Thursday, April 17, 2014

කණ් දෙකකට ස්පීකර් ගොඩක් මොකට ද?



මෙම ලිපියට අවශ්‍ය දැනුම geek.lk වෙබ් අඩවියේ මිතුරන්ගෙන් ලබා ගතිමි ඒ ගැන ඔවුන්ට ස්තුතිය පුද කරමි.
මිනිසෙකුට ඇත්තේ කණ් දෙකක් වුවත් ත්‍රිමාන ශබ්ද සඳහා යොදා ගන්නා සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් වල ස්පීකර් ගණනාවක් ශ්‍රාවකයා වටේට පිහිටුවන්නේ මන්ද යන ගැටලුව මතුවේ. කණ් දෙක සඳහා ස්පිකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කල නො හැකි ද?
මෙය න්‍යායාත්මක ව කල හැකි වුවත් ප්‍රායෝගික ව ගැටලු ඇති කරයි.
ස්පීකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කරන ක්‍රමයක් ඇති අතර එය Holophonics  යන නමින් හඳුන්වයි
නමුත් මෙම ක්‍රමයේ ගැටලු කිහිපයක් ම ඇත.
ස්පීකර් දෙකක් යොදන විට වම් කණට දකුණු පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසෙන අතර දකුණු කණට වම් පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසේ. එසේ ශබ්ද මිශ්‍ර වීම නිසා ශබ්ද වල ත්‍රිමාන ස්වරූපය අවුල් වේ.
එම නිසා Holophonics ක්‍රමය සඳහා හොඳ තත්වයේ කණ් යොමුවක් යොදා වම් පස ශබ්ද වම් කණටත් දකුණුපස ශබ්ද දකුණු කණටත් පමණක් ම ලැබෙන සේ කටයුතු සැලසිය යුතු ය.
නමුත් කණ් යොමුවක් යෙදීමත් සමඟම තවත් ගැටලුවක් ඇති වේ, එනම් ශබ්ද අසන විට ශ්‍රාවකයා හිස ඒ මේ අත සොලවන විට ඒ අනුව ශබ්දයේ වෙනසක් සිදු නො වීමයි. මේ සඳහා හිසේ චලනය හඳුනා ගෙන ඒ අනුව කණ් යොමුවට ලැබෙන ශබ්දය වෙනස් කල හැකි ක්‍රමයක් තිබිය යුතු ය නමුත් එය ඉතා සංකීර්ණ වියදම් අධික එසේම කරදරකාරී කටයුත්තකි මා දන්නා පමණින් එවැනි ක්‍රමයක් භාවිතයේ නැත.


මෙම ගැටලු සඳහා හොඳ ම විසඳුම වන්නේ ශ්‍රාවකයා වටා ස්පීකර් ගණනාවක් පිහිටුවා සුදුසු පරිදි ශබ්දය ලබා දීමයි.
 

Saturday, April 12, 2014

වින්ඩෝස් 7 ට Up බොත්තමක් එක්කරන ආකාරය(classic shell මෘදුකාංගය).



  



මට වින්ඩෝස් 7 පාවිච්චියේදි මතුවූ ‍ප්‍රධානගැටලුවක් වූයේ එහි Up බොත්තමක් ‍නොමැති වීමයි මෙම ගැටලුවට විසඳුමක් සෙවීමේදී classic shell මෘදුකාංගය හමුවිය. මෙමගින් ඉහත ගැටලුවට අමතරව තවත් windows xp ඇති windows 7 හි නැති හොඳ ගුනාංග ගනනාවක් windows 7ට එක්කරගත හැක.
මෙය නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වන අතර මෙගා බයිට 6.6ක ධාරිතාවක් ගනී එසේම මෙය විවෘත මෘදුකාංගයක් වන අතර ලංකාවේ පරිගනක දැනුමැත්තෙකු මෙය සිංහල බසට පරිවර්තනය කිරීමටත් වැඩිදියුනු කිරීමටත් පෙලඹෙන්නේ නම් යහපත්ය.
System Requirements
Classic Shell works on Windows 7, Windows 8, Windows 8.1 and their server counterparts (Windows Server 2008 R2, Windows Server 2012, and Windows Server 2012 R2). Both 32 and 64-bit versions are supported. The same installer works for all versions.
Note: Windows RT is not supported.

