Monday, September 24, 2018

සාහිත්‍ය මාසයට මගෙන් තෑග්ගක් මා කියැවූ මුල, අග නැති නමකුත් නැති නවකතාව.

    සාහිත්‍ය මාසය නිසා මා කියවන ලද පැරණි නවකතාවක් පලකෙරුමට සිතුවෙමි.

    මෙම ලිපියෙන් දක්වනුයේ කතාවේ සාරාංශයයි. සම්පූරණයෙන් කතාව ලිවීමට තරම් විශ්මිත මතක ශක්තියක් මා තුල නොමැත.

    මෙහි විශේෂත්වය වන්නේ මා පොතේ නම නොදැනීමයි. එයට හේතුව මට පොත හමුවන විට පොතේ පිටකවරය ඉවත්වී තිබීමයි.

  එසේම මෙහි මුල් පිටු 15ක් පමනද අග ඇති පිටුද ඉවත්වි තිබුනි එම නිසා කතාවේ අවසානය කුමක්දැයි අදහසක් නැත.

     කාන්තාවකගේ සිරුර වුවත් සම්පූරණයෙන්ම නිරාවරනය වූවාට වඩා සුන්දරත්වයක් අඩනිරුවත තුල ඇත. එසේම මෙම පොත සම්පූරණයෙන් කියවූවිට ලැබෙන රසයට වඩා වැඩි රසයක් අසම්පූර්ණව කියැවීමෙන් ලැබුවේ යැයි සිතමි.

    මෙම පොත ගැන තොරතුරු  සොයා ගැනීමට නෑදෑයන්ගෙන් විමසා බැලූ නමුත් තොරතුරක් දැනගැනීමට නොහැකි විනි.

    එසේම මෙම ලිපිය ලියන විට පොත මා අසල නැත; මා මෙය ලියනුයේ මතකයෙනි. මා දැන් පදිංචි වී ඇත්තේ අළුත් නිවසකය.

    පොත මගේ ගෙදර හෝ මහ ගෙදර පොත් මිටියක් තුල සැඟවී අස්ථානගතව ඇත. එය සොයා බැලීමට කාලවේලාවක් නොලැබුනි.

    එසේම මෙම ලිපිය ලිවීමේ අරමුන මෙම පොත ගැන දන්නා අයෙක් වෙතොත් ඒ ගැන තොරතුරු දැනගැනීමයි.

එසේනම් කතාව අරඹමු:


   ප්‍රධාන චරිතය වසන්ති වෙයි. පොත ලියා ඇත්තේ උත්තම පුරුෂයෙනි. (සමහරවිට පොත ලියා ඇත්තේ කාන්තාවක් වියහැක, සාමාන්‍යයෙන් උත්තම පුරෂයෙන් කතා ලියන්නේ කාන්තාවන්ය. කොහොමත් මට සිංහල ලේඛනයක් බලා එය ලියා ඇත්තේ පිරිමියෙක්ද, ගැහැණියක්ද යන වග සෑහෙන නිරවද්‍යතාවයකින් නිගමනය කල හැක නමුත් කැත්ලින් ජයවර්ධන සම්බන්ධයෙන් මට වරදී)


    වසන්ති යනු පේරාදෙනි විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් හදාරා අවසන්කර ප්‍රතිඵල එනතෙක් බලා සිටින තරුණියකි. ඇය නුවර ප්‍රදේශයේ තේවතු හිමියෙකුගේ දියණියක් වන අතර, මේ වනවිට නතරවී සිටින්නේ ඇගේ  කොළඹ නැන්දාගේ නිවසේය.

    නැන්දා ගේ නම කුමක්දැයි සඳහන් නොවුනි. වසන්ති ඇය අමතන්නේ "ආන්ටි" යනුවෙනි එමනිසා ඇයට ආන්ටි යනුවෙන් හඳුන්වමු. ආන්ටි වසන්තිට කතා කරන්නේ "ඩාලිං" කියාය. ආන්ටි අවිවාහක අයෙකු වන අතර වයස 32ක් වේ (වසන්ති සහ ආන්ටි බැලු බැල්මට අක්කා නංගි වැනිය) ඇය වසන්තිගේ පියාගේ නැඟනියයි. ඇය රැකියාව ලෙස පෞද්ගලික ආයතනයක පෞද්ගලික ලේකම්වරියන් ලෙස කටයුතු කරයි.

    ඇය පදිංචිව සිටිනුයේ තට්ටු නිවාසයකය. එය මුහුදට ආසන්නයේ පිහිටි එකකි. නමුත් එය පිහිටියේ කුමන ප්‍රදේශයකදැයි මතකයක් නැත.


   මෙම කතාව දිවෙනුයේ 70 දශකය තුල යැයි සිතිය හැක. එයට හේතුවක් වනුයේ ආන්ටිගේ නිවසේ රූපවාහිනී යන්ත්‍රයක් නොතිබීමයි වසන්ති නිවසේ තනිව සිටිනවිට කලේ ගුවන්විදුලිය සවන්දීමයි.

    අනිත් කරුණ වසන්ති සහ ආන්ටි නිවසේ සිටිනවිටත් ගමන් යනවිටත් ආන්ටි රැකියාවට යන විටත් මිනි ගවුම් ඇඳීමයි. මිනි ගවුම යන වදන 70 දශකයෙන් පසු ව්‍යවහාරයෙන් ඉවත් වී ඇත. තවත් කරුණක් වනුයේ, ආන්ටි රැකියාවට යනවිට කොණ්ඩය වටාපතක හැඩයට සකස්කලායැයි සඳහනක් තිබීමයි.

    ඔය කියන කොණ්ඩා මෝස්තරය 70 දශකයේ චිත්‍රපටවල හමුවේ.


   තට්ටුනිවාස සංකීරණය තුල වසන්තිගේ නිවසට හරියටම පහලින් නිවසේ පදිංචිව සිටිනුයේ අවිවාහක තරුණයෙකි. මතක හැටියට ඔහුගේ නම නිහාල් ය.

    නිහාල්  නිවාස සංකීරණයේ අන් අය සමඟ අවම ඇසුරක් පවත්වන අයෙකි. වසන්ති, ආන්ටිගේ නිවසට ආ දින ඇගේ බඩුමලු නිවසට ගෙනැවිත් දීමට ඔහු උදව් වුනි.

    ඔහු රාත්‍රී කාලයේ අවදිව සිටින්නෙකි. රාත්‍රියට ඔහුගේ නිවස තුලින් මාරුවෙන් මාරුවට ටයිප්කරන හඬක් සහ ශෝකී වයලීන නාදයක් මාරුවෙන් මාරුවට ඇසේ.

    වසන්තිගේ අවධානය ඔහුට යොමුවුනේ මේ  නාදයන් නිසාය.

