Monday, July 7, 2014

වෛද්‍යවරුන් ද, අලුගෝසුවන් ද?



වෛද්‍යවරුන් ද, අලුගෝසුවන් ද?
සිළුමිණපුවත්පතේ පල වූ ලිපියක් නිසා මෙම ලිපිය ලිවීමට සිතුනි
තනූජා ඒකනායක මහත්මියට පස් නිවුන් දරු උපතක් සිදුවීම පිළිබඳ සිදුවීම විස්තර කරන එම කටයුතු වලට මූලිකත්වය ගත් වෛද්‍ය සිසිර රණරාජා මහතා තමා මෙම යුවලට කලල දෙකක් ගබ්සා කිරීමට යෝජනා කල බව පවසයි. මේ ඔහු ගේම වචනයි
දරුවන් පස් දෙනකු ගර්භාෂයේ වැඩෙනවා කියන්නේ ලොකු අවදානමක් සහිත ක්‍රියාවලියක්. ඒ නිසා මම කිහිපවතාවක් ම ඇයට කියා සිටියා දරුවන් තිදෙනෙක් හදා ගැනීමෙන් මවගේ අවදානම අඩු කර ගත හැකි බව. නමුත් ඇය හෝ ඇගේ ස්වාමියා කිසිම අවස්ථාවක ඊට කැමැත්තක් දැක්වූයෙම නැහැ.”
මෙහි දී ඇති වන ගැටලුව කිහිප වරක් දැන් වූයේ මන්ද යන්නයි. එසේම ඔහුට ජනමාධ්‍යයකට මේ ගැන  ප්‍රසිද්ධියේ (වීරයෙක් මෙන්) පැවසීමට ශක්තියක් ලැබුණේ කෙසේ ද? සහ ඔහු ගබ්සාවට පක්ෂ ද නැද්ද යන කරුණයි.
තනූජා ඒකනායක මහත්මිය ගැබ් ගත්තේ ඉන්දියාවේ දී කරගත් නළදරු ප්‍රතිකාර ක්‍රමයකිනි. මෙහි දී සිදු වන සාමාන්‍ය ක්‍රියාවලිය වන්නේ ඩිම්බ කිහිපයක් ස්ත්‍රියගෙන් ලබාගෙන එය කෘතිමව සංසේචනය කර කලල තරමක් වැඩීමට සලස්වා වඩාත් නිරෝගී කලල 3ක් ගර්භාශයක තැන්පත් කිරීමයි.
ඉතිරි කලල?
ඉතිරි කලල විනාශ කරයි . වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ වලට අවශ්‍ය පියවි සෛල (stem cell, නිර් විකරිත සෛල යනුවෙන් හැඳින්වීම වඩා සුදුසු යැයි සිතමි) ලබා ගැනීමේ ප්‍රධාන ප්‍රභවය වන්නේ මෙම අත්හරින ලද කලලයි. ගබ්සාවට විරුද්ධ විදේශීය සංවිධාන මෙම නළදරු ක්‍රම නිසා සිදු වෙන ගබ්සාවට ද එරෙහිව හඬ නගයි.
තනූජා ඒකනායක මහත්මිය සහ ඇගේ සැමියා ගබ්සාවට විරුද්ධ අය බව පැහැදිලි ය.  ඇති වන අවදානම ගැන දැනගෙනම කලල 5ම තැන්පත් කර ගැනීමට තීරණය කර ඇත්තේ එනිසා ය.
එවැනි අයට ගබ්සා කර ගැනීමට පෙරෙත්ත කිරීමට බටහිර වෛද්‍ය වරයෙක්ට ඇති අයිතිය කුමක් ද?
කලයුත්ත.
සෞඛ්‍ය හේතු මත ගබ්සාවක් කිරීමට අත්‍යවශ්‍ය වන විට වෛද්‍යවරයාට ඒ ගැන ගැබිනි ස්ත්‍රියට එක් (1) වරක් පමණත් දැනුම් දීමටත් ඒ වෙනුවට කල හැකි විකල්ප ප්‍රතිකාර ක්‍රම සහ එයින් ඇති වන අවධාන ම ගැන පැහැදිලිව දැනුම් දීමටත් අයිතියක් ඇත එහි ගැටලුවක් නැත. යම් හේතුවක් නිසා ගබ්සාව ප්‍රතික්ෂේප කල හොත් නැවත නැවත පෙරෙත්ත කිරීමට වෛද්‍යවරයාට අයිතියක් නැත (එය කඩේ යාමකි). මෙම සිද්ධියේ දී තනූජා ඒකනායක මහත්මිය සහ ඇගේ සැමියා පැහැදිලි මතයක සිටීමත් ඔවුන් බටහිර වෛද්‍යවරයෙකු ලඟ දෙකට නැමෙන මට්ටමේ පහත් සමාජ තලයක් නියෝජනය නො කිරීමත් නිසා ගබ්සා දෙකක් වැලකිනි යම් හෙයකින් ඔවුන් දුප්පත් නූගත් යුවළක් විනි නම් වෛද්‍යවරුන් , හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ පෙරෙත්තය මත ගබ්සාවට යොමු වීමට ඉතා ඉහල ඉඩක් පැවතුනි. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් බහුතරය ගබ්සාව වෙනුවෙන් කඩේ යන්නන් (ගබ්සාවාදීන් බව මතක තබා ගන්න, වෛද්‍ය පීඨවල දී කාර්ලෝ ෆොන්සේකාගේ වර්ගයේ ගුරුවරුන් ඔවුන්ගේ මොළ ශෝධනය [Brain wash] කර ඇත, මට ලංකාවේ ජනාධිපති වීමට හැකිවුව හොත් මා මුලින් ම කරනුයේ බෞද්ධ සිසුන්ට වෛද්‍ය පීඨ වලට ඇතුළු වීම තහනම් කිරීමයි.)
මෙයට සමාන වෙනත් සිද්ධි කිහිපයක් සඳහන් කිරීමට ද කැමැත්තෙමි.
නාලක ගුණවර්ධන මහතාගේ වෙබ් අඩවියේ සඳහන් ලිපියක දැක්වෙන පරිදි(සිවුමංසල කොලූගැටයා #137: නව සියවසට නවීකරණය වූ භූතයෝ) 70 දශකයේ ගාලූ මහ රෝහලේ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරයා තම රෝහලේ රෝගීන්ගේ අත්වල ගැට ගසා තිබූ ඇප නූල් බලෙන් කප්පවා ඇත


