Saturday, August 15, 2020
Friday, June 5, 2020
අනන්තය ගැන ප්‍රශ්ණයක් [බුදු දහම සහ ගණිතය]
බුදු දහමට අනුව විශ්වය අනන්ත වාරයක් තැනෙමින් නැසෙමින් චක්‍රීය ක්‍රියාවලායක ලක්වෙමින් අනන්ත කාලයක් පවතියි.
එසේම එහි විශාලත්වයද අනන්තයක් වෙයි.
විශ්වය තුල සත්වයන් අනන්තයක් සිටිති.
එසේම විශ්වය තුල බුදු/පසේබුදු/රහතන් වහන්සේලා අනන්තයක් සිටිති.
එසේම සෑම මොහොතකම අනන්තයක් බුදු/පසේබුදු/රහතන් වහන්සේලා පිරිනිවන් පාති.
අළුතින් සත්වයන් මැවීමක් සිදුවේද නොවේද??
මා දන්නා තරමින් මේ ගැන බුදු දහමේ කිසිවක් කියා නැත.
නමුත් සිංහල බෞද්ධයන් වැඩිදෙනා අළුතින් සත්වයන් මැවීමක් සිදු නොවන බව විශ්වාස කරයි.
එසේනම් මේ වනවිට විශ්වයතුල සිටි සියළු සත්වයන් පිරිනිවී අවසන් ව තිබිය යුතුය.
මේක හරියට
අනන්තය - අනන්තය = ?
ආකාරයේ ගැටළුවකි.
මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මැවීමක් සිදුවෙ නම්,
සත්වයෙක් මැවීම පාපයක්ද?
Tuesday, May 19, 2020
ගණිත කතන්දරයක්!
මා අසා කියවා ඇති ගණිත කතාවක් බෙදාගැනීමට සිතුනි.

එක්තරා හෝටලයකට කාමර අනන්තයක් තිබේ.
දිනක් එම හෝටලයට මඟීන් පිරුණු බස් අනන්තයක් පැමිණ නවාතැන් ඉල්ලා සිටියහ.
ඒ සෑම බසයකම මඟීන් අනන්තය බැගින් සිටියහ.
හැම මඟියෙකුටම එකාට එක බැගින් කාමර දිය යුතුය.
හෝටලයේ කලමනාකරු, පිළිගැනීමේ නිලධාරියාට තරයේ අවවාදකර තිබුනේ හෝටලයට නවාතැනට පැමිනෙන කිසිවෙකු හරවා නොයවන ලෙසයි. කාමර අනන්තයක් තිබෙන හෝටලයක් ලෙස එයට ඇති කීර්තිනාමයට හානිවීම එයට හේතුවයි.
එනම් මෙම බස් අනන්තයේ සිටින මගින් අනන්තයටම කාමර දිය යුතුවාක් මෙන්ම ඉන් පසුවද තවත් කාමර අනන්තයක් හිස්ව තිබිය යුතුය.
හෝටලයේ පිලිගැනීමේ නිලධාරියාට අවබෝධවූයේ සුපුරුදු ක්‍රමයට එනම් පලමු බසයේ පලමු මගියාට පලමු කාමරත්, දෙවැන්නාට දෙවැනි කාමරයක් වශයෙන් කාමර දුන්නහොත්.
පලමු බසයේ මගීන්ගෙන්ම සියළු කාමර පිරීයන බවයි.
එබැවින් ඔහු විකල්පයක් කල්පනා කිරීමේදී, ප්‍රථමක සංඛ්‍යා අනන්තයක් ඇතිබව සිහිවිය. ඒ අනුව මගීන්ට නවාතැන් දීමට විකල්ප ක්‍රමවේදයක් සකස්කරන ලදී.
පලමු බසයේ පලමු මගියාට පලමු ප්‍රථමක සංඛ්‍යාව එනම් 2 කේ පලමු බලය ට සමාන අංකය දරන කාමරය එනම් 2වැනි කාමරය ලබා දෙන ලදී .
පලමු බසයේ දෙවැනි මගියාට පලමු ප්‍රථමක සංඛ්‍යාව එනම් 2 කේ 2වැනි බලය ට සමාන අංකය දරන කාමරය එනම් 4වැනි කාමරය ලබා දෙන ලදී .