 




















මේ සමඟම  FileSearchEX නම් මෘදුකාංගයද සොයාගත හැකි විය එය මඟින් windows xp වල ආකාරයට ගොනු  සෙවීම කල හැක.

සිංහල යුනිකෝඩ් ෆොන්ට වලට නව නාමකරණ ක්‍රමයක් අවශ්‍යයි


සිංහල යුනිකේත අකුරු රටා භාවිතා කර කලාත්මක නිර්මාණයක් කරන විට ඇති වන ගැටලුවක් වන්නේ
මෘදුකාංගයේ අකුරු රටා ලැයිස්තුවෙන් සිංහල යුනිකේත අක්‍ෂර මෝස්තර හඳුනා ගැනීමේ අපහසුතාවයි.
පැරණි ඇස්කි අක්‍ෂර මෝස්තර පාවිච්චියේ දී මෙම ගැටලුව පැන නො නගී මන්ද එවිට අකුරු මෝස්තරය අකුරු ලැයිස්තුව තුලින් බලා ගත හැකි නිසා ය. නමුත් අකුරු රටාවේ නම ඉංග්‍රීසි අකුරෙන් ලියන බැවින් සිංහල යුනිකේත අක්‍ෂර රටාව අකුරු ලැයිස්තුව තුලින් බැලූ විට පෙන්වන්නේ එහි අඩංගු ඉංග්‍රීසි අකුරු හැඩ පමණි.
එමෙන්ම අකුරු මෝස්තර වෙනස් කරන විටත් සිංහල අකුරු සම්මත සිංහල අකුරු මෝස්තරයෙන් පෙන්වන නිසා අකුරු මෝස්තර වෙනස් වූයේ දැයි පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් නැත
මෙම හේතුව නිසා කලාත්මක නිර්මාණ සඳහා සිංහල යුනිකේත පාවිච්චි කරන්නන් අවුලට පත්වේ.
මෙම ගැටලුව ගැන එතරම් අවධානයක් යොමු නො වීමට හේතු වී ඇත්තේ සිංහල යුනිකේත තවමත් අන්තර්ජාල කටයුතු සඳහා පමණක් බහුලව යෙදෙන බැවින් සිංහල යුනිකේත පාවිච්චි කරන්නන්ට මෙයින් එතරම් බලපෑමක් නො වීමයි. නමුත් සිංහල යුනිකේත පරිහරණය ව්‍යාප්ත කිරීමට නම් මෙම ගැටලුවට විසඳුමක් සොයා ගත යුතු ය.
මෙයට එක විසඳුමක් වන්නේ සිංහල යුනිකේත අකුරු මෝස්තරයේ නම සිංහල අකුරෙන් ම ලිවීමයි. උදාහරණයක් ලෙස “iskoolapotha.ttf”වෙනුවට “ඉස්කෝලපොත.ttf” නමුත් එවිට මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් මෘදුකාංග එම අකුරු මෝස්තරයට සහය නො දැක්වීමට ඉඩ ඇත. එසේම අකුරු මෝස්තරය අන්තර්ජාලය වැනි මාධ්‍යයක් හරහා බෙදාහැරීමේ අපහසුතා ද ඇති වේ. මෙයට ඇති හොඳ ම විසඳුම වන්නේ සිංහල යුනිකේත අකුරු රටා නම්කරද්දී පොදු අභිධානයක් (title) යෙදීමයි.
උදිහරණයක් ලෙස iskoolapotha, bhashitha,malithweb වෙනුවට si-iskoolapoth, si-bashitha, si-malithiweb යනා‍දී ලෙස පොදු ටයිට්ල් එකක් යෙදීමෙන් අකුරු මෝස්තරය සිංහල යුනිකේත මෝස්තරයක් බව පහසුවෙන් හඳුනා ගත හැක. එසේම අකුරු මෝස්තර ලැයිස්තුවේ සිංහල යුනිකේත අකුරු රටා සියල්ල එක ම තැනකට ගොනුවීමද සිදුවේ මෙය නිර්මාණ කරන්නන්ට ඉතා පහසුවකි.
මෙය නීතියක් ලෙස නොව රීතියක් ලෙස ෆොන්ට නිර්මාණය  කරන්නන් අනුගමනය කලොත් එය සිංහල යුනිකේත ජනප්‍රිය වීමට හේතු වෙයි.


