Friday, December 18, 2015

(තවමත් සාදා නැති) ගැජට්

 http://worldbeyondworld.blogspot.com/2015/12/1-new-gadgets-for-new-world-part-1.html
ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට සිතුනි.
අප ගැජට් ලෙස හඳුන්වන එදිනෙදා දිවිය පහසු කරවන යන්ත්‍ර සූත්‍ර සාදා ඇත්තේ බොහෝ විට ඇමරිකාව වැනි රටක සමාජය ඉලක්ක කරගෙන බව පෙනී යයි. ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන නමුත් තවම නිපදවා නැති යන්ත්‍ර සුත්‍ර කිහිපයක් ගැන මට සිතට නැගුනු අදහස්  ‍මෙසේ පලකරමි.
1. විදුලි හිරමනයක් සහිත බ්ලෙන්ඩරය.
තලය කරකැවිය හැකිමේස හිරමනයකට බ්ලෙන්ඩරය සවිකල හැකි ක්‍රමයක් ඇත්නම් මෙය කල හැක. මෙහිදී සම්පූර්ණ බ්ලෙන්ඩරයම පැත්තට සිටින සේ හිරමණය සමඟ සවි කිරීම හෝ ඇලගියර (bevel gear) ක්‍රමයක් යොදා ගත හැක. අවශ්‍ය විටෙක හැඩලයක් සවිකර සාමාන්‍ය අත් හිරමනයක් බවටද පත්කල හැකිවිය යුතුය.
2. ඉඳිආප්ප තම්බන යන්ත්‍රයක්.
ඇත්තටම මෙය මගේ අදහසක් නොවේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නව නිපැයුම් ප්‍රදර්ශණයක් නරඹනවිට හඳුනාගත් මිතුරකු සමඟ කතාකිරීමේදී මෙවන් යන්ත්‍රයක අවශ්‍යතාව හඳුනා ගතිමි.
ඉඳිආප්ප මිරිකන යන්ත්‍ර තිබුණද, ඉඳිආප්ප තම්බන යන්ත්‍රයක් තවම සාදා නැත. ඉඳිආප්ප තම්බන අවස්ථාවල තැම්බුණ ඉඳිආප්ප ඉවත් කිරීමේදී හුමාලය ලෙස විශාල තාපයක් හානි වේ.
තාපය හානි නොවන ලෙස සැකසූ කුටියක ඉඳිආප්ප තැටි තබා හුමාල ජකනයක් මඟන් එන හුමාලය එම තැටි මතට වැදෙන ක්‍රමයක් තිබුනේ නම් මෙය කලහැක. එසේම ව්‍යාපාරයක් ලෙස ඉඳි ආප්ප සාදන්නෙක්ට ඉඳිආප්ප උනුසුම්ව තබාගැනීමටද මෙය පාවිච්චි කල හැකි විය යුතුය. නිවසේ පාවිච්චියට ඝණ අඩියක පමණ යන්ත්‍රද තිබිය යුතුය. ඉඳිආප්ප වලට අමතරව පිට්ටු, වන්ඩු ආප්ප සෑදීමටද මෙය ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයක් ඇත්නම් වඩා සුදුසුය.
සුද්දන් නිවසේදී කේක් පුළුස්සා ගැනීමට විදුලි පෝරනු සෑදුවෝය. ජපනුන් රයිස් කුකර් සෑදුවෝය. අප තවම ඉඳිආප්ප යන්ත්‍රයක් සාදා නැතිවීම ගැන ලැජ්ජා විය යුතුය.
3. නවීන දුම් මැස්ස.
අවසාන වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට තම නිවස අළුත් වැඩියා කිරීමේදී හෝ නව නිවසක් තැනීමේදී එයට එක්කල හැකි අංගයකි. කුස්සියේ පෝරණුව තැනීමේදී ලිප් බැඳීමට වෙන්කල කවුළුවට අඩියක් පමන ඉහළින් ජනෙල් රාමුවක් සවිකර එයට හොඳින් වැසිය හැකි පියන් සවිකල යුතුය. බඩු තැම්පත් කිරීමට පෝරණුව තුල සුදුසු පරිදි තට්ටු සවිකල යුතුය. අවශ්‍යතාව අනුව මෙබඳු ජනේල කිහිපයක්  විවිධ මට්ටම්වල සෑදිය හැක. මීයන්ගෙන් වන හානි වැලකීමට ඉහඏින් හා පහළින් දැල් ගැසීම වඩා සුදුසුය.



හැකි අයෙක් මෙම නිශ්පාදන කර වෙළෙඳ පොලට ඉදිරිපත් කරතැයි බලා පොරොත්තු වෙමි.

Friday, December 11, 2015

කෙමල් අතාතුර්ක් වැනි අයෙක් ලංකාවේ සිටියානම්.

ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ කෙමල් අතාතුර්ක් ගැන සඳහන් ලිපියට දක්වා ඇති ප්‍රතිචාර කියවූ පසු මෙය ලිවීමට සිතුනි.
කෙමල් අතා තුර්ක් යනු ජාතිකවාදියෙකි. ඔහු නිර්ආගමික වීමට හේතුව ඉස්ලාමය තුර්කි ජාතිකත්වයට එරෙහි වීමයි. දිගටම ඉස්ලාමය

කරතබාගෙන ගියහොත් අවසානයේ තුර්කි අනන්‍යතාව මැකීගොස් අඩුකුලයේ අරාබින් පිරිසක් බවට තුර්කීන් පත්වන බැවින් කෙමල්

අතාතුර්ක් නිර් ආගමික භාවය තෝරා ගන්නා ලදී. 98% මුස්ලිම්වරු සිටින රටකදී කෙමල් අතා තුර්ක්ට ජාතික වීරයෙක් වීමට හැකිවූයේ ඔහු

ජාතිකවාදියෙක් වීම නිසාය. මෙය ජාතිය හා ආගම අතර ගැටුමකින් ජාතිය ජයගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. කෙමල් අතා තුර්ක්ගේ

නිර් ආගමිකත්වය ජාතිකවාදයේ අතුරුඵලයක් වෙයි.
මෙම ලිපියේ මාතෘකාව වන කෙමල් අතා තුර්ක් වැන්නෙක් ලංකාවේ නායකත්වයට පත් වුනහොත් වියහැකි දේ මෙසේ දැක්විය හැක.
1. දෙමළ බස කතා කිරීම තහනම් කිරීම.
2. ලංකාවේ සියලුම දෙනා සිංහල වාසගම් පාවිච්චිය අනිවාර්යය කිරීම.
3. ලංකාවේ සෑම ග්‍රාම නමයක්ම සිංහල කිරීම.
4. ආගමික වතාවත් කිරීමේදී පාලි, අරාබි, දෙමළ, සංස්කෘත පාවිච්චිය තහනම් කිරීම.

මෙවැනි ප්‍රතිසංස්කරනයකට අඩුම විරෝධයක් එල්ලවනු ඇත්තේ සිංහල බෞද්ධයන් වෙතින් බව පැහැදිලිය.
දෙමළ දේශපාලඡයන්, මුස්ලිම් පූජක වරුන්, කතෝලික සභාව මෙන්ම සිංහල නිර් ආගමිකයින්ද දැඩිලෙස මෙයට විරුද්ධවන බව පැහැදිලිය.