Friday, December 18, 2015

(තවමත් සාදා නැති) ගැජට්

 http://worldbeyondworld.blogspot.com/2015/12/1-new-gadgets-for-new-world-part-1.html
ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට සිතුනි.
අප ගැජට් ලෙස හඳුන්වන එදිනෙදා දිවිය පහසු කරවන යන්ත්‍ර සූත්‍ර සාදා ඇත්තේ බොහෝ විට ඇමරිකාව වැනි රටක සමාජය ඉලක්ක කරගෙන බව පෙනී යයි. ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන නමුත් තවම නිපදවා නැති යන්ත්‍ර සුත්‍ර කිහිපයක් ගැන මට සිතට නැගුනු අදහස්  ‍මෙසේ පලකරමි.
1. විදුලි හිරමනයක් සහිත බ්ලෙන්ඩරය.
තලය කරකැවිය හැකිමේස හිරමනයකට බ්ලෙන්ඩරය සවිකල හැකි ක්‍රමයක් ඇත්නම් මෙය කල හැක. මෙහිදී සම්පූර්ණ බ්ලෙන්ඩරයම පැත්තට සිටින සේ හිරමණය සමඟ සවි කිරීම හෝ ඇලගියර (bevel gear) ක්‍රමයක් යොදා ගත හැක. අවශ්‍ය විටෙක හැඩලයක් සවිකර සාමාන්‍ය අත් හිරමනයක් බවටද පත්කල හැකිවිය යුතුය.
2. ඉඳිආප්ප තම්බන යන්ත්‍රයක්.
ඇත්තටම මෙය මගේ අදහසක් නොවේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නව නිපැයුම් ප්‍රදර්ශණයක් නරඹනවිට හඳුනාගත් මිතුරකු සමඟ කතාකිරීමේදී මෙවන් යන්ත්‍රයක අවශ්‍යතාව හඳුනා ගතිමි.
ඉඳිආප්ප මිරිකන යන්ත්‍ර තිබුණද, ඉඳිආප්ප තම්බන යන්ත්‍රයක් තවම සාදා නැත. ඉඳිආප්ප තම්බන අවස්ථාවල තැම්බුණ ඉඳිආප්ප ඉවත් කිරීමේදී හුමාලය ලෙස විශාල තාපයක් හානි වේ.
තාපය හානි නොවන ලෙස සැකසූ කුටියක ඉඳිආප්ප තැටි තබා හුමාල ජකනයක් මඟන් එන හුමාලය එම තැටි මතට වැදෙන ක්‍රමයක් තිබුනේ නම් මෙය කලහැක. එසේම ව්‍යාපාරයක් ලෙස ඉඳි ආප්ප සාදන්නෙක්ට ඉඳිආප්ප උනුසුම්ව තබාගැනීමටද මෙය පාවිච්චි කල හැකි විය යුතුය. නිවසේ පාවිච්චියට ඝණ අඩියක පමණ යන්ත්‍රද තිබිය යුතුය. ඉඳිආප්ප වලට අමතරව පිට්ටු, වන්ඩු ආප්ප සෑදීමටද මෙය ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයක් ඇත්නම් වඩා සුදුසුය.
සුද්දන් නිවසේදී කේක් පුළුස්සා ගැනීමට විදුලි පෝරනු සෑදුවෝය. ජපනුන් රයිස් කුකර් සෑදුවෝය. අප තවම ඉඳිආප්ප යන්ත්‍රයක් සාදා නැතිවීම ගැන ලැජ්ජා විය යුතුය.
3. නවීන දුම් මැස්ස.
අවසාන වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට තම නිවස අළුත් වැඩියා කිරීමේදී හෝ නව නිවසක් තැනීමේදී එයට එක්කල හැකි අංගයකි. කුස්සියේ පෝරණුව තැනීමේදී ලිප් බැඳීමට වෙන්කල කවුළුවට අඩියක් පමන ඉහළින් ජනෙල් රාමුවක් සවිකර එයට හොඳින් වැසිය හැකි පියන් සවිකල යුතුය. බඩු තැම්පත් කිරීමට පෝරණුව තුල සුදුසු පරිදි තට්ටු සවිකල යුතුය. අවශ්‍යතාව අනුව මෙබඳු ජනේල කිහිපයක්  විවිධ මට්ටම්වල සෑදිය හැක. මීයන්ගෙන් වන හානි වැලකීමට ඉහඏින් හා පහළින් දැල් ගැසීම වඩා සුදුසුය.