Thursday, March 27, 2014

ඡන්දය දීමට නුසුදුසු අය

මා විශ්වාස කරන අන්දමට
පහත දැක්වෙන අයට චන්දය ලබා නොදීම සිංහල ජාතියට හිතකරවේ
1. සිංහල ස්ත්‍රීන් (අත්‍යවශ්‍යම හේතුවක් නැත්නම් සිංහල ස්ත්‍රියකට චන්දය නොදැමීම සුදුසුය)
2. සිංහල නොවන පුරුෂයින්
3.බටහිර වෛද්‍ය වරුන් (බටහිර වෛද්‍යවරයා සුදුසු වන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පමනි
   ඒ හැර අන් කරුනුවලදී ඔහු ඉතා බොළඳ ලෙස හැසිරෙන අයෙක් වන අතර කිසි සේත්ම සිංහල ජාතිය නියොජනය කිරීමට ඔහුට ශක්තියක් නැත)
4. සෑම විටම ජීවන වියදම ඇති නැති පරතරය දුගී දුප්පත් ජනතාව ගැනම කියන්නන් ( කන බනේම කියන්නන්) මොවුන්ට දුප්පත් කමවත් දුරු කිරීමට නොහැකි අතර
   ජාති ද්‍රෝහීන් ලෙස ක්‍රියා කිරීමේ දැඩි අවදානමක් ඇත

Monday, March 24, 2014

වෙනස් විදියකට චන්දෙ දාමු


අරවින්ද මධුමාධව බුලත් කොලය අංක 7


සිංහල බෞද්ධයන් වන අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා හිටියේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුන වගේ පක්ෂ වලට චන්දේ දීල පසුව බැනීමට,
 සහ ජාතික හෙල උරුමයට චන්දේ නොදී ම බනින්න

