේ නායකත්වය කෙසේ විය යුතු ද යන්නයි. මෙහි දී ඉන්දියාව කිසිසේත් ම ප්‍රභාකරන් ජනාධිපතිවරයකු ලෙස පිළිගැනීමට සූදානම් නැති බව පැහැදිලි ය. එසේම බටහිර රටවල් ද ජාත්‍යන්තර කොටි ජාලය ද, එයට එතරම් කැමැත්තක් නැති නිසාම එල්.ටී.ටී.ඊ නායකත්වය තුල අර්බුදයක් හට ගෙන තිබුණේ ය. එහි දී දෙමළ බයියෙකු වන ප්‍රභාකරන් “විලියම් ගොපල්ලව” මෙන් සංකේත නායකයෙක් කර  හෝ නැතිනම් නම්බු නාම දී විශ්‍රාම යවා හෝ, සැබෑ ඊලාම් නායකයා ලෙස චෙල්වනායගම් වැනි දෙමළ ටොයියෙකු පත් කිරීමේ අවදානමක් තිබුණේ ය. එසේම අවශ්‍ය නම් අන්තිම මොහොතේ ගුවන් අනතුරක් වැනි දෙයකින් ප්‍රභාකරන් මරණයට කිරීමේ අනතුරක් ද තිබුණේ ය.
            මෙම තත්වය නිසා ප්‍රභාකරන් තම නායකත්වය තහවුරු කර ගැනීම සඳහා මහින්ද බලයට පත් කිරීමටත්, ඉන් පසු මහින්ද බිය ගන්වා ගෙන තම නායකත්වය සහිත ඊලමක් තනා ගැනීමටත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන ලදී. මෙහි දී ප්‍රභාකරන් කල ලොකු ම වරද සිංහලයා ගේ ශක්තිය අවතක්සේරු කිරීමයි. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පැන්සන් කාරයෙක් ලෙස මියයාම වෙනුවට ඊලාම් වීරයෙක් ලෙස මියයෑමට අවස්ථාව ලැබුණි.
            මේ කිසිවක් රනිල්ගේ හපන්කම් නොවේ.

Friday, July 24, 2015

බල්ලාගේ බල්ලා සහ රැලිගේ රැලි.



මේ කලකට පෙර සඟරාවක (නම මතක නැත) පලවූ චිත්‍ර කලාව පිළිබඳ ලිපියක දුටු අපූරු චිත්‍ර දෙකක් ගැන හඳින්වීමකි.

සිංහල නොදන්නා Giacomo Balla (ජියාකොමෝ බල්ලා) නම් ඉතාලි චිත්‍රශිල්පියාගේ ජනප්‍රියම චිත්‍රය මෙම බල්ලා වූයේ කෙසේද?



එසේම Bridget Riley (බ්‍රිජට් රැලී) වැඩියෙන්ම ඇන්දේ රැලි වූයේ කෙසේද?


 















Friday, July 17, 2015

VB.NET වලින් කල පරිගනක ක්‍රීඩාවක්

 ක්‍රීඩාව භාගත කරන්න
ක්‍රීඩාවේ කේත භාගත කරන්න
මට කලක පටන් තිබුනු ආශාවක් වූයේ පරිගනක ක්‍රීඩාවක් තැනීමයි.
නමුත් මෙහිදී කලයුතු දේ සහ (විශේෂයෙන්) නොකල යුතුදේ ගැන අවබෝධයක් නොතිබූ නිසා මෙය කල්ගතවිය.
මේ අතර Beginning .NET Game Programming in VB .NET පොත කියවීමට ලැබුනු අතර එය වඩාත් සරලව මේ පිළිබඳ කරුණු පැහැදිලිකර තිබූ නිසා වැඩි අපහසුවකින් තොරව  එම පොතේ අඩංගු පලමු පරිගනක ක්‍රීඩාව මෙසේ තැනුවෙමි. මෙහිදී පොතේ ඇති ආකාරයටම කේතනය සිදු නොකර ඊට වඩා සරලව (ක්‍රමලේඛන ශිල්පියාට තේරුම්ගැනීමට පහසු ලෙස) මෙය සැලසුම් කෙරුවෙමි.
විනෝදාංශයක් ලෙස මෘදුකාංග තනන්නෙකුට මෙය සහ ඉහත දැක්වූ පොත ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
කෙසේවෙතත් මෙය තැනීමෙන් පසු මෙය ක්‍රීඩාකර එහි රසය විඳීමට මාහට නොහැකි විය. දැන් මෙය ක්‍රීඩාකරනවිට මගේ සිතට නැඟෙන්නේ  මෙහි තාක්ෂණික කරුණු පමණි.

