Friday, July 24, 2015

බල්ලාගේ බල්ලා සහ රැලිගේ රැලි.



මේ කලකට පෙර සඟරාවක (නම මතක නැත) පලවූ චිත්‍ර කලාව පිළිබඳ ලිපියක දුටු අපූරු චිත්‍ර දෙකක් ගැන හඳින්වීමකි.

සිංහල නොදන්නා Giacomo Balla (ජියාකොමෝ බල්ලා) නම් ඉතාලි චිත්‍රශිල්පියාගේ ජනප්‍රියම චිත්‍රය මෙම බල්ලා වූයේ කෙසේද?



එසේම Bridget Riley (බ්‍රිජට් රැලී) වැඩියෙන්ම ඇන්දේ රැලි වූයේ කෙසේද?


 















Friday, July 17, 2015

VB.NET වලින් කල පරිගනක ක්‍රීඩාවක්

 ක්‍රීඩාව භාගත කරන්න
ක්‍රීඩාවේ කේත භාගත කරන්න
මට කලක පටන් තිබුනු ආශාවක් වූයේ පරිගනක ක්‍රීඩාවක් තැනීමයි.
නමුත් මෙහිදී කලයුතු දේ සහ (විශේෂයෙන්) නොකල යුතුදේ ගැන අවබෝධයක් නොතිබූ නිසා මෙය කල්ගතවිය.
මේ අතර Beginning .NET Game Programming in VB .NET පොත කියවීමට ලැබුනු අතර එය වඩාත් සරලව මේ පිළිබඳ කරුණු පැහැදිලිකර තිබූ නිසා වැඩි අපහසුවකින් තොරව  එම පොතේ අඩංගු පලමු පරිගනක ක්‍රීඩාව මෙසේ තැනුවෙමි. මෙහිදී පොතේ ඇති ආකාරයටම කේතනය සිදු නොකර ඊට වඩා සරලව (ක්‍රමලේඛන ශිල්පියාට තේරුම්ගැනීමට පහසු ලෙස) මෙය සැලසුම් කෙරුවෙමි.
විනෝදාංශයක් ලෙස මෘදුකාංග තනන්නෙකුට මෙය සහ ඉහත දැක්වූ පොත ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
කෙසේවෙතත් මෙය තැනීමෙන් පසු මෙය ක්‍රීඩාකර එහි රසය විඳීමට මාහට නොහැකි විය. දැන් මෙය ක්‍රීඩාකරනවිට මගේ සිතට නැඟෙන්නේ  මෙහි තාක්ෂණික කරුණු පමණි.