අපි මේ පාර රැඩිකල් වෙනසක් කරමු මේපාර ඉඳන් අපි හෙල උරුමේ එවුන්ට චන්දේ දීලා බනිමු 

අනික් එවුන්ට
චන්ද නොදී බනිමු

Saturday, March 15, 2014

ෆ්‍රැක්ටල් (fractal) මෝස්තර සාදන ආකාරය



මෙම ලිපියේ තරමක් සංකීර්න ගණිත සංකල්ප ඇති අතර උසස්පෙල මට්ටමේ ගණිත දැනුමක් තිබීම ප්‍රෙයා්ජනවත් වෙයි
නමුත් හැකි තාක් සරලව ෆ්‍රැක්ටල් මෝස්තරයක් සාදන ආකාරය කියා දීමට බලාපොරොත්තු වෙමි මා දන්නා ආකාරයට මෙය සිංහලෙන් මෙම කරුණ ගැන ලියවෙන පලමු ලිපියයි
සමීකරණය
ෆ්‍රැක්ටල් තැනීමට විශේෂ ගණිත සමීකරණ වර්ගයක් භාවිත කරයි
මුලින් එම සමීකරණ යක් තේරුම් ගනිමු
x නැමති සංඛ්‍යාව සලකන්න මෙයට ආරම්භක අගයක් දෙන්න
x හි අගය f(x)  නැමති ශ්‍රිතයට ආදේශ කර ලැබෙන අගය,  x ට ලබාදෙන්න
නව x හි අගය f(x)  නැමති ශ්‍රිතයට ආදේශ කර ලැබෙන අගය,  x ට ලබාදෙන්න
x හි අගය f(x)  නැමති ශ්‍රිතයට ආදේශ කර ලැබෙන අගය,  x ට ලබාදෙන්න
…………………………………..
………………………………….
x හි අගය යම් ෆ්‍රැක්ටල් සමීකරණයෙන් නියමකර ඇති අගයක් ඉක්මවනතුරු මෙම චක්‍රීය ක්‍රියාවලිය නැවත නැවත කරන්න
ෆ්‍රැක්ටල් සමීකරනයේ ප්‍රතිදානය (output) වන්නේ x හි අගය මෙම නියමකර ඇති අගයක් ඉක්මවනතුරු මෙම චක්‍රීය ක්‍රියාවලිය නැවත නැවත සිදුකලයුතු වාරගනනයි
සමහරවිටෙක x ට දී ඇති අගය ඉක්මවීමට නොහැකි වීමට හෝ ඒ සඳහා විශාල වාර ගනනක් චක්‍රීය ක්‍රියාවලිය නැවත නැවත සිදුකලයුතු විය හැකි බැවින් උපරිම චක්‍ර ගනනක් නියමකල හැක.
මෝස්තර සකසන ආකාරය
ෆ්‍රැක්ටල් මෝස්තර ඇඳීමේදී x සඳහා සංකීර්ණ සංඛ්‍යාවක් යොදාගනී මුලින්ම ආගන්ඩ් සටහනක් ගෙන එහි යම් P ලක්ෂයකට අදාල සංකීර්ණ සංඛ්‍යාව ෆ්‍රැක්ටල් සමීකරණයක x හි ආරම්භක අගයට ආදේශකර  x හි මාපාංකය යම් නිශ්චිත අගයක් ඉක්මවීමට ගන්නා ප්‍රනරාවර්තන ගනන ලබාගනී ඉන්පසු එම පුනරාවර්තන ගණනට අනුරූප වර්ණ යක් එම P ලක්ෂයට ලබා දේ. මෙහිදී වර්ණය ගැලපීම කැමති ආකාරයකට කලහැක
උදාහරණයක් ලෙස  පුනරාවර්තන 0-30 දක්වා රතු වර්ණය ක්‍රමයෙන් වැඩිවී 31-60 අක්වා නිල් වර්නය ක්‍රමයෙන් වැඩි වී 61-90 දක්වා කොල වර්නයත් වැඩිවී ඊට වැඩි පුනරාවර්තන වාර ගණනක් සඳහා සුදු වර්ණයත් යෙදිය හැක.
මෙලෙස ආගන්ඩ් සටහනේ ලක්ෂය හැකි තරම් වර්ණ ගැන්වීමෙන් ෆ්‍රැක්ටල් මෝස්තරයක් ලැබේ.
මෙහිදී ෆ්‍රැක්ටල් මෝස්තරය සඳහා යොදා ගන්නා ආගන්ඩ් සටහනේ අගය පරාසය ගැන ද සැලකිලිමත් විය යුතුය නැතිනම් මෝස්තරයක් නොලැබීමට හෝ මෝස්තරය ඉතා විශාල හෝ කුඩා වීමනිසා නිරීක්ෂනය කල නොහැකි වීමට පුලුවන සාමාන්‍යෙයන් -i, i සහ -1,1 අතර ඇති ඒකක 2×2 ප්‍රමාණයේ සමචතුරස්‍රාකාර කොටස බොහෝ ෆ්‍රැක්ටල් මෝස්තර සඳහා යොදා ගනී wikipeadia විශ්ව කෝෂයෙන් විවිධ ෆ්‍රැක්ටල් මෝස්තරත් ඒවාට අදාළ සමීකරණ සහ අගය පරාස ලබාගත හැක
උදාහරණ
 උදාහරණයක් ලෙස ජූලියා ෆ්‍රැක්ටල් රටාව සලකමු මෙහි ආගන්ඩ් සටහනේ අගය පරාසය -i, i සහ -1,1 අතර වේ.
මෙහි දී x සඳහා අගයක් ආගන්ඩ් සටහනෙන් ගන්න
එය ශ්‍රිතයට ආදේශ කරන්න ලැබෙන අගයේ මාපාංකය යම් අගයක් ඉක්මවන තුරු  ලැබෙන අගය x ට ආදේශ කරමින් නැවතත් ශ්‍රිතය ට ආදේශ කරන්න
xn+1=f(xn)+c මෙහි c නියතයක් වන අතර
|xn+1|>උපරිම අගය,    වෙන තෙක් මෙය නැවත නැවත කල යුතුය
උදාහරණයක් ලෙස f(x)=x2  හා c=1 ලෙසත් xn+1 හි මාපාංකය ඉක්මවිය යුතු අගය 2 ලෙසත් ගන්න
ආර්ගන්ඩ් සටහනේ එක් ලක්ෂයක් ලෙස 0+0i සලකමු
එවිට
xn+1=(0+0i)2+1
xn+1=1
|xn+1|=1
|xn+1|<2   ,ඉක්මවිය යුතු අගය වඩා |xn+1|අඩුය එම නිසා නැවත වරක් මෙම ක්‍රියාවලිය කල යුතු ය
දැන්
x=1+0i
ඒ නිසා
xn+1=(1+0i)2+1
xn+1=2
|xn+1|=2  ,මෙවර |xn+1|අපේක්ෂිත අගයට ලඟාවූ බැවින් එනම් වාර දෙකක දී අවශ්‍ය අගය ගත් නිසා 0+0i ලක්ෂයට අදාළ පුතිදානය  2 වේ. 2 අදාල වර්ණය එම ලක්ෂයට යෙදිය යුතු ය. මෙලෙස එක් එක් ලක්ෂයට අදාළ වර්ණය යෙදීමෙන් මෝස්තරය ලැබේ.