    වසන්ති ඔහු ගැන ආන්ටිගෙන් ඇසූ විට ආන්ටි පැවසුවේ නිහාල් මානසික රෝගියෙක් යැයි තමා සිතන බවයි. ඔහු දිනක් වැරදීමකින් ඔහුගේ නිවස යැයි සිතා ඇගේ නිවසට පැමිණ, සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලා පිටත්වූ බව ඈ කීවය.

    ආන්ටි ඔහු හඳුන්වන්නේ පිස්සා යනුවෙනි. එසේම ඔහු ගැන වැඩිදුර කතා කිරීමට ආන්ටි ප්‍රිය නොකරයි.


   දිනක් ආන්ටි වසන්තිගෙන් ඇයට පෙම්වතෙක් සිටීදැයි විමසා විමසුවාය.

    වසන්ති ප්‍රේම සම්බන්ධතා සඳහා උනන්දුවක් ඇති අයෙක් නොවේ සරසවියේදී ඇගේ මිතුරියන් ඇයට ලිංගික දුර්වලතාවක් ඇතැයි විහිළුකර ඇත.

    එම කතාවේදී වසන්ති ආන්ටි විවාහ නොවන්නේ ඇයිදැයි ඇසූවිට ඇය අවිවාහකව සිටීමට හේතුව පැහැදිලි කලාය.


   ආන්ටි පාසල් වියේදී සිසුවෙකු සමඟ පෙම් සබඳතාවක් තිබී ඇත. ඔහු බෞද්ධයෙකි. ආන්ටිලාගේ පවුලේ අය කුමක්හෝ ක්‍රිස්තියානි ආගමක අයයි. එමනිසා ඔවුන්, විශේෂයෙන්ම වසන්තිගේ ආච්චි මෙයට තදින්ම විරුද්ධවිය.

    එසේම වසන්තිගේ ආච්චි ඒ වනවිට හෘදරෝගියෙකි එබැවින් ආන්ටි අකීකරු වුනේනම් ඇය මියයාමට පවා ඉඩ තිබුනි. එමනිසා ආන්ටි පෙම් සබඳතාව නතර කෙරුමටත් එසේම ජීවිතය පුරාවටම අවිවාහකව සිටීමටත් තීරණය කලාය.

    මේ ආන්ටි වසන්තිට කී කතාවය.

    මේ කතාව ඇසූ වසන්තිට ආන්ටි ගැන විශාල ගෞරවයක් ඇතිවිය.


   ආන්ටි රැකියාවට ගියපසු නිවසේ තනිවූ වසන්ති ආන්ටි ගේ පොත් එකතුව පරීක්ෂා කලාය ආන්ටි ඉංග්‍රීසි  මාධ්‍යයෙන් උගත් අයෙකි. ඇය සතුව තිබූ පොත් සියල්ල ඉංග්‍රීසි පොත්ය, ඇය එයින් එකක වූ කෙටිකතාවක් නියැවූවාය.

    එහි නම ෆොටෝග්‍රැෆර්ය.

    එම කතාවේ වූයේ කුරුමිටි ඡායාරූප ශිල්පියෙකු ගැනය. ධනවත් විවාහක කාන්තාවක් ඔහු ලවා තම ඡායාරූප ගන්නේය. ටික කලකින් දෙදෙනා අතර කායික සබඳතාද ඇතිවිය. ඡායාරූප ශිල්පියා ඇයට ආදරය කලේය.

    පසුව සැමියා අතහැර තමා සමඟ එක්වන්නයැයි ඇයට ආරාධනා කලේය. නමුත් ඇයට තමා ගතකරන ජීවිතය අත්හල නොහැක එමනිසා ඇය මෙම ඉල්ලීම ප්‍රතික්ශේප කලේය.

    එවිට ඡායාරූප ශිල්පියා තමා සමඟ එක්නොවුනහොත් තමා සතුව ඇති ඇයගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කලේය.

    ඔහුගෙන් බේරීමට සිතූ කාන්තාව දිනක් මුහුදු වෙරලකදී ඇගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවක ගල්පරයක් මතින් ඡායාරූප ශිල්පියාව මුහුදට තල්ලු කර දැමීය.


   මෙම කෙටිකතාව කියැවීමෙන් පසු වසන්ති දෙදෙනා කෙරෙහිම සංවේගයට පත්වූවාය. නවකතාව පුරාම වසන්තිගේ චරිතය තුල මෙම පමණට වැඩි යැයි හැඟෙන සංවේදී තාවය දැකිය හැක.


   තවත් දිනක වසන්ති සාප්පු සවාරියක් යාමට තීරණය කලාය එහිදී ඇය කලක පටන් කියවන කාන්තා සඟරාවක අළුත් කලාපය මිලදී ගත්තාය. එහි කොටස් වශයෙන් පලවූ නවකතාවක අවසන්  කොටස පලවී තිබුනි.

    එහි කතාව වූයේ දේශපාලනඥයෙක් දිළිඳු තරුණියකට රැකියාවක් දෙන මුවාවෙන් රවටා ගෙනගොස් දූෂණය කිරීමයි. එය කියැවීමෙන් පසුද වසන්ති දැඩිව සංවේගයට පත්විය.

    අවසාන කොටස සමඟ ලේඛකයාගේ ඡායාරූපයක්ද පලවී තිබුණි. ඔහු ඇගේ නිවසට පහල මහලේ පදිංචි තරුණයාය. වසන්ති ඔහුගේ නම දැනගත්තේද එදාය.


   එදින ආන්ටි නිවසට පැමිණි පසු වසන්ති මෙම නකතාව ඇයට පෙන්වූවාය. නමුත් ඇය සිංහල අකුරු කියැවීමට නොදනියි. එසේම සිංහලෙන් වැදගත් පොත් පලවෙතැයි ඇය විශ්වාස කලේද නැත.

    වසන්ති ඇයට කතාව විස්තර කලපසු සිංහල අකුරු නොදැනීම ගැන ඇය කණගාටුවට පත්විය. පසුව කතාවේ රචකයාගේ පින්තූරය පෙන්වු පසු "මේ අර පිස්සා නේද?" යි ඇය පැවසුවාය. කෙසේ වෙතත් ඔහුගැන වැඩිපුර කතා කෙරුමට ආන්ටි උනන්දුවූයේ නැත.


   පසුදින වසන්ති නිහාල් හමුවීමට ඔහුගේ නිවසට ගියාය. වසන්ති දොරට තට්ටුකල විට. දොරහැරිය ඔහු ඇය පැමිණ සිටිනු දැක පුදුමයට පත්විය. ඇය ඔහුගේ නවකතාව ගැන පවසා ඔහුට සුබපැතීය.

