Saturday, June 16, 2018
Tuesday, May 1, 2018
මගේ උපසිරැසි පරිවර්තන මෘදුකාංගය: SUB_TITLE_Translator
DOWNLOAD EXE
DOWNLOAD SRC
ක්‍රියා කරවන ආකාරය
මෙම මෘදුකාංගය සඳහා dot net frame work 4.6 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය වේ.
dot net frame work බාගත කරන්න
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුල එය අඩංගුව ඇත. නැතිනම් එය ස්ථාපනය කරන්න.
* චිත්‍රපටයට (හෝ ටෙලි නාට්‍යයට) ගැලපෙන srt වර්ගයේ ඉංග්‍රීසි උපසිරැසියක් ලබාගන්න.
*මෘදුකාංගය විවෘත කරන්න.
* "විවෘත" බොත්ම ඔබන්න.
*ඉංග්‍රීසි උපසිරැසිය තෝරා විවෘත කරන්න.
*"ස්වයංක්‍රීය" බොත්තම ඔබන්න.
*"TRANSLATE ALL" බොත්තම ඔබන්න.
*සියල්ල පරිවර්තනය වූ විට "make SRT" බොත්තම ඔබන්න.
*"අතින්" බොත්තම ඔබා හස්තකෘත පරිවර්තනයන් කරන්න.
* අවසානයේ "සුරකින්න"බොත්තම ඔබන්න.
ඉංග්‍රීසි උපසිරැසියේ නම abc.srt නම් එම ෆෝල්ඩරය තුලම abc_si.srt යනුවෙන් පරිවර්තිත උපසිරැසිය සෑදී ඇත.
මෙය මා තැනූ උපසිරැසි පරිවර්තන මෘදුකාංගයයි.
මෙය සහය දක්වනුයේ srt ආකෘතියට සාදන ලද උපසිරැසි ගොනු සඳහාය.
මෙයින් ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය පහසු කරයි.
මෙහි ක්‍රියාකාරීත්වය කොටස් දෙකකින් යුක්තය.
එනම් ස්වයංක්‍රීය පරිවර්තනය සහ හස්තකෘත (manual) පරිවර්තනයයි.
ස්වයංක්‍රීය පරිවර්තනය සඳහා අන්තර්ජාල සම්බන්ධය අවශ්‍ය වේ.
එහිදී ගූගල් පරිවර්තකය මඟින් උපසිරැසි සිංහලට පරිවර්තනය වෙයි.
තරමක ඉංග්‍රීසි දැනුමක් ඇත්නම් මෙය යොදාගෙන වුවද චිත්‍රපට රසවිඳීමට හැක.
හස්තකෘත පරිවර්තනය මඟින් වඩා නිවැරදි පරිවර්තනයක් කල හැක.
මෙම අංශයේ මූලික කොටස් තනා ඇති අතර ඉදිරියේදී මෙය වැඩිදියුනු කිරීමට බලා පොරොත්තු වෙමි.
උදාහරණයක් ලෙස පරිශීලකයන් කිහිප දෙනෙකු එක්වී උපසිරැසි සංස්කරණයට හැකි ලෙස (multiuser) මෙය දියුනු කලොත් හොඳයැයි සිතමි.
මෙය ඕනෑම අයෙකුයට වැඩිදියුණු කිරීමට අවසර ඇත.
මෙහි වෙනස්කලයුතු අංග සහ එක්කලයුතු විශේෂාංග ගැන ඔබේ අදහස් බලාපොරොත්තු වෙමි.
මෙම මෘදුකාංගය මඟින් සිංහලට පරිවර්තනය කල මා කුඩාකල නැරඔූ Space 1999 විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාවේ උපසිරැසි මේ සමඟ එවමි.
Space1999 Sinhala sub
Friday, March 16, 2018
සිංහල මුස්ලිම් සහජීවනයට Notpil Zelanika
සිංහල මුස්ලිම් සහජීවනයට Notpil Zelanika
ජාතික සමඟිය ගැන හැමෝම කතාවෙන නිසා මට හිතුනා සිංහල මුස්ලිම් සමඟිය ගැන කියැවෙන තේ කොළ දැන්වීමක තිරපිටපතක් ලියන්න.
තේකොළ වල නම සඳහා Notpil Zelanika දමමු. වෙළඳ දැන්වීම කොටස් තුනකින් යුක්තයි.
1. කොටස.
සිංහල බෞද්ධ කොල්ලෙක් සුදුම සුදු මුස්ලිම් කෙල්ලක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා.
