Thursday, April 17, 2014

කණ් දෙකකට ස්පීකර් ගොඩක් මොකට ද?



මෙම ලිපියට අවශ්‍ය දැනුම geek.lk වෙබ් අඩවියේ මිතුරන්ගෙන් ලබා ගතිමි ඒ ගැන ඔවුන්ට ස්තුතිය පුද කරමි.
මිනිසෙකුට ඇත්තේ කණ් දෙකක් වුවත් ත්‍රිමාන ශබ්ද සඳහා යොදා ගන්නා සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් වල ස්පීකර් ගණනාවක් ශ්‍රාවකයා වටේට පිහිටුවන්නේ මන්ද යන ගැටලුව මතුවේ. කණ් දෙක සඳහා ස්පිකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කල නො හැකි ද?
මෙය න්‍යායාත්මක ව කල හැකි වුවත් ප්‍රායෝගික ව ගැටලු ඇති කරයි.
ස්පීකර් දෙකක් යොදා ත්‍රිමාන ශබ්ද ඇති කරන ක්‍රමයක් ඇති අතර එය Holophonics  යන නමින් හඳුන්වයි
නමුත් මෙම ක්‍රමයේ ගැටලු කිහිපයක් ම ඇත.
ස්පීකර් දෙකක් යොදන විට වම් කණට දකුණු පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසෙන අතර දකුණු කණට වම් පස ස්පීකරයෙන් එන ශබ්දය ඇසේ. එසේ ශබ්ද මිශ්‍ර වීම නිසා ශබ්ද වල ත්‍රිමාන ස්වරූපය අවුල් වේ.
එම නිසා Holophonics ක්‍රමය සඳහා හොඳ තත්වයේ කණ් යොමුවක් යොදා වම් පස ශබ්ද වම් කණටත් දකුණුපස ශබ්ද දකුණු කණටත් පමණක් ම ලැබෙන සේ කටයුතු සැලසිය යුතු ය.
නමුත් කණ් යොමුවක් යෙදීමත් සමඟම තවත් ගැටලුවක් ඇති වේ, එනම් ශබ්ද අසන විට ශ්‍රාවකයා හිස ඒ මේ අත සොලවන විට ඒ අනුව ශබ්දයේ වෙනසක් සිදු නො වීමයි. මේ සඳහා හිසේ චලනය හඳුනා ගෙන ඒ අනුව කණ් යොමුවට ලැබෙන ශබ්දය වෙනස් කල හැකි ක්‍රමයක් තිබිය යුතු ය නමුත් එය ඉතා සංකීර්ණ වියදම් අධික එසේම කරදරකාරී කටයුත්තකි මා දන්නා පමණින් එවැනි ක්‍රමයක් භාවිතයේ නැත.


මෙම ගැටලු සඳහා හොඳ ම විසඳුම වන්නේ ශ්‍රාවකයා වටා ස්පීකර් ගණනාවක් පිහිටුවා සුදුසු පරිදි ශබ්දය ලබා දීමයි.
 

Saturday, April 12, 2014

වින්ඩෝස් 7 ට Up බොත්තමක් එක්කරන ආකාරය(classic shell මෘදුකාංගය).



  



මට වින්ඩෝස් 7 පාවිච්චියේදි මතුවූ ‍ප්‍රධානගැටලුවක් වූයේ එහි Up බොත්තමක් ‍නොමැති වීමයි මෙම ගැටලුවට විසඳුමක් සෙවීමේදී classic shell මෘදුකාංගය හමුවිය. මෙමගින් ඉහත ගැටලුවට අමතරව තවත් windows xp ඇති windows 7 හි නැති හොඳ ගුනාංග ගනනාවක් windows 7ට එක්කරගත හැක.
මෙය නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් වන අතර මෙගා බයිට 6.6ක ධාරිතාවක් ගනී එසේම මෙය විවෘත මෘදුකාංගයක් වන අතර ලංකාවේ පරිගනක දැනුමැත්තෙකු මෙය සිංහල බසට පරිවර්තනය කිරීමටත් වැඩිදියුනු කිරීමටත් පෙලඹෙන්නේ නම් යහපත්ය.
System Requirements
Classic Shell works on Windows 7, Windows 8, Windows 8.1 and their server counterparts (Windows Server 2008 R2, Windows Server 2012, and Windows Server 2012 R2). Both 32 and 64-bit versions are supported. The same installer works for all versions.
Note: Windows RT is not supported.