Wednesday, June 10, 2015

කවුද මේ බූරුවෝ





හකුලුවා තැබිය හැකි ඇඳන් හඳුන්වන්නට “බූරු ඇඳ” නම් වදන සිංහල බාශාවෙන් යොදයි.
ඉංග්‍රීසියෙන් “කාර්ඩ්” යන නමින් හඳුන්වන ක්‍රීඩාවට සිංහලෙන් පාවිච්චි කෙරෙනුයේ “බූරු සෙල්ලම” හෝ “බූරුවා ගැහීම” යන වදනයි. බූරුවා නම් තෙක් සිටියත් මෙම අවස්ථාවේදී එම වචනය යොදන්නේ එම සත්වයා හැඳින්වීමට නොවේ. මෙම අවස්ථාවල බූරුවා යනුවෙන් හඳුන්වනුයේ කවුදැයි දන්නා අය අල්ප බැවින් මෙය ලිවීමට තීරණය කලෙමි.
දකුණු අප්‍රිකාව ලන්දේසි පාලනයට යටත්වූ පසු ඕලන්ද සංක්‍රමණිකයන් රාජ්‍ය අනුග්‍රහයද ඇතිව එහි ජනපද පිහිටුවා ගත්හ. මෙම සංක්‍රමණිකයන් හැඳින්වීමට බෝවර් (Boer - ලන්දේසි බසින් මෙහි අරුත “ගොවියා” වේ) යන වදන පාවිච්චි කරන ලදී. බෝවර් වරුන් සමන්විත වූයේ ලන්දේසි ජාතිකයන්ගෙන් සහ රෙපරමාදු ක්‍රිස්තියානි ආගම වැළඳගැනීම නිසා ප්‍රංශයෙන් පිටුවල්කරනු ලැබ ඕලන්දයට සංක්‍රමණය වූ ප්‍රංශජාතිකයන් ගෙනි. මොවුන් දකුණු අප්‍රිකාවේදී ඕලන්ද පාලනය තුල අර්ධ ස්වාධීන ජාතියක් ලෙස සිටියහ.
1814 දී දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් පසු බ්‍රිතාන්‍ය පාලනය යටතේ මොවුන්ට හිරිහැර සිදුවිය. දකුණු අප්‍රිකාව යටත්කරගැනීමේදී එහි බෝවර් වරුන්ට දේශපාලන බලතල සහ ඔවුන්ට ආර්ථික වාසි ලැබෙන අන්දමට පාලනය කරන බවට මුලදී බ්‍රිතාන්‍ය පාලකයන් එකඟ වුවත් පසුව බෝවර් වරුන්ට දේශපාලන බලතල ලබා නොදීමටත් බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට වාසිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය ඔවුන් කටයුතු කලහ. මේ නිසා දකුණු අප්‍රිකාව තුල බ්‍රිතාන්‍ය පාලනය පෙරලා දැමීමට බෝවර්වරු කිහිපවරක්ම සටන් කලහ. මෙම සටන් බෝවර් යුද්ධ ලෙස හඳුන්වයි.
මෙම යුද්ධ වලින් ජයගැනීමට බ්‍රිතාන්‍ය සමත්විය. 
මෙයින් වඩාත්ම දරුණු යුද්ධය දෙවැනි බෝවර් යුද්ධය වේ. 1899 සිට 1902 අතර කාලයේ පැවති මෙම යුද්ධයේදී දකුණු අප්‍රිකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශ කිහිපයක බ්‍රිතාන්‍ය පාලනය තාවකාලිකව පෙරලා දැමීමට බෝවරුවරු සමත්විය.
මෙම සටනේදී බ්‍රිතාන්‍ය යුධ උපක්‍රමයක් වශයෙන් බෝවර්වරු විශාල සංඛ්‍යාවක් (මට සොයාගත හැකිවූ අන්දමට 60 000කට වැඩි) රැඳවුම් කඳවුරුවල (Concentration camps) රඳවා තබන ලදී.
පසුව බෝවර්වරු මෙම කඳවුරුවලට පහරදී රැඳවියන් මුදා ගැනීමට ක්‍රියාකල නිසා වැඩිහිටි පිරිමි සිරකරුවන්ව පිටරටවලට යැවීමට බ්‍රිතාන්‍ය පාලකයත් කටයුතු කලහ. මෙසේ ඔවුන් ලංකාව, ඉන්දියාව සහ ශාන්ත හෙලේනා දූපත්වල එලිමහන් සරකඳවුරු වලට යවන ලදී.
ලංකාවට එවන ලද මෙම සිරකරුවන් ප්‍රධාන වශයෙන් කොළඹ සහ දියතලාවේ රඳවා තබන ලදී.
වනබිමේ සිරකරු නම් පොතේ සහ එයින් තැනූ ටෙලිනාට්‍යයේ සඳහන් කරන “එංගල්” මෙසේ එවන ලද බෝවර් ජාතිකයෙකි.
කොළඹ රඳවන ලද බෝවර් සිරකරුවන් සඳහා සපයා දුන් ඇඳට මුලදී “බෝවර් ඇඳ” ලෙසත් පසුව “බූරු ඇඳ” ලෙසත්  සිංහලයන් විසින් හැඳින්විනි. (බෝවර්වරු බිම නිදාගැනීම ප්‍රතික්ශේපකල නිසා ඉක්මනින් අඩු වියදම් ඇඳක් තනන ආකාරය පවසන්න යැයි බ්‍රිතාන්‍ය නිලධාරීන් දැන්වූ විට මෙම ඇ‍ඳේ සැලැස්ම බෝවර් වරුන්ම ඉදිරිපත් කරන ලදී.)
මෙම බෝවර් සිරකරුවන් ලංකාවේ සිටියදී කාලය ගෙවා දැමීමට කල සෙල්ලමට සිංහලයන් “බෝවර් සෙල්ලම” ලෙස හැඳින්වූහ පසුව එය “බූරු සෙල්ලම”වී ඉන්පසු “බූරුවා ගැහීම” බවට පත් විය.
බෝවර් යුද්ධයෙන් පසු මොවුන් වැඩි දෙනෙක් නැවත දකුණු අප්‍රිකාවට ගෙන ගිය අතර, බූරු ඇඳ සහ බූරු සෙල්ලම සිංහල සංස්කෘතියට උරුම විය. බූරුවා ගැසීම ඊට පෙර ද මෙරට කෙරුණු නමුත් එය එක් පැලැන්තියකට සීමාවූ විනෝදාංශයක් විය. බූරුවා ගැසීම බයියන්ට පුරුදු වුනේ බෝවර් වරුන්ගෙනි.
බූරුවා ගැසීම සමඟ “ආසි”,‍ “හේරා”,”හාරත”,”රුවිත” වැනි නව වදන් සිංහලයට ලැබුනු අතර ඒවා ලේඛණයේදී යෙදීමට මැලිවිය යුතු නැත.

Thursday, June 4, 2015

බාබේරියන්!