    පසුව නිවස තුලට පැමින ඔහුසමඟ සුහද කතා පහත නිරතවිය. ඉන්පසු තම නිවසට ගොස් දොඩම්යුශ වීදුරු දෙකක් සාදාගෙ නිහාල් වෙතට ගෙනගොස් ඔහු සමඟ කතා කරමින් පානය කලාය.

    ඔහුගේ නිවස අපිලිවෙල එකකි.  ඔහු ඒ ගැන සැලකිලිමත් අයෙකු නොවේ.

    සාලය තුල විවාහක යුවලකගේ සහ කුඩා දරුවකුගේ ඡායාරූප කිහිපයක් තිබුණි වසන්ති මේ ගැන විමසූ විට ජනප්‍රිය පාසල් වලට දරුවන් දමා ගැනීමට බලාපොරොත්තුවන දෙමාපියන්ට පදිංචිය ඔප්පු කිරීමට තම නිවස පාවිච්චියට දෙන බවත්, ඒ වෙනුවෙන් මුදල් ගන්නා බවත් දැන්නුවේය.

    කෙසේ වෙතත් තම පෞද්ගලික තොරතුරු වසන්තිට පැවසීමෙන් වැලකීමට ඔහු කටයුතු කලේය.


   මෙයින් පසු ආන්ටි නැතිවිට නිතර නිතර වසන්ති නිහාල් හමුවිය. නමුත් ඒ බව ආන්ටිට දැන්වීමෙන් වැලකුනාය. එයට හේතුව ආන්ටි නිහාල් මානසික රෝගියෙක් ලෙස සැලකීම නිසා ඔහු ඇසුරු කිරීමට විරුද්ධ  වෙතැයි වසන්ති සිතූ නිසාය.


   එක් දිනක් ආන්ටි, වසන්තිගේ පියා වසන්තිට මනාලයෙක් සොයා ඇති බවත් ඒ  සඳහා යනලෙසත් දන්වා සිටියාය. තමාට දැන්ම විවාහ වීමට බලාපොරොත්තුවක් නැති බව පවස‍ා වසන්ති එම යෝජනාව ප්‍රතික්ෂේප කලාය.


   පසු දිනක වසන්තිට බැල්කනියේදී  බැහැරට යන නිහාල් මුන ගැසුනි ඔහු මුහුදු වෙරලට යනබව පැවසීය. ඇයට ඔහු හා එක්වුනි. එහිදී ඔවුන් වැස්සකට අසුවිනි. දෙදෙනා වැස්සෙන් බේරීමට, අතහැර දමනලද පාළු නිවසකට ගොඩවැදුනෝය.

    නිහාල් වසන්තිට ඇඳුම් ගලවා මිරිකා ඇඳගන්නා ලෙස පවසා පිටතට ගියේය. පසුව වැස්ස අවසන් වනතුරු දෙදෙනා තුරුල්වී සිටියෝය. නමුත් එහිදී දෙදෙනා අතර අනවශ්‍ය ස්පර්ශයක් සිදු නොවුනි. එම කරුණ වසන්තිට නිහාල් කෙරෙහි ගෞරවයක් අතිවීමට හේතුවක් විය.


   දිනක් වේලාසන වැඩඇරී නිවසට පැමිණි ආන්ටි. වසන්තිට චිත්‍රපටයක් බැලීමට ආරාධනා කලාය.  එය වැඩිහිටියන්ට සුදුසු ඉංග්‍රීසි චිත්‍රපටයකි. බ්‍රිජට් බ්‍රාඩ්‍රෝ රඟන කාම දර්ශන සහිත එය නැරඹීමේදී වසන්ති දැඩි අපහසුතාවයට පත්විය.

    ඇය ආන්ටි දෙස බැලූවිට ආන්ටි චිත්‍රපටයෙන් සතුටුවන බව දැක ඇය කෙරෙහි මෙතෙක් පැවති ගෞරවය පලුදුවී සියුම් කලකිරීමක් ඇතිවිය.

    චිත්‍රපටය නැරඹීමෙන් පසු දෙදෙනා හෝටලයකින් රාත්‍රී ආහාරය ගත් අතර වසන්තිගේ හිත අවුල් වූ නිසා කෑම රුචිය නැතිවිය. ඇයි ඩාලිං අසනීපයක්ද ආන්ටි ඇසුවාය.


   ආන්ටි සහ වසන්ති නිදන්නේ එකම ඇඳකය.  වසන්ති එදින රාත්‍රියේ  නිදාගැනීමට උත්සාහ කලද චිත්‍රපටයේ දර්ශණ සිහිවනවිට හිත අවුල්වෙන නිසා නිදාගැනීමට අපහසුවිය. පසුව වැසිදින නිහාල්ට තුරුළුවී සිටි අයුරු සිහිපත්කරගත් විට හිත සන්සුන්වී නින්ද ගියේය. 

    පසුව  මැදියම් රැයේදී ඇය  හීනෙන් බියවී අවදිවිය. සාමාන්‍යයෙන් ඔවුන් නිදා ගන්නා විට කාමරය තුල මේස ලාම්පුවක් දල්වා තබයි නමුත් මෙවේලේ එය නිවා දමා තිබුනි. ඇය එය දැල්වූ පසු ආන්ටි කාමරයතුල නැති බව දුටුවාය.

   එසේම නිහාල්ගේ නිවසෙන් සුපුරුදු වයලින් වාදනය හෝ ටයිප් නාදයද නොඇසුනි.

    ඇය නිවස තුල ආන්ටි සොයා බැලු නමුත් ඇය හමු නොවුනි.

   වසන්ති ඇඳ මතට වි කල්පනා කරන්නට විය ඇයට ආන්ටි ගැන අපැහැදිලි හැඟීම් ඇතිවෙයි. එසේම ආන්ටි අනාචාර ක්‍රියාවක් කරන්නේදැයි ඇයට සියුම් සැකයක් ඇතිවිය.

    තරමක් කලගතවූ පසු නිවසේ ඉදිරි දොර විවෘත වන ශබ්දය අසුනි. ආන්ටි නිදන කාමරයට පැමිනියාය. ඇය ඇඳ සිටියේ ඉතා දුහුල් නයිටියකි. එය තුලින් ඇගේ තනපුඩු සහ යටිබඩ පෙදෙසේ තද පැහැය දිස්විය. ඇය වෙතින් විලවුන් සුවඳක්ද හැමුවේය.

    වසන්ති අවදිව සිටිනු දැක  මදක් දොරකඩ නතරවී සිටි ඇය පසුව වසන්ති අමතා.