හැකි අයෙක් මෙම නිශ්පාදන කර වෙළෙඳ පොලට ඉදිරිපත් කරතැයි බලා පොරොත්තු වෙමි.

Friday, December 11, 2015

කෙමල් අතාතුර්ක් වැනි අයෙක් ලංකාවේ සිටියානම්.

ඉකොනොමැට්ටා බ්ලොග් අඩවියේ කෙමල් අතාතුර්ක් ගැන සඳහන් ලිපියට දක්වා ඇති ප්‍රතිචාර කියවූ පසු මෙය ලිවීමට සිතුනි.
කෙමල් අතා තුර්ක් යනු ජාතිකවාදියෙකි. ඔහු නිර්ආගමික වීමට හේතුව ඉස්ලාමය තුර්කි ජාතිකත්වයට එරෙහි වීමයි. දිගටම ඉස්ලාමය

කරතබාගෙන ගියහොත් අවසානයේ තුර්කි අනන්‍යතාව මැකීගොස් අඩුකුලයේ අරාබින් පිරිසක් බවට තුර්කීන් පත්වන බැවින් කෙමල්

අතාතුර්ක් නිර් ආගමික භාවය තෝරා ගන්නා ලදී. 98% මුස්ලිම්වරු සිටින රටකදී කෙමල් අතා තුර්ක්ට ජාතික වීරයෙක් වීමට හැකිවූයේ ඔහු

ජාතිකවාදියෙක් වීම නිසාය. මෙය ජාතිය හා ආගම අතර ගැටුමකින් ජාතිය ජයගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැක. කෙමල් අතා තුර්ක්ගේ

නිර් ආගමිකත්වය ජාතිකවාදයේ අතුරුඵලයක් වෙයි.
මෙම ලිපියේ මාතෘකාව වන කෙමල් අතා තුර්ක් වැන්නෙක් ලංකාවේ නායකත්වයට පත් වුනහොත් වියහැකි දේ මෙසේ දැක්විය හැක.
1. දෙමළ බස කතා කිරීම තහනම් කිරීම.
2. ලංකාවේ සියලුම දෙනා සිංහල වාසගම් පාවිච්චිය අනිවාර්යය කිරීම.
3. ලංකාවේ සෑම ග්‍රාම නමයක්ම සිංහල කිරීම.
4. ආගමික වතාවත් කිරීමේදී පාලි, අරාබි, දෙමළ, සංස්කෘත පාවිච්චිය තහනම් කිරීම.

මෙවැනි ප්‍රතිසංස්කරනයකට අඩුම විරෝධයක් එල්ලවනු ඇත්තේ සිංහල බෞද්ධයන් වෙතින් බව පැහැදිලිය.
දෙමළ දේශපාලඡයන්, මුස්ලිම් පූජක වරුන්, කතෝලික සභාව මෙන්ම සිංහල නිර් ආගමිකයින්ද දැඩිලෙස මෙයට විරුද්ධවන බව පැහැදිලිය.

Wednesday, November 18, 2015

ප්‍රංශ ප්‍රහාරය (අන්වර් පතිරණ විසින්)

ප්‍රංශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරය මම ඉතා දැඩිව හෙලා දකිමි. එසේම එය ඉස්ලාමයට විරුද්ධ ක්‍රියාවක් බවද සඳහන්කල යුතුය. විපතට පත්වූවන්ගේ ඥාතීන්ට අපගේ බලවත් සංවේගය පලකර සිටිමු. මෙම ක්‍රියාව ISIS සංවිධානය කල දෙයක් යැයි බොහෝ දෙනා පිළිගන්නා අතර ISISසංවිධානයද එය පිළිගෙන ඇත. 

නමුත් මෙය අත්තෙන්ම ISISසංවිධානය කල දෙයක්ද? සමහරවිට ISISසංවිධානය ජනප්‍රියවීම සඳහා මෙහි වගකීම බාරගත්තා විය නොහැකිද?