  බන්‍ධුල ගුණවර්ධන මහතා රූපවාහිනී වැඩසටහනක දී “පක” සහ “පයිය” නම් වචන සඳහා ඇති විවිධ අර්ථ දැක්වීම් ඉදිරිපත් කරනු නැරඹුවෙමි.
  මෙසේ අදහස් දැක්වීමේ අරමුණ සමාජයේ අවධානය වෙනතකට යොමු කර වාසුදේව මහතාට එල්ල වෙන අපවාදයෙන් ඔහුව මුදවා ගැනීම බවට සැකයක් නැත.
  මේ බන්ධුල ගුණවර්ධන මහතාගේ ඇති විශේෂ දක්ෂතාවක් ලෙස සැලකිය හැක.
  එක් වරක් බඩු මිල ඉහල යාම ගැන ඇසූ විට කවුරු වත් අසා නැති වයිමෙක් ගැන පවසා අවධානය වෙනතකට යොමු කිරීමට ඔහු සමත් විය,
  තවත් වරක් ජීවන වියදම ඉහල යාම ගැන ඇසූ විට රුපියල් 2500.00 කින් මාසයක් නො මැරී සිටිය හැකි බව පවසා පසුව එය තර්කානුකූලව ඔප්පු කරන ලදී. ඒ හරහා ජීවන වියදම අමතක කරවන ලදී.
  අලුත් ම සිදුවීමේ දී බන්‍ධුල මහතා පෙන්වීමට උත්සාහ කලේ “පක” සහ “පයිය” සඳහා විවිධ අර්ථ ඇති බවත් එම නිසාම වාසුදේව මහතා පැවසුවේ අසභ්‍ය චචනයක් නොවන බවත් ය.
එම අර්ථ නම්,
පයිය: පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, පුරුෂ ලිංගය (අසභ්‍ය)
පක: ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, පිහාටුව, පියාපත, ගොඩ, රාශිය,
        සතුන්ගේ  බෙට්ට, පුරුෂ ලිංගය (අසභ්‍ය)
   මීට අමතරව හුත්ත යන වදන සෑදී ඇති අන්දම මා ඇති ආකාරයට මෙසේ ය, සංස්කෘත භාෂාවෙන් සැප යන අරුත ඇති “සුඛ” නම් වදන සිංහලයට ගැනීමේ දී පැරණි සිංහල හෝඩියේ මහාප්‍රාණ අක්ෂර නැති නිසා “සුක” ලෙස පාවිච්චි කර ඇත. පසුව එය කට වහරට ඒමේ දී “හුක” වී ඇත ඒ වචනයෙන් හුත්ත සහ හුකනවා යන ක්‍රියා පදය සෑදී ඇත. මේ අනුව බන්‍ධුල මහතාගේ ක්‍රමයට අනුව “අපි එන්ජෝයි කරනවා” යනුවෙන් පැවසීම වෙනුවට “අපි හුකනවා” කීමෙහි වරදක් නැත.
  මෙහිදි බන්දුල මහතා කරන වරද නම් පක සහ පයිය සඳහා ඇති අසභ්‍ය අර්ථය හැර අන් වචන ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතා නො කරන බව අමතක කිරීමයි. එසේම යම් වචනයක මුල් අර්ථය අසභ්‍ය එකක් නොවුනත් පසුකාලීන ව සම්පූර්ණයෙන්ම එයට වෙනස් අරුතක් එයට එක් විය හැක.

මේ තමයි බාබේරියන්
  එසේ මා නො දැනුවත් වම මා විසින් කියවුන කුණුහරුපයක් ගැන සඳහන් කරමි. මෙය මා විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ මුල් කාලයේ ඉගනුම ලබද්දී සිදුවූවකි.
  එකල මම Diablo 2 (Lord of destruction) නම් පරිගණක ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිවී සිටියෙමි. දිනක් මගේ මිතුරෙකුට මෙම ක්‍රීඩාව අඩංගු DVD තැටිය ලබා දී එය පරිගණකයේ ස්ථාපිත කරන අන්දමත්, ක්‍රීඩාව කරන අන්දමත් හඳුන්වා දෙමින් සිටියෙමි.
  මෙහි දී කල යුත්තේ සටන් කරුවෙක් තෝරා ගෙන අමනුෂ්‍ය බලවේග සමඟ සටන් කිරීමයි. සටන් විවිධ කරුවන්ට ඔවුන්ට ආවේණික හැකියාවන් හා දුබල කම් පවතී. මෙම ක්‍රීඩාවේ මා කැමති ම චරිතය නෙක්‍රොමෑන්සර් වන නමුත් ක්‍රීඩාවට ආධුනිකයන් සඳහා වඩාන් සුදුසු බාබේරියන් චරිතය බැව් නිගමනය මා සිතූ බැවින් මිතුරාට එය හඳුන්වා දීමට තීරණය කලෙමි.
  ඒ අනුව පරිගණකයක් වෙත ගොස් අන්තර් ජාලය හරහා බාබේරියන් චරිතය යොදා ක්‍රීඩාව කරන අන්දම විස්තර කරන අන්දම පැහැදිලි කරමින් සිටියෙමි. අප සිටි පරිගණකයට යාබද පරිගණකය අසල ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටි අතර අප දෙදෙන පරිගණක තිරය දෙස ඉතා උනන්දුවෙන් බලා ගෙන මඳසිනා පාමින් “බාබේරියන්” වචනය කිහිප වරක් කියනු දැක ඔවුන් දෙදෙනා අප දෙස අප්‍රසන්න බැල්මක් හෙලා සිහින් හඬින් යම්ක් කියමින් ඉවතට ගියහ.
  ඔවුන් කියූ වදන් අපැහැදිලි වුවත් අප දෙදෙනාට යම් අභූත චෝදනාවක් නැගූ බව පෙනුනි. ඔවුන් ගිය පසු “බාබේරියන් කියන්නේ කුණුහරුපයක් ද බං?” කියා මිතුරාගෙන් ඇසුවෙමි. ඔහුට ද එයට දීමට පිළිතුරක් නොවුනි.