කන්‍යාභාවය ගැන කියා දීමේ දී බටහිර වෛද්‍යවරයා කරුණු වසන් කිරීමෙන් පක්ෂග්‍රාහී වීම සිදුකරයි එම අවයවය සෑම ස්ත්‍රියකට ම නැති බව පවසන ඔහු මිනිස් ස්ත්‍රීන් බහුතරයකට එය පිහිටා ඇත්තේ මන්ද යන්නත්, වෙනත් සතුන්ට එය නැත්තේ මන්ද යන්නත් සඟවා කන්‍යාභාවයේ පරිණාමික වැදගත්කම වසංකරයි.

නුවර එලිය රෝහලේ මුස්ලිම් වෛද්‍යවරියකට දරුවන් ලද කාන්තාවන් සදාචාර සම්පන්න නොවන අන්දමින් වඳ සැත්කම් වලට යොමු කල බවට ගිය වසරේ දී චෝදනා එල්ල විය(මෙහි දී මුස්ලිම් ද නැද්ද යන්න වැදගත් නොවේ). 

මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නොවන නමුත් එම ආගම අදහන මිතුරන්ගෙන් පොත්පත් ලබාගෙන  කියවා ඇත ඔවුන්ගේ ආගමික විශ්වාස යන්ට අනුව ඔවුන් ලේ දන් දීම හා ලබා ගැනීම ප්‍රතික්ෂේප කරයි. මෙම නිසාම සමහර විට ඔවුන්ට වෛද්‍යවරුන්ගේ හිරිහැර වලට ලක් වීමට සිදු ව ඇත.