ඉස්ලාම් නීතියට අනුව මුස්ලිම් ස්ත්‍රියකට මිත්‍යා දෘෂ්‍ඨිකයෙක් සමඟ විවාහ වීම තහනම්.
මුස්ලිම් පුරුෂයෙක්ට වුනත් අවසර ඇත්තේ ඒකදේවවාදී ආගම් අදහන මිත්‍යා දෘෂ්ඨික ස්ත්‍රියක් විවාහ කරගන්න විතරයි.
ඒ අනුව කොල්ලා මුස්ලිම් ආගමට හැරෙනවා.
ඔහුගේ පවුලේ අය ඔහුව පවුලෙන් අයින් කරනවා.
පසුව ඔහුගේ බිරිඳ ගැබ්ගත් පසු කොල්ලාගේ අම්මා, තාත්තා සහ නංගි පරණ තරහා මරහා අමතක කර පුතා බලන්න එනවා.
මුස්ලිම් ලේලි ඔවුන්ට Notpil Zelanika තේ සාදා දෙනවා.
පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika හිතවත්කම් අළුත්කරයි " කියලා.
2. කොටස.
දැන් පවුල්දෙක හිතවත්. ලේලිට දරුවා ලැබිලා. මුනුපුරාට අරාබි නමකුත් දාලා. ඉස්ලාම් ආගම වැළඳගත් පුතාට දේපොල ලියලා දීලා.
කොල්ලාගේ අම්මා, තාත්තා සහ නංගි මුනුපුරා බලන්න තෑගිත් අරන් එනවා.
එදා මුස්ලිම් නෑදෑයො කට්ටියකුත් ඒ ගෙදරට ඇවිත්.
නෑයො දෙගොල්ලම Notpil Zelanika තේ බොනවා.
එතන පරණ හින්දි නළුවෙක් වගේ මුස්ලිම් කොල්ලෙකුත් ඉන්නවා.(අළුත් හින්දි නළුවො වැඩක්නෑ)
පුතාගේ නංගි ඌට තේ එකක් අල්ලනවා. දෙන්නගේ ඇස් එකට ගැටෙනවා.
පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika හදවත් යාකරයි" කියලා.
3.කොටස.
නංගිත් මුස්ලිම් ආගමට හැරිලා අර කොල්ලා එක්ක විවාහ වෙනවා.
හැබැයි අයියා වගේ පැනලා යන්නේ නෑ,
විවාහය සිදුවන්නේ සිංහල, මුස්ලිම් නෑයන්ගේ ආශිර්වාදය ඇතුව ඉස්ලාමීය ක්‍රමයට.
මඟුල් ගෙදරට එන අයට Notpil Zelanika තේ බෙදනවා.
පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika නෑදෑකම් අළුත්කරයි " කියලා.
ඕක තමයි කතාව මේක බලනකොට සිංහල මුස්ලිම් සහයෝගය සිංහලයන්ට කෙතරම් ප්‍රයෝජනවත්ද කියලා හැමෝටම තේරුම් යයි.
Wednesday, March 14, 2018
Dementia
එල්ටීටීඊ සංවිධානය යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කාටවත් මතක් වුනේ නැත්තෙ මොකද?
හැබැයි දෙමළ ජාතික සංධානය මහනුවර සිද්ධිය ගැන නිශ්ෂබ්දයි.
සම්බන්ධන් විපක්ෂ නායක වෙලත් වචනයක් කිව්වේ නෑ.
ජාතිවාදය ඇවිස්සීම එකම රාජකාරිය කරගත් ශිවාජිලිංගම් කියන එකත් නිශ්ශබ්දයි.
(ආන්ඩුව ෆේස්බුක් වලින් ජාතිවාදය ඇවිස්සුවා කියලා අවුරුදු 17-18 කෙල්ලො දෙන්නෙක් ඇල්ලුවා වගේ ශිවාජිලිංගම්වත් අල්ලයි නේද?)
වැඩිය කට ඇරියොත් යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කතාව ඇදෙයි කියලා බය ඇති.
ක්‍රිස්තියානි කාරයෝ සහ මාක්ස් වාදියෝ ෆෝම් වෙලා සිංහල බෞද්ධයන්ට චන්ඩි පාට් දාන්න පටන් අරන්.
