මම පාසලේදී සෞන්දර්යය විෂයය ලෙස මොකක්හරි එකක් තෝරාගත යුතු නිසා චිත්‍ර විශයය තෝරාගත් අයෙක්මි.
මට සංගීතය ගැන ශ්‍රාස්ත්‍රීය දැනුමක් නැත. ඒත් නන්දා මාලිනී ගැන විචාරයක් කරන්න එය බාධාවක් වියයුතු නැත.
සමාන්තර විශ්ව දෙකක් සලකන්න.
ඒ දෙකම අපගේ විශ්වයට සර්ව සම්පූර්ණව සමානයි, එක වෙනසක් හැර.
විශ්ව දෙක A හා Bයැයි හිතමු.
Aහි ප්‍රියා සූරියසේන මහතා ගායකයෙක් ලෙස කටයුතුකර නැත.
Bහි නන්දා මාලිනී ගායිකාවක් නොවේ.
නමුත් දෙකේම ඔවුන්ගේ ගීත ලියැවි ඇත. ඒවා වෙනත් ගායකයන් ලවා ඉදිරිපත්කර ඇත.
A සලකමු.
ප්‍රියාගේ ගීත අමරසිරි පීරිස්, ආත්මා ලියනගේ, සුනිල් පෙරේරා වගේ අයට ගැලපෙන්නේ නෑනේ.
ඒ නිසා මිල්ටන් මල්ලවාරච්චි, අතුල අධිකාරි, ග්‍රේෂන් ජයමහ, රූකාන්ත, නාමල් උඩුගම, ෂර්ලි වෛජයන්ත වගේ අයට නම් හරියයි.
ක්‍රිස්ටෝෆර් පෝල් කිව්වොත් කොහොම වෙයිද දන්නෙ නෑ. ජෝතිපාලටත් ටිකක් හරියයි.
නමුත් නිසැකවම කිවහැකි දෙයක් තමයි ඒ ගිත එකක් වත් ප්‍රියා සූරියසේන නැතිව මෙතරම් සාර්ථක වෙන්නේ නෑ.
දැන් B විශ්වය ගනිමු.
නන්දා මාලිනීගේ ගීත වැඩි හරියක් වෙනත් ගායිකාවන්ට ගැයුව හැකිබව මගේ අදහසයි.
විශේෂයෙන්ම ඇය ගැයූ බටහිර ආරයේ ගීත වෙනත් ගායිකාවන්ට වඩා හොඳින් ගැයුව හැකි බව පෙනෙයි.
උදාහරණ ලෙස
"මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම්" ගීතය දැක්විය හැක.
ඇගේ ගොඩක් ගීත මාලිනී බුලත්සිංහලට වඩා හොඳින් ගැයුව හැක.
උදාහරණ ලෙස "සකුරා මල් පිපිලා" ගීතය දක්වමි.
නන්දා මාලිනී නැතිවම බැරි ගීතත් ඇති බව දැක්විය යුතුයි. ඒ අතින් හොඳම උදාහරණය
"බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී" ගීතයයි.
"තරුද නිදන මහ රෑ" ගීතය ගැන ඇත්තේ මිශ්‍ර හැඟීමකි.
නන්දා මාලිනී යනු අතිවඩන ලද (Overrated) සාමාන්‍ය ගායිකාවක් බව මගේ මතයයි.
නන්දා මිලිනියගේ සාර්ථකවීමට එකම හේතුව සුනිල් ආරියරත්න මහතා සමග ඇති සම්බන්ධය හරහා සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමට හැකිවීමයි. ඒ හරහා ඇයට උසස් පද රචනා සහ සංගිතඥයන්ගේ සහය ලබාගන්න හැකිවූ බවත් කිව යුතුයි.
එසේම රාජ්‍ය ජනමාධ්‍ය වලින් ඇය සහ අමරදේව ගායක යුවලක් ලෙස ඇඟවීමට කටයුතු කල අයුරද සැලකිය යුතුය.
ඇත්තටම ඇයත් අමරදේවත් අතර විශේෂ කලා සම්බන්ධයක් ඇතැයි මමත් කලක් සිතා සිටියෙමි.
+++++++++++
ReplyDeleteකොළඹ-වැලිමඩ(79) ගම්පොල , නුවරඑළිය හරහා බස් සේවය.
ReplyDeleteසාමාන්‍ය සේවා, සීමිත නැවතුම්.