    "ඔයාට දාඩිය දැම්මේ නැද්ද? ඩාලිං යනුවෙන් ඇසුවාය. "

    "නෑ ආන්ටි"

    "මට ඉවසන්න බැරි තරමට දාඩිය දැම්මා, නයිටිය මාරු කලා, ඕඩිකලොන් ටිකක් ගා ගත්තා. ලයිට් එකත් නිමුවා (එකල තිබුනේ සූත්‍රිකා පහන්ය) බැරිම තැන හුලං වැදෙන්න කියලා බැල්කනියේ පුටුවක වාඩිවෙලා හිටියා.

    දන්නෙම නැතුව පුටුව උඩ නින්ද ගියා."

    වසන්තිට ආන්ටි ගැන තිබුනු සියළු සැක සංකා දුරුවිය. තමා නිකරුනේ ආන්ටිව සැක කිරීම ගැන ඇයට කනගාටුව සිතුනි. ඇය සැහැල්ලු සිතින් නින්දට වැටුනි.


   තවත් දිනක වසන්ති නිහාල්ව හමුවී ඔහුගේ නිවස අස්පස්කිරීමට අවසර ඉල්ලුවාය. ඔහු නිවසේ යතුර ඇයට බාරදී කැමති ලෙස නිවස වෙනස් කරන්න අවසරදී යන්නට ගියේය.

    ඇය ඔහුගේ නිවස අස්පස්කර තමා සතු කොට්ටා උර දෙකක් දමා සහ මේස රෙද්දක්ද එලා නිවස පිලිවෙල කලාය මෙම වැඩ කරන අතර නිහාල් සමඟ විවාහ ජීවිතය ගතකරන අයුරු සිහින මැවුවාය. නමුත් දෙදෙනා තවමත් ආදරය ගැන එක වචනයක්වත් කතාකර නැත.


   නිහාල් පැමිනි පසු නිවස හැඩකර ඇති අයුරු දැක ඒ ගැන වසන්ති බලාපොරොත්තු වූ තරම් උනුසුම් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ටික දිනක් වසන්ති මඟහැර සිටි ඔහු දිනක් ඇය හමුවී තමා ගැන බලා පොරොත්තු තබා නොගන්නා ලෙසත්.

    මේ සමාජක්‍රමය තුල අප දෙදෙනාට එක්විය නොහැක වැනි අපැහැදිලි යමක් පවසා ඇය දුන් කොට්ටා උර දෙක සහ මේස රෙද්ද අඩංගු කඩදාසි කවරයක් ඇයට දී සමුගෙන ගියේය.


   එදින දවසම සංවේගයෙන් ගතකල ඇය රාත්‍රී නින්දෙන් අවදිවිනි. එවිට ඇය ආන්ටි අවදිවී සිටිනු දුටුවාය. ආන්ටි වසන්තිට පිටුපා සිටි නිසා ඇය වසන්ති අවදිවූ බව නොදනී. ආන්ටි දුහුල් නයිටියක් ඇඳසිටි අතර අල්මාරිය තුලින් මත්පැන් බෝතලයක් ගත්තාය.

    ඉන්පසු සුවඳ විලවුන් ස්වල්පයක් ඇඟ ගල්වාගෙන විදුලි පහන නිවා නිදන කාමරයෙන් පිටත්විය. ආන්ටිගේ අඩි ශබ්දය නෑසි ගියපසු වසන්ති ප්‍රධාන දොර අසලට ගියාය.

    එය අගුල් දමා නොතිබුනි ඇය දොර හැර බැල්කනියට ගොස් විපරම් කලවිට නිහාල්ගේ නිවසේ විදුලි පහන් දැල්වෙනු දැක ශබ්ද නොදැනෙන ලෙස ඒ වෙතට ගියාය.

    එහි දොර වසා තිබුණි

    පොතේ හැටියට මතක පරිදි : වසන්ති යතුරු හිලට ඇස තබා බැලුවාය. ඇගේ ඇසේ උලක් ඇනුනාක් මෙන් දැනුනි එම උල ඇස පසාරු කරගෙන ගොස් හදවතේ ඇමිනී නතරවී තිබුනි.


   වසන්ති තම නිවසට පැමින ඇඳමත වැතිරී කල්පනා කරන්නට විය

    පොතේ හැටියට මතක පරිදි : මම මෙච්චර ගෞරව කරපු ආන්ටි, නිහාල් කියන්නේ තිරිසන්නු නේද දෙයියනේ..


   මඳ වේලාවකින් ආන්ටි කාමරයට ආවාය වසන්ති නින්දගියාක් මෙන් ඇස් පියාගෙන සිටියාය. කාමරයේ විදුලි බුබුල දැල්වෙනු දැක බියවුන ආන්ටි වසන්ති අසලට ගොස් ඇයව සොලවා අවදි කලාය. 

 වසන්ති ඇමතූ ඇය,

    "හරි වැඩේනෙ ඩාලිං ප්ලැට් එකේ ගෙදරක ගෑනු කෙනෙක් මට කතාකලා ළමයට අමාරුයි කියලා.

    මමත් ගියා අසල් වැසියෝ උනාම බලන්න ඕන නිසා.

   ළමයට වලිප්පුව හැදිලා මම වාහනයක්හොයලා ළමයව ඉස්පිරිතාලෙට පිටත්කරලා ආවා.

යැයි කීවාය."


    මෙතෙක් කතාව කියැවූ ඔබට කීමට ඇත්තේ බොහොම කනගාටුයි පොතේ මෙතැනින් එහාට පිටු ඉරී ගොසින් ඇති බවයි.

කතාවේ අවසානය කෙසේ වන්නට ඇත්දැයි තවමත් කල්පනා කරමි.

සමහරවිට නිහාල් යනු ආන්ටි කියූ ආන්ටිගේ පාසල්වියේ පෙම්වතා වන්නට හැක.

නැතිනම් සම්පූර්නයෙන්ම මෙතෙක් කතාව කනපිට හැරෙන ආකාරයේ අවසානයක් තිබුනා වන්නටත් හැක.

නැතිනම් පොතේ පිටු ගණන නොදන්නා බැවින් මා කියවා අවසන්කලේ පොතේ මැදහරිය පමණක් විය හැක.

මෙම පොත අවම වශයෙන් වසර 30කට වඩා පැරණි එකකි. එමනිසා මේ ගැන දන්නා අයෙකු වෙත්නම් ඉතිරි කොටස පුරවන ලෙස ඉල්ලා සිටිමි.


Saturday, July 7, 2018

පුකේ විඤ්ඤානය

  

 විජයකලා මහේශ්වරන් කල එල්.ටී.ටී.ඊ ය සම්බන්ධ කතාවට දැන් අපූරු අර්ථ දැක්වීමක් ලැබී ඇත.

   ඒ අනුව විජයකලා පැවසුවේ ඇයගේ අදහසක් නොව දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානයේ මතයයි.