............................................................
පලමු බසයේ xවැනි මගියාට පලමු ප්‍රථමක සංඛ්‍යාව එනම් 2 කේ xවැනි බලය ට සමාන අංකය දරන කාමරය එනම් 2xවැනි කාමරය ලබා දෙන ලදී .
...........................................................
මේ ආකාරයට yවෙනි බසයේ සිටින x වැනි මගියාට (yවෙනි ප්‍රථමක සංඛ්‍යාව)xවෙනි කාමරය ලබා දෙන ලදී.
මේ ලෙසට සියළු මගීන්ට කාමර ලබාදී තවත් කාමර අනන්තයක් ඉතිරිකරගැනීමට ඔහුට හැකිවිය.
අනන්තය නම් ගණිත සංකල්පය ගැන විදුසර පුවත්පතේ ටික කලකට පෙර ලිපි කිහිපයක් පලවුනි.
එහි දැක්වුන පරිදි අනන්තය ගැන කල්පනාකල ගණිතඥයෙක්ට ඒ නිසාම පිස්සු හැදී ඇත.
අනන්තය නැමති ගණිත සංකල්පය ගැන වැඩිපුර අසන්නට නොලැබේ. එයට හේතුව එය ප්‍රයෝගික වැඩවලට එතරම් පාවිච්චියට නොගන්නා නිසාය.
අනන්ත සංකල්පය යෙදෙන තැන්වල අරුම පුදුම ප්‍රතිඵල ලැබේ. ඉහත කතන්දරයේ දැක්වෙන්නේද එවැනි ප්‍රතිඵලයකි.
1+2+3+4+5+.................. සංඛ්‍යා ශ්‍රේණියේ එකතුව -1/12වේ. එය සාධනය කරන ආකාරය ගැන මටත් ගැටළු ඇත.
එසේම අනන්ත දෙකක් හැමවිටම සමාන වියයුතු නැත. පාන්ගෙඩියක මිල රුපියල් 60ක් නම් පාන් ගෙඩි අනන්තයක මිල රුපියල් අනන්තයකි.
නමුත් මිලලෙස ලැබුන රුපියල් අනන්තය පාන්ගෙඩි ගණන ලෙස සලකන අනන්තයමෙන් 60 ගුණයක් විශාලය.
මට ඉහත කතන්දරය ගැන කල්පනා කරනවිට මතුවූ ගැටළුවක් ඔබට ඉදිරිපත් කරමි. හැකි කෙනෙක් උත්තර ලබා දෙන්න.
ඉහත හෝටලය සියළු මගීන්ට කාමර ලබාදුන් පසු ,
මගීන් අනන්තය බැගින් සිටින තවත් බස්රථ අනන්තයක් පැමිණියහොත් පිළිගැණීමේ නිලධාරියා කුමක් කල යුතුද?
Monday, April 27, 2020
නවීන වාස්තු විද්‍යා රහස්
මම මේ වනවිට පදිංචිව සිටින්නේ මගේම නිවසකය. එහි සැලැස්මද මූලික වශයෙන් මගේම එකකි.
දැනට නිවසේ යට තට්ටුවෙන් 80% පමණ සාදා නිමකර ඇත.
මෙම නිවස සෑදීමේදී ගන්නා ලද බුද්ධිමත් සහ මෝඩ තීරණ විශ්ලේශණයෙන් මෙම වාස්තු රහස් සොයා ගන්නා ලදී.
(මගේ කීර්ති නාමයට කැළලක් වන බැවින් මෝඩ තීරණ ගැන සඳහන් කිරීමෙන් වලකිමි.)
මෙහි මා සඳහන් කරනුයේ මට විශේෂයෙන් වැදගත් වූ කරුණු වේ අනෙක් කරුණු සාමාන්‍ය තර්ක ඥානයෙන් තීරණය කරන්න.
උදාහරණයක් ලෙස ඉඩම ජලයෙන් යටවන එකක්ද වැනි කර්ණු මෙහි සඳහන්කර නැත. ලක්ෂ 25හේ නිවසකට ගැලපෙන උපදෙස් මාලාවකි.
ඉඩම:
ඉඩම තුලට වෑන් රථයක් ගෙන ඒමට හැකි තරමේ පාරක් තිබිය යුතුයි.