මෙම ත්‍රස්ත ක්‍රියාව නිසා මුස්ලිම් වරුන්ට කිසිම වාසියක් සිදුනොවන බව සිහිකල යුතුය. අනිත් අතට ප්‍රංශය අරාබි රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගත් රටකි. අපේ යසර් අර්පත් නායක තුමාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් ප්‍රංශ රජය කල උදව්ව අපි කිසිදා අමතක නොකරමු. නමුත් මුස්ලිම් ලෝකය සහ යුරෝපය අතර යහපත් සබඳතා ඇතිවීම යුදෙව් අන්තවාදීන්ගේ ඇස්වලට කටු අනින්නාක් මෙන්බව දනිමු. එමනිසා යුරෝපීය ජනතාව තුල මුස්ලිම් භීතිකාවක් ඇතිකිරීමේ අරමුනින් මොසාද් සංවිධානය මෙම ත්‍රස්තවාදී ක්‍රියාව සැලසුම් කලබව  පැහැදිලිය. මෙම නිසා සකල ලෝකවාසී සහෝදර සහෝදරියන් ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙම යුදෙව් කුමන්ත්‍රණයට නොරැවටෙන ලෙසයි. 

ප්‍රංශ අරාබි වරුන්ගෙන් සෑහෙන කොටසක් පැවත එන්නේ පලමුවන ලෝක යුද්ධයට සහභාගිවීමට අප්‍රිකානු රටවල්වලින් ප්‍රංශයට ගෙනඑනලද සෙබලුන්ගෙනි. ඔවුන් ප්‍රංශය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන්කලහ. අද ප්‍රංශය මෙහෙම තියෙන්නේ එම අරාබි ජාතිකයන් නිසාය. එමනිසා ප්‍රංශය සම්බන්ධයෙන් සුද්දන් හා සමාන අයිතියක් අපටද ඇත. එමනිසා මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රංශ රජය මීටවඩා සැලකිලිමත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.


(දිගටම ලියන්න පුලුවන් වචනයකට රු. 1000.00  :) :)

Sunday, November 8, 2015

දීපාවලී/දීපවාලී

දීපවාලි නම් උත්සවයක් ගැන ජනමාධ්‍ය වලින් ඇසුවෙමි. මෙම වදන වැඩියෙන්ම පාවිච්චි කෙරුනේ මුතුකරුපන් හෙට්ටි ආයතනයේ වෙළඳ දැන්වීම් වලයි.

මෙම උත්සවය සංස්කෘත බසින් හඳුන්වන්නේ දීපාවලී යනුවෙනි. එය සෑදී ඇත්තේ "දීප"+"ආවලී" වචන එක්වීමෙනි. එහි අර්ථය "පහන් වැල", "පහන් පෙල" වැනි අරුතක් ගනී. මෙම වදන වැරදියට උච්ඡාරණය කිරීමෙන් දීපවාලි වචනය සෑදී ඇත. මෙම උත්සවයට දෙමළෙන් "තිවාලි" ලෙසත් හින්දියෙන් "දීවාලි" ලෙසත් හඳුන්වයි. එම වචන සෑදී ඇත්තේද දීපාවලී වචනය තම බසට ගැලපෙන ලෙස වෙනස් කිරීමෙනි. නමුත් දීපවාලී යනු පැහැදිලිවම දීපාවලී වැරදියට උච්ඡාරණය කිරීමකි. අනෙක් අතට සිංහලයන් සාම්ප්‍රදායිකව දීපාවලී සමරන්නේ නැති නිසා සම්මත සංස්කෘත වදනම පවිච්චි කිරීම වඩා සුදුසුය.

 දීපවාලි යන වදතේ තේරුම "(දීප+වාලි) පහන් දල්වන වහල් ස්ත්‍රියද?"

