2002-2004 කාලයේදී රනිල් ප්රභා ගිවිසුම් ගැසූ යුගය මට සිහිවේ. එකල උතුරේ දෙමළුන් හමුදාවට රෙද්ද උස්සා පෙනවූහ එසේම දකුනේ අපේ ක්රිස්තියානි මිතුරන් බෞද්ධ අපට රෙද්ද උස්සා පෙන්වූහ. එම යුගය නැවත උදාවී ඇතිබව පෙනේ. එබැවින් ඉදිරි මැතිවරන වලදී රනිල් මෛත්රී හවුල් පැරදවීමට සිංහල බෞද්ධයන් සැමදෙන ක්රියාකල යුතුය.
Monday, April 13, 2015
2002-2004 කාලයේදී රනිල් ප්රභා ගිවිසුම් ගැසූ යුගය මට සිහිවේ. එකල උතුරේ දෙමළුන් හමුදාවට රෙද්ද උස්සා පෙනවූහ එසේම දකුනේ අපේ ක්රිස්තියානි මිතුරන් බෞද්ධ අපට රෙද්ද උස්සා පෙන්වූහ. එම යුගය නැවත උදාවී ඇතිබව පෙනේ. එබැවින් ඉදිරි මැතිවරන වලදී රනිල් මෛත්රී හවුල් පැරදවීමට සිංහල බෞද්ධයන් සැමදෙන ක්රියාකල යුතුය.
Friday, April 10, 2015
සිංහල බසේ ඇති සුලබ වැරදි වදන්.
1. පර්චස්, සැන්ඩ්විචස්, සොසේජස් :- මෙම වචන ඉංග්රීසි බසෙන් යෙදෙන විට නිතරම බහු වචනයෙන් යෙදෙන නිසා සිංහල බසට එම වදන් එක්වීමේදී ද, බහු වචන ස්වරූපයෙන් ම එක්වී ඇත. නමුත් එම වචන ඒක වචන බවට පත් කිරීමේ දී ගැටලු ඇති වේ. ‘පර්චස්’ බහු වචනයක් නම් ඒක වචනය ‘පර්චසය’ ලෙස ගත හැකි වුවත් ‘සැන්ඩ්විච්’ හා ‘සොසේජස්’ සඳහා මෙසේ කිරීම අසාර්ථක වේ. වෙනත් බසකින් ඒක වචන පදයක් සිංහලට ගැනීමේ දී එය ඉබේටම බහු වචනයක් වන නිසා අමුතුවෙන් බහු වචන කිරීමට අවශ්ය නැත. මෙම වදන් සඳහා
‘පර්චස්’ වෙනුවට ‘පර්ච’
‘සැන්ඩ්විචස්’ වෙනුවට ‘සැන්ච්විච’
‘සොසේජස්’ වෙනුවට ‘සොසේජ’
ලෙස ලිවීමට හුරු වීම මඟින් මෙම ගැටලුව පහසුවෙන් විසඳේ.
2. ගියර පෙට්ටිය:- උසස් පෙල තාක්ෂණවේදය ඉගැන්වීමේදී ද මෙම වචනය බහුල ලෙස යෙදෙයි. මෙම වදන ‘ගියර් බොක්ස්’ යන ඉංග්රීසි යෙදුමේ ඍජු සිංහල පරිවර්තනය වේ. ඉංග්රීසියෙන් මෙම වදන පාවිච්චියට ගැනීමට හේතු වූ ඉතිහාසය කරුණු මා නො දනී. නමුත් මේ සඳහා සිංහලෙන් ‘ගියර ඒකකය’ ලෙස යෙදීම වඩාත් සුදුසු බව යෝජනා කරමි. ‘ඔර්ගනික් කෙමිස්ට්රි’ සඳහා ‘ඓන්ද්රීය රසායනය’ වෙනුවට ‘කාබනික රසායනය’ යන නමත් ‘ක්ලොක්වයිස්’, ‘ඇන්ටි ක්ලොක්වයිස්’ වෙනුවට ‘වාමාවර්ත’, ‘දක්ෂිණාවර්ත’ යන වඩා වියත් යෙදුම් සිංහලෙන් පාවිච්චි කෙරෙන බව සලකන්න.