Saturday, May 30, 2015

බහු මන්ත්‍රී ආසන - මේ මොන හුත්තක් ද?

ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ ක්‍රමයට අනුව බහු මන්ත්‍රී ආසන නම් විෂබීජයක් ද ඒ සමඟම එයට මුසු කරන ලදී. ජේ. ආර්. ජයවර්ධන මහතා සමානුපාතික නියෝජන ක්‍රමය හරහා මෙය අවලංගු කල නමුත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත මෙය ගෙන ඒමට කටයුතු සිදු වන බව පෙනේ. මෙම ලිපිය ලිවීමෙන් පලක් වේදැයි සැකයක් ඇතත් කවුරු හෝ මෙය කිව යුතු නිසාම මෙය ඉදිරිපත් කරමි. බ්‍රිතාන්‍ය යුගයේ දී ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කෙරෙන විට එකල වැඩි වරප්‍රසාද ලබා සිටි දෙමළ ප්‍රභූවරු එයට විරුද්ධ විය. ඒ වෙනුවට 50ට 50 බලතල ලබා දෙන ලෙස අධිරාජ්‍ය වාදීන්ගෙන් ඉල්ලා සිටියහ. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනය වැනි වූ කිසි සේත් ම ප්‍රායෝගික ව ක්‍රියාත්මක කල නො හැකි මෙම ඉල්ලීම වෙනුවට විකල්පයක් ලෙස පාර්ලිමේන්තුව තුල සිංහල බලය අඩු කිරීමේ අරමුණෙන් බ්‍රිතාන්‍යයන් මෙම බහු මන්ත්‍රී ආසන ක්‍රමය හඳුන්වා දුන්හ. බහු මන්ත්‍රී අසන ක්‍රමය නිසා සමහර අවස්ථාවල සිංහලයන්ට ද වාසි ඇතිවෙන නමුත් එය දිගු කාලීන ව සිංහලයන්ට හානිකර ය. උදාහරණයක් ලෙස යම් ආසනයක 40%ක් පමණ මුස්ලිම් ජනගහනයක් ඇති විට එක් ප්‍රධාන පක්ෂයක් තම අපේක්ෂකයා ලෙස මුස්ලිම් අයෙක් ඉදිරිපත් කල හොත් අනිත් ප්‍රධාන පක්ෂය ද මුස්ලිම් අයෙක් තම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කල හැක. නමුත් බහු මන්ත්‍රී ක්‍රමය හරහා සිදු වන්නේ වර්ගවාදය රෙජිස්ටර් කිරීමයි. බහු මන්ත්‍රී ක්‍රමය වැනි ක්‍රමවල ඇති එකම සාධනීය අංගය වන්නේ වැද්දන් නයිපනික්කි වැනි සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හරහා නියෝජනයක් ලබාගත නො හැකි අය වෙනුවෙන් මෙය යෙදුව හොත් පමණි. මෙය ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට බාධාවකි. ශ්‍රී ලාංකිකයන් යනු සිංහලයන් ම නිසා මෙය සිංහලයන්ට හානිකර තත්වයකි. (ලංකාවේ දෙමළුන් යනු තමිල්නාඩු ඩයස්පෝරාවක් වන අතර මුස්ලිම් පමණක් නොව කතෝලික ආගමද ජාතිකත්වයට විරුද්ධ ආගම් වේ. යුරෝපය තුල ජාතික රාජ්‍ය ගොඩනැගීම සහ කතෝලික සභාව දුර්වල එකට සිදුවීම අහම්බයක් නොවේ. මෙහි දී මම ජාතිකත් වය යනුවෙන් අදහස් කලේ බටහිර සංකල්පය මිස නලීන් ද සිල්වා මහතාගේ මතවාද නොවන බව සලකන්න.) ශ්‍රීලාංකික ජාතියක් වෙනුවෙන් කෙටි කාලීන කැප කිරීම් කිරීමට සිංහලයන් මැලි නොවිය යුතු ය. මන්ද, දිගුකාලීනව එම කැප කිරීම් නැවත සිංහලයන්ට ම ආපසු ලැබෙයි. මෙහි දී බහු මන්ත්‍රී ආසන ක්‍රමය තුල ඇති අවුල් සහගත තත්ව කිහිපයක් සඳහන් කරමි. 1. යම් ආසනයක් බහු මන්ත්‍රී ද නැද්ද යන්න තීරණය කරන්නේ ආසනයේ ජනතා කැමැත්ත විමසා නොවේ. (බොහෝ විට මෙය සිදු වන්නේ වර්ගවාදය පවත්වා ගැනීම මත තම දේශපාලන බලය රැඳී පවතින දේශපාලනඥයන්ගේ නිර්දේශ මතයි.) 2. ආසනයේ ජනතාවගෙන් බහුතරයකට බහු මන්ත්‍රී ක්‍රමය අවලංගු කිරීමට අවශ්‍ය වුවත් එය කල නො හැක. 3. බහු මන්ත්‍රී බව තිරණය කිරීමට නිශ්චිත ක්‍රමයක් නැත. උදාහරණයක් ලෙස මොරටුව වැනි බෞද්ධ සහ කතෝලික ආගමිකයන් සම සමව ඇති ආසනවල බහු මන්ත්‍රී ක්‍රමය ක්‍රියාත්මක කරයි ද? එසේම කුල භේදය මුල්කරගෙන බහු මන්ත්‍රී ක්‍රමය ක්‍රියාත්මක කල යුතු ද? 4. යම් ආසනයක පැහැදිලි ප්‍රධාන ජනවර්ගයක් ඇති විට එහි වසන සුළුතර ජනවර්ග නො සලකා හල යුතු ද? 5. සිංහලයන් නියෝජනය කිරීමට