   එම මතය පලකරන්නෝ තම අපක්ෂපාතිත්වය පෙන්වීම සඳහා උපාලි හාමුදුරුවෝ හිඩ්ලර් කෙනෙක් ඉල්ලීමද (එය එම හිමියන්ගේ ප්‍රකාශය විකෘති කිරීමකි)

සිංහල සමාජයේ සාමූහික මතය යැයි පවසති.

   කෙසේ වෙතත් ධර්මසිරි බණ්ඩාරනායක මහතා කල

" අපි යාපනය පුස්තකාලයේ පොත් 60 000 ගිනිතැබූ ජාතියක්" (මා අසා ඇති ආකාරයට යාපනය පුස්තකාලය යනු ආසියාවේ ලොකුම පුස්තකාලයයි.

ලොකුම එකේ තිබුනේ පොත් 60 000ද?) ප්‍රකාශය සාමූහික විඤ්ඤානය ඔස්සේ පැහැදිලි කල හැක. එනම් යාපනය පුස්තකාලයට ගැනි තැබුවේ සිංහල සමාජයේ සාමූහික විඤ්ඤානයෙන් පාලනය වූ රූකඩ කිහිපයකි.

   කෙසේ වෙතත් යාපනය පුස්තකාලයට ගිනි තැබීම වනවිට මා ඉපදී නැත. ධර්මසිරි බණ්ඩාරනායක නම් ඉපදි ඇත. එමනිසා ඔය සාමූහික විඤ්ඤානයට මගේ දායකත්වයක් නැත, උගේ දායකත්වයක් ඇත.


ගැටළුව වන්නේ කාට කාටත් සාමූහික විඤ්ඤානය මතක් වුනේ විජයකලා ගේ සිද්ධියෙන් පසුව වීමයි.

ඔය කියන හැටියට ඥානසාර හිමි අතුරුදහන් වූ මාධ්‍ය වේදියෙකුගේ බිරිඳට තර්ජනය කිරීමත් සිංහල සමාජයේ සාමූහික විඤ්ඤානය නිසා සිදුවූවක් විය යුතුය.

ඥානසාර හිමිට උසාවියේදී මෙය තර්කයක් ලෙස ඉදිරිපත්කල හැකිද? සිංහල බෞද්ධයන් ඇසුරෙන් සමීක්ෂණයක් කර ඔවුන්ගෙන් බහුතරය ඥානසාර හිමිගේ ක්‍රියාව අනුමත කරන්නේද නැද්ද යනවග සොයාගත හැක.

    මියගොස් ඇති මගේ පියා දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානය පිලිබඳ මේ කතා ඇසුවේනම් ගත්කටටම "පුකේ විඤ්ඤානය" යනුවෙන් පවසනු නියතය.

 

 කෙසේ වෙතත් සාමූහික විඤ්ඤානය යනු කුමක්දැයි සොයා බැලිය යුතුය.

 නලීන් ද සිල්වා මහතාගේ වචන වලින් කියන්නේ නම් සාමූහික විඤ්ඤානය යනු පට්ටපල් බොරුවකි.

 තරමක් විස්තරාත්මකව පවසන්නේ නම් යම් ජන සමාජයක හැසිරීම පැහැදිලි කිරීමට යොදාගතහැකි වියුක්ත සංකල්පයකි.

 එහිදී කෙරෙනුයේ ජන සමාජයකට පුද්ගලභාවයක් ආරෝපනය කර එම සමාජයේ හැසිරීම් එම පුද්ගලයාගේ මනෝභාවයන් ලෙස පැහැදිලි කිරීමයි.

 එනම් සාමූහික විඤ්ඤානය යනු හුදු අකෘතියක් පමණි.

 

 මී මැස්සන්, වේයන් වැනි ඝනාවස සාදන සත්වයන් සඳහා සාමූහික විඤ්ඤානය යන ආකෘතිය ගැලපුනත්, මිනිසා වැනි "නිරුවත් වානරයෙක්" සඳහා මෙය එතරම් සාර්ථකව යොදාගත නොහැක.

 මිනිසා යනු පෞද්ගලිකත්වය සහ සාමූහිකත්වය අතර රැඳුනු සත්වයෙකි.

 දෙමළාද වඳුරෙකි.

 මාක්ස්වාදින් පරිනාමවාදය පිලිගත්තත් මිනිසාද වඳුරෙකුබව අවබෝධ කරගෙන නැත.

 සමහරවිට අනාගතයේ දිනක මිනිස් මොල එකිනෙක සම්බන්ධ කරන අන්තර්ජාලයක් සෑදිය හැකිනම්. සාමූහික විඤ්ඤානයට අර්ථයක් ලැබේ.

 සාමාන්‍යයෙන් ඕනෑම මනුෂ්‍යයෙකුගේ අදහස් සඳහා බාහිර සමාජයේ  බලපෑමක් ඇත. මෙම බලපෑම වන්නේ විවිධ සන්නිවේදන ක්‍රම හරහාය.

 නමුත් මෙහිදී සෑම එම සාමාජීය බලපෑම ඇතිවන්නේ එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික මතවල සම්ප්‍රයුක්තියක් ලෙස නොවේ.

 සිදුවන්නේ යම් ප්‍රබල පුද්ගලයන් හෝ සංවිධානවල මතය සමාජයේ  අනෙක් පුද්ගලයන් එකිනෙකා අතර පරාවර්තනය වීමයි. විශේෂයෙන්ම මේ තත්වය දෙමළ සමාජය ට අදාලවේ.

 මා කලින් ලියූ ලිපියේ මෙයට හේතු පැහැදිලිකර ඇත.

 

 විජයකලාගේ ප්‍රකාශය සඳහා දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානයේ  බලපෑමක් වේ නම්.

එහි අනිත් පැත්තද, එනම් දෙමළ සමාජයේ සාමූහික විඤ්ඤානයට විජයකලාගේ ප්‍රකාශයෙන් යම් බලපෑමක් වීමද ඒ සමඟම සිදුවේ.

මෙම දෙවැනි බලපෑම පලමු එකට වඩා වැඩිය. සාමූහික විඤ්ඤාන කතාව පතුරුවන්නන් උවමනාවෙන්ම මේ කරුණ යටගහයි.

විජයකලාට උපරිම දඬුවම් ලබාදීම වැදගත් වන්නේ මේ නිසාය. ඇයට මන්ත්‍රී ධූරයක් දැරීමේ අයිතියක් නැත.


මෙම යහපාලන රජය යටතේ දෙමළ ජාතිවාදී ක්‍රියා වර්ධනය වී ඇත.  ජාතිවාදය පතුරුවන දෙමළ දේශපාලනඥයන්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීම සඳහා සිංහල නීතීඥ සංවිධානයක් ගොඩනැ‍‍ඟෙන්නේ නම් හොඳය.


