Monday, December 2, 2013

z score වෙනුවට ජ්‍යාමිතික සූත්‍රයක්

උසස්පෙල විභාග ප්‍රතිඵල සඳහා z අගය සෙවීමට ජ්‍යාමිතික සූත්‍රයක්
තනමින් සිටින බව එස්. බී. දිසානායක මහතා විභාග ප්‍රතිඵල අවුල සම්බන්ධව ප්‍රකාශ කලේය
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ නියෝජිතයා එය ජ්‍යාමිතික සූත්‍රයක් නොව සංඛ්‍යාන සූත්‍රයක් වියයුතු බව සඳහන්කර එය නිවැරදි කලේය
එස්. බී. දිසානායක මහතාට වැරදීමක් සිදුවුවත් උසස්පෙල සමතුන් තේරීමට ජ්‍යාමිතික සූත්‍රයක් ඉදිරිපත් කල නොහැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි
මුලින්ම ගණිතයේ සඳහන් දෛශික යනු කුමක්දැයි සඳහන් කල යුතුය
යම් ද්‍රව්‍යයකට එකිනෙකින් ගුනාත්මකව වෙනස් ගුනාංග කිහිපයක් ඇතිවිට එම ලක්ෂන එකතුව දෛශිකයකින් නිරූපනය කල හැක
උදාහරනයක් ලෙස යම් පුද්ගලයකුගේ උස, බර, වයස යන එකිනෙකට වෙනස් ගුන තුන දෛශකයක් මඟින් නිරූපනය කල හැක
දෛශිකයක් ජ්‍යාමිතිකව නිරූපනය කරනුයේ අවකාශයේ ඇඳි රේඛා ඛණ්ඩයක් මඟිනි ඉහත උදාහරනයේ සලකා බැලූ උස, බර, වයස යන ලක්ෂන අවකාශයේ x,y,z අක්ශ ඔස්සේ
දිගවල් මඟින් නිරූපනය කල විට මූල ලක්ෂයේ සිට (x,y,z) ලක්ෂය දෙසට ඇඳි සරල රේඛාව මඟින් දෛශිකය ජ්‍යාමිතිකව නිරූපනය කල හැක
යම් දෙයක ගුනාංග 3කට වඩා ඇතිවිට එය නිරූපනයට ත්‍රිමාන අවකාශයකට වඩා වැඩි මාන ගනනක් ඇති අවකාශයක ඇඳි රේඛා ඛණ්ඩයක් යෙදා ගත යුතුය එය ත්‍රිමාන ජීවීන් වන අපට නිරීක්ෂනය කල නොහැකි වුවත්
ගණිතමය වශයෙන් නිරූපනය කල හැක
උසස්පෙල ලකුණු දෛශිකයකින් නිරූපනය කරන විට උසස් පෙලට ඇති සියලු විශයය “ලකුණු දෛශිකයේ“ සංරචක ලෙස ගත යුතුය
සිසුවා පෙනී නොසිටින විශයයට ලකුණු 0 ගත් සේ සැලකිය යුතුය
උසස් පෙල මුලු විශයය ගනන 20ක් ලෙස සැලකුවහොත් සිසුවාගේ ලකුණු දෛශිකය මාන 20ක අවකාශයක ඇඳි ඊතලයකින් නිරූපනය වේ
ඊතලයේ දිග හා දිශාව සිසුසාගෙන් සිසුවාට වෙනස්වේ
දැන් එක් එක් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන්ට ප්‍රවේශයට අවශ්‍ය සුදුසුකම් එම 20 මාන අවකාශයේ ලකුණුකල හැක එම කලාප බැලූන ලෙස හඳුන්වමු
සිසුවෙකුගේ ලකුනු දෛශිකයක් මෙම බැලූනයක් සිදුරු කිරීමට හැකි ලෙස දිග සහ දිශාව සැකසී ඇත්නම් එම බැලූනයට අදාල පාඨමාලාවට එම සිසුවා සුදුසු වේ
මේ අනුව විශ්ව විද්‍යාල පුවේශයට ජ්‍යාමිතික සූත්‍රයක් වුව ඉදිරිපත් කල හැක