මැන්ඩල්බ්‍රෝල්ට් මෝස්තරය ද මෙයට බොහෝ සමාන වේ නමුත් එහිදි ආරම්භක අගය ලෙස 0+0i ගන්නා අතර ආගන්ඩ් සටහනේ ලක්ෂයකින් නිරූපනයවන සංඛ්‍යාව නියතය වෙනුවට යොදා ගනී. එනම්,
xn+1=f(xn)+c හි c හි අගය ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වේ xn හැම විටම ශූන්‍යෙයන් ආරම්භ වේ
අනිත් කරුණු පෙර පරිදි ම වේ

රිගණක භාවිතය
මෙම මෝස්තර සැකසීම සඳහා පරිගණක පාවිච්චි නො කර කිරීම ඉතා දුෂ්කර වේ
නමුත් පරිගණකයෙන් මෙය ඉතා පහසුවෙන් කල හැක
මේ සඳහා visual basic .net හි ඇති SetPixel(x,y,color) මෙතර්ඩය යොදා ගත හැක
මා මෙහි දී ඉදිරිපත් කලේ ෆ්‍රැක්ටල් සෑදීමට අදාළ තාක්ෂණික කරුණු වන අතර මෙම විශ්‍යයට අයත් දාර්ශනික කරුණු ගණිතය ගැන දැනුම ඇත්තන් විසින් සිංහල භාෂාවෙන් පල කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.