කොළඹ නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළින් පිටත්වීම මධ්‍යම රාත්‍රී 12:00.
කිරිබත්ගොඩට ලගා වීම මධ්‍යම රාත්‍රී 12 :10
කඩවත නගරයට ලගා වීම මධ්‍යම රාත්‍රී 12:15
තේ පානය සදහා තවලම්තැන්න නගරයේ බස් රථය මිනිත්තු පහළොවක් නතර කරනු ලැබේ.
උදැසන 5:00 වන විට වැලිමඩ නගරයට ලගාවනු ලැබේ.
පළපුරුදු A ශ්‍රේණියේ රියදුරෙකු බසය ධාවනය කරනු ලැබේ.
සියළුම ආසන කලින් වෙන්කරවා ගත යුතුය.
(ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය- කැප්පෙටිපොළ ප්‍රාදේශීකය)
//නන්දා මාලිනී යනු අතිවඩන ලද (Overrated) සාමාන්‍ය ගායිකාවක් බව මගේ මතයයි.// ditto...
ReplyDelete- Udaya Dissanayake
නන්දා මාලනී ගැන ලියපු ඔක්කොම වගේ බ්ලොග් සටහන් ඇයව වෙනස් ස්වරූප වලින් විග්‍රහකරනවා. මේක මම දැකපු හොඳ සටහනක්. ඇය ජිවිතයේ සමහර දේවල් වලින් අසාර්ථක වුනාට සංගීතයේ ලකුණක් තියන්න හේතුව වාසනාව. අමරදේව, සුනිල් ආරියරත්න ඇසුරත් ප්‍රබුද්ධ පිචන් කලා සංවාදත් හේතුවුණා. දේශප්‍රේමය, විවෘත ආර්ථික විරෝධය, UNP JVP ගැටුම්, පස්සේ කාලෙක ජාතික සංහිදියාව ඔය ඔක්කොටම හරියන්න ඇය ගැයුවා. ඇගේ වාසනාවකට 2009 යුද්ධ ජයග්‍රහණයේ ඇය නිහඬයි.
ReplyDeleteපල පොන්නයා පුක නොදී
Deleteමමත් නන්දා මාලිනී ගැන ලිපියක් ලියන්න පටන් ගත්තම, මේක ඉවර කරගන්න බැරි තරම් දිගට ගියා. 😄 ඒ නිසා මේ ලිපිය ළඟදීම මගේ බ්ලොග් එකෙත් දාන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා.
ReplyDeleteහැබැයි නන්දා මාලිනීගේ දේශපාලනය ගැන මගේ පෞද්ගලික අදහස වෙනම දෙයක්. මම කලාකරුවෙකුගේ දේශපාලන මතය ඔහුගේ හෝ ඇයගේ නිර්මාණ රසවිඳීමට අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න කෙනෙක් නෙමෙයි. කලාකරුවාගේ ගීතයක් නම් මම ගීතයක් විදිහට අහනවා; රංගනයක් නම් රංගනයක් විදිහට රසවිඳිනවා. ඒ මනුස්සයා දේශපාලනයේදී මොන පැත්තේද, මොන මතයක් දරනවද කියන එක නිසා ඔහුගේ කලා නිර්මාණයේ වටිනාකම මගේ ඇස්වලින් අඩු වෙන්නේ නැහැ.
ඒ වගේම කලාකරුවෙක්ගේ නිර්මාණ රසවිඳිනවා කියන්නේ ඒ මනුස්සයාව දේශපාලනිකව හෝ පෞද්ගලිකව වන්දනා කරනවා කියන එකත් නෙමෙයි. මට නන්දා මාලිනී කියන්නේ පළමුවෙන්ම විශිෂ්ට ගායිකාවක්. ඇගේ හඬ, ගායන ශෛලිය, ගීතවල පද සහ ඒවා මගේ ජීවිතයේ විවිධ කාලවල මතකයන් එක්ක බැඳුණු විදිහ තමයි මට වැදගත්.
ඒ නිසා නන්දා මාලිනීගේ දේශපාලනය ගැන මට වෙනම අදහස් තිබුණත්, ඒක ඇගේ ගීතයක් අහන වෙලාවට මගේ ඔළුවට දාගෙන ඉන්න අවශ්‍යතාවක් මට නැහැ. කලාකරුවා සහ ඔහුගේ කලාව දෙකක් විදිහට බලන්න පුළුවන් කියන එකයි මගේ අදහස.