සිංහලයෙක් ම, ආදී වශයෙන් මන්ත්‍රීවරුන් පත් කල යුතු ද? යම් දේශපාලනඥයෙක් තම ජන වර්ගය පමණක් ම නියෝජනය කල යුතු ද? 6. යම් ප්‍රදේශයක අලුතින් ජනාවාස ඇති කිරීමක් වුවහොත් එවිට එම ප්‍රදේශය බහු මන්ත්‍රී කලයුතුද? 7. බහු මන්ත්‍රී වරුන් නඩත්තු කරන්නේ පොදු ජනයාගේ මුදලිනි. බහු මන්ත්‍රී ක්‍රමයට විරුද්ධ අයගේ මුදලින් බහු මන්ත්‍රී වරු නඩත්තු කිරීම සාධාරණ ද? වනිතා කටයුතු ඇමතිකම සාමාන්‍යයෙන් පිරිනමනුයේ ස්ත්‍රියකට ය, ධීවර ඇමතිකම දෙනුයේ ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයක මන්ත්‍රී වරයෙකුටය, අධිකරණ ඇමතිකම සාමාන්‍යයෙන් නීතිඥයෙකුට පිරිනමයි. නමුත් මේ කිසිවක් නීතිගත කර නැති අතර සම්ප්‍රදායයන් ලෙස මේවා සිදුවෙයි. මේ ආකාරයට ම ජනවාර්ගික කරුණුත් කට වචනයට සීමා වූ එකඟතාවයන් ලෙස පවත්වා ගැනීම විනා නීතිගත කර ගැනීම හානිකර වේ. සමානුපාතික හා කේවල ක්‍රම දෙකේ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නිසා, මහ මැතිවරණයක දී ඡන්ද පත්‍රිකා දෙකක් ලබා දීමට කටයුතු කල හැක. එකක් තම ආසනයට අදාළ මන්ත්‍රීවරයා තෝරා ගැනීමට වන අතර අනෙක සමානුපාතික නියෝජන ක්‍රමයට මන්ත්‍රී වරයෙක් පත් කර ගැනීමට යොදා ගත හැක. මෙහි දී මෙම පත්‍රිකා දෙකේ දී පක්ෂ දෙකකට වුවද ඡන්දය දැමීමට හැකි අතර අවශ්‍ය නම් එක් ඡන්ද පත්‍රිකාවක් අවලංගු කිරීමට ද තේරීමක් තිබිය යුතු ය. සමානුපාතික මන්ත්‍රී වරයෙක් පත් කර ගැනීමේ දී ඔහුට එක් එක් ආසනයෙන් ලැබුණු මනාප ප්‍රමාණය ප්‍රසිද්ධ කල යුතු ය. යම් ආසන මන්ත්‍රී වරයෙක් වර්ගවාදී ව කටයුතු කරයි නම්, ජනතාවට, ඔහුට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අමතරව පාර්ලිමේන්තු කොමිසමකට පැමිණිලි කිරීමට ක්‍රමයක් සෑදිය යුතු ය. එහි දී එම ආසනයෙන් වැඩි මනාප ලත් සමානුපාතික මන්ත්‍රී වරුන්ගේ අදහස් සැලකිල්ලට ගත හැක. මෙයට අමතරව ආසන කිහිපයක් (3ක් හෝ 4ක්) බැගින් එකට ගෙන සමානුපාතික නියෝජනය යටතේ ඡන්ද පැවැත්වීම කල හැක. බහු මන්ත්‍රී ක්‍රමය අවලංගු කිරීම ආනන්තරීය පාපයක් වැනි දෙයක් නම්, 1. යම් ආසනයක් බහු මන්ත්‍රී කිරීමට එම ආසනයේ ජනමත විචාරණයක් පැවැත්වීම. 2. ජනතා ඉල්ලීම මත ආසනය තුල ජනමත විචාරණයක් පවත්වා බහු මන්ත්‍රී ක්‍රමය අවලංගු කිරීමට හැකිවීම. 3. අමතර මන්ත්‍රීවරු නඩත්තුවට යන මූලික වියදම ආසනයේ ජනතාවගෙන් ම අය කර ගැනීමට කටයුතු කිරීම. 4. පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වල දී බහු මන්ත්‍රීවරුන්ට ඡන්ද බාගය බැගින් ලබා දීම, කල යුතු ය. බුදුරජාණන් වහන්සේ කුල භේදයට විරුද්ධ අයෙක් වුවද තම අගසව්වන් ලෙස පත් කරන ලද්දේ බමුණන් දෙදෙනෙකි. නමුත් කිසිවකුට එය ගැටලුවක් වූයේ නැත. මන්ද? කුලභේදයට විරුද්ධ වීම යනු කුලභේදය ප්‍රතික්ෂේප කිරීම මිස කුලභේදය පිළිගෙන සියලු කුල වලට සමාන නියෝජනයක් ලබා දීම නොවන බව එකල බෞද්ධයන් දැන සිටීම නිසා ය. තනි පුද්ගලයෙක් ලෙස පෞද්ගලික කැමැත්ත මත වර්ගවාදියෙක් වීම මානව හිමිකමක් ලෙස සැලකිය හැක. එසේම එය තහනම් කල නො හැක. නමුත් වාර්ගිකත්වයන්ට නිල පිළිගැනීමක් ලබා දීම කිසිදු යහපතක් සිදු නො කරයි. අන් දේශපාලනඥයින් වික්ටෝරියානු (වෙස්ට්මිනිස්ටර්) සදාචාරය තුල හිර වී සිටිද්දී. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනපති ක්‍රමය සහ සමානුපාතික නියෝජන ඉදිරිපත් කිරීමට ඉදිරිපත් විය දැන් අප කල යුත්තේ එම ක්‍රමවල ඇති අඩුපාඩු නිවැරදි කිරීම මිස සුද්දාගේ ක්‍රමයට ම ආපසු යාම නොවේ.