නිවස සැලසුම් කිරීමේදී වෑන් රියක් නිවසට ගෙනැවිත් නැවත කරදරයකින් තොරව ආපසු හැරවීමටද ඉඩ ඇති තරමේ මිදුලක් තැබිය යුතුය. හොඳම දේ එය කර ඒ සඳහා වැයවූ ඉඩම් ප්‍රමාණය සටහන්කර ගැනීමයි.
ඉඩම හරහා යන වැසිදිය ගලායන මාර්ග ඇත්දැයි සැලකිලිමත් වන්න. හැකිනම් වැසි දිනකදී ඉඩම පරීක්ෂාකර ඒ ගැන අවබෝධයක් ගෙන නිවස සැලසුම් කරන්න.
එසේම නිවසට එන පාර (ප්‍රවේශ මාර්ගය) නිවසේ සිට ඉහලට බෑවුම් වුණු එකක් වීම අශුභය (වැසි දිනවල එය දිගේ වතුර ගලා ඒමට හැකි නිසා.)
නිවසේ දිශාව:
කාරණා තුනක් සැලකිය යුතුය.
ඉඩමේ එක් මායිමකට ආසන්නයෙන් එයට සමාන්තරව නිවස ඉදි කරන්න නැතිනම් ඉඩමේ ප්‍රයෝජනවත් භූමිය නාස්ති වේ.
බෑවුම් සහිත ඉඩමක නම් සමෝච්ච රේඛාවකට සමාන්තරව සහ ලම්බකව කෝණ පිහිටන ආකාරයට නිවස තනන්න.
නැගෙනහිර සහ බටහිර දෙසට වැඩියෙන් ජනේල පිහිටන ලෙස නිවසේ දිශාව තීරණය කරන්න
මෙම කොන්දේසි තුන හැකිතාක් සමබරවෙන ලෙස දිශාවක් තෝරාගන්න.
ඉඩම විශාල වුවත් නිවස ඉඩමේ පැත්තකට වෙන්න මණුෂ්‍ය පාදයේ පිහිටන ලෙස තනන්න. නැතිනම් අනාගතයේ දරුවන් (ඉඩම බෙදා ගැනීමට) මිනී මරාගනු ඇත.
ලිඳ සහ වැසිකිලිවල:
කුඩා ඉඩමක නම් විකර්ණ ඔස්සේ පිහිටුවන්න. බෑවුම් ඉඩමක නම් වැසිකිලිවල පහල ස්ථානයක තනන්න.
කුස්සිය:
කුස්සියේ සිට එලිමහනට දොරක් තිබිය යුතුය. දොරක් සෑදීමට බැරිනම් බිම් මට්ටමින් අඩි 2X2 පමණ කවුළුවක් සාදා පියනක් සවිකරන්න.
කුස්සිය තරමක් දිගටි හැඩයකට(එනම් පරිධිය වැඩිවන ලෙස) තනන්න.
සාලය:
(කවදාවත් එන්නේ නැති) වැදගත් අමුත්තෙකු පිලිගැනීම සඳහා විශාල සාලයක් සෑදීම පරණ සිරිතකි.
එමනිසා සාලය හැකිතාක් කුඩා කරන්න.
නානකාමර/වැසිකිලි:
මේවා නිවම තුලම සාදනවා වෙනුවට නිවසට අඩි කිහිපයක් පිටතින් සාදා එය ඉස්තෝප්පුවකින් (වැරැන්ඩාවකින්) නිවසට ඈඳන්න. නැතිනම් නිවස තෙත්වනු ඇත.
ලංකාව හිම වැටෙන රටක් නොවන නිසා නිවස තුලම නාන කාමර සෑදීමේ අවශ්‍යතාවක් නැත.
එසේම වැසිකිලිය සහ නාන කාමරය කොටස් දෙකක් ලෙස තනන්න,
හැකිනම් නාන කොටස වෙනම තනන්න.
නාන කාමරයේ වහලයේ කුඩා සිදුරක් තනා වීදුරු කැබැල්ලක් සවිකරන්න.