අප වෛද්‍යවරුන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කරන්න පුරුදු වී ඇත්තේ ඔවුන් රෝගි ජීවිත ඇපයට තබා වෘත්තීය අරගල කරන විට පමණි නමුත් අන් අවස්ථාවලත් වෛද්‍යවරයා කටයුතු කරන්නේ මැර දේශපාලනඥයෙකුට නො දෙවෙනි ලෙස ය මෙයට හොඳම විසඳුම වන්නේ රෝගීන් හා ඔවුන්ගේ භාර කරුවන් ද වෛද්‍යවරයාගේ ම දැනුම මත නො රැඳී ස්වාධීනව රෝග ගැන අධ්‍යයනය කිරීමයි. බටහිර වෛද්‍යවරයාට කැලේ රජා වීමට ඉඩ නො දිය යුතු ය.
ගබ්සාව සම්බන්ධයෙන් නම් දොස්තරයකුගෙන් එයට විරුද්ධ අදහසක් බලාපොරොත්තු නොවිය යුතු ය.


Tuesday, May 6, 2014

ගව ඝාතනය නැවැත්වීමට අදහසක්



මම ලංකාව තුල ගව ඝාතනය නතර විය යුතු බව විශ්වාස කරන අයෙක් වෙමි.
මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් යෝජනා කිරීම මෙම ලිපියේ අරමුණයි.
ගව ඝාතනය වැළැක්වීමට නම් ගවයන් ඇති කිරීම නතර කල යුතු ය. මේ සඳහා ගවයාගෙන් ලබා ගන්නා ප්‍රයෝජන වලට විකල්ප ක්‍රමවේද සොයා ගත යුතු ය. ගවයාගෙන් ගන්නා ප්‍රධාන ප්‍රයෝජන දෙක වන්නේ කරත්ත, නගුල් ආදිය ක්‍රියාත්මක කිරීම සඳහා ගව ශ්‍රමය පාවිච්චි කිරීම සහ ආහාර ප්‍රභවයක් ලෙස (මස්, කිරි) ලබා ගැනීමයි.
මෝටර වාහන ඇති නිසා අද වන විට ගව ශ්‍රමය අත්‍යවශ්‍ය දෙයක් නොවේ. එම නිසා මස් ලබාගැනීම හැරුණු විට අද වන විට ගව පාලනයේ එකම අවශ්‍යතාවය කිරි ලබා ගැනීමයි. නමුත් ගව පාලනයෙන් හෝ සත්ව පාලනයෙන් තොර ව කිරිවලට ආදේශකයක් නැති ද?
මේ ගැන අන්තර්ජාලයෙන් සොයා ලබාගත් තොරතුරු මෙසේ ය.
ආමන්ඩ් කිරි (Almond milk):

මෙය තනන්නේ ආමන්ඩ් බීජ අඹරා ජලය සහ රසකාරක එක් කිරීමෙනි. බොහෝ දුරට එළකිරි වලට සමාන ස්වරූපයක් ඇත. එළකිරි වලට අසාත්මිකතාව ඇති අයට හා එළකිරි ජීර්ණය අපහසු අයට සුදුසු ය.
මෙහි ප්‍රෝටීන් ප්‍රමානය එලකිරි සහ සෝයා කිරිවලට වඩා අඩුය. විටමින් E අධික ප්‍රමාණයක් ඇත. එහෙත් අනෙක් විටමින් හා ඛනිජ ලවන අඩු නිසා කුඩා දරුවන්ට එතරම් සුදුසු නොවේ.
සෝයා කිරි (Soy milk):
සෝයා ඇට වලින් තනන මෙය කිරිවලට ඇති වඩාත් ජනප්‍රිය ආදේශකය වෙයි. හෘදයාබාධ සහ පියයුරු පිළිකා අඩු කිරීමේ හැකියාව ඇත.
ටෝෆු (To Fu)
සොයා කිරිවලින් චීන  ජාතිකයන් වසර දෙදහසකට පමණ පෙර සිට මුදවපු කිරි තනන ලදී එය ටෝෆු (To Fu) ලෙස හඳුන්වයි. මෙය විවිධ ස්වරූප වලින් නිපදවයි (යෝගට් වල ස්වරූපයේ සිට චීස් වල ස්වරූපය දක්වා).
සහල් කිරි:

මෙය තැනීමට තැම්බූ සහල්, දුඹුරු සහල් සිරප් (brown rice syrup) සහ සහල් කැඳ යොදාගනී මෙහි කාබෝහයිඩ්‍රේට වැඩිය. ප්‍රෝටීන ප්‍රමාණය එලකිරිවලට වඩා අඩුය. මෙහි ඇති දියාරු ස්වරූපය නිසා ආහාර පිසීමට සහ බේකරි නිශ්පාදන වලට නිර්දේශ නොකෙරේ.
පොල් කිරි:

ලංකාවේ නො කලත් මෙය පානයක් ලෙස භාවිතා කරයි. මෙය අසාත්මිකතා රහිත එළකිරි ආදේශකයකි. බේකරි නිෂ්පාදන වලට ඉතා සුදුසු ය. නමුත් මෙහි අධික මේද ප්‍රමාණයක් අඩංගු ය.
හෙම්ප් කිරි (Hemp milk):

හෙම්ප් යන්නට ශබ්ද කෝශයේ දී ඇති පැහැදිලි කිරීම වන්නේ “කංසා වැනි මත් ද්‍රව්‍ය ලබාගන්නා ශාකයක්”,” නියඳ විශේෂයක්”,”හන” යනුවෙන් ය. මෙය මා මීට පෙර අසා නැති දෙයකි. මෙය පොතු හරින ලද හෙම්ප් බීජ, ජලය සහ රසකාරක මඟින් තනනු ලබයි. මෙහි ඉහල ප්‍රෝටීන සහ අත්‍යවශ්‍ය මේද අම්ල ප්‍රමාණයක් ඇත නමුත් කැල්සියම් අඩුය.
වෙනත් විකල්ප කිරි ආදේශක:
කෝනා (quinoa) කිරි, ඕට්(oat) කිරි, අර්තාපල් කිරි, ධාන්‍ය වර්ග හතකින් තැනූ කිරි (7-Grain milk; මෙයට ඕට් ,සහල්, තිරිඟු, බාර්ලි, triticale, spelt සහ මෙනේරි යොදා තනයි), සූරියකාන්ත ඇට වලින් තනන කිරි.