Thursday, October 15, 2015

මගේ මෘදුකාංගයක්! BLOG_RECONSTRUCT



මෙය මගේ අවශ්‍යතාවකට තැනූ මෘදුකාංගයකි. මෙයින් කෙරෙනුයේ යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇති ලිපි කිහිපයක් පරිගණකයේ බාගත කර ඇති විට ඒවා එක ෆෝල්ඩරයකට දමා ඒවායේ පින්තූර ආදී සහායක ගොනු එක් ෆෝල්ඩරයකට දමා පරිගණකයේ දෘඩ තැටියේ ඉඩ ඉතිරිවන සේ සකස් කිරීමයි.
ක්‍රියා කරවන ආකාරය:
අවශ්‍ය වෙබ් පිටු එක් ෆෝල්ඩරයකට දමන්න.
මෘදුකාංගය ක්‍රියාත්මක කරවන්න.
“ෆෝල්ඩරයේ නම:” දැක්විය යුතු තැන ඉහත ෆෝල්ඩරයේ නම යොදන්න.
“නම:” ලෙස සුදුසු නමක් ලබා දෙන්න. (වෙබු පිටු ලබාගත් වෙබු අඩවියේ නම කැපිටල් අකුරින් යෙදීම වඩා සුදුසුය)
මෙම ෆෝල්ඩරයට කලින් ‍ද වෙබ් පිටු ඇතුලත් කර ඇත්නම් “අලුත් ගොනු පමණක්” තේරීමෙන් ‍පරිවර්තන කටයුත්ත වේගවත් කල හැක.

පහතින්ම ඇති පෙල කොටුවේ පහතින්ම හෝ කවුළුවේ මාතෘකාව ලෙස “අවසානයි” යනුවෙන් ‍සටහන් වනවිට ක්‍රියාවලිය අවසාන වී ඇත.

මෙය තැනිමට මා තැනූ EOT_to_Unicode_v3.1, FOLDER_EXPODE, image multifile remover මෘදුකාංග වල වැඩි දියුනු කල සංස්කරන පාවිච්චි කර ඇත.
උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් මෙම example හි ඇති A ෆෝල්ඩරසයේ වෙබ් පිටු මෙම මෘදුකාංගයෙන් සැකසූ විට එය B හි ආකාරයට වෙනස්වේ.

Thursday, September 24, 2015

තෝසෙ අයිති දෙමළාට විතර ද?



මෙම ලිපියේ මාතෘකාව විස්තරාත්මක ව ලියන්නේ නම්,
බුදු හාමුදුරුවෝ අයිති සිංහලයාට විතර ද? කියා අසන්නන් සිටියත් තෝසේ අයිති දෙමලාට විතර ද? කියන්නන් නැත්තේ මන්ද?
මෙම ලිපිය ලිවීමට අදහස ආවේ මෙම ලිපිය කියවීමෙනි.
 http://bassigenawathana.blogspot.com/2015/05/blog-post_22.html