වහල:
තනි තට්ටුවේ නිවසකට වුවත් කොන්ක්‍රීට් වහලයක් සෑදීම අපතේ නොයන ආයෝජනයකි. (එය රෙදි වේලිමට රදවෙක්ට කුලියට දෙන්න)
ඉදිකිරීම් කාර්ය මණ්ඩලය:
නිවසේ මූලික ව්‍යුහය (අත්තිවාරම, වහල/තට්ටුව, බිත්ති) සෑදීම කොන්ත්‍රාත් කරුවෙකු හරහා කරගන්න.
කපරාරු වැඩ, නාන කාමරය, කුස්සියේ වැඩ ගෘහ ණිර්මාණ ශිල්පියෙකු (මේසන් බාස් කෙනෙකු) ලවා තමන්ට රිසි පරිදි කරවාගන්න. මන්ද කොන්ත්‍රාත් කරුවන් සැලැස්මෙන් පිට වැඩ කිරීමට මැලි කමක් දක්වයි.
කොන්ත්‍රාත් කරුවෙක්ගේ සේවය ලබා ගන්නේ නම්. මගේ අනුදැනුමෙන් තොරව පුරාණ වාස්තු සංකල්ප ක්‍රියාත්මක කිරීමෙන් වලකිනලෙස අවධාරණය කරන්න.
සමහරවිට කොන්ත්‍රාත්කරු වාස්තු සිද්ධාන්තවලට මුවාවී තම වියදම අවුකරන්නට තැත් කරනවා විය හැක.
මගේ නිවසේ තට්ටුව නිමකලපසු එක් බාල්කයක් කොන්ක්‍රීට් කණුවකට කෙලින්ම සම්බන්ධ වනවා වෙනුවට කණුවට අඩියක් පමණ ඈතින් හරස් බාල්කයකට සවිවී ඇතිබව දැක කොන්ත්‍රාත් කරුගෙන් ඇසූවිට ඔහු කීවේ
බාල්ක 4ක් හකට සම්බන්ධවීම අසුභ නිසා එය කල බවයි. ඒ නිතිය වලංගු වන්නේ ලී බාල්ක වලට විනා කොන්ක්‍රීට් බාල්ක වලට නොවන බව කීමට සිතුනත්. වැරැද්ද හදන්න බැරි නිසා නිහඬ වුනෙමි.
අවසාන වාස්තු රහස වන්නේ හැකිතාත් නෑයන්ගෙන් ඈත් වීම ශුභ බවයි.

Friday, February 7, 2020
ජයලලිතා සහ ආනන්ද සමරකෝන්
පසුගිය දිනවල ජාතික ගීය ගැන ගැන විවිධ කතාබහ සිදුවුනි එහිදී කියැවුනු එක්තරා කරුණක් නම්
ජාතික ගීයේ වචන වෙනස්කල නිසා ඇතිවූ සිත් රිදීම ආනන්ද සමරකෝන් මහතාගේ මරණයට හේතු වූ බවය.
මේ කතාව ඇත්තක්ද? මමත් නොදනියි.
සමහරවිට කට කතාවක් වියහැක.
ආනන්ද සමරකෝන්ට මේ ගැන විරෝධයක් තිබිය හැකි වුවත්, ඔහුගේ මරණයට හේතුව එයම විය යුතුද?
එය ඇත්තක් නම් ලංකාවේ එහෙම දෙයක් වූ එකම අවස්ථාව මෙයයි.
මේ වගේම දෙයක් ඉන්දීය දේශපාලඥවරියක් වන ජයලලිතා ජයරාම් මහත්මිය සම්බන්ධයෙන්ද පලවිය.
ජයලලිතා රිමාන්ඩ් ගතකලවිට තමිල්නාඩු ප්‍රාන්තයේ ඇගේ ආධාර කරුවන් හැටකට අධික සංඛ්‍යාවක් මරනයට පත්වූ බව වාර්තා විය.
මොවුන්ගෙන් සමහරක් සියදිවි නසාගත් අතර අනෙක් අය හදිසි හෘදයාබාධ නිසා මරණයට පත්විය.
නමුත් ගැටළුව වන්නේ ඊට මාස තුනකට පමණ පසු ඇය මියයාමයි. ඇය මියයාම නිසා කිසිවෙකුත් ශෝකයට පත්ව දිවිනසාගත් බව වාර්තා නොවිනි.
