දෙවියන් වහන්සේට මුදල් මැවිය හැකි ද?
ජෙරම් ප්‍රනාන්දු නබිවරයාගේ අධ්‍යාත්මික පියා වන
යූබට් ඒන්ජල් නබිවරයා, ජෙරම්ගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි විට
මුදල් මවා දීමක් කල බව වාර්තාවිය.
මේ ගැන විවේචනය කල වෙනත් කිතුනු සභාවල දේශකයන් ඒ ගැන පැසවුවේ මේ කතාවයි.
ඔහු බෙදූ මුදල ඇත්ත මුදලක් නම් එය වෙනත් අයෙක් සතු මුදලක් වියයුතුය.
එනම් දෙවියන් වහන්සේ හොරකමක් කර ඇත.
එම මුදල දෙවියන් මවා ඇති මුදලක් නම් දෙවියන් වහන්සේ හොර සල්ලි අච්චු ගසා ඇත
දෙවියන් වහන්සේ මේ දෙකම කරතැයි සිතිය නොහැකි නිසා එම මුදල් මැවීම විය නොහැක.
නමුත් වෙනත් පැහැදිලි කිරීමක් නැද්ද?
දෙවියන් වහන්සේ සිටියා වූ, සිටින්නා වූ, මතු ඉන්නාවූ තැනැන්වහන්සේය
අකාලිකයානෝය.
එතුමා අතිතය වෙනස් කර නබිතුමාගේ අතට මුදල් ලැබෙන ලෙස වර්තමානය සැකසූවිට එසැනින් සත්‍ය මුදල් නබිවරයාගේ අතට ලැබෙන සේක.
No comments:
Post a Comment