Friday, October 2, 2026

එදා රැයෙන් පසු (නෙතින් නෙත)


 

 මේ අවුරුදුදේ හැදූ චිත්‍රපට වලින් සාර්ථකම එක “එදා රෑ“ බව කිවහැක.
කලින් මෙවැනිම තේමාවක් ඔස්සේ සෑදූ රිදම් ඔෆ් ද ගිටාර් චිත්‍රපටයට වඩා මෙය සාර්ථක බව පෙනේ.
අවශ්‍ය නම් රිදම් ඔෆ්ද ගිටාර් ෆැන්ටසි රූපී එකක් බවත් මෙය මැද මාවතේ එකක් බවත් ශෛලීන් දෙකක් සන්සන්දනය නුසුදුසු බවත් කිවහැක. 
මේ දිනවල අපේ මෝඩ කලාකාරයන්ට දෙමළ සන්නියක් සෑදී ඇත. දෙමළ සන්නිය හදන්න මුල්වුනේ රන්ජන් රාමනායකය.
එනම් දැන් ගොඩක් වෙලාවට හැදෙන්නේ සිංහල දෙබස් සහිත තෙලිඟු චිත්‍රපටයි.
එය තමිල් නොවී තෙලිඟු වී ඇත්තේ තෙලිඟු චිත්‍රපටවල කාන්තාවන්ද සිටින නිසාය.
මෙතනදී ප්‍රේක්ෂකයන් අතද වරදක් ඇත. මා වැනි ගොරකයන් හැර සිංහල ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙක් ටැමිල් වයිබ් එකට හදන නිර්මාණ වලට දොස් කියන්න බයක් දක්වති. මේ නිසාම කලා කරුවන්ද එවැනි නිර්මාණ යහපත්යයැයි වැරදි තක්සේරුවකට ඒමේ ඉඩක් ඇත. ඉක්මනට මේ දෙමළ සන්නිය සිංහල සිනමාව සහ සංගීතය (විශේෂයෙන් සංගිතමය වීඩියෝ) තුලින් තුරන්කර දැමීම යහපත්ය. 
නැතිනම් අප "රේඛාව" සෑදීමට පෙර යුගයට යනු ඇත.
රිදම් ඔෆ්ද ගිටාර් සහ එදා රෑ චිත්‍රපට දෙකම ලැජ්ජා නැතිව සිංහල කියා කිවහැක චිත්‍රපට බව පෙනේ.
කලා කරුවෙක් හෝ වෙනත් ඕනෑම කීර්තිමත් චරිතයක් මුල්කරගෙන නිර්මාණයක් කිරීමේදී දැඩි ලෙස පරිස්සම් වියයුතුය. මන්ද එක් අයක් මුල්කරගෙන නිර්මාණ දෙකක් කිරීමේ තේරුමක් නැති නිසාය.  එය "එදා රෑට" මෙන්ම "ක්‍රිස්තු චරිතය"ටත් අදාලය.
 
මම බලාපොරොත්තු වන්නේ යමෙක් ප්‍රේම කීර්ති ද අල්විස් චරිතය මුල්කරගෙන චිත්‍රපටයක් හදාවි යනුවෙනි.
එයට ඔහුගේ ඥාතීන්ගෙන් ගැටලු එයිද කියා සැක සිතේ. 
නමුත් මෙවැන්නක් සෑදීම ඉතාම  වැදගත් කටයුත්තකි.
මන්ද, අද සිටින තරුණ පරපුර ක්ලැරන්ස්/ මිල්ටන් දෙදෙනාගේම රැව දැක නැතත් හඬ අසා ඇති බැවින් ඔවුන් හඳුනති. නමුත් ඔවුන් අසන සදා ජනප්‍රිය ගීත විශාල ප්‍රමාණයක් ලියා ඇත්තේ ප්‍රේම කීර්ති බව එකවර ඔවුන්ගේ සිහියට නොඑයි. මම නම් ප්‍රේම කීර්තිගේ රුව සහ නිවේදන හැකියාව කුඩා කල දැක ඇත්තෙමි. ඒ මුල් යුගයේ "ආයුබෝවන්" වැඩසටහනෙනි. ඔහු දැක ඇති අවසාන පරපුර අප ය.  නව පරපුර ඔහු හඳුනන්නේ සීමිත ඡායාරූප ගණනකින් සහ ඔහුගේ ඝාතනය ගැන පුවත් හරහාය.
ප්‍රේම කීර්ති චරිතය යොදාගෙන සම්භාව්‍ය පස්වන මන්ඩලයේ චිත්‍රපටයක් හදන්න කරුණු ඇතිබව සිතේ. චිත්‍රපටය තුල ඔහුගේ ජීවිතය ගැන පමණක් තිබිම ඇතිය මරණය අවශ්‍ය නැත
එවැන්නත් දකින්න පතමි.