Wednesday, June 10, 2015

කවුද මේ බූරුවෝ





හකුලුවා තැබිය හැකි ඇඳන් හඳුන්වන්නට “බූරු ඇඳ” නම් වදන සිංහල බාශාවෙන් යොදයි.
ඉංග්‍රීසියෙන් “කාර්ඩ්” යන නමින් හඳුන්වන ක්‍රීඩාවට සිංහලෙන් පාවිච්චි කෙරෙනුයේ “බූරු සෙල්ලම” හෝ “බූරුවා ගැහීම” යන වදනයි. බූරුවා නම් තෙක් සිටියත් මෙම අවස්ථාවේදී එම වචනය යොදන්නේ එම සත්වයා හැඳින්වීමට නොවේ. මෙම අවස්ථාවල බූරුවා යනුවෙන් හඳුන්වනුයේ කවුදැයි දන්නා අය අල්ප බැවින් මෙය ලිවීමට තීරණය කලෙමි.
දකුණු අප්‍රිකාව ලන්දේසි පාලනයට යටත්වූ පසු ඕලන්ද සංක්‍රමණිකයන් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එහි ජනපද පිහිටුවා ගත්හ. මෙම සංක්‍රමණිකයන් හැඳින්වීමට බෝවර් (Boer - ලන්දේසි බසින් මෙහි අරුත “ගොවියා” වේ) යන වදන පාවිච්චි කරන ලදී. බෝවර් වරුන් සමන්විත වූයේ ලන්දේසි ජාතිකයන්ගෙන් සහ රෙපරමාදු ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම නිසා ප්‍රංශයෙන් පිටුවල්කරනු ලැබ ඕලන්දයට සංක්‍රමණය වූ ප්‍රංශජාතිකයන් ගෙනි. මොවුන් දකුණු අප්‍රිකාවේදී ඕලන්ද පාලනය තුල අර්ධ ස්වාධීන ජාතියක් ලෙස සිටියහ.
1814 දී දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනය යටතේ මොවුන්ට හිරිහැර සිදුවිය. දකුණු අප්‍රිකාව යටත්කරගැනීමේදී එහි බෝවර් වරුන්ට දේශපාලන බලතල සහ ඔවුන්ට ආර්ථික වාසි ලැබෙන අන්දමට පාලනය කරන බවට මුලදී බ්‍රිතාන්‍ය පාලකයන් එකඟ වුවත් පසුව බෝවර් වරුන්ට දේශපාලන බලතල ලබා නොදීමටත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට වාසිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය ඔවුන් කටයුතු කලහ. මේ නිසා දකුණු අප්‍රිකාව තුල බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීමට බෝවර්වරු කිහිපවරක්ම සටන් කලහ. මෙම සටන් බෝවර් යුද්ධ ලෙස හඳුන්වයි.
මෙම යුද්ධ වලින් ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්විය. 
මෙයින් වඩාත්ම දරුණු යුද්ධය දෙවැනි බෝවර් යුද්ධය වේ. 1899 සිට 1902 අතර කාලයේ පැවති මෙම යුද්ධයේදී දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශ කිහිපයක බ්‍රිතාන්‍ය පාලනය තාවකාලිකව පෙරලා දැමීමට බෝවරුවරු සමත්විය.
මෙම සටනේදී බ්‍රිතාන්‍ය යුධ උපක්‍රමයක් වශයෙන් බෝවර්වරු විශාල සංඛ්‍යාවක් (මට සොයාගත හැකිවූ අන්දමට 60 000කට වැඩි) රැඳවුම් කඳවුරුවල (Concentration camps) රඳවා තබන ලදී.
පසුව බෝවර්වරු මෙම කඳවුරුවලට පහරදී රැඳවියන් මුදා ගැනීමට ක්‍රියාකල නිසා වැඩිහිටි පිරිමි සිරකරුවන්ව පිටරටවලට යැවීමට බ්‍රිතාන්‍ය පාලකයත් කටයුතු කලහ. මෙසේ ඔවුන් ලංකාව, ඉන්දියාව සහ ශාන්ත හෙලේනා දූපත්වල එලිමහන් සරකඳවුරු වලට යවන ලදී.
ලංකාවට එවන ලද මෙම සිරකරුවන් ප්‍රධාන වශයෙන් කොළඹ සහ දියතලාවේ රඳවා තබන ලදී.
වනබිමේ සිරකරු නම් පොතේ සහ එයින් තැනූ ටෙලිනාට්‍යයේ සඳහන් කරන “එංගල්” මෙසේ එවන ලද බෝවර් ජාතිකයෙකි.
කොළඹ රඳවන ලද බෝවර් සිරකරුවන් සඳහා සපයා දුන් ඇඳට මුලදී “බෝවර් ඇඳ” ලෙසත් පසුව “බූරු ඇඳ” ලෙසත්  සිංහලයන් විසින් හැඳින්විනි. (බෝවර්වරු බිම නිදාගැනීම ප්‍රතික්ශේපකල නිසා ඉක්මනින් අඩු වියදම් ඇඳක් තනන ආකාරය පවසන්න යැයි බ්‍රිතාන්‍ය නිලධාරීන් දැන්වූ විට මෙම ඇ‍ඳේ සැලැස්ම බෝවර් වරුන්ම ඉදිරිපත් කරන ලදී.)
මෙම බෝවර් සිරකරුවන් ලංකාවේ සිටියදී කාලය ගෙවා දැමීමට කල සෙල්ලමට සිංහලයන් “බෝවර් සෙල්ලම” ලෙස හැඳින්වූහ පසුව එය “බූරු සෙල්ලම”වී ඉන්පසු “බූරුවා ගැහීම” බවට පත් විය.
බෝවර් යුද්ධයෙන් පසු මොවුන් වැඩි දෙනෙක් නැවත දකුණු අප්‍රිකාවට ගෙන ගිය අතර, බූරු ඇඳ සහ බූරු සෙල්ලම සිංහල සංස්කෘතියට උරුම විය. බූරුවා ගැසීම ඊට පෙර ද මෙරට කෙරුණු නමුත් එය එක් පැලැන්තියකට සීමාවූ විනෝදාංශයක් විය. බූරුවා ගැසීම බයියන්ට පුරුදු වුනේ බෝවර් වරුන්ගෙනි.
බූරුවා ගැසීම සමඟ “ආසි”,‍ “හේරා”,”හාරත”,”රුවිත” වැනි නව වදන් සිංහලයට ලැබුනු අතර ඒවා ලේඛණයේදී යෙදීමට මැලිවිය යුතු නැත.