ඊට අමතරව විපක්ෂ නායක ධූරය සම්බන්ධන්ට ලැබීම ගැන කියවෙන ලිපි වල දී ද “දැන් රොටී පුච්චලා ඉවරයි, දැන් තෝසෙ දාන වෙලාව” වැනි අදහස් පලවී තිබුනි.
කෑමකට ජන වාර්ගිකත්වයක් තිබේ ද? තෝසේ දෙමළ කෑමක් ද?,දෙමළා යනු කවුද?, ලංකාවේ සිටින දෙමළ කතා කරන අල්ලාට නො වදින (සහ යෙහෙව්වාගේ සාක්ෂි කාරයින් නොවන) මිනිසුන් සහ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින එම ලක්ෂණ ඇති මිනිසුන් එකම වර්ගයක් ද? උත්තරය ඔව් නම් ශ්‍රී ලාංකේය දෙමළු කියා හඳුන්වන්නන් තමිල්නාඩු ඩයස්පෝරාව ලෙස හැඳින්විය හැකි ද?
උත්තරය නැත නම්, තෝසෙ අයිති තමිල්නාඩු දෙමලාට ද?, ශ්‍රී ලාංකික දෙමලාට ද? උන් දෙදෙනා ම එකම “තෝසේ” නමින් හඳුන්වන කෑම වර්ග දෙකකට උරුම කම් කියයි ද? එහෙනම් ඒ කෑම වර්ග දෙකේ වෙනස කුමක් ද?
ලෝකයේ මුල් ම තෝසය හැදුව එකා (මොකෙක් හරි) දෙමලෙක්මද? ශුවර් ද?
බුදු හාමුදුරුවෝ අයිති සිංහලයාට විතර ද? ගැටලුවට හොඳම උත්තරය දුන්නේ නලීන් ද සිල්වා මහතාය. එනම් “බුදු හාමුදුරුවෝ මගේ”
 බුදු හාමුදුරුවන්ගේ අයිතිය ගැන මගේ මතය වන්නේ බුදු හාමුදුරුවන් “සිංහලයන්ටත්” අයිති බවයි. ඒ හැර වෙනත් ජනවර්ග කිහිපයකට ම බුදු හාමුදුරුවන් අයිතිය. නමුත් (මොන වර්ගයේ හෝ) දෙමලුන්ට බුදු හාමුදුරුවන් අයිති නැත. (සමහර විට අතීතයේ කුඩා දෙමල ගෝත්‍ර කිහිපයකට බුදු හාමුදුරුවන් අයිති වූවා විය හැක) මේ වන විට දෙමල තනි පුද්ගලයන් ප්‍රමාණයකට බුදු හාමුදුරුවන් අයිති වුවත් ජනවර්ගයක් ලෙස දෙමලාට බුදු හාමුදුරුවන් අයිති නැත. නමුත් දෙමලුන්ට බුදු හාමුදුරුවන් අයිති කර ගැනීමේ අයිතිය නම් ඇත.
බුදු හාමුදුරුවෝ අයිති සිංහලයාට විතර ද? නම් ප්‍රශ්නය කිසි සේත් ම අහිංසක ප්‍රශ්නයක් ලෙස නො සැලකිය යුතු ය. මෙය පැහැදිලි ලෙස ම සිංහල ජාතියට ද්‍රෝහී ප්‍රකාශයකි.
ගණදෙවියෝ අයිති දෙමළාට විතර ද යනුවෙන් අසන්නෙක් නැත්තේ මන්ද? ඔහු දෙමලාට අයිති නැති නිසා ද? නැතිනම් එම ප්‍රශ්ණය ඊලාම් විරෝධී ප්‍රශ්නයක් නිසා ද?
ලංකාවට අදාලව කරුණු සැලකීමේ දී ජේසු අයිති දෙමලාට බව නම් කිව හැක.
බුදු හාමුදුරුවෝ අයිති සිංහලයාට විතර ද? අසන්නන් සහ තෝසේ යනු දෙමලාගේ කෑමක් යැයි කියන්නන් කරන්නේ දැන හෝ නො දැන දෙමලාට පුක දීමක් බව මතක තබා ගන්න.
සූප ශාස්ත්‍රය හදාරන සිංහලයන් අලුත් අලුත් ක්‍රමවල නව තෝසේ වර්ග පිලියෙල කිරීමට උත්සාහ කල යුතු ය. හත් මාලුව යනු ශ්‍රී ලංකාවට ආවේණික තෝසේ හොද්ද බව මතක් කර සිටිමි.

Tuesday, September 22, 2015

එල්ලුම්ගහ ගෙනෙව් (ගබ්සාවට එරෙහිව)

සේයා ස‍ඳෙව්මි දැරියගේ ඝාතනයෙන් පසු එල්ලුම්ගහ ඉල්ලමින් ඝෝෂා කරන වීරයන් පිරිසක් බිහිවී ඇත

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් අපරාධ සඳහා පෙළබීම අඩුකල හැකියි යනුවෙන් මතයක්ද ඇත.

මමත් ඔවුන් සමඟ එක්වෙමි.

ගබ්සාවට එරෙහිව මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරනු.

එක ගෑණියෙක් එල්ලුවොත් ගෑනු 1000ක් ගබ්සා කරගැනීමෙන් වැලකෙනු ඇත

සහතිකයි


Sunday, September 13, 2015

පස්වෙනි මානය කුමක්ද? (Interstellar චිත්‍රපටය ගැන)



මණ්දාකිනියෙන් ඔබ්බට (http://beyond-the-galaxy.blogspot.com/2015/09/InterstellarExplanation.html) වෙබ් අඩවියේ ඇති ලිපිය කියවීමෙන් පසු බයිස්කෝප් (http://www.baiscopelk.com) වෙබ් අඩවිය හරහා මෙම Interstellar චිත්‍රපටය නැරඹුවෙමි.