අවසාන වශයෙන්  කිවයුත්තේ මෙයයි. යම්කිසි ජර්මන් දේශපාලනඥයෙක් විහිළුවට හෝ "හිඩ්ලර් හිටියනම් මීට වඩා හොඳයි" යනුවෙන් පැවසුවේ නම්

ඔහුට දේශපාලනය සම්පූර්ණයෙන් තහනම් වනු ඇත. ඔහු තුලින් ප්‍රකාශ වුනේ ජර්මානු සමාජයේ සාමූහික විඤ්ඤානය යැයි කිසිවකු නොකියනු ඇත.

යමෙක් සාමුහික විඤ්ඤාන කතාව කීවේ නම් කිවු එකාටද දඬුවම් ලැබෙනු ඇත.

Saturday, June 16, 2018

කර්නල් රත්නප්‍රිය සහ දෙමළාගේ දන්ඩ නමස්කාරය.


   කර්නල් රත්නප්‍රිය බන්දු මහතාව, දෙමළ ජනතාව විසින් කරේ තබාගෙන උපහාර දැක්වූ ආකාරය ගැන ප්‍රවෘත්තිය මේ වනවිට බොහෝ දෙනා අතර ජනප්‍රිය මාතෘතාවකි.

මේ ගැන මගේ මතය නම් මෙය සිංහලයන්ට සතුටු වියයුතු කරුණක් නොවන බවයි.


   මම සිංහල ජාතිවාදියෙක් වෙමි. මම ප්‍රශ්ණයක් දෙස බලන්නේ මධ්‍යස්ථ පුද්ගලයක් ලෙස නොව සිංහලයෙකු ලෙසයි.

දවසක මට පිටසක්වල ජීවියෙකු සමඟ සටන් කරන්න සිදුවුනොත් එදාට මනුශ්‍යයෙක් ලෙස කටයුතු කරමි. එතෙක් සිංහලයෙක් ලෙස හැසිරෙමි.

කර්නල් රත්නප්‍රිය මහතාගේ සිදුවිම දෙස වුවත් මා බලන්නේ සිංහලයෙක් ලෙසයි.


   මා නිරීක්ෂනය කර ඇති කරුණක් නම් සමාජයේ පහල මට්ටම් නියෝජනය දෙමළු තුල ඇති අධික නිහතමානී කමයි.

සේවා ස්ථානයක සිටින දෙමළ සුළු සේවකයෙක් එහි ප්‍රධානීන්ට කොතරම් කොන්ද නමන්නේදැයි සොයා බලන්න.

   සිංහලයන්ද ගුරුවරුන්ට, භික්ෂූන් වහන්සේලාට වඳින නමුත් එය හමුදාවේ හෝ පොලිසියේ සිටින පහල නිලධාරීන් ඉහල නිලධාරීන්ට ආචාර කිරීම වැනි දෙයකි.

ඒ අනුව රත්නප්‍රිය මහතාව දෙමළු රංචුවන් විසින් වැඳුම් පිදුම් වලට ලක්වීම එතරම්ම සුවිශේෂ සිදුවීමක් නොවෙයි.

ඌව පලාත් අධ්‍යාපන ඇමති වරයාට දෙමළ විදුහල්පතිනියක් දණගැසීමත් මෙවැනිම චර්යාවකි.


   මෙහි ගැටළුව වන්නේ දෙමළු පිරිසක්, රත්නප්‍රිය මහතාට සැලකූ ආකාරයටම වෙනත් දෙමළු පිරිසක් (සමහර විට ඔය දෙමළුම) උග්‍ර දෙමල ජාතිවාදියෙක්ටද උපහාර දැක්විය හැකි වීමයි.


   මෙහිදි දෙමළ ජාතිවාදයේ ස්වභාවය අවබෝධ කරගත යුතුය.

දෙමළ ජාතිවාදය නිර්මාණය කරන ලද්දේ සහ හසුරවන්නේ දෙමළ මධ්‍යම පන්තියයි. අර්ජුන් ඇලෝසියස්, මුත්තයියා මුරලිධරන් වැනි දෙමළ ධනපතියන්ට ඊලාම් පිස්සුවක් තිබේද?

එසේම දෙමළ නිර්ධනපන්තියේ අයටද ඊලාම් අමාරුවක් නැත (උන්ට නම් එහෙම දෙයක් තිබ්බත් කමක් නෑ).

දෙමළු අතර වැඩිම ජාතිවාදයක් ඇත්තේ ඉහල මධ්‍යම පන්තිය අතරය.

එයට හේතුවක් ඇත.  ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන විට සමාජයේ උසස් ලෙස සලකන රජයේ උසස් නිලධාරීන්, නිතිඥයන්, වෛද්‍යවරුන් ලෙස කටයුතු කල අයගෙන් විශාල පිරිසක්. යාපනයේ දෙමළුන්ගෙන් සමන්විත විය.

"අපේ සිංහල එවුන් වගේ නෙමෙයි යාපනේ දෙමල අය හරී උගත්, හරී බුද්ධිමත්, හරී උත්සාහවන්ත,   bla.. bla... bla.... (දෙවිවරු  වගේ) ජාතියක්" වැනි අදහස් එකල සිංහලයන් අතර තිබුනි.

දැන්නම් ඒ ලෙඩේ අඩුයි. නමුත් ක්‍රිස්තියානි සිංහලයන් අතර ඔය ලෙඩේ තියෙන බව පෙනෙයි.

   දෙමළ මධ්‍යම පන්තිය අතරද මේ ආකාරයටම සිංහලයා පහත් මිනිසෙක්ය, සුද්දෝ ලඟට සිටින උසස්ම ජාතිය තමන්ය යන අදහස පැවතුනි. එයින් සිංහලයාට එක වාසියක්ද සිදුවිය. එනම් දෙමළනායකයන් බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය පාලකයන්ගෙන් වෙනම රටක් ඉල්ලීම වෙනුවට පනහාට පනහා ඉල්ලිමයි.

50-50 යනු අන් කිසිවක් නොව දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදී පාලනයේ  වඩා මෘදු සංස්කරනයකි. සුද්දන්ටවත් දෙන්න බැරි ඉල්ලිම් ඉල්ලා දෙමළුන් පිස්සු නටනවිට ඩී. එස් සේනානායක වැනි අයට ඉහලට යාමට අවස්ථාවක් ලැබුනි.

මුළු රටේම බලය ඇල්ලීමට නොහැකි වූ තැන දෙමළ මධ්‍යම පන්තිය බෙදුම්වාදයකට තල්ලුවිය.