Wednesday, April 22, 2015

මාගේ මෘදුකාංගයක් (power shell)



Dos විධාන හරහා කලයුතු සමහර කටයුතු වඩා පහසුවෙන් කරගැනීමේ අරමුනෙන් මෙම මෘදුකාංගය තැනුවෙමි. මෙය තවමත් සම්පූර්ණ අත්හදා බැලීමේ තත්වයේ පවතින බව ද, කැමති කෙනෙකුට මෙය වැඩිදියුණු කිරීමට හැකි බව ද, මෙය දියුණු කිරීමට නව අදහස්  ඔබෙන් බලාපොරොත්තු වන බව ද දන්වා සිටිමි.
මුලින් ම,
ප්‍රභව කේතය අඩංගු ගොනුව අන්සිප් කර එහි POWER_SELL\POWER_SELL\bin\Debug‍‍\POWER_SELL.exe ස්ථානයේ පිහිටි ක්‍රියාකාරී ගොනුව හෝ කෙළින්ම භාගත කල ක්‍රියාකාරී ගොනුව මත රයිට් ක්ලික් කර මතුවන මෙනුවෙන් ඇඩ්මිනිස්ට්‍රේටර් ආකාරයෙන් එය ක්‍රියාත්මක කරන්න.










 
ඉන් පසු මතුවන ප්‍රධාන කවුළුව තුල “සැකසුම්” සබැඳිය ක්ලික් කරන්න.

  
ඉන් පසු මතුවන කවුළුව තුලින් “රෙජිස්ට්‍රිය සකසන්න” බොත්තම ඔබන්න.
දැන් ආපසු යන්න. මෙය කල යුත්තේ මුල් වරට පමණි.



දැන් කැමති ෆෝල්ඩරයක් මත රයිට් කලික් කර එයින් “නව විධාන” අයිතමය තෝරන්න.













මෙවිට මතුවන ප්‍රධාන කවුළුව තුල ඉහළින් ම ඇති කොටුවේ ක්‍රියාත්මක ෆෝල්ඩරයේ පථය දක්වා ඇත. අවශ්‍ය නම් එයට වෙනත් ෆෝල්ඩරයක් ඩ්‍රැග් කල හැක.
  
දෙවැනි කොටුව තුල අවශ්‍ය උපදෙස් දක්වන අතර
පහළ කොටස තුල විධාන ඇතුළත් කල හැකි ක්‍රම සකසා ඇත.
පහළ කොටුවට පහළින් ඇති බොත්තම් අතරින් අවශ්‍ය විධානය සහිත බොත්තම ඔබන්න. එවිට එය ඉහළ කුඩා කොටුව මත සටහන් වන අතර එයට අදාල උප විධාන, විධාන බොත්තම් වලට පහළින් දිස්වේ. ඒවා ක්ලික් කර හෝ ඉහල කොටුව මත ටයිප්කර හෝ විධානය සටහන් කරන්න. ඉන් පසු RUN බොත්ම ඔබන්න. විධාන සටහන් කිරීමේදී Dos විධාන දීමේදී අනුගමනය කරන පටිපාටියම යොදාගන්න.
CMD තේරුව හොත් මෙය තුලින් Dos විධාන ක්‍රියාත්මක කල හැක.
දැනට මෙහි ඇති ප්‍රධාන වාසි වනුයේ සිංහල යුනිකේත වලින් ලියූ ගොනු හා ෆෝල්ඩර වල නාමාවලියක් පහසුවෙන් ලබාගත හැකි වීම.
සහ, තනි ෆෝල්ඩරයක් වෙනුවට එකවර පාත් එකක් තැනිය හැකි වීමයි. එනම්
C:\aaa ෆෝල්ඩරය මත C:\aaa\ggg\ccc\ss\ යන ආකාරයේ ෆෝල්ඩර යක් එකවර තැනිය හැකිවීම.
මීට අමතරව Dos විධාන ගැන දැනුම අඩු හෝ විධාන ටයිප් කිරීමට කම්මැලි අයට වඩා පහසුවෙන් වැඩ කර ගත හැකි වීම.