මෙහි සඳහන් පංචමාන ජීවීන් වන අනාගත මනුශ්‍යයින් ගැන සඳහන් කිරීමේදී පස්වන මානය කුමක්දැයි ගැටලුවක් පැනනඟියි. මේ ගැන මගේ අදහස මෙයයි.

සාමාන්‍ය මනුශ්‍යයන් වන අප සිව්මාන ජීවීන් වර්ගයක් ලෙස සැලකිය හැක. අප අවකාශ මාන තුනක් ඔස්සේ සහ කාල මානය ඔස්සේ චලනය වෙයි.

මෙහිදී අවකාශ මාන තුන ඔස්සේ වන චලනය අපට අවශ්‍ය පරිදි හසුරුවා ගත හැකිය එනම් අවකාශ මානවල චලිතය සක්‍රීය (active) චලිතයකි. නමුත් කාලය ඔස්සේ වන චලිතය අක්‍රීය (passive) චලිකයකි.

මෙහි සඳහන් පංචමාන ජීවීන්ට කාලමානය ඔස්සේ වන චලිතයද සක්‍රීය (active) චලිතයක් බව පෙනේ. එනම් ඔවුන්ට දැනෙන ලෙස කාලය යනු තවත් අවකාශ මානයකි. එසේනම් ඔවුන් අක්‍රීයව (passive) චලනයවන මානය ඔවුන්ගේ කාල මානය වියයුතුය.

මෙම ලිපියට අතිරේක කරුණක්ද එක්කරමි. දෙවියන් වහන්සේ (යෙහෝවා/ අල්ලා) පංචමාන ජීවියෙක් ලෙස සැලකුවහොත් බයිබලයේ සඳහන් පරිදි දෙවියන් වහන්සේට මිනිසා මැවීමය ගතවූ දින හය දෙවියන්ගේ කාල මානයේ (පස්වන මානයේ) ඒකක 6ක් විය නොහැකිද?

Monday, August 24, 2015

සන්නස්ගලගේ පරාජය



පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගැන විවිධ බ්ලොග් අඩවිවල විචාර පලවිණි. මේවායේ වැඩියෙන් ම සාකච්ඡා කරන ලද්දේ ජවිපෙ ට ලැබුණ අඩු ඡන්ද ප්‍රමාණය ගැනයි. වඩාත් නිවැරදිව කිව හොත් ජවිපෙ පරාජය ගැනයි. එම නිසාම අඩුවෙන් අවධානයට ලක් වූ සන්නස්ගල මහතාගේ පරාජය ගැන විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙමි. මේ පිළිබඳ මෙතෙක් විචාරයක් මා දන්නා තරමින් ලියැවී නැති නිසාත් නැවුම් මාතෘකාවක් ගැන ලිවීමට මා ප්‍රිය කරන බැවිනුත් මෙය ලියමි.



උපුල් ශාන්ත සන්නස්ගල යනු සිංහල සමාජය තුල ඉහල ප්‍රසිද්ධියක් ඇති අයෙකි.  නමුත් මෙම ප්‍රසිද්ධිය ධනාත්මක ව මෙන් ම ඍණාත්මක වද පැවතෙන බව ද සැලකිය යුතු ය. එනම් සන්නස්ගලගේ ජනප්‍රියත්වය මෙන් ම ජන-අප්‍රියත්වය ද ඉහල වේ. කෙසේ වුවත් මේ ප්‍රසිද්ධිය ආධුනික චන්ද අපේක්ෂකයෙක් ලෙස ඔහුට වාසි දායක තත්වයකි.



සන්නස්ගල මහතා මෙවර ඡන්දය ඉල්ලුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ  එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම තුල සිංහල නොවන ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටියි. ජනවාරි මස ජනපතිවරණයෙන් පසු මෙහි සිංහල ප්‍රතිශතය තරමක් වැඩි වුවද මෙම කරුණ වෙනස් වී නොමැත. එබැවින් සාමාන්‍යයෙන් කොළඹෙන් යම් එජාප අපේක්ෂකයෙකුට මනාප සටනින් ඉහල ට යාමට නම් ඔහු සිංහල මෙන් ම සිංහල නොවන ඡන්ද දායකයන් අතර ද එක සේ ජනප්‍රිය ආයකු විය යුතු ය. මෙම තත්වය වෙනස් වන අවස්ථා ද ඇත පාඨලී චම්පික රණවක මහතා එයට උදාහරණයකි. එය විශේෂ අවස්ථාවකි.