Monday, December 2, 2013

z score වෙනුවට ජ්‍යාමිතික සූත්‍රයක්

උසස්පෙල විභාග ප්‍රතිඵල සඳහා z අගය සෙවීමට ජ්‍යාමිතික සූත්‍රයක්
තනමින් සිටින බව එස්. බී. දිසානායක මහතා විභාග ප්‍රතිඵල අවුල සම්බන්ධව ප්‍රකාශ කලේය
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ නියෝජිතයා එය ජ්‍යාමිතික සූත්‍රයක් නොව සංඛ්‍යාන සූත්‍රයක් වියයුතු බව සඳහන්කර එය නිවැරදි කලේය
එස්. බී. දිසානායක මහතාට වැරදීමක් සිදුවුවත් උසස්පෙල සමතුන් තේරීමට ජ්‍යාමිතික සූත්‍රයක් ඉදිරිපත් කල නොහැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි
මුලින්ම ගණිතයේ සඳහන් දෛශික යනු කුමක්දැයි සඳහන් කල යුතුය
යම් ද්‍රව්‍යයකට එකිනෙකින් ගුනාත්මකව වෙනස් ගුනාංග කිහිපයක් ඇතිවිට එම ලක්ෂන එකතුව දෛශිකයකින් නිරූපනය කල හැක
උදාහරනයක් ලෙස යම් පුද්ගලයකුගේ උස, බර, වයස යන එකිනෙකට වෙනස් ගුන තුන දෛශකයක් මඟින් නිරූපනය කල හැක
දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපනය කරනුයේ අවකාශයේ ඇඳි රේඛා ඛණ්ඩයක් මඟිනි ඉහත උදාහරනයේ සලකා බැලූ උස, බර, වයස යන ලක්ෂන අවකාශයේ x,y,z අක්ශ ඔස්සේ
දිගවල් මඟින් නිරූපනය කල විට මූල ලක්ෂයේ සිට (x,y,z) ලක්ෂය දෙසට ඇඳි සරල රේඛාව මඟින් දෛශිකය ජ්‍යාමිතිකව නිරූපනය කල හැක
යම් දෙයක ගුනාංග 3කට වඩා ඇතිවිට එය නිරූපනයට ත්‍රිමාන අවකාශයකට වඩා වැඩි මාන ගනනක් ඇති අවකාශයක ඇඳි රේඛා ඛණ්ඩයක් යෙදා ගත යුතුය එය ත්‍රිමාන ජීවීන් වන අපට නිරීක්ෂනය කල නොහැකි වුවත්
ගණිතමය වශයෙන් නිරූපනය කල හැක
උසස්පෙල ලකුණු දෛශිකයකින් නිරූපනය කරන විට උසස් පෙලට ඇති සියලු විශයය “ලකුණු දෛශිකයේ“ සංරචක ලෙස ගත යුතුය
සිසුවා පෙනී නොසිටින විශයයට ලකුණු 0 ගත් සේ සැලකිය යුතුය
උසස් පෙල මුලු විශයය ගනන 20ක් ලෙස සැලකුවහොත් සිසුවාගේ ලකුණු දෛශිකය මාන 20ක අවකාශයක ඇඳි ඊතලයකින් නිරූපනය වේ
ඊතලයේ දිග හා දිශාව සිසුසාගෙන් සිසුවාට වෙනස්වේ
දැන් එක් එක් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන්ට ප්‍රවේශයට අවශ්‍ය සුදුසුකම් එම 20 මාන අවකාශයේ ලකුණුකල හැක එම කලාප බැලූන ලෙස හඳුන්වමු
සිසුවෙකුගේ ලකුනු දෛශිකයක් මෙම බැලූනයක් සිදුරු කිරීමට හැකි ලෙස දිග සහ දිශාව සැකසී ඇත්නම් එම බැලූනයට අදාල පාඨමාලාවට එම සිසුවා සුදුසු වේ
මේ අනුව විශ්ව විද්‍යාල පුවේශයට ජ්‍යාමිතික සූත්‍රයක් වුව ඉදිරිපත් කල හැක