Monday, April 13, 2015

ජාතික ගීය සහ එහි පරිවර්තන
ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැන මගේ මතය දැක්වීමට අදහස් කරමි.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන්නේ ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කල පසුව සුලු සංශෝධනයන්ට ලක් කල සිංහල ජාතික ගීයයි.
ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්නය එවක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වූ කේ. කනගරත්නම් මහතා විසින් ද ඉංග්‍රීසි භාෂා මාධ්‍ය පරිවර්තන දෙකින් එකක්‌ එවක ඉන්දුනීසියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාත්, අනෙක්‌ ඉංග්‍රීසි පරිවතනය එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ද සිදුකොට තිබේ. එමෙන්ම ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්තනය පණ්‌ඩිත් නල්ලතම්බි මහතා විසින් ද සිදුකළ බවට පිළිගැනීමක්‌ තිබේ.
මේ අනුව ජාතික ගීයට ඉංග්‍රීසි පරිවර්තන දෙකක් ද, දෙමළ පරිවර්තනයක් ද ඇත. නමුත් අප මතක තබාගත යුතු කරුණ නම් ඒවා පරිවර්තන මිස ජාතික ගීය නොවන බවයි. මහින්ද රාජපක්ෂ මහතාට ජනමත විචාරණයකට නො ගොස් ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැයීම තහනම් කල හැකි වූයේ ඔහු ඒකාධිපතියෙක් වීම නිසා නොව එය ජාතික ගීය නොවන නිසයි. හිටපු විනිසුරු වරයෙකු වූ විග්නේෂ්වරන් මහතා පවා මේ සම්බන්ධයෙන් නීති තර්ක මතු නොකලේ ඔහු ඒ ගැන දන්නා නිසා විය යුතුයි.
එබැවින් ජාතික ගීය ගායනා කල යුතු අවස්ථාවක පරිවර්තන ගැයීමත්, පරිවර්තන ගීයක් ජාතික ගීය ලෙස හඳුන්වා දීමත් දඬුවම් ලැබිය යුතු වරදක්. මෙවැනි වරදක් වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට දැනුම්දීම සෑම ශ්‍රී ලාංකිකයෙකු ගේම වගකීමක්. ජාතික ගීය ගැයීමට පෙර හෝ පසු පරිවර්තන ගීය ගැයීමේ වරදක් තැති අතර ජාතික ගීයට දක්වන ගෞරවය එයට දැක්වීමේ අනිවාර්යය අවශ්‍යතාවක් ද නැත. ජාකික ගීය ගැයිය යුතු විට ජාතික ගීය ලෙස නිල ජාතික ගීය ගැයිය අතර පරිවර්තන ගීයක් ගැයීම ආයතනයේ සාමාජිකයන් හෝ උත්සව සංවිධායක මණ්ඩලය විසින් තීරණය කල යුතුයි.
දෙමල ඉංග්‍රීසි පරිවර්තන වලට අමතරව වැදි, මැලේ, තෙලිඟු (නයි පණික්කි), අරාබි, භාෂා වලින්ද මෙහි පරිවර්තන තිබිය යුතුයි. ඊටත් අමතරව හෙළ හවුලේ නයුවන් හුදු හෙළුවෙන් ජාතික ගී පරිවර්තනයක් තැනීමට කටයුතු කල යුතුයි. වැදි පරිවර්තනයක් අනිවාර්යයෙන් ම තිබිය යුතුයි මන්ද දෙමළ සහ ඉංග්‍රීසි යනු විදේශීය භාෂා වන නමුත් වැද බස ශ්‍රීලාංකේය බසක් වීමයි. ආදිවාසී දිනයේ දී නිල ජාතික ගීයට අමතරව වැදි පරිවර්තනයක් ගැයීමට සැලැස්විය යුතුයි. පිල්ලෙයාන් මහතා පවා එයට කැමති වනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක දී ඉංග්‍රීසි පරිවර්තන දෙකෙන් එකක් ද, හෙල හවුලේ රැස්වීමක දී හෙළු ගීයක් ද, පාප් වහන්සේ පැමිණි විටක ලතින් පරිවර්තනයක් ද නිල ජාතික ගීයට අමතරව ගැයීමට සැලැස්විය හැක.