Monday, November 7, 2022

මගේ සිංහල ෆොනරුව (font). (උදව් අවශ්‍යයි)

 ෆොනරුව (Font)

KEYMAN_2016.exe

KEYMAN_2016.exe - ප්‍රභව කේතය

මගේ සිංහල හෝඩිය. (උදව් අවශ්‍යයි)

සිංහල හෝඩියේ අඩුපාඩු ඉවත්කර වඩා දියුණු හෝඩියක් බවට එය පත්කිරීම සඳහා මගේ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ඒ සඳහා මා තැනූ ෆොනරුවක්ද ඉදිරිපත් කරමි.

සිංහල හෝඩියේ වැඩි දියණු කලයුතු අංග 3ක් හඳුනා ගතිමි.

1.  සංවෘත ආ සඳහා පිල්ලමක්  එක්කිරීම.

2. රකාරාංශය  සමඟ යෙදීමට විකල්ප පාපිලි දෙකක්.

3. z සඳහා අකුරක්.

 

මෙම අංග ඇතුලත්කර මා තැනූ ආදර්ශ ෆොනරුව සහ එය පාවිච්චිය පහසු කිරීම සඳහා සාදන ලද KEYMAN2016  මෘදුකාංගයේ වැඩිදියුණුකල සංස්කරනය බාගන්න.

එම මෘදුකාංගය අරඹා “අභය” සහ “සක්‍රීය” අයිතම තෝරා මෙම ෆොනරුව පහසුවෙන් ක්‍රියා කරවිය හැක.

 

එම ෆොනරුව සාදා ඇත්තේ  FM Abhaya ෆොනරුව සංස්කරණය කිරීමෙනි. පුෂ්පානන්‍ද ඒකනායක මහතා එය ට විරුද්ධ නොවෙතැයි සිතමි.

අභය ෆොනරුවට ඉහත අංග 3ට අමතරව ගැටය සහිත ගයනුකිත්තද එක්කලෙමි.

සංවෘත ආ සඳහා පිල්ලම



 

මෙය සඳහා මා ජාලබන්‍දු  සුමිත් වන්නිආරච්චි මහතාගේ (https://blog.tekcroach.top/) අදහස්ද හේතුවිය.

මේ සඳහා ලතින් “r” අක්රයට තරමක් සමාන පිල්ලමක් තැනුවෙමි.

KEYMAN2016 පාවිච්චිකරනවිට  දකුණු Alt + D ඔබන්න.

රකාරාංශය  සමඟ යෙදීමට විකල්ප පාපිලි දෙක

 

z සඳහා අකුර


 

KEYMAN2016 පාවිච්චිකරනවිට  දකුණු Alt + I ඔබන්න.

 

මා තැනූ ෆොනරුව ආදර්ශ ෆොනරුවක් බව සලකන්න.  එය තැනුවේ font creator මෘදුකාංගය යොදා ගෙනයි.

මට දැන් අවශ්‍ය මෙම ෆොනරුව යුනිකේත ෆොනරුවක් කරගැනීමටයි. ඒ සඳහා උදව් බලාපොරොත්තු වෙමි.

 KEYMAN2016 හි අළුත් කිරීම්.

      

මෙයට “අරුමෝසම් ලතින්”යනුවෙන් විකල්ප හැඩතල සහිත යුනිකේත ලතින් අකුරු ටයිපනයට සහ

“පිල්ලම් සහිත ලතින්” යටතේ ලතින් අකුරු වලට පිල්ලම් යෙදුමට සහ ලතින් බැඳි අකුරු ටයිපනට පහසුකම් එක්කලෙමි

අරුමෝසම් ලතින් වලට උදාහරණ

𝒦ℰ𝒴 ℳ𝒜𝒩 2016

‍𝓚𝓔𝓨𝓜𝓐𝓝 2016

𝔎𝔈𝔜𝔐𝔄𝔑 2016

𝕶𝕰𝖄𝕸𝕬𝕹 2016

𝐾𝐸𝑌𝑀𝐴𝑁 2016

𝑲𝑬𝒀𝑴𝑨𝑵 2016

𝘒𝘌𝘠𝘔𝘈𝘕 2016

𝙆𝘼𝙔𝙈𝘼𝙉2016

𝒦𝒜𝒴ℳ𝒜𝒩 2016

𝓚𝓔𝓨𝓜𝓐𝓝 2016

𝐊𝐀𝐘𝐌𝐀𝐍 𝟐𝟎𝟏𝟔

𝖪𝖠𝖸𝖬𝖠𝖭 𝟤𝟢𝟣𝟨

𝗞𝗘𝗬𝗠𝗔𝗡 𝟮𝟬𝟭𝟲

𝙺𝙴𝚈𝙼𝙰𝙽 𝟸𝟶𝟷𝟼

𝕂𝔼𝕐𝕄𝔸ℕ 𝟚𝟘𝟙𝟞

2016 NⱯƜ ⅄ƎꞰ

ⓀⒺⓎⓂⒶⓃ ②⓪①⑥

🄚🄐🄨🄜🄐🄝 ⑵⑴0⑹

 

පිල්ලම් සහිත ලතින් වලට උදාහරණ

අවශ්‍ය අකුරට වඩා සමාන ලතින් අකුර ඔබා උඩු හෝ යටි හී යතුරු (Arrow keys) ඔබා අවශ්‍ය අකුර ලබා ගන්න. බැඳි අකුරු ටයිපනයට මුල් අකුර ටයිපකර Alt+”දෙවැනි අකුර” ටයිපන්න.

Señor, Café, Žižak,

Pædea

 

2 comments:

  1. මෘදුකාංගය ක්‍රියාත්මක කරනු!
    “පිල්ලම් සහිත“ ලතින් තෝරනු!!
    “සක්‍රීය“ තෝරනු!!!
    Z ඔබා ඉන්පසු ඉහල හෝ පහළ ඇරෝ කී ඔබනු!V
    Ż ź ẑ ž
    Ṕȑã Ĵꜽ

    ReplyDelete