Thursday, June 4, 2015

බාබේරියන්!

  බන්‍ධුල ගුණවර්ධන මහතා රූපවාහිනී වැඩසටහනක දී “පක” සහ “පයිය” නම් වචන සඳහා ඇති විවිධ අර්ථ දැක්වීම් ඉදිරිපත් කරනු නැරඹුවෙමි.
  මෙසේ අදහස් දැක්වීමේ අරමුණ සමාජයේ අවධානය වෙනතකට යොමු කර වාසුදේව මහතාට එල්ල වෙන අපවාදයෙන් ඔහුව මුදවා ගැනීම බවට සැකයක් නැත.
  මේ බන්ධුල ගුණවර්ධන මහතාගේ ඇති විශේෂ දක්ෂතාවක් ලෙස සැලකිය හැක.
  එක් වරක් බඩු මිල ඉහල යාම ගැන ඇසූ විට කවුරු වත් අසා නැති වයිමෙක් ගැන පවසා අවධානය වෙනතකට යොමු කිරීමට ඔහු සමත් විය,
  තවත් වරක් ජීවන වියදම ඉහල යාම ගැන ඇසූ විට රුපියල් 2500.00 කින් මාසයක් නො මැරී සිටිය හැකි බව පවසා පසුව එය තර්කානුකූලව ඔප්පු කරන ලදී. ඒ හරහා ජීවන වියදම අමතක කරවන ලදී.
  අලුත් ම සිදුවීමේ දී බන්‍ධුල මහතා පෙන්වීමට උත්සාහ කලේ “පක” සහ “පයිය” සඳහා විවිධ අර්ථ ඇති බවත් එම නිසාම වාසුදේව මහතා පැවසුවේ අසභ්‍ය චචනයක් නොවන බවත් ය.
එම අර්ථ නම්,
පයිය: පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, පුරුෂ ලිංගය (අසභ්‍ය)
පක: ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, පිහාටුව, පියාපත, ගොඩ, රාශිය,
        සතුන්ගේ  බෙට්ට, පුරුෂ ලිංගය (අසභ්‍ය)
   මීට අමතරව හුත්ත යන වදන සෑදී ඇති අන්දම මා ඇති ආකාරයට මෙසේ ය, සංස්කෘත භාෂාවෙන් සැප යන අරුත ඇති “සුඛ” නම් වදන සිංහලයට ගැනීමේ දී පැරණි සිංහල හෝඩියේ මහාප්‍රාණ අක්ෂර නැති නිසා “සුක” ලෙස පාවිච්චි කර ඇත. පසුව එය කට වහරට ඒමේ දී “හුක” වී ඇත ඒ වචනයෙන් හුත්ත සහ හුකනවා යන ක්‍රියා පදය සෑදී ඇත. මේ අනුව බන්‍ධුල මහතාගේ ක්‍රමයට අනුව “අපි එන්ජෝයි කරනවා” යනුවෙන් පැවසීම වෙනුවට “අපි හුකනවා” කීමෙහි වරදක් නැත.
  මෙහිදි බන්දුල මහතා කරන වරද නම් පක සහ පයිය සඳහා ඇති අසභ්‍ය අර්ථය හැර අන් වචන ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතා නො කරන බව අමතක කිරීමයි. එසේම යම් වචනයක මුල් අර්ථය අසභ්‍ය එකක් නොවුනත් පසුකාලීන ව සම්පූර්ණයෙන්ම එයට වෙනස් අරුතක් එයට එක් විය හැක.

