Saturday, August 12, 2023

දේවරූප සිතුවම්කල බස්රථ වර්ජනය කරමු.

        

 මෑතක සිට හින්දු දේව රූප ඉදිරි වීදුරුව මත සිතුවම්කල වාහන පාරවල දක්නට ලැබේ.
මෙයින් රියැදුරාට ඉදිරිය අපැහැදිලි නිසා අනතුරු සිදුවිය හැක. වැඩියෙන්ම අනතුරු විය හැක්කේ පදිකයන්ටයි.
        බොහෝවිට මෙම සිතුවම් ඇඳ ඇත්තේ සුදු පැහැයෙන් නිසා වන අවදානම වැඩිවෙයි.
රටේ නීතියට අනුවත් වාහනයක ඉදිරි විදුරුව  ධාවන බලපත්‍රය හැර වෙනත් සලකුනු සටහන් කිරීම වරදකි.
        මෙවැනි සිතුවම් ඇඳ ඇති බස් රථවල ගමන් යෑමෙන් වලකින්න. එසේම බස් නැවතුම්පලක මෙවැනි බසයක් නතරකර ඇතිවිට මගීන්ට මෙහි යාමේ අවදානම පැහැදිලිකර වෙනත් බසයක යෑමට දැනුවත් කරන්න.
        මම එය කරමි.
        මෙවන් රථයක් පාරේ යනවිට එහි අංකය මතක තබාගෙන  119 අංකයට දුරකථන ඇමතුමක් ගෙන දැනුම්දෙන්න කටයුතු කරන්න.