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කෝල්බෲක් කොමිසමේ නිර්දේශ මත ලංකාවේ එතෙක් දිගුකලක් පැවති රාජකාරි ක්‍රමය අවලංගු කලා. රාජකාරි ක්‍රමය තිබුනේනම් ලංකාව තුල රැකියා වියුක්තියක් ඇති නොවන බවට තර්ක කල හැකියි. එසේම ඉංග්‍රීසි රජය එය අවලංගු කලේ රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ අරමුනෙන්. මගේ “ආචිරි” කුලයේ මිතුරන් කිහිපදෙනෙක්ම කියා ඇති පරිදි මෙයින් වැඩිම පාඩුව වුනේ “ආචිරි” මිනිසුන්ට. ඒ කෙසේ වෙතත් සුද්දා අවලංගු කල රාජකාරි ක්‍රමය නැවත ඇති කල යුතු යැයි සිහිබුද්ධිය ඇති කෙනෙක් යෝජනා කරන්නේ නෑ. මේ ලෙසම ජාතික ගීයේ පරිවර්තන ගැයීම තහනම් කිරීමත් මේ ආකාරයේ ම ප්‍රගතිශීලී කටයුත්තක්. වගකිවයුතු රජයක් කල යුත්තේ එය දිගටම පවත්වා ගැනීමයි. පරිවර්තන ගැයීමට ඉඩ දීම නිසා අනවශ්‍ය ගැටලු සහ අප්‍රසන්න වාද භේද ඇතිවිය හැකියි. විශේෂයෙන්ම එය වන්නේ සිංහල දෙමළ ජනවර්ග එකට සිටින විටයි, එවිට සිදු වන්නේ සිංහල දෙමල ජනවර්ග වල අයට එකට සිටීමට වඩා වෙන්ව සිටීම පහසු වීමක් එනම් වාර්ගික අනුකලනයට බාධා කිරීමක් දෙමළ වර්ගවාදීන්ට අවශ්‍යත් එයමයි සිංහලයා යනු ශ්‍රී ලාංකිකයාම බැවින් (එය පිළිගැනීම / නො පිළිගැනීම ඔබේ වැඩක්) වාර්ගික අනුකලනයට හේතුවන, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට හේතු වෙන වෙනසක් වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිංහලයන් මැලිවිය යුතු නෑ මන්ද කැප කරන ප්‍රමාණයට වඩා දෙයක් දිගුකාලීනව සිංහලයන්ට ලැබෙනවා. වාර්ගික අනුකලනයට එරෙහි වන දෙයකට සිංහලයන් විරුද්ධ විය යුතුයි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයට ඉඩ දීමෙන් සිංහලයන්ට අහිමි වන්නේ කුමක් ද යන ගැටලුවට මගේ උත්තරය එයයි.
එසේම අතීතයේ පටන් පරිවර්තන ගැයීමට ඉඩ දී තිබූ නිසා (දෙමළ පරිවර්තනයට පක්ෂ වූවන්ගේ තර්කය) කිසිම වාර්ගික සමඟියක් ඇති නොවුනු බවත් කිව යුතුයි. මෙම කරුණ සම්බන්ධව ජනමාධ්‍යයද තම වගකීම නිසි ලෙස ඉටුකලේ නෑ. මුස්ලිම් සමාජය තුල මලාලා යුසුෆ්, සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්රීන් ආදීන් සුලු පිරිසක් යොයාගත හැකිනම්, ජාතික ගීයේ දෙමල පරිවර්තනයට විරුද්ධ දෙමළ වාර්ගිකයන් ඊට වැඩි ප්‍රමාණයක් සොයා ගත හැකි විය යුතුයි. ජනමාධ්‍ය (විශේෂයෙන් සිංහල ජනමාධ්‍ය) මෙම පිරිසගේ අදහස්වලට ඉඩක් වෙන් කලේ නෑ. මුස්ලිම් වරුන් ගෙන් නම් අති බහුතරයකට මෙය අවශ්‍ය නෑ ඔවුන්ට ද ජනමාධ්‍යය වල ඉඩක් වෙන් කෙරුණේ නෑ.
මෙම කරුණේ දී අපට සිංගප්පූරුවෙන් ආදර්ශයක් ගත හැකියි. මුස්ලිම් සුළුතරයක් සිටින නමුත් ජාතික කොඩියට ඉස්ලාමීය සංකේත අඩංගු කර ඇති එකම රට සිංගප්පූරුවයි. නමුත් සිංගප්පූරුව යනු මැලේසියාවේ කොටසක් ව තිබී පසුව “බර්ගර් චීන්නුන් ගේ” (මගේ වදනක්) ආධිපත්‍යයට ලක් වූ රටක් මැලේසියානු මුස්ලිම් වරුන්ට සාපේක්ෂව සිංගප්පූරු මුස්ලිම් වරුන්ට ජාතික කොඩියේ හඳ පලුව හැර කිසිවක් ලැබී නෑ.
ඒ ආකාරයට ම අවශ්‍ය නම් ලංකාවේ නිල ජාතික ගීය වශයෙන් දෙමළ බසින් ගීයක් යොදාගැනීමට සිංහලයන් විරුද්ධ විය යුතු නැත. නමුත් ඒ ලංකාවේ දෙමළ ජන වාර්ගිකයන් (තමිල්නාඩු ඩයස්‍පෝරාව ලෙස ද හැඳින්විය හැක) ඒ වෙනුවට ඊට වඩා වැඩි දෙයක් කැප කරන්නේ නම් පමණක්ම ය.
2002-2004 කාලයේදී රනිල් ප්‍රභා ගිවිසුම් ගැසූ යුගය මට සිහිවේ. එකල උතුරේ දෙමළුන් හමුදාවට රෙද්ද උස්සා පෙනවූහ එසේම දකුනේ අපේ ක්‍රිස්තියානි මිතුරන් බෞද්ධ අපට රෙද්ද උස්සා පෙන්වූහ. එම යුගය නැවත උදාවී ඇතිබව පෙනේ. එබැවින් ඉදිරි මැතිවරන වලදී රනිල් මෛත්‍රී හවුල් පැරදවීමට සිංහල බෞද්ධයන් සැමදෙන ක්‍රියාකල යුතුය.