 




















මේ සමඟම  FileSearchEX නම් මෘදුකාංගයද සොයාගත හැකි විය එය මඟින් windows xp වල ආකාරයට ගොනු  සෙවීම කල හැක.

සිංහල යුනිකෝඩ් ෆොන්ට වලට නව නාමකරණ ක්‍රමයක් අවශ්‍යයි


සිංහල යුනිකේත අකුරු රටා භාවිතා කර කලාත්මක නිර්මාණයක් කරන විට ඇති වන ගැටලුවක් වන්නේ
මෘදුකාංගයේ අකුරු රටා ලැයිස්තුවෙන් සිංහල යුනිකේත අක්‍ෂර මෝස්තර හඳුනා ගැනීමේ අපහසුතාවයි.
පැරණි ඇස්කි අක්‍ෂර මෝස්තර පාවිච්චියේ දී මෙම ගැටලුව පැන නො නගී මන්ද එවිට අකුරු මෝස්තරය අකුරු ලැයිස්තුව තුලින් බලා ගත හැකි නිසා ය. නමුත් අකුරු රටාවේ නම ඉංග්‍රීසි අකුරෙන් ලියන බැවින් සිංහල යුනිකේත අක්‍ෂර රටාව අකුරු ලැයිස්තුව තුලින් බැලූ විට පෙන්වන්නේ එහි අඩංගු ඉංග්‍රීසි අකුරු හැඩ පමණි.
එමෙන්ම අකුරු මෝස්තර වෙනස් කරන විටත් සිංහල අකුරු සම්මත සිංහල අකුරු මෝස්තරයෙන් පෙන්වන නිසා අකුරු මෝස්තර වෙනස් වූයේ දැයි පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවක් නැත
මෙම හේතුව නිසා කලාත්මක නිර්මාණ සඳහා සිංහල යුනිකේත පාවිච්චි කරන්නන් අවුලට පත්වේ.
මෙම ගැටලුව ගැන එතරම් අවධානයක් යොමු නො වීමට හේතු වී ඇත්තේ සිංහල යුනිකේත තවමත් අන්තර්ජාල කටයුතු සඳහා පමණක් බහුලව යෙදෙන බැවින් සිංහල යුනිකේත පාවිච්චි කරන්නන්ට මෙයින් එතරම් බලපෑමක් නො වීමයි. නමුත් සිංහල යුනිකේත පරිහරණය ව්‍යාප්ත කිරීමට නම් මෙම ගැටලුවට විසඳුමක් සොයා ගත යුතු ය.
මෙයට එක විසඳුමක් වන්නේ සිංහල යුනිකේත අකුරු මෝස්තරයේ නම සිංහල අකුරෙන් ම ලිවීමයි. උදාහරණයක් ලෙස “iskoolapotha.ttf”වෙනුවට “ඉස්කෝලපොත.ttf” නමුත් එවිට මෙහෙයුම් පද්ධතිය හා අනෙකුත් මෘදුකාංග එම අකුරු මෝස්තරයට සහය නො දැක්වීමට ඉඩ ඇත. එසේම අකුරු මෝස්තරය අන්තර්ජාලය වැනි මාධ්‍යයක් හරහා බෙදාහැරීමේ අපහසුතා ද ඇති වේ. මෙයට ඇති හොඳ ම විසඳුම වන්නේ සිංහල යුනිකේත අකුරු රටා නම්කරද්දී පොදු අභිධානයක් (title) යෙදීමයි.
උදිහරණයක් ලෙස iskoolapotha, bhashitha,malithweb වෙනුවට si-iskoolapoth, si-bashitha, si-malithiweb යනා‍දී ලෙස පොදු ටයිට්ල් එකක් යෙදීමෙන් අකුරු මෝස්තරය සිංහල යුනිකේත මෝස්තරයක් බව පහසුවෙන් හඳුනා ගත හැක. එසේම අකුරු මෝස්තර ලැයිස්තුවේ සිංහල යුනිකේත අකුරු රටා සියල්ල එක ම තැනකට ගොනුවීමද සිදුවේ මෙය නිර්මාණ කරන්නන්ට ඉතා පහසුවකි.
මෙය නීතියක් ලෙස නොව රීතියක් ලෙස ෆොන්ට නිර්මාණය  කරන්නන් අනුගමනය කලොත් එය සිංහල යුනිකේත ජනප්‍රිය වීමට හේතු වෙයි.