3. සිංහල මාධ්ය සිසුන්ට දෙමළ බස ඉගැන්වීමේ දී දෙමළ වචන සිංහල හෝඩිය යොදා ලියන විට සිදු වන සුලබ වරදක් ද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. සිංහල මෙන් නොව දෙමළ බසෙහි ඓ, ඖ අකුරු බහුලව යෙදෙයි. නමුත් දෙමළ බසෙහි බොහෝ විට ‘ඓ’ අකුර උච්චාරණය කෙරෙන්නේ ‘එඉ’ ලෙසිනි. නමුත් සිංහල අකුරු යොදා දෙමළ ලිවීමේ දී මේ වෙනස නො සලකන ආකාරය බොහෝ විට නිරීක්ෂණය කර ඇත්තෙමි. එනම්,
கை ‘කෛ’ ලෙස ලියා ඇතිමුත් එය උච්චාරණය කෙරෙන්නේ ‘කෙයි’ ලෙසය.
මීට අමතරව දෙමළ බසෙහි බොහෝ වචන වල ලියැවෙන සහ උච්චාරණය කෙරෙන ආකාර අතර වෙනස්කම් ඇත (එනම් දෙමළ යනු phonetic බසක් නොවේ). සිංහල අකුරුවලින් දෙමළ ලියද්දී මෙය නො සලකා අකුරෙන් අකුර සිංහලයට හරවන අවස්ථා බහුලය නමුත් නිවැරදි ක්රමය වන්නේ දෙමළ උච්චාරණය සිංහල අකුරෙන් ලිවීමයි.
4. කන්යා සහෝදරිය:- කන්යාව යන වදනට විවිධ භාෂා සහ සංස්කෘතිවල විවිධ අර්ථ දැක්වීම් ඇත. උදාහරණයක් ලෙස මා අසා ඇති අන්දමට ඉන්දියාවේ සමහර ප්රදේශවල ගණිකාවන් හඳුන්වන්නේ කන්යාවන් ලෙසයි. ලංකාවේ ජනමාධ්යවල සුනෙත්රා බණ්ඩාරණායක මෙනෙවිය, අනර්කලී මෙනෙවිය වැනි වදන් යෙදෙන විට ප්රේක්ෂකයන් උපහාසයෙන් සිනාසෙන අන්දම දැක ඇත්තෙමි. කන්යා සහෝදරිය යන වදන ලතින් වැනි බසකින් ගත් ඍජු පරිවර්තනයක් විය යුතු ය (ගියර් පෙට්ටිය වැනි), එසේ නැතිනම් ලතින් බසින් දෙමළ බසටත් එයින් සිංහලටත් පරිවර්තනය වූ වක් වීමට ද හැක (මා මේ ගැන නො දන්නා බවත් දන්නා කෙනෙක් වේ නම් මේ ගැන පැහැදිලි කරන ලෙසත් ඉල්ලා සිටිමි). කෙසේ වෙතත් මෙහි දී කන්යාව යන වදන යෙදීම අයෝග්ය බව මගේ අදහසයි.
මෙහි දී ‘කන්යාව’ යන වචනය යොදන්නේ ‘අනගාරික’ යන අරුතින් නිසා ‘අනගාරික සභා සේවිකාව’ යන වදන හෝ ඊට වඩා කෙටි යෙදුමක් යොදාගැනීම සුදුසු ය.
Saturday, February 7, 2015
"සැබෑ"+ නිදහස
අනාත්ම වාදය නම් සංකල්පය බෞද්ධයන් විසින් පමණට වඩා සංකීර්ණ කරගෙන ඇත. බොහෝ විට මෙය සාමාන්ය ජීවිතයට අදාල නොවන දාර්ශණික සංවාද වලට සීමා වූ දෙයක් වී ඇති අතර, ඊටත් වඩා මෙය වචන හරඹයක් බවට පත්වී ඇති බවද පෙනෙයි උදාහරණයක් ලෙස පුනරුප්පත්තිය, පුනර්භවය වචන දෙක අල්ලාගෙන වාද කිරීම දැක්විය හැක.
මෙම තත්වය නිසා විශේෂයෙන් අන්යාගමිකයන් අතර බුදුදහම හාස්යයට ලක්වීමටද ඉඩක් ඇත. ඒ නැතත් අනාත්මවාදය කිසිවෙකුට නොතේරෙන මහාප්රාණයක් වීම බුදුදහමට හිතකර තත්වයක් නොවේ.