   ලිපියේ මුලින්ම දක්වා ඇති දෙමළු තුල පවතින වැඩවසම් චර්යාව නිසාම දෙමළ ජාතිවාදින් සුළු පිරිසකට දෙමළු විශාල පිරිසක් තමන්ට අවශ්‍ය ආකාරයට හසුරවා ගැනීමට හැකියාව ලැබී ඇත.

විමල් වීර වංශ, නලින් ද සිල්වා වැනි අය දෙමළු අතර ඉපදුනි නම් ඔවුන්ට දෙමළ සමාජය තුල දේවත්වයෙන් සැලකෙනු ඇත.

මෙයටම තවත් කරුණක් එක්කල යුතුය. මැයි 18 කොටි සැමරුමට යන දෙමළුන්ට හමුදාව විසින් සිසිල්පැන් දීමේ සිදුවීමත්, අසාර්ථක ක්‍රියාවකි. දෙමළ ජාතිවාදය ඉහල සිට හසුරවන දෙයකි. පහල සිටින්නන්ට සිසිල්පැන් දීමෙන් එයට බලපෑමක් නොවේ.


   සිංහලයන්ට වඩා වාසිදායක වනුයේ දෙමළ සමාජය තුල පවතින දන්ඩ නමස්කාර චර්යාව අහෝසි කර දැමීමයි. එනම් දුප්පත්, නූගත්, කුලහීන දෙමළා  සිංහල/දෙමළ ලොක්කන්ට ඔළුව පාත් නොකරන්නෙක් බවට පත් කිරීමයි.

මේ ගැන සිංහල ජාතිකවාදී මනෝ විද්‍යාඥයන්ගේ සහ සමාජ විද්‍යාඥයන්ගේ අවධානය යොමුවිය යුතුය.

Tuesday, May 1, 2018

මගේ උපසිරැසි පරිවර්තන මෘදුකාංගය: SUB_TITLE_Translator



DOWNLOAD EXE
DOWNLOAD SRC

ක්‍රියා කරවන ආකාරය
මෙම මෘදුකාංගය සඳහා dot net frame work 4.6 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය වේ.
dot net frame work බාගත කරන්න
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය තුල එය අඩංගුව ඇත. නැතිනම් එය ස්ථාපනය කරන්න.

* චිත්‍රපටයට (හෝ ටෙලි නාට්‍යයට) ගැලපෙන srt වර්ගයේ ඉංග්‍රීසි උපසිරැසියක් ලබාගන්න.
*මෘදුකාංගය විවෘත කරන්න.
* "විවෘත" බොත්ම ඔබන්න.
*ඉංග්‍රීසි උපසිරැසිය තෝරා විවෘත කරන්න.
*"ස්වයංක්‍රීය" බොත්තම ඔබන්න.
*"TRANSLATE ALL" බොත්තම ඔබන්න.
*සියල්ල පරිවර්තනය වූ විට "make SRT" බොත්තම ඔබන්න.
*"අතින්" බොත්තම ඔබා හස්තකෘත පරිවර්තනයන් කරන්න.
* අවසානයේ  "සුරකින්න"බොත්තම ඔබන්න.
ඉංග්‍රීසි උපසිරැසියේ නම abc.srt නම් එම ෆෝල්ඩරය තුලම abc_si.srt යනුවෙන් පරිවර්තිත ‍උපසිරැසිය සෑදී ඇත.

මෙය මා තැනූ උපසිරැසි පරිවර්තන මෘදුකාංගයයි.
මෙය සහය දක්වනුයේ  srt ආකෘතියට සාදන ලද උපසිරැසි ගොනු සඳහාය.
මෙයින් ඉංග්‍රීසි උපසිරැසි සිංහලට පරිවර්තනය පහසු කරයි.
මෙහි ක්‍රියාකාරීත්වය කොටස් දෙකකින් යුක්තය.
එනම් ස්වයංක්‍රීය පරිවර්තනය සහ හස්තකෘත (manual) පරිවර්තනයයි.

ස්වයංක්‍රීය පරිවර්තනය සඳහා අන්තර්ජාල සම්බන්ධය අවශ්‍ය වේ.
එහිදී ගූගල් පරිවර්තකය මඟින් උපසිරැසි සිංහලට පරිවර්තනය වෙයි.
තරමක ඉංග්‍රීසි දැනුමක් ඇත්නම් මෙය යොදාගෙන වුවද චිත්‍රපට රසවිඳීමට හැක.

හස්තකෘත පරිවර්තනය මඟින් වඩා නිවැරදි පරිවර්තනයක් කල හැක.
මෙම අංශයේ මූලික කොටස් තනා ඇති අතර ඉදිරියේදී මෙය වැඩිදියුනු කිරීමට බලා පොරොත්තු වෙමි.
උදාහරණයක් ලෙස පරිශීලකයන් කිහිප දෙනෙකු එක්වී උපසිරැසි සංස්කරණයට හැකි ලෙස (multiuser) මෙය දියුනු කලොත් හොඳයැයි සිතමි.

මෙය ඕනෑම අයෙකුයට වැඩිදියුණු කිරීමට අවසර ඇත.
මෙහි වෙනස්කලයුතු අංග සහ එක්කලයුතු විශේෂාංග ගැන ඔබේ අදහස් බලාපොරොත්තු වෙමි.

මෙම මෘදුකාංගය මඟින් සිංහලට පරිවර්තනය කල මා කුඩාකල නැරඔූ Space 1999 විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍ය මාලාවේ උපසිරැසි මේ සමඟ එවමි.
Space1999 Sinhala sub

Friday, March 16, 2018

සිංහල මුස්ලිම් සහජීවනයට Notpil Zelanika

   සිංහල මුස්ලිම් සහජීවනයට  Notpil Zelanika

 

 

ජාතික සමඟිය ගැන හැමෝම කතාවෙන නිසා මට හිතුනා සිංහල මුස්ලිම් සමඟිය ගැන කියැවෙන තේ කොළ දැන්වීමක තිරපිටපතක් ලියන්න.


තේකොළ වල නම සඳහා Notpil Zelanika දමමු. වෙළඳ දැන්වීම කොටස්  තුනකින් යුක්තයි.

1. කොටස.

සිංහල බෞද්ධ කොල්ලෙක් සුදුම සුදු මුස්ලිම් කෙල්ලක් සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්නවා.
ඉස්ලාම් නීතියට අනුව මුස්ලිම් ස්ත්‍රියකට මිත්‍යා දෘෂ්‍ඨිකයෙක් සමඟ විවාහ වීම තහනම්.
මුස්ලිම් පුරුෂයෙක්ට වුනත් අවසර ඇත්තේ ඒකදේවවාදී ආගම් අදහන මිත්‍යා දෘෂ්ඨික ස්ත්‍රියක් විවාහ කරගන්න විතරයි.