සිංහල බෞද්ධයෝ මෙතනදී බුද්ධිමත් විය යුතුයි. මොකද උන් දෙමළ ජාතිවාදියෝ. උන් මහනුවර සිද්ධිය අල්ලගෙන සිංහලයන්ට බනින්නේ මුස්ලිම් වරු ගැන ආදරයකින් නෙමෙයි.
එයින් දෙමළ ජාතිවාදයට උදව්වක් ගන්න. එමනිසාම එල්ටීටීඊ සංවිධානය යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කතාව ඇවිස්සිම වැදගත්.
අවසාන වශයෙන් සිංහල බෞද්ධයන්ට කිවයුතු දෙයක් තියෙනවා.
බුද්ධාගමේ ජාතක කතාවක තියෙනවා ප්‍රකාශයක්.
"පුත දීඝායු ළඟ නොබලන්න දුරම බලන්න
වෛරයෙන් වෛරය නොසන්සිඳේ" කියලා.
ඒකෙන් කියවෙන්නේ ආවේගශීලී නොවී සුදුසු වෙලාවට සුදුසු දේ කරන්න කියලා.
නැතුව උඹ බෞද්ධයෙක් නම් උඹ පොන්නයා වගේ ඉඳු කියලා නෙමෙයි.
අද තියෙන්නේ දෙමළ ජාතිවාදී ආණ්ඩුවක්. සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවුනොත් එහි වාසිය දෙමළ ජාතිවාදියටයි.
මේ තත්වය තුල මුස්ලිම් වරු සමඟ වාදකරන්න එපා, ගැටුම් ඇතිකරගන්නත් එපා. ඒ වගේම මුස්ලිම් වරුන්ට වාසිවෙන කිසිම දෙයක් කරන්න එපා.
වෙනත් සිංහලයෙක්ට කරන්න දෙන්නත් එපා.
Saturday, February 24, 2018
විමල් සම්බන්ධන්
පසුගිය පලාත් පාලන මැතිවරණය පිළිබඳව විපක්ෂ නායක සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී කරනලද ප්‍රකාශයක්
බ්ලොග් අඩවිවල සහ මුහුණු පොතේ පලකර තිබෙනු දුටුවෙමි.
මට ඒ ගැන ගැටළුවක් ඇතිවිනි.
සම්බන්ධන් වෙනුවට විමල් වීරවංශ මහතා ඔයාකාරයේ කතාවක් කලේනම් එයට බ්ලොග් අඩවිවල සහ මුහුණු පොතේ දැක්වෙන ප්‍රතිචාර කෙබඳු විය හැකිද?
සිංහලයෙකු වන විමල් වීරවංශට වඩා දෙමලෙකු වන සම්බන්ධන්ගේ වැදගත්කම කුමක්ද?
විමල් වීරවංශට අසීමිතව වෛර කිරීම මානසික රෝගයක් වියහැක (Vimalephobia)
Monday, January 22, 2018
Thursday, January 18, 2018
මගේ මෘදුකාංගයක් : Google Translator (භාශා පරිවර්තකය)
DOWNLOAD EXE
DOWNLOAD SRC
මගේ මෙම මෘදුකාංගයෙන් කෙරෙනුයේ google translate වෙබ් සේවාව යොදාගෙන බාශා පරිවර්තනය කිරීමයි
මෙහි අතුරු මුහුනත https://translate.google.lk වෙබ් අඩවියේ ආකාරයට ආසන්න ලෙස සාදා ඇති නිසා මෙය පාවිච්චි කරන ආකාරය විස්තර කිරිම අනවශ්‍යයැයි සිතමි.
මම මේ දිනවල උපසිරැසි සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සාදමින් සිටිමි. මෙම මෘදුකාංගය සෑදුවේ එහි කොටසක් වශයෙනි. google translate වෙබ් සේවාව ඡේද පරිවර්තනයේදී එතරම් සාර්ථක නැතත්. උපසිරැසි තුල ඇති කෙටි වාක්‍ය පරිවර්තනයේදී සෑහෙන තරමින් සාර්ථකය.
ලඟදීම එම මෘදුකාංගය ඉදිරිපත් කිරීමට අදහස් කරමි.
එසේම හැකි සෑම විටම ගූගල් පරිවර්තන සේවාවට සම්බන්ධ වී එහි සිංහල පරිවර්තන අංශය දියුනු කිරිමට දායක වනලෙස ඉල්ලා සිටිමි. පහත වෙබ් ලිපිනයෙන් එයට සම්බන්ධ විය හැක.
https://translate.google.lk/community?source=t-new-user
Subscribe to:
Posts (Atom)