අනාත්ම වාදය ප්රායෝගිකව එදිනෙදා ජීවිතයට අදාල කරගත හැකි පරිදි අර්ථ දැක්වීමට හැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරමි. මෙය අනාත්මවාදයට දියහැකි එක් අර්ථ දැක්වීමක් බව සිහිතබාගන්න.
ලිපියේ මාතෘකාව සලකා බලමු, නිදහස් දිනය ආසන්න වනවිට මෙය සැබෑ නිදහසද? නැතිනම් සැබැ නිදහස කියන්නේ කුමක්ද? යන මාතෘකා ඔස්සේ සංවාද ඇතිවෙනු නිරීක්ෂණය කල හැක. මීට සමාන අදහස් නත්තල් දිනය ආසන්නයේදීත් අසන්නට ලැබේ එනම් "මේකද සැබෑ නත්තල" යන මාතෘකාව යටතේ පලවන ලිපියක් නත්තල් දිනට ආසන්න පුවත් පතක පල නොවෙන්නේ කලාතුරකිනි. කලකට පෙර දිවයින පුවත් පතේ සුචරිත් ගම්ලත් මහතාගේ "සති සිතු මිණි" ලිපි පෙලෙහි සැබෑ ප්රේමය ගැන ලිපි පළවිය.
මේ ආකාරයට "සැබෑ නත්තල","සැබෑ නිදහස","සැබෑ ප්රේමය","සැබෑ ප්රීතිමත් පවුල් ජීවිතය","සැබෑ උගත්කම","සැබෑ සමාජවාදය", සැබෑ අරක, සැබෑ මේක ආදී වශයෙන් ගැනීම බුදු දහමට එකඟද? එසේ සැබෑ දේවල් තිබේද? "සැබෑ නත්තල" යනු නිර්වාණයද? මේකද? සැබෑ x යනුවෙන් ප්රශ්න කරන්නා x තුල නොවෙනස් වන පරම දිව්යමය හරයක් (ආත්මයක්?) ඇතැයි විශ්වාස කරයි. සැබෑ ජීවිතයේ x යනුවෙන් හැඳින්වෙන්න තුල මෙම x හි ආත්මය නොමැතිවීම ගැන චෝදනා කරයි. නමුත් x හි ආත්මය කුමක්දැයි එසේ චෝදනා කරන්නා වුව නොදනී. අවසානයේ මෙම අවුල නිසාම දුකට පත්වේ. මෙය ආත්මවාදය විනා අන් කවරක්ද? මෙවැනි ලෞකික දේවල "සැබෑ" දෙය සෙවීම ගෝවා ගෙඩියක් හෝ ළූනු ගෙඩියක පත්ර එකින් එක ඉවත්කර හරයක් සෙවීමට සමානය.
මෙයින් අදහස් වන්නේ බෞද්ධයා "නත්තල","නිදහස","ප්රේමය","ප්රීතිමත් පවුල් ජීවිතය","උගත්කම","සමාජවාදය" යනාදිය බැහැරකල යුතු බව නොවේ. එයතුල පරම උත්තරීතර අන්තයක් ඇත යන මිත්යාව බැහැරකල යුතු බවයි. යම් දෙයක "සැබෑ" යනුවෙන් හරයක් ඇතැයි සිතා එය ලඟා කරගැනීමට වෑයම් කිරීමෙන් ප්රයෝජනවත් අතුරුඵල ලැබෙන බව නම් සත්යයකි නමුත් මගේ මතය නම් නොපෙනෙන ඉලක්කයක් කරා හඹා යාම වෙනුවට තේරෙන ඉලක්කයක තනාගෙන ඒ වතට යාමට තැත්කිරීමෙන්ද ඉහත දැක්වූ යහඵලම ලඟාකරගත හැකි බවයි.
