Friday, July 28, 2023

(යාපනයේ පිහිටි) ලන්දේසි පුස්තකාලයට ගිනි තැබුවේ කවුද?

ලන්දේසි පුස්තකාලයට ගිනි තැබීමේ කතාව මුලින් ම ඇසූ විට මට ඇතිවුන ගැටලුව වූයේ “ඇයි කවුරු වත් ඒක නිමන්ත උත්සාහ කලේ නැත්තේ?“ යන ගැට‍ළුවයි.

    මට පුස්තකාලයක් කියූ විට මුලින් ම මතක් වූයේ අපේ පාසලේ එනම්, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පුස්තකාලයයි. එවන් සාපේක්ෂව කුඩා පුස්තකාලයක් ගිනි තබන්නත් පැයක් වත් යන බව පැහැදිලියි.

    අනිත් අතට ලෝකයේ උදාහරණ සැලකුවොත් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය, බග්දාද් පුස්තකාලය විනාශ කිරීම සැලකුවත් ඒම කාර්යය සඳහා මහා හමුදාවකට පවා මාස ගණනාවක් ගතවී තිබේ. බග්දාද් පුස්තකාලය සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කිරීම අපහසු නිසා එහි පොත් යුප්‍රටීස් ගඟට දැමීමට සිදු විය.

     අපි හිතමු ලන්දේසි පුස්තකාලය එතරම් විශාල නැතැයි කියා. නමුත්, පිට පලාත්වලින් පැමිනි, විශේෂ පුහුණුවක් නැති, යාපනය පුස්තකාලයේ බිම් සැලසුම ගැන අවබෝධයක් ද නැති මැරයන් 10කට වඩා අඩු පිරිසකට ලන්දේසි පුස්තකාලය සම්පූර්ණයෙන් විනාශ කිරීමට හැකි ද? ලන්දේසි පුස්තකාලයේ පොත් වහා ගිනි ඇවිලෙනසුළු විශේෂ ද්‍රව්‍යයකින් සෑදූ පොත් ද? එ වගේම ඒ ගිනි තැබීමට පැමිණි කලහකාරීන්ව අත්අඩංගුවට ගැනීමට හෝ පහර දීමට කෙනෙක් ඒ අවට සිටියේ නැද්ද. එසේම ගිනි තබා ඔවුන් පිටත් වූ පසු එම ගින්න නිවා දැමීමට නොහැකි වූයේ මන්ද? ගිනි තැබීමෙන් පසු ගන්නා ලද ඡායාරූප බැලීමේ දී පැහැදිලි වන්නේ එය විශාල පිරිසක් එකතුවී කල ගිනි තැබීමක් බවයි. ඔය ආකාරයේ ගින්නක් ඇති කරන්න හැකි තවත් ක්‍රමයක් සිහිවේ. එනම් එල්.පී ගෑස් සිලින්ඩර කිහිපයක් ගෙන ගොස් පුස්තකාලයේ තැන් තැන්වල රඳවා ගෑස් කාන්දුවීමට සලස්වා, ගිනිතැබිමයි. නමුත් එය ඉතා අවදානම් කටයුත්තකි.

    මගේ මතය, මෙය ඊලාම්වාදී සංවිධානයක ක්‍රියාවක් බවයි. ගිනි තැබීමේ සිද්ධියට ආසන්න කාලයේ යාපනය දිස්ත්‍රික් සභා මැතිවරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ව ඊලාම්වාදී සංවිධානයක් විසින් මරා දැමීම නිසා එයට විරෝධය පල කිරීමට සිංහල කලහකාරීත් පිරිසක් පැමිණ ලන්දේසි පුස්තකාලයට පෙට්‍රල් බෝම්බ කිහිපයකින් දමා ගසා තර්ජනය කර පිටත්විය. එය සාමාන්‍ය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් පමණි. ඉන්පසු එම සිද්ධිය ආරංචි වී එහි පැමිණි ඊලාම්වාදී ත්‍රස්තවාදී පිරිසක් (බොහෝ විට ඒ එල්.ටී.ටී.ඊ. වියහැක) පැමිණ පුස්තකාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශකලහ. එහිදී පුස්තකාල සේවකයන් ද එයට සහය දුන්හ, ක්‍රියාවෙන් සහය නො දුන් අය නිහඬව සිට සහය දුන්හ.

    එයින් ලැබෙන වාසි වනුයේ,

·         ඊලාම්වාදී සංවිධාන වලට ඊලාම් ගෝත්‍රිකයන්ගේ සහය ලබා ගැනීම.

·         ඊලාම් ගෝත්‍රිකයන් තුල සිංහලයන් කෙරෙහි වෛරය වැඩි කිරීම.

·         ජාත්‍යන්තර අවධානය ලබා ගැනීම.