මෙයට අමතරව ඉහත කිරි ආදේශක විවිධ ආකාර වලට මිශ්‍ර කර අතිරේක පෝෂණ සංඝටක එක් කර වඩා හොඳ තත්වයේ කිරි ආදේශක තැකිය හැක.
මෙම කිරි ආදේශක පාවිච්චිය නිසා ගව පාලනය නිසා වන පරිසර දූෂණය ද අඩුවේ. එසේම කිරි ආදේශක ලංකාව තුල බහුලව පරිභෝජනය වෙයි නම් එය එළකිරි වලට වඩා අඩු මිලට සැපයීමට ද හැකි වේ.
ලංකාව තුල මෙම කිරි ආදේශක ව්‍යාප්ත කිරීම මඟින් ගව පාලනයේ වැදගත් කම අඩු කල හැක. මේ සඳහා ආගමික සංවිධාන සහ ව්‍යාපාරිකයන් එක්ව කටයුතු කිරීම සුදුසු වෙයි. එනම් ව්‍යාපාරිකයන් විසින් කිරි ආදේශක  නිපදවීම සහ ගෙන්වා බෙදා හැරීමත් ආගමික සංවිධාන එය ජනප්‍රිය කිරීමට සහය වීමත් මඟින්. උදාහරණයක් ලෙස මැලිබන් ආයතනය නවසීලන්තයෙන් කිරි පිටි ආනයනය කර මෙරට විකුණයි එම ලාභයෙන් කොටසක් යොදවා මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරයි. නමුත් එම මුදල යොදවා කිරි ආදේශක නිපදවීමටත් නව කිරි ආදේශක වැඩිදියුණු කිරීමටත් පර්යේෂණ කළ හොත්  වඩා වැඩි කුසල යක් සිදු වන බව කිව යුතු ය. ඔස්ටේලියාව හෝ නවසීලන්තයෙන් ගෙන්වන කිරි ලබාගන්නා එළදෙනුන් මස් පිණිස ඇති කරන සතුන් බව මතක තබා ගත යුතු ය.
ගව ඝාතනය තහනම් කිරීමට මේ සුදුසු කාලය නොවන නමුත් ගව ඝාතනයට විරුද්ධ සංවිධාන මඟින් රජයට ඉදිරිපත් කල හැකි යෝජනා ඇත එනම්:
·         ගව පාලනයට දී ඇති සහනාධාර නතර කිරීම
·         පශු සම්පත් අමාත්‍යාංශය වසා දැමීම.
·         කිරි ආදේශක නිපදවීමට හා ආනයනයට පහසුකම් සැලසීම.
·         කිරි ආදේශක සංවර්ධනය කිරීමට සහය දීම.
ගව ඝාතනයට පක්‍ෂ වන්නන්ගේ තර්ක යක් සලකා බලමු:
වැඩියෙන් පව් සිද්ධ වෙන්නේ හරක් මස් කෑවම ද හාල් මැස්සො කෑවම ද?
හරක් මස් නරක නම් කුකුළු මස් හොඳ ද?
මෙම ප්‍රකාශ තර්ක ලෙස සැලකිය නො හැක. ඒවා හුදු ප්‍රකාශ පමණි. මේවා ජේසුස් වහන්සේ “වේසා ගැහැණිය” බේරා ගැනීමට කල ප්‍රකාශයට තුල්‍ය වේ. එනම් “ජීවිතයට පවක් නො කල කෙනෙක් සිටියි නම් පළමු ගල ගසන්න”.
මෙය ඉතා ම මෝඩ අදහසක් වේ. එක වරදකින් තව වරදක් නිවැරදි නොවේ. මේ ආකාරයට සිතුවොත් කිසි වරදක් නිවැරදි කල නො හැක එසේ නම් හිර ගෙවල් විවෘත කර පොලීසිය විසුරුවා හැරීම සුදුසු වේ.
මෙම වර්ගයේ ප්‍රකාශ හුදු වාචාල කතා ලෙස සැලකිය හැක මෙවැනි අදහස් කියන බොහෝ දෙනා එය සිතා බලා එසේ කියන්නේ සිතා බලා නොව වෙන් අයෙක් (බොහෝ විට රැඩිකල් නාකියෙක්) කියූ දෙයක් පුනරුච්චාරණය කිරීමක් ලෙස ය. හාල් මැස්සන් මරනවාට විරුද්ධ අය කල යුත්තේ එයට විරුද්ධව ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි එසේ නොමැතිව ගව ඝාතනයට කඩේ යාම නොවේ.
ගව ඝාතනය සහ මුස්ලිම් වරු:
මම ඉස්ලාම් ආගම ගැන කියවා ඇති අන්දමට ඉස්ලාම් ආගම සත්ව ඝාතනය තහනම් කර නැත නමුත් එය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් යැයි සඳහන් කර ද නැත. ඉස්ලාම් ආගම වහල් ක්‍රමය ගැන කියා ඇත්තේ ද මීට සමාන අදහසකි එනම් වහල් ක්‍රමය පිළිගෙන ඇති අතර එසේ වුවත් එය පහත් ක්‍රියාවක් ලෙස හඟවා ඇත. නමුත් මුස්ලිම් වරු වහල් ක්‍රමයත් සත්ව ඝාතනයත් දිගටම පවත්වා ගැනීමට කටයුතු කලහ. එනම් වහල් ක්‍රමයත් සත්ව ඝාතනයත් තහනම් නැති නිසා හොඳ දේවල් යැයි ඔවුන් තීරණය කලහ.
යම් හෙයකින් ලංකාවේ අද වන තෙක් වහල් ක්‍රමය ක්‍රියාත්මක ව තිබේ යැයි සිතන්න. දැන් වහල් ක්‍රමය තහනම් කිරීමට යෝජනාවක් ආවොත් මුස්ලිම්වරුන් ට එයට විරුද්ධ වීමට අයිතියක් ඇද් ද? යම්කිසි හේතුවක් නිසා වහල් ක්‍රමය තහනම් කිරීමට මුස්ලිම් වරු විරුද්ධ වුව හොත් එම නිසා වහල් ක්‍රමය දිගටම පවත්වා ගත යුතු ද? ගව ඝාතනය ගැන කිවයුත්තේ ද එය මයි.