Thursday, January 8, 2015
ඉදිරි දේශපාලනය ගැන මගේ අදහස (plan B)
Tuesday, December 9, 2014
නව වසරට Exel දිනදර්ශණයක්
මෘදුකාංගය භාගත කරන්න
මෙම මෘදුකාංගය මඟින් කැමති වසරක දිනදර්ශණය Exel ලියවිල්ලක් ලෙස ගතහැක
මෙය Exel මෘදුකාංගයේ plugin මෘදුකාංගයක් ලෙස තැනීමට බලාපොරොත්තු වුවත්
plugin තැනීම ගැන දැනුම අඩු නිසා එය කිරීමට නොහැකිවිය. ඒ පිළිබඳව උදව් බලාපොරොත්තු වෙමි.
මෘදුකාංගය ක්රියාත්මක කිරීමට පරිගනකයට MS offiece මෘදුකාංග පැකේජය ස්ථාපනය කල යුතුය
Sunday, December 7, 2014
එළාර නම් සිංහල රජතුමා
- ඊලාම් වාදීන්ට ලංකාවේ නැති දෙමළ ඉතිහාසයක් ගොඩනැඟීමට ආධාර කිරීම
- මුලු ලොවෙහි ම වසන බෞද්ධයන්ගේ (දෙමළ බෞද්ධයන්ගේ පවා) අසහාය වීරයා විය යුතු දුටුගැමුණු රජු ට හිමි ගෞරවය නො ලැබීම. ඇත්තෙන්ම දුටුගැමුණු රජු අශෝක අධිරාජ්යයාටද වඩා බුදුදහමට සේවයක් කල අයෙකි.
Monday, November 24, 2014
මා කල පැරණි මෘදුකාංග කීපයක නව සංස්කරන
මා කල පැරණි මෘදුකාංග කීපයක නව සංස්කරන
EOT_to_Unicode_v3.1
මම මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට හේතුවූ මෘදුකාංගයයි මෙය මුලින් තැනුවේ
පැරණි රිවිර පුවත්පත් වල ඇති ඉසිවර අකුරු මෝස්තරය යුනිකෝඩ් වලට හැරවීමේ අරමුනෙනි
නමුත් දැන් මෙහි එයට අමතරව වෙබ් පිටු වල ඇති අනවශ්ය දත්ත ඉවත්කර වෙබ්පිටු වල ප්රමාණය අඩුකිරීම,
වෙබ් පිටු විශාල ගණනක වෙනස්කම් සිදුකිරීම, වෙබ් පිටුවල සැඟවූ පින්තූර ආදිය ටෙන්කිරීම ආදිය කල හැකිසේ දියුනු කර ඇත.
මෙහි css කොටස් කියවීමේ හැකියාව වර්ධනය කර ඇතවෙනම කොටසක් (class) ලෙස සකසා ඇත
css කොටස් වල අඩංගුකර ඇති පින්තූර ආදී ගොනු (inline image)වෙන්කර ගැනීමේ හැකියාව වර්ධනය කර ඇත
වෙබ් පිටුවල ටැග් කොටස් කියවීමේ මෘදුකාංග කොටස වෙනම කොටසක් (class)
ලෙස සකසා ඇත
මෙය යොදාගෙන වෙබ් අඩවි භාගත කලහැකි (htttrack, teleport pro වැනි) මෘදුකාංගයක් සෑදීමට
අදහස්කරගෙන සිටියත් තවම කාල වේලාවක් අවස්ථාවක් නොලැබුණි. ඉදිරියේදී එය කිරීමට
බලාපොරොත්තු වන අතර වෙනත් අයෙක්ට වුවද මෙහි කේත යොදාගෙන එය කිරීමට අවසර ඇත.
FOLDER_EXPODE
ෆෝල්ඩරයක ගොනු විසුරුවා හැරීමට යොදා ගනී
මෙහි තිබුනු කුඩා අඩුපාඩුවක් නිවැරදි කල අතර
මෘදුකාංගය ක්රියාත්මක වීමේදී අතුරු මුහුනත අක්රීය වීම වලක්වන ලදී
image multifile remover
ෆෝල්ඩර කීපයක ඇති එකම තොරතුරු අඩංගු වෙනස් නම්වලින් යුත් ගොනු ඉවත්කිරීමට යොදාගනී
මෙහි තිබුනු කුඩා අඩුපාඩු නිවැරදි කල අතර
මෘදුකාංගය ක්රියාත්මක වීමේදී අතුරු මුහුනත අක්රීය වීම වලක්වන ලදී