ඒ අනුව කොල්ලා මුස්ලිම් ආගමට හැරෙනවා.
ඔහුගේ පවුලේ අය ඔහුව පවුලෙන් අයින් කරනවා.
පසුව ඔහුගේ බිරිඳ ගැබ්ගත් පසු කොල්ලාගේ අම්මා, තාත්තා සහ නංගි පරණ තරහා මරහා අමතක කර පුතා බලන්න එනවා.
මුස්ලිම් ලේලි ඔවුන්ට  Notpil Zelanika තේ සාදා දෙනවා.

පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika හිතවත්කම් අළුත්කරයි " කියලා.

 2. කොටස.

 දැන් පවුල්දෙක හිතවත්. ලේලිට දරුවා ලැබිලා. මුනුපුරාට අරාබි නමකුත් දාලා. ඉස්ලාම් ආගම වැළඳගත් පුතාට දේපොල ලියලා දීලා.
 කොල්ලාගේ අම්මා, තාත්තා සහ නංගි මුනුපුරා බලන්න තෑගිත් අරන් එනවා.
 එදා මුස්ලිම් නෑදෑයො කට්ටියකුත් ඒ ගෙදරට ඇවිත්.
 නෑයො දෙගොල්ලම Notpil Zelanika තේ බොනවා.
  එතන පරණ හින්දි නළුවෙක් වගේ මුස්ලිම් කොල්ලෙකුත් ඉන්නවා.(අළුත් හින්දි නළුවො වැඩක්නෑ)
පුතාගේ නංගි ඌට තේ එකක් අල්ලනවා. දෙන්නගේ ඇස් එකට ගැටෙනවා.
 පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika හදවත් යාකරයි" කියලා.

3.කොටස.

නංගිත් මුස්ලිම් ආගමට හැරිලා අර කොල්ලා එක්ක විවාහ වෙනවා.
හැබැයි අයියා වගේ පැනලා යන්නේ නෑ,
විවාහය සිදුවන්නේ සිංහල, මුස්ලිම් නෑයන්ගේ ආශිර්වාදය ඇතුව ඉස්ලාමීය ක්‍රමයට.
මඟුල් ගෙදරට එන අයට Notpil Zelanika තේ බෙදනවා.
  පසුබිමේ වැටෙනවා
"Notpil Zelanika නෑදෑකම් අළුත්කරයි " කියලා.

   ඕක තමයි කතාව මේක බලනකොට සිංහල මුස්ලිම් සහයෝගය සිංහලයන්ට කෙතරම් ප්‍රයෝජනවත්ද කියලා හැමෝටම තේරුම් යයි.

Wednesday, March 14, 2018

Dementia

එල්ටීටීඊ සංවිධානය යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කාටවත් මතක් වුනේ නැත්තෙ මොකද?


හැබැයි දෙමළ ජාතික සංධානය මහනුවර සිද්ධිය ගැන නිශ්ෂබ්දයි.

සම්බන්ධන් විපක්ෂ නායක වෙලත් වචනයක් කිව්වේ නෑ.

ජාතිවාදය ඇවිස්සීම එකම රාජකාරිය කරගත් ශිවාජිලිංගම් කියන එකත් නිශ්ශබ්දයි.

(ආන්ඩුව ෆේස්බුක් වලින් ජාතිවාදය ඇවිස්සුවා කියලා අවුරුදු 17-18 කෙල්ලො දෙන්නෙක් ඇල්ලුවා වගේ ශිවාජිලිංගම්වත් අල්ලයි නේද?)

වැඩිය කට ඇරියොත් යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කතාව ඇදෙයි කියලා බය ඇති.


ක්‍රිස්තියානි කාරයෝ සහ මාක්ස් වාදියෝ  ෆෝම් වෙලා සිංහල බෞද්ධයන්ට චන්ඩි පාට් දාන්න පටන් අරන්.

සිංහල බෞද්ධයෝ මෙතනදී බුද්ධිමත් විය යුතුයි. මොකද උන් දෙමළ ජාතිවාදියෝ. උන් මහනුවර සිද්ධිය අල්ලගෙන සිංහලයන්ට බනින්නේ මුස්ලිම් වරු ගැන ආදරයකින් නෙමෙයි.

එයින් දෙමළ ජාතිවාදයට උදව්වක් ගන්න. එමනිසාම එල්ටීටීඊ සංවිධානය යාපනෙන් එලවපු මුස්ලිම්වරු ගැන කතාව ඇවිස්සිම වැදගත්.


අවසාන වශයෙන් සිංහල බෞද්ධයන්ට කිවයුතු දෙයක් තියෙනවා.

බුද්ධාගමේ ජාතක කතාවක තියෙනවා ප්‍රකාශයක්.

"පුත දීඝායු ළඟ නොබලන්න දුරම බලන්න

වෛරයෙන් වෛරය නොසන්සි‍ඳේ" කියලා.

ඒකෙන් කියවෙන්නේ ආවේගශීලී නොවී සුදුසු වෙලාවට සුදුසු දේ කරන්න කියලා.

නැතුව උඹ බෞද්ධයෙක් නම් උඹ පොන්නයා වගේ ඉඳු කියලා නෙමෙයි.


අද තියෙන්නේ දෙමළ ජාතිවාදී ආණ්ඩුවක්. සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවුනොත් එහි වාසිය දෙමළ ජාතිවාදියටයි.


මේ තත්වය තුල මුස්ලිම් වරු සමඟ වාදකරන්න එපා, ගැටුම් ඇතිකරගන්නත් එපා. ඒ වගේම මුස්ලිම් වරුන්ට වාසිවෙන කිසිම දෙයක් කරන්න එපා.

වෙනත් සිංහලයෙක්ට කරන්න දෙන්නත් එපා.


Saturday, February 24, 2018

විමල් සම්බන්ධන්

 


 

පසුගිය පලාත් පාලන මැතිවරණය පිළිබඳව විපක්ෂ නායක සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී කරනලද ප්‍රකාශයක්
බ්ලොග් අඩවිවල සහ මුහුණු පොතේ පලකර තිබෙනු දුටුවෙමි.

මට ඒ ගැන ගැටළුවක් ඇතිවිනි.

සම්බන්ධන් වෙනුවට විමල් වීරවංශ මහතා ඔයාකාරයේ කතාවක් කලේනම් එයට බ්ලොග් අඩවිවල සහ මුහුණු පොතේ දැක්වෙන ප්‍රතිචාර කෙබඳු විය හැකිද?

සිංහලයෙකු වන විමල් වීරවංශට වඩා දෙමලෙකු වන සම්බන්ධන්ගේ වැදගත්කම කුමක්ද?

විමල් වීරවංශට අසීමිතව වෛර කිරීම මානසික රෝගයක් වියහැක (Vimalephobia)