Thursday, April 17, 2014

කණ් දෙකකට ස්පීකර් ගොඩක් මොකට ද?



මෙම ලිපියට අවශ්‍ය දැනුම geek.lk වෙබ් අඩවියේ මිතුරන්ගෙන් ලබා ගතිමි ඒ ගැන ඔවුන්ට ස්තුතිය පුද කරමි.
මිනිසෙකුට ඇත්තේ කණ් දෙකක් වුවත් ත්‍රිමාන ශබ්ද සඳහා යොදා ගන්නා සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් වල ස්පීකර් ගණනාවක් ශ්‍රාවකයා වටේට පිහිටුවන්නේ මන්ද යන ගැටලුව මතුවේ. කණ් දෙක සඳහා ස්පිකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කල නො හැකි ද?
මෙය න්‍යායාත්මක ව කල හැකි වුවත් ප්‍රායෝගික ව ගැටලු ඇති කරයි.
ස්පීකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කරන ක්‍රමයක් ඇති අතර එය Holophonics  යන නමින් හඳුන්වයි
නමුත් මෙම ක්‍රමයේ ගැටලු කිහිපයක් ම ඇත.
ස්පීකර් දෙකක් යොදන විට වම් කණට දකුණු පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසෙන අතර දකුණු කණට වම් පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසේ. එසේ ශබ්ද මිශ්‍ර වීම නිසා ශබ්ද වල ත්‍රිමාන ස්වරූපය අවුල් වේ.
එම නිසා Holophonics ක්‍රමය සඳහා හොඳ තත්වයේ කණ් යොමුවක් යොදා වම් පස ශබ්ද වම් කණටත් දකුණුපස ශබ්ද දකුණු කණටත් පමණක් ම ලැබෙන සේ කටයුතු සැලසිය යුතු ය.
නමුත් කණ් යොමුවක් යෙදීමත් සමඟම තවත් ගැටලුවක් ඇති වේ, එනම් ශබ්ද අසන විට ශ්‍රාවකයා හිස ඒ මේ අත සොලවන විට ඒ අනුව ශබ්දයේ වෙනසක් සිදු නො වීමයි. මේ සඳහා හිසේ චලනය හඳුනා ගෙන ඒ අනුව කණ් යොමුවට ලැබෙන ශබ්දය වෙනස් කල හැකි ක්‍රමයක් තිබිය යුතු ය නමුත් එය ඉතා සංකීර්ණ වියදම් අධික එසේම කරදරකාරී කටයුත්තකි මා දන්නා පමණින් එවැනි ක්‍රමයක් භාවිතයේ නැත.


මෙම ගැටලු සඳහා හොඳ ම විසඳුම වන්නේ ශ්‍රාවකයා වටා ස්පීකර් ගණනාවක් පිහිටුවා සුදුසු පරිදි ශබ්දය ලබා දීමයි.