මේ තමයි බාබේරියන්
  එසේ මා නො දැනුවත් වම මා විසින් කියවුන කුණුහරුපයක් ගැන සඳහන් කරමි. මෙය මා විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ මුල් කාලයේ ඉගනුම ලබද්දී සිදුවූවකි.
  එකල මම Diablo 2 (Lord of destruction) නම් පරිගණක ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිවී සිටියෙමි. දිනක් මගේ මිතුරෙකුට මෙම ක්‍රීඩාව අඩංගු DVD තැටිය ලබා දී එය පරිගණකයේ ස්ථාපිත කරන අන්දමත්, ක්‍රීඩාව කරන අන්දමත් හඳුන්වා දෙමින් සිටියෙමි.
  මෙහි දී කල යුත්තේ සටන් කරුවෙක් තෝරා ගෙන අමනුෂ්‍ය බලවේග සමඟ සටන් කිරීමයි. සටන් විවිධ කරුවන්ට ඔවුන්ට ආවේණික හැකියාවන් හා දුබල කම් පවතී. මෙම ක්‍රීඩාවේ මා කැමති ම චරිතය නෙක්‍රොමෑන්සර් වන නමුත් ක්‍රීඩාවට ආධුනිකයන් සඳහා වඩාන් සුදුසු බාබේරියන් චරිතය බැව් නිගමනය මා සිතූ බැවින් මිතුරාට එය හඳුන්වා දීමට තීරණය කලෙමි.
  ඒ අනුව පරිගණකයක් වෙත ගොස් අන්තර් ජාලය හරහා බාබේරියන් චරිතය යොදා ක්‍රීඩාව කරන අන්දම විස්තර කරන අන්දම පැහැදිලි කරමින් සිටියෙමි. අප සිටි පරිගණකයට යාබද පරිගණකය අසල ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටි අතර අප දෙදෙන පරිගණක තිරය දෙස ඉතා උනන්දුවෙන් බලා ගෙන මඳසිනා පාමින් “බාබේරියන්” වචනය කිහිප වරක් කියනු දැක ඔවුන් දෙදෙනා අප දෙස අප්‍රසන්න බැල්මක් හෙලා සිහින් හඬින් යම්ක් කියමින් ඉවතට ගියහ.
  ඔවුන් කියූ වදන් අපැහැදිලි වුවත් අප දෙදෙනාට යම් අභූත චෝදනාවක් නැගූ බව පෙනුනි. ඔවුන් ගිය පසු “බාබේරියන් කියන්නේ කුණුහරුපයක් ද බං?” කියා මිතුරාගෙන් ඇසුවෙමි. ඔහුට ද එයට දීමට පිළිතුරක් නොවුනි.