වීමට ඉඩ ඇත්තේ ජයලලිතාට පක්ෂපාතී අය ජයලලිතා සිරගතකල දිනවලදී මියගියවිට. එම මරණ ජයලලිතා සිරගතකල ශෝකය නිසා සිදුවූ ඒවා යැයි
ජයලලිතාගේම ආධාර කරුවන් විසින් ප්‍රචාරය කෙරුමයි.
මේ වගේම තවත් සිද්ධි දෙකක් දක්වමි.
1.) ගොබෙල්ගේ න්‍යාය
ජෝෂෆ් ගොබෙල් යනු ජර්මානු ජාතික සමාජවාදී පක්ෂයේ උප නායකයාය.
ඔහුගේ ප්‍රධාන රාජකාරිය වූයේ එකල සදාචාරය පිරිහී තිබුණ ජර්මානු සමාජය තුල
ජර්මානු කතෝලික හරයන් වර්ධනය කර විනයානුකූල සමාජයක් ගොඩනැගීමයි.
ජර්මානු කතෝලික සංස්කෘතියට නොගැලපෙන අය පුනුරුත්ථාපනය කර ජර්මානු සමාජයට එක්කර ගැනීමට අවුට්විශ්ට් වැනි ස්ථානවල පුනුරුත්ථාපන කඳවුරු ඉදිකිරීමටත් ඔහු මුල්විය.
මේ දිනවල චීනයේද උයිගර් මුස්ලිම්වරු සඳහා මෙවැනි පුනුරුත්ථාපන කඳවුරු ක්‍රියාත්මක වේ.
ගොබෙල්ගේ න්‍යාය යනු ගොබෙල් කීවා යැයි සඳහන් ප්‍රකාශයකි එනම්:
"එකම බොරුව අවශ්‍ය තරම් වාර ගනනක් නැවත නැවත අසන්නට සැලැස්වුවහොත් අසන්නා එය ඇත්තක් යැයි පිලිගනියි."
ප්‍රශ්ණය වන්නේ මෙම කතාව ගොබෙල් විසින් කියැවුනු බවට කිසිම පිලිගත හැකි සාක්ෂියක් නොමැති වීමයි.
අනිත් අතට ගොබෙල්ට පෙර සිටි මිනිසුන් ගොබෙල්ගේ න්‍යාය යනුවෙන් හඳුන්වන දේ ගැන දැනුවත්ව නොසිටියේද?
ජාතක කතා වලත්, නස්රුදීන්ගේ කතා වලත් ගොබෙල්ගේ න්‍යාය හමුවන තැන් ඇත.
"ගොබෙල්ගේ න්‍යාය"ත් "ගොබෙල්ගේ න්‍යාය" මඟින්ම සමාජගතකල බොරුවක් වීමට ඉඩ වැඩිය.
2.) "බණ්ඩාරනායක ඉංග්‍රීසි අධ්‍යාපනය වනසා දමා රටේ දරුවන්ගේ බුද්ධිය මොටකර තම දරුවන්ට ඉංග්‍රිසියෙන් ඉගැන්වීය"
මේ කතාව දේශපාලන මඩ ප්‍රහාරයකි. බණ්ඩාරනායක රජය බිහිවීමට පෙරද ස්වබාශා අධ්‍යාපනයක් පැවතුනි. බණ්ඩාර නායක මහතා කලේ එය පුළුල් කිරීමයි.
එසේම ස්වබාශා අධ්‍යාපනය ගැන කන්නන්ගර මහතාද සඳහන්කර ඇත.
අනිත් අතට සිංහල රාජ්‍ය බාශාව කිරීම සහ ස්වබාශා අධාපනය යනු බණ්ඩාරනායක මහතාගේ යෝජනාවක් නොවේ එය එකල පැවති ජාතික ව්‍යාපාරවලින් ආ යෝජනාවකි.
ගුණපාල මලලසේකර, මෙත්තානන්ද, හෙල හවුල මෙම මතවාදය වෙනුවෙන් කටයුතු කලහ.
බණ්ඩාරනායක මහතා කලේ චන්ද ලබා ගැනීම සඳහා එම ඉල්ලීමට එකඟ වීමයි.
එසේනම් එහි ගෞරවය/ නින්දාව බණ්ඩාරනායක මහතාටම යොමුකලයුතු නැත.
Subscribe to:
Posts (Atom)