සන්නස්ගල මහතා ගැන සැලකීමේ දී ඔහු සිංහලයන් අතර ප්‍රසිද්ධ වුවත් සිංහල නොවන පුද්ගලයන් අතර එතරම් ප්‍රසිද්ධ අයෙක් නොවේ. එම නිසාම ඔහුට ලැබුණු සියලු ම මනාප සිංහල මනාප ලෙස සැලකිය හැක. මෙය කොළඹ දී අවාසිදායක තත්වයකි. මෙහි දී ඔහුට ඇති වාසිය නම් සිංහල බෞද්ධ මෙන් ම සිංහල ක්‍රිස්තියානි මනාප ද ඔහුට ලද හැකි වීමයි. (සිංහල බෞද්ධයා සහ සිංහල කිතුනුවා දේශපාලනික ව වර්ග දෙකක් ලෙස සැලකිය යුතු ය.) කොළඹ එජාපයට කැමති සිංහල ඡන්ද දායකයන් අතරත් සන්නස්ගලට ප්‍රිය සහ අප්‍රිය දෙපිරිස ම සිටින බවත් මතක තබා ගත යුතු ය. එසේම ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු ගැන කියා ඔහු, සිංහල බෞද්ධ මනාප සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි කර ගන්නා ලදී. ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය තරුණ පිරිස ඉලක්ක කර ගෙන සිදු කිරීම ද ඔහුට අවාසි දායක විය. තරුණයන් හරහා වැඩිහිටියන් වෙත ඔහුගේ පණිවිඩය ගලා ගියේ නැත. ඔහුගේ රැඩිකල් අදහස් නිසා යම් පිරිසක් ඔහුට ආකර්ෂණය වුවත් ඊට වැඩි පිරිසක් විකර්ණය විය. මීට අමතරව සන්නස්ගල මහතාට ඔහුගේ ජනප්‍රියත්වය නිසාම, ජනතා විමුක්ති පෙරමුණට ද බලපෑ “ආඬි හත් දෙනාගේ ආචරණය” ක්‍රියාත්මක විය.



සන්නස්ගල මහතා ඉදිරියේ දීත් මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නම් මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම ගම්පහ බඳු සිංහල බහුතරයකින් යුත් එජාප ඡන්ද පදනමක් සහිත ප්‍රදේශයකින් ඉල්ලුවා නම් ඔහුට වැඩි මනාප ප්‍රතිශතයක් ලබාගත් හැකි ව තිබුණි.



සන්නස්ගල මහතාට සිංහල නොවන මනාප නො ලැබීමට හේතුව ඔහු සිංහල වර්ගවාදියෙක් වීම නොවන බවත් මෙහි දී මතක් කල යුතු ය. මීට පෙර වික්‍රමබාහු කරුණාරත්න මහතා මනෝ ගනේෂන්ගේ පක්ෂය සමඟ සංධාන ගතවී මැතිවරණයකට ඉදිරිපත් වී පරාජය විය. ජවිපෙ ද සිංහල නොවන්නන් අතර ජනප්‍රිය පක්ෂයක් නොවේ.



අනිත් අතට රනිල් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇරඹුණු පසු ලංකාවේ බිහි වූ දරුණු ම ඒකාධිපතියා බවත් මතක තබා ගත යුතුයි. යම් හෙයකින් සන්නස්ගල මහතාට මන්ත්‍රී ධුරයක් ලැබුණේ නම් ඉදිරි කාලයේ දී රනිල් සමඟ මත ගැටුම් ඇති කර ගෙන විපක්ෂයේ වාඩි වීම හෝ රනිල්ගේ කීකරු බල්ලෙක් වීම සිදුවිය හැක. ඊට වඩා